කිරි වෙළෙන්දෙක්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කිරි වෙළෙන්දෙක්

    අප්‍රකට, අපූරු දිය ඇල්ලක් පිළිබඳව හදිසියේ කියවන්නට ලැබුණු කවියෙක් එය දැකීමේ ආශාවෙන් වංහුං අසමින් දිය ඇල්ල පිහිටි පෙදෙසට ළඟා විය. හේ සාහිත්‍යයට ඉමහත් ළැදියාවක් දැක්වූ අයෙකි.

    පටු පාරක් ඔස්සේ දියඇල්ලේ හඬට ඉව අල්ලමින් පැමිණි හේ වංගුවකින් හැරුණු වහාම ඇසට හසුවූ සුදෝ සුදු පෙණපිඩු නංවමින් ඇද හැලෙන දිය ඇල්ල දැක වශීකෘතව හුන් තැනම නැවතී ඉතා ආශාවෙන් එදෙස බලා සිටින්නට විය.

    දිය ඇල්ල පාමුල සිට තමා මෙන් ම ඒ දෙස බලා සිටින අයකු දුටු හෙතෙම සතුටින් ඔහු වෙත පිය නඟමින් මෙසේ විමසුවේ ය.

    ‘නිසංසලේ සුන්දරව ගලා බසිනා මේ දියඇල්ල දෙස ඇසිපිය නොහෙළා බලා සිටින ඔබ කුමන කලාකරුවෙක් ද?”

    “මම කිරි වෙළෙන්දෙක්” යනුවෙන් පිළිතුරු දුන් හෙතෙම බෝතල් මල්ල ද එල්ලාගෙන නොපෙනී ගියේ ය. :D:D:D


    Author:එඩ්වඩ් චන්ද්‍රසිරි
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    හෙහෙ...එල එල...

    උඹත් දාන්න ගියාම එපා වෙනකන්ම දානවා නේද? මම කිව්වේ ත්‍රෙඩ් ගැන...:P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    හෙහෙ...එල එල...

    උඹත් දාන්න ගියාම එපා වෙනකන්ම දානවා නේද? මම කිව්වේ ත්‍රෙඩ් ගැන...:P

    Mama issarahata week 2k withara busy bun . Ek enna wenne nathi wei. Ekai mae tike joke tikak wadi pura damme :yes::yes: