සීත සෘතුව ලගා උනා උතුරේ යාපාෆෙල් රාජධානියට මෙවර සීත සෘතුව දරුනුවටම බලපෑවා....උතුරේ සරත් නෙඩ් සෙනෙවි තුමා යාපාෆෙල් මාලිගාවේ සදලු තලයට වෙලා බුලත් විටක් හපමින් එතුමගේ ළමයි බට්ටා පනින හැටි ආදරයෙන් බලාගෙන හිටියා...
බට්ටා පනින සෙල්ලම පොඩි කාලෙම හරියට උගත්තොත් දේශපාලනයේදී වාසි පැත්තට හරියටම පනින්න පුලුවන් කියලයි සරත් නෙඩ් සෙනෙවිතුමා හිතුවේ....
"ඔබ වංචායි කරනුයේ ඔබ සමචතුරස්ස්‍රයේන් බාහිරව තැබුව පය"
කෙල්ල සන්සා රොසි හැගුම් බරව රවී රොබ්ට කිවා
"ඔබ පවසන දේ සත්‍යක් නොවේ....අයියන්ඩිය කිසි මොහොතක නැ ඉන් බාහිරව පය තැබුවේ.. " තලත සන්සා හිතේ පිරුනු කෙන්තිය මුදා හැරියා
"විවාද නොකර ක්‍රීඩාවට අවදානය යොමු කරනු කිසිදාක නැ මාගෙ නෙත් අභියස වංචාකල හැක්කේ" 'ඉයොව් ඉයොව්'
වම් අත්ලෙ දබර ඇගිල්ල වට තුනක් ආකාසය වෙත දිගු කර කරකවමින් රන්ජන් ස්නොව් පැවසුවා
"ඉදින් ඔබගේ අවස්තාව මලයන්ඩිය" රන්ජන් ස්නොව් බට්ටා හරීන් බ්‍රැන්ගෙ අතට දුන්නා
දරුවන්ගෙ කෙලිලොල් සෙල්ලම් නරබමින් සරත් නෙඩ් අභියසට පැමිණි කැට් අනෝමා වත්තෙ ඉදුනු අනෝදා කෑල්ලක් සරත් නෙඩ්ගෙ අතට දුන්නා
"මා ඔබ කෙරේ අනන්තවාරයක් පවසා ඇති බුලත් හපය ශරිරියට අහිතකර බැව් කිමද ස්වාමිනි ඔබ මෙතරම් අකීකරු මා දණ්ඩනයක් පැවනවූවා මින් පසු බුලත් විටට හුනු දුම්කොල දමා වෙලදාම් කිරීම තහනම් කරමින් "
සරත් නෙඩ් සෙනෙවිගෙ ලොකෙ කඩා වැටුනා වගේ උනා එතුමට හීක් ගැවුනා ඉතුරු වෙච්ච බුලත් විටත් කැට් අනෝමට හොරෙන් අතේ ගුලි කරගත්තා බුලත් විට නැති ලොකේ මොන සැපතක්ද සරත් නෙඩ් ට හිතුනා....
වාසල දොරටුවෙන් හති දාගෙන කෙලපෙරාගෙන
"උතුමානනි උතුමානනී " යැයි පවසමින්
සාගල තියොන් සරත් නෙඩ් අභියසට පැමිනුනා
"සෙනෙවි තුමනි අපගේ භූමියේ සොරෙන් පොල් කැඩූ පොල් සොරා කොටු කරගැනීමට හැකි වූවා...අප එකතු වී ඔහුව වෘක්ෂයක බැද දැමුමා"
කලක ඉදන් යාපාෆෙල් මාලිගාවට අයිති ඉඩම් වල ගස් ගෙඩි කඩන හොරු නිසා සරත් නෙඩ් තුමාට හිසරදයක් වෙලයි තිබුනේ.....
කුරුම්බා ගෙඩියක් තියා ඇට්ටියක්වත් ගහක දැකපු කාලයක් සරත් නෙඩ් තුමාට මතක නැ..
"ප්‍රීතී....ප්‍රීතියි...ඉතා අගෙයි මා කෙතරම් ප්‍රයාස කලද පොල් සොරා ඇල්ලිමට දින දෙක පුරා රාත්‍රියේ ! මාගේ හස්තයෙන් මිදී කෙතරම් කලක් ඔහු පැන ගියාද !
අද ඉච්චාවෙන් පොල් උලෙන් පොල් සොරාගේ හිස මුඩු කර ද්ණ්ඩන දෙමි....ජය ධරණී"
"ඔබ කෙතැනක ගිය නමුදු කම් නැත ඇදිරි වැටීමට පෙර මාලිගාවට පැමිනෙන්න මුලුතැන් ගෙයි එක වී බිජුවක් වත් නොමැත,පලාවර්ග දුටු කලක් නම් මතක නැත
මා කිනම් දවසක සිටද ඔබට පවසන්නෙ මාලිගාවෙ සෙවිලි පියන් සාදා දෙන ලෙස තල් අතු සෙවෙලි කල පියන් තුලින්
මොර සූරන වැසි සමයේ කෙසේනම් අප ජීවත්වන්නද
පියානන් කී ලෙසින් මා රනිල් බෙලිෂ් උතුමන් හා විවාහ වී නම් මෙදින යහපත් ජීවිතයක් ගත කිරීමට තිබුනි අහො !...මෙවන් ස්වාමි පුරුෂයෙක් නම් අදොමැයි "
අනෝමා කැට් හේ අඩෝ වැඩියාව කම්මලේ බල්ලට වගේ සරත් නෙඩ්ට දැන් හොදින් අසා පුරුදුයි..
කෙමෙන් රාත්‍රිය උදා උනා පණිවිඩ කාරයෙක් එවන ලද සංදේශයක් මංගල හොර්ඩෝ රෑ කෑම මෙසය වෙත රැගෙන විත් සරත් නෙඩ් තුමාට ලබා දුන්නා
සංදේශය කියවූ සරත් නෙඩ් තුමාට කකා උන්නු කොස් ඇටය ඉස්මොත්තේ ගියා.....
'උතුරේ බයි,ටොයි,ජෙප් කුලයන්ට දන්නවන වගයි
අප මහා බයි සවර්ව සිද්ධි සත් රාජධානියටම අධිපති වූ රොබට් මහින්ද රජු උතුරේ යාපාෆෙල් වෙත වැඩමවන සේක....උතුරේ සියලුම බයි,ටොයි,ජෙප් කුලයන් මග දිගට රැස්ව පසග පිහිටුවා වැද නමස්කාර කර රොබට් මහින්ද රජු පිලිගැනීමට සීජානම් වන ලෙස දන්වමී....'
මේ අවු අස්සෙ හාල් ඇටයක්වත් මාලිගාවෙ නැති කාලේ රොබට් මහින්ද රජු උතුරට එන්නෙ කොටි වනචාරීන් එක්ක වලියක් ඇදගන්න බව සරත් නෙඩ්ට ඉස්මොත්තෙන්ම වැටහුනා....ගිලිඩිසීරියා වැටකින් ආරක්ෂා කර තිබුනු උතුර කලක සිටන් කොටි වනචරයින් දකුනේ ඉඩම් ඇල්ලීමට පැමිණෙන නිසා
ගිලිඩිසිරියා වැටක් ගසා වැට ආරක්ෂා කිරීමට පොලු මුගුරු සහිත හමුදාවක් පවා පත් කරලයි තිබුනේ...
දවස් කීපයක් ගත උනා මැදමුර්ග ලෑන්ඩින්ස් වල සිට රොබට් මහින්ද රජතුමාගෙ ප්‍රියතම සුදු අශ්ව කරත්තෙන් උතුරට පැමිනුනා....කිතුල් ගහක රා මුට්ටියක් බාමින් සිටි හරීන් බ්‍රැන් රොබට් මහින්ද රජුගේ අශ්ව කරත්තෙ පැමිනෙනු දුටු විගස හූ හඩ තියා දැන්වූවා....
රොබට් මහින්ද රජු යාපාෆෙල් මාලිගාවට පය තබන විටම 'ආයුබෝවේවා මහරජානනි' ජාතික ගීය ගායන කරමින් මල් මාලා දමා දණ ගසා පසග පිහුටුවා පෙරල පෙරලී වදිමින් පිලිගත්තා
රොබට් මහින්ද රජු අසල සිටි කුඩා දරුවෙක් වඩාගෙන හුරතල් කර....යාපාෆෙල් මාලිගාවෙ සදලු තලයට නැග කතාවක් පැවැත්වූවා....
රොබට් මහින්ද රජුගේ කතාවට වඩා ජනතාව ඔවුන්ගේ වීරයා ටිරියන් චතුර කොහෙදැයි සෙව්වා...
එ වන විටත් ටිරියන් චතුර නාට්‍යාංගනාවන්ගේ මැදුරේ
විමර්ශනයක යොමු වෙලයි හිටියේ
"තව මදක් පානය කරන්න මැතිතුමනි....ඔබ වැනි වීරයෙක් අප මැදුරට පැමිනීමත් ගෞරවයක්....
ඔබතුමා කල වීරක්‍රියාවක් අපටත් පවසන්න මැතිතුමනී...."
"බ....බ....බ.....මා වගේ උගත්තෙක් මේ සත් රාජධානියටම නොමැත ....බ...බ...බ....රොබට් මහින්ද රජුට පවා උපදෙස් ලබා දෙන්නේ මමයි.....බ...බ...බ....මා ඔහුගේ ගුරු වේ,මා ඔහුගේ කෞටිල්‍යයි,මා ඔහුගේ මහෝෂයදයි"
රාත්‍රිය උදා උනා මැදුරේ භෝජන සංග්‍රහයට හයි කැන්ඩි වල සාරෙට වැවුනු කෙසෙල්,ඌවේල් වල වැවුනු ධාන්‍ය වලින් සාදපු කැවිලි වර්ග,සබර ඩ්‍රෝන් වල වී වලින් සකස් කරපු කැවිලි වර්ග කෑම මේසය වර්නවත් කලා....
"මෙම දෙල් භොජුන අපගේ වතු පිටිවල සාරෙට වැඩුනු ඵල අනුභව කරන්න විජේකලා බිසවුනි...
රොබට් මහින්ද රජු විවාහ වී සිටියේ ටැමිල්ස්ටර් වංශික විජේකලා සමගයි...ටැමිල්ස්ටර් වංශය සත් රාජදානියටම අභියෝග කල හැකි වංශයක් වූ නිසා රොබට් මහින්ද රජු බලය වර්දනය කරගන්න විජේ කලා විවාහ කරගත්තා...විජේකලාගෙ සහොදරයන් උනේ සිරිසේන ඨමිල්ස්ටර් සහ ටිරියන් චතුරයි...
සිරිසේන ටැමිල්ස්ටර් රොබට් මහින්ද රජුගේ ප්‍රධාන ආරක්ෂකයා වෙලයි හිටියේ...
කවදා හරි රොබට් මහින්ද රජුගේ ඇවෑමෙන් පස්සෙ රාජ්‍යයේ රජකම සිරිසේන ටැමිල්ස්ටර් ට ලැබෙයි කියලයි ඔහු හිතාගෙන හිටියේ..
තමාගෙ සහොදරිය උනත් තමන්ගෙ ලෙයින් විජේකලා ගෙ කුසේ උපන් ජොෆ්‍රි දහම්ට රාජ්‍ය් ලැබුනත්
ජොෆ්‍රි දහම් රුකඩයක් ලෙස හො තබාගෙන රාජ්‍ය පාලනය කරන්න සිරිසේන ටැමිල්ස්ටර්ට අවශ්‍ය උනා..
ජොෆි දහම් තමන්ග්‍රෙ ලෙයින් උපන් දරුවෙක් බව රොබට් මහින්ද දැන උන්නේ නම් නෑ....
රාත්‍රිය ගෙවිලා ගියා අලුයම උදා උනා..
සිරිසේන ටැමිල්ස්ටර් විජේකලා ටැමිල්ස්ටර් රහසේ යාපාෆෙල් පොල් වත්තේදී හමු උනා...
තැඹිලි පැලයක් අස්සෙ පොල් අත්තකට මුවා වෙලා
සිරිසේන ටැමිල්ස්ටර් විජේකලා ටැමිල්ස්ටර්ගේ හිස උරහිස මතට තියාගෙන අලුයම හිරු උදාවෙන හැටි බලාගෙන හිටියා...
"අලුයම උදාවෙන සුර්‍යාගේ රෂ්මිය සේයි මලයන්ඩිය ඔබේ හදවතත්... විටෙක ඔබ කෝපයෙන්...පුර හද පෑයූ දිනෙක මෙන් විටෙක ඔබේ හද මඩල සිසිල්...
කිමද මලයන්ඩිය හේතු කාරනා...? "
"තව මදක් හො ඉවසිය නොහැකිය හිටං...සැමදා මා රොබට් මහින්දගේ පයට පෑගෙන දුහුවිල්ලකි හිටං.....
මා මදක් හො ඉවසා දරා සිටින්නෙ අපගේ ළදරුවා
ජොෆ්‍රි දහම් කුමරුට රජ්‍ය බලය ලැබෙනතුරුයි හිටං.....ඔහු යුව රජ වූ කල මුලු මහත් සත් රාජදානියම මාගේයි හිටං....අක්කන්ඩිය...."
දෙන්නා හිරි ගඩු පිපෙන හීතලේ තුරුල් උනා...
තොලට තොල් ලන් උනා ඇස් දෙකෙන් කතා කරා
....ටික ටික තොල් දෙක ලන් උනා....සිරිසේන ලැනැස්ටර්ගේ අත විජේ කලාගේ ඔඩොක්කුව වෙත ලන් උනා....විජේ කලාගෙ ඔඩොක්කුවේ තිබුනු ආප්ප තැටිය අරන් ගඩොල් බැ තුනක් තබා හදපු ලිප උඩින් තියලා පොල් කොල දාලා ලිප අවුලලා ආප්ප පුච්චන්නට උනා..
සිරිසේන ලැනැස්ටර් ආප්ප කන්න රුසියා කියලා විජේ කලා දන්නවා....එ නිසාමයි යන යන තැන ආප්ප තැටියත් අරන් යන්නේ...
එක පාරටම "අයිය නායක දෙයි හාන්දුර්නේ" කියාගෙන ආප්ප පුච්චපු ලිප උඩට හරීන් බ්‍රැන් පොල් ගහ උඩ ඉදලා ඇදගෙන වැටුනා....
හරීන් බ්‍රැන් හිටියේ සිරිසේන ලැන්ස්ටර් හිටං හිටපු තැඹිලි ගහේ රාමුට්ටියක් බාන ගමනුයි...
ලිපේ දුම නිසාම පේන්නෙ නැතුව දිරච්ච පොල් අත්තක කකුල තිබ්බ හරීන් බ්‍රැන් ලිප උඩටම ඇදගෙන වැටුනා....
සරම කරට ගත්ත සිරිසේන ටැමිල්ස්ටර් විජෙ කලා ටැමිල්ස්ටර්වත් උස්සගෙන පස්ස නොබලා යාපාෆෙල් මාලිගාවටම දිව්වා.....
වත්තෙ පොල් අහුලන්න ආපු මංගල හොඩෝ "හොරෝ හොරෝ " කියමින් හරීන් බ්‍රැන්ව ඔසවගෙන යාපාෆෙල් මාලිගාව වෙත ගෙනිච්චා හරීන් බ්‍රැන්ට වෙච්ච ඇබැද්දිය මාලිගාවෙ හැමෝම කතා උනා...
හැමොටම ගැටලුවක් උනේ තැබිලි ගහ යට ගිනි තියලා හරීන් බ්‍රැන්ව විනාශ කිරීමට තැත් කලේ කවුද කියලයි...ලීපේ තිබුන ගින්දර නිසා හරීන් බ්‍රැන්ගේ පස්චාත් බාගේ බොයිලර් කරපු කුකුලෙක් වගෙ හොදටම පිලිස්සිලයි තිබුනේ....වෛද්‍යවරු කිවේ හරීන් බ්‍රැන් නැවත කිසිදාක ඉදගන්නේ නැතිවෙයි කියලයි...
එක නිසා හරින් බ්‍රැන්ට උනෙ හිටන් ඉන්න....
හරීන් බ්‍රැන්ව දුම් ගහල වැට්ටුවෙ සිරිසෙන ටැමිල්ස්ටර් කියලා මතක තිබුනේ නෑ...එත් විජේ කලා ටැමිල්ස්ටර් හිටියෙ ගොඩක් බයෙන්....සිරිසේන ටැමිල්ස්ටර්ගේ සම්බන්දය රොබට් මහින්දට හෙලිවෙයි කියලා
යාපාෆෙල් මාලිගාවේ අඹ ගහයට ලෑලි බංකුව උඩ වාඩි වෙලා බුලත් විටක් කොටමින් සිටි සරත් නෙඩ් තුමා ලගට රොබට් මහින්ද රජු එනව දැකලා සරත් නෙඩ් ඉක්මනින් බුලත් වංගෙඩිය අඹ ගහේ බෙනේ අස්සේ ගැහුවා බුලත් කොලයි හුනු පුවකුයි ගනන් ගිහින් තියන කාලේ බෙදා ගෙන කන්න තරන් බුලත් විටක් තිබුනේ නැති නිසාත් ඉස්මොත්තෙන්ම වංගෙඩියත් උස්සන් රොබට් මහින්ද යන නිසා කලවැද්දෙකු මෙන් ඇගිලි තුඩුවලින් බිම හාරන්නට උනා...
"සරත් සෙනෙවි තා කුමක් කරනේද..."
"පස්වාන් සොලොසකට රජවෙන්ඩ දෙවයන් වහන්ස මගේ හුණු කිල්ලෝටය අසතාන ගත වී හැඩයි එය මා සොයමින් සිටියා"
"උබ මඩ පුවක් සමග බුලත් හප අනුභව කිරිම නවතඅ නොමැති හැඩයි.....හ...හ...හ......කිමද උතුරු කොටි වනචාරින්ගේ කටයුතු කලකදී නැවත පහර දුන්නාද ?"
"අහො ! එසේයි ස්වාමීනී..කුරුදු මුගුරු රැගත් නයිස් වොච් ආරක්ෂකයින් දිවා රාත්‍රියේ ග්ලිඩිසීරියා ඉනි වැට ආරක්ෂා කරන හෙයින් බිය වීමට කාරනා නොමැත ස්වාමීනී..... කුඩා පාෂාන යොදා පහර දෙන කැටපොල නම් දරුනු ආයුදය නිසා කොටි වනචාරීන් ග්ලිඩිසිරියා වැට දෙස බලන් භොජුන්වත් ආහාරයට නොගන්නේය ස්වාමිනි...."
"ඔබ තවත් උතුර ගැන කනගාටු නොවනු ඔබ වහා දකුණට පැමිණිය යුතුයි...
ටාගේරියන් වංශික හිරුණිකා ඩැනෙරියස් නැවතත් ලක්ෂ්මන් ටාගෙරියන් සමග සත් රාජදානිය ආක්‍රමනයටයි සැරෙන්නේ දුමින්ද ඩ්‍රොගො සමග විවාහ සංදානයක් ඇති කරගෙන පවා ඔවුන්....මා නයිස් වොච් හි අණ දෙන නිලදාරි ලෙස මාගෙ මලනුවන් ගෝඨාභය පත් කරනු ලැබුවා.....හෙට දින සුර්‍යා නැගෙන්නට මත්තෙන් වහා මා සමග මැදමුර්ග ලැන්ඩින්ස් වෙත පැමිනෙනු....."
"එසේය ස්වාමිනී යම් එක් ඉල්ලිමක් ඇත මා සතුව "
"කුමක් ද" රොබට් මහින්ද රලු රැවුල කරවමින් විමසුවා
"මාගෙ අවජාත පුත් රන්ජන් ස්නොව් නයිස් වොච් හි අත පත්තු කණ්ඩාමට එක්විමට රිසියෙන් "
"එය සිනහවට කරුණක්...කාන්තාවක් පව ඇසුරක් නොමැති එවන් සමලිංගිකයන් නයිස් වොච් හී අත පත්තු කණ්ඩායමටයි සුදුසු....."
රාත්‍රිය උදා උනා හරීන් බ්‍රැන්ගෙ පස්චාත් බාගෙ සිද්දාලේප තෛල්ය ගාමින් කැට් අනෝමා හොද හැටි ය්හරීන් බ්‍රැන් වෙත දෙහි කපන්නට උනා....
අවසාන වතාවට නිවසින් සමු දෙන්න කුස්සියේ වලන් පිගන් හෝදල ඉවර කරපු රන්ජන් ස්නොව් රාස්පානක් තලතා ආර්‍යාට තෑගි කලා...
පසුවදා උදෑසනම සරත් නෙඩ් රොබට් මහින්ද සමග සන්සා රොසි,තලත ආර්‍යා කැටුව ගොං කරත්තයක මැදමුර්ග ලැන්ඩින්ස් වෙත පිටත් වුනා...
රන්ජන් ස්නොව් ටිරියන් චතුරත් සමග නයිස් වොච් වෙත පිය නැගුවා....වග වලසුන්ගෙන්,ගොත්‍රිකයන්ගෙන්,මංකොල්ල කරුවන්ගෙන් සහ බිහිසුනු සතුන්ගෙන් ආරක්ෂිතව නයිස් වොච් වෙත යෑමට හැකි උනේ ටිරියන් චතුරගේ වීර ක්‍රියා ගස් ගල් පවා හොදින් දන්න නිසයි....
මතු සම්බන්දයි
උපුටාගැනීම එක්සත් බොදුනුවා
එහෙම තමා බං පලවෙනි එපිසෝඩ් එක මෙලෝ රහක් නෑ ඉස්සරහට යන්න යන්න තමා රහ එන්නෙ 