කිව්වදනහීය,නොකිව්වදනහීය..

Oct 20, 2011
208
83
0
කිව්වදනහීය,නොකිව්වදනහීය..




ටෙනියගේ ෆිල්ම් ආවම මම තනියෙන් හරි බලනවාය. හැමෝම හොඳයි කියනවාය. ආචාර්ය සෝමේත්. මහ ඇදුරු සුනිලුත් බලලාය. පට්ටයි කියනවාය. ගානක් දීලාද දන් නැතිය. එයාලත් ට්‍රෙඩ් එකේ නිසා එහෙම නොවන්නටත් බැරිය. එහෙම තනියෙන් යන්නේ අයවැය අස්පැට් යන නිසාය. පරිපූරක ඇස්තමේන්තු අපිටත් තිබුනනම් සෙට් එකටම යන්නට තිබුනේය. එහෙම යන කොට හරි ජොලිය. පොඩි එකානම් කැමති ඉන්ටවල් එකටය. ඒ අයිස් චොක් එක නිසාය. ජේ ආර් පප්පට පින් සිද්ද වෙන්න සම්බහිය ද මොනවද ඒවත් බැලුවේය. ගොඩක් ඒවා ආවේ සුද්දගේ බාසාවෙන්ය. ඒවා බලලම දේසක්දොරෝහි බාසාවත් ඉගෙන ගත්තේය. ඇඩම්ස් ඒවාද ආවේය. ඒවානම් පට්ටය. අදටත් සමහර් ඒවායේ නම් මතකය. සමන්තා, නිව් ඔලිම්පියා, රියෝ, රූබී, කැපිටල් වෙන් කර තිබුනේ ඒවටමය.

පෝලිම් චැක් කොරන්න පොලෝසියත් එනවාය. 18+ නැති උන්ට අතේ තියෙන පොල්ලෙන් බැටන් දෙන්වාය. අම්මත් මතක් කොරනවාය. උන් එලවලා රාළහාමිලත් පස්සෙ ඉඳන් සෝ එක බලනවාය. එහෙම එකක් බලලා ඉන්ටවල් එකේ එකෙක් චූ කරන්න යන්න කතාකලේය. පිස්සුද බන් අත තිබ්බොත් ගියා කියා අනෙකා කීවේය. මේවා බලන්න එන්නේ කොල්ලන් පමණය. වයස ප්‍රස්නයක් නැත. හැම එකාම කොල්ලන්ය.වැඩි පිරිස කොළඹ අයියලාය. කමීසේ පුටුවේ එල්ලලාය. කකුල ඉස්සරහ සීට් එකේය. එහෙමෙ, ටැමිල් අයියා කෙනෙක්ගේ කරේ කකුල තියලා, ඌ "යාර" කියා ඇසුවේය. යාර... යාර නෙමේ ඩෝ අඩි කියා අලි ගුටි කෙලියක් ගියේය. ජන වාර්ගික වෙන්න කලින් මල් කස්ටියම සේප් කොර ගත්තේය.(යාර කියන්නේ කවුද කියන එකය.) රූබී එකේ නම් නොමිලේ මල් පහසත් ලැබෙනවාය. ඒ ඇත්තන් සෝ බලන්නේ නැත. මල් පූජා කොරනවාය. උඩවළවේ ගිනි තියලා වාගේය. ඒ පින් අපටත් ලැබෙනවාය.


දැන්නම් සම්බහිය එව්වා බලන්නේ නැත. අපිට තියෙන ප්‍රස්න මදිවාට අනික් උන්ගේ ප්‍රස්නත් විඳින්නට වන්නේය. අනෙක හාමිනේට තේරෙන්නේ නැතිය. ගෙදර ඇවිත් සෝ එකම පැහැදිලි කොරලා දිය යුතුය. එවිටනම් තේ රේය. අන්තිමේදී හාමිනේ සෝ එක දෙසරයක්ම බලලාය. සම්බහිය ඒවායෙහි අවසානය දුකය. කොමර්සල් වල එහෙම නැතිය. හැපි එන්ඩින්ය. ජෝක්ස් වැහි වැහැලාය. අපි අපිටම හිනා වෙනවාය. ජෝත් මලේය. මගේ ප්‍රියතමය. ඕනෑම චරිතයක් පලු යන්න දෙනවාය. පුරහඳ කලුවරටත් විසිල් ගහන්න හිතෙනවාය. එතකොටම සම්බහිය බව මතක් වෙනවාය. එව්වාට විසිල් ගහන්නේ නැත. අලවංගු ගිල්ල අය මෙන් එලියට එනවායා. ජහ මනයා බලන්නේත් නැත. නෝනලා මහත්තයලා නරඹන්නේය. කතාව ඇහුවොත් කියන්නට නොදන්නේය. ස්ටේටස් එකට බලනවාය. කොක්ටේල් වල කියනවාය. හොඳ පරිවර්තකයන්ය. කියන්නෙ ඉංගිරිසියෙන්ය. හි ඉස් අ කැන්ඩියන් කියන්නේය. එ කියන්නේ ඒ ඉස්සා නුවරයි කියාය.


දැන් නම් සිංහල සිනමාව කඩා වැටිලායයි කියනවාය. ඒත් තවමත් කරු ගහගෙන බේරන් තියෙනවාය. කොයි මළදානෙත් ඔහොමය. හිටපු ඔක්කොම වගේ පට්ටය. සම හරක් කියන්නේ ඉන්නේ නළුවන් නොව එළුවන් කියාය. අමරසිරි කළන් නම් කියන්නේ දැන් ඉන්නේ බඩු කාරයන් කියාය. එයා එවා නොකලාද කියා අහන්න එකෙක් නැත්තේය.අලුත් සැට් එකෙත් ටැලන්ට් වැහි වැහැලාය. උන් සිනමාවට ආදරේ නැතිය. සිනමාව නැතත් හම්බ කරන්න කොරොම තියෙනවාය. ඒවා, මේවාල කියන්නට බැරිය. එතකොට මේකත් ඇඩම්ස් ඔන්ලි සෝ එකක් වෙනවාය. ඔය ගොසිප් බ්ලොග් බැලුවාම කරුණු කාරණා ඕනෑම ගවයෙකුට තේරෙන්නේය. ගාමිනි, විජේ, ජෝ, ෆ්‍රෙඩී, දොන්, බී ඇස්, ඇන්තනි සී, ජෝති, ලතා, මාලනී, අනෝජා, මොකා සිටියත් සිහල සිනමාවට විශාලම සේවය කලේ ශෂී විජේන්ද්‍රය. ඒ එයා සිංහල සිනමාවෙන් සමුගත් නිසාය. හැම එකම වගේ, ඇනිබල්ගේ කාළයේ සිනමාවත් වල පල්ලටම ගියේය. ඒ උනාට ඇනිබල් නම් තවමත් රඟපානවාය. පොල් බූරූවන්ට දවස් 14 න් සියල්ල අමතකය. එදා චෞර රැජිනය. මෙදා චන්ඩි රැජිනය. ඒ උනාට ළොක්කා පයිසෙකට මායිම් නොකරනවාය. කලාතුරකින් අලුත් එවුන්ගේ සම්බහිය එවත් කොමර්සල් එවත් එන නිසා යන්තම් වැඩේ ගොඩය. ආන්ඩුවෙනුත් සෝ හදනවාය. ඒවාට බැන්කු ණයත් ලැබෙනවාය. සොයන් රැකියාය. කස්ටිය හම්බ කර ගන්නවාය. ඊළගට මහරජානෝ ලියනවාය. මහින්දාගමන හදනවාය. මහින්ද හිටියනම් දේවානම්පියතිස්ස දැක වහ බොනවාය.


ආන්ඩුව මතක් උනාම කාරනේ මතක් උනාය. කිව්වද නහීය. නොකිව්වද නහීය. හරියට ගෙදර ගියත් තෝ නහී මග හිටියත් තෝ නහී වගේය. මොකෝ, නයා, ගම හාමිනේ කාපු ගමන්, හාමිනේ ගමයා මරනවාය. මිලින්ද මහත්තයා කොළඹට ඉල්ලනවාය. පොරොන්දු දේශපාලනේ නැතයි කියනවාය. ඒත් මක්කදෝ දොඩනවාය. හාන්දුරු කෙනෙක් වගේ නිසා නිකන් දේශනා ගතියකුත් දැනෙනවාය. තරුණයන්ට රැකියා දෙනවාය. ෆිට්නස් සැන්ටර් දමනවාය. පිට්ටනි ස්ටේඩියම් කොරනවාය. සායන මැඩිකල් සෙනටර් කරනවාය.ගෙවල් කඩනවාය. කඩන්නට පෙර ෆැලැට් දෙනවාය ලැටුත් දෙනවාය. අරක දෙනවාය මේක දෙනවාය. මේ පොරොන්දු නෙමේය. වෙන මක්ක හරිය. වල් කොල්ලෙක් කිව්වේ ලැට් එකේ කක්කා කොරන්න ඉස්සෙල්ල කන්න එපැය කියාය. ඒ කොල්ලා දැන් මිලින්ද මහත්තයා පස්සේය. උන්නැහෙත් අරන් වතුවලට යනවාය. කොල්ලට කන්න ලැබෙනවාය. බොන්නත් ලැබෙනවාය. කක්කත් කරනවාය. මදුරුවෝ මරණ එකෙක් ටැට්ටර් සාදුගෙන් වත් නැතිය. එහෙම් එකෙකුට මම නම් මනාපය. රතිඤ්ඤා වලට බයේ මදුරුවෝත් නෑ වාගේය. උන් නම් ඝෝඨා මහතාටත් බය නැතිය.


ඌ අන් පියෙන් අලියෙක් දමලාය. තනි අලියෙක් වගේය නොමබරෙත් එකය. අලි මුදලාලිත් අලියෙක්ම දමලාය. මේ අලියා දිනුවත් දිනුම්ය. පැරදුනත් දිණුම්ය. මොකෝ අලි මුදලාලි පවෆුල්ය. චන්ද මැෂිමත් මුදලාලි ළඟය. කම්පියුටර් ප්‍රෝග්‍රැමස්ලාත් සිටීය. සිරිකොත අනාථාගාරෙත් අලි එහෙ මෙහෙ යනවාය. නාබර උන්ට මද කිපිලාය. ගාල කඩන් ගිහිල්ලාය. ඡන්දෙන් පස්සෙ කස්ටියකට පින්නවල යන්න වෙන සයිස්ය. එහෙ යන්න ඕනෑ නැතිය. අලි මුදලාලි පැනලා ගන්නවාය. අලි එකතුකිරීම මුදලාලිගේ විනෝදාන්සයය.. සීනූවේ ගෙඩිය හැලිලාය. කස්ටියක් දැකැත්තෙන් කපනවාය. කස්ටියක් මිටියෙන් කොටනවාය. කස්ටියක් දිය රෙද්දෙන් බෙල්ල කපනවාය. ටෙලියක් නෙමේය වලියක් වගේය. සන්වාදයක්ද මොකක්දය.


කිව්වද නහීය, නොකිව්වද නහීය..


ඒ වගත් මෙසේය.......