කියුබාවේ සෞඛ්‍යය රහස
සෞඛ්‍යයෙන් රට හදන හැටි කියුබාවෙන් ඉගෙන ගන්න
කියුබාව යන නම ඇසෙත් ම අපගේ මතකයට නැගෙන්නේ මුහුණ පුරා රැවුල වවාගත්, නායකත්වයේ පෞරුෂත්වයෙන් හෙබි පිදෙල් කස්ත්‍රොa ය. නැතහොත් හවායි සුරුට්ටුවක් දල්වා ගත් තරු ලකුණු පැලඳි තොප්පියක් දැරූ විප්ලවයේ අසහාය සංකේතයක් වූ ෙච්ගුවේරා ය. එහෙත් මේ සඳහන් කිරීමට යන්නේ පිදෙල් කස්ත්‍රො හෝ ෙච්ගුවේරා ගැන නොව එවන් සමාජවාදී විප්ලවවාදීන් කඳුළින් ඩහදියෙන් ලෙයින් ජීවිතය පවා කැපකර තම ජනතාව වෙනුවෙන් බිහි කළ කියුබානු සමාජවාදී රාජ්‍යයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ අද දක්නට ලැබෙන දියුණුවේ රහස ගැනයි.
තම බලය හා පැවැත්ම වෙනුවෙන් කලින් කලට ප්‍රතිපත්ති වෙනස් කරන ජනතාව රැවටීමට බොරු පොරොන්දු දෙන කෙටි කාලීන දේශපාලන අරමුණු වලින් යුත් අපේ රටේ දේශපාලනඥයන්ට මේ කථාව පරමාදර්ශයකි. මෙය, පෞද්ගලීකරණය හරහා රටේ ආර්ථික, සමාජීය, දියුණුව, ලබාගත හැකි යෑයි සිහින මවන අල්ලස, දූෂණය ටෙන්ඩර මගඩිවලින් සාක්කු තර කර ගන්නා පාලකයන්ට කනේ පහරක් බඳු ය.
ශ්‍රී ලංකාව වැනි තෙවැනි ලොව දියුණු වෙමින් පවතින රටවල සෞඛ්‍ය ක්ෂේත්රය නැංවීමට ප්‍රමාණවත් තරම් අදායම්, මිල මුදල් නොමැති බවට පාලකයෝ මැසිවිලි නගති. ජනතාව ද ඉන් සෑහීමකට පත් වෙති. එහෙත් කියුබානු පාලකයෝ මීට ප්‍රතිවිරුද්ධ ලෙස සිතන අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව හරහා ආර්ථික දියුණුව ද ළඟාකර ගත හැකි බව තරයේ අදහති. සෞඛ්‍ය ක්ෂේත්රය දියුණු වූ විට ඒ ප්රතිලාභ නිරෝගිමත් ජාතියක් බිහි කරන බවත් රටේ ආර්ථිකය ද ඉන් ශක්තිමත් වන බවත් ඔවුහු කල්පනා කරති. සැබෑ විප්ලවවාදීන් එබඳු ය.
'රෝහල් දියුණු කිරීමට මුදල් නැහැ.-වෛද්‍යවරුන්ට පත්වීම් දීමට මුදල් නැහැ.'
'ත්‍රිපෝෂ නිකුත් කරන්නට මුදල් නැහැ.- ඩෙංගු මර්දනයට මුදල් නැහැ.' වැනි කියුම් කියුබාව තුළින් ඇසෙන්නේ නැත. අද කියුබාව ලබා ඇති සෞඛ්‍ය දියුණුව, දියුණු නවීනතම තාක්ෂණයෙන් පිරිපුන් ඇමෙරිකාව, ස්වීඩනය, ජපානය හෝ සිංගප්පූරුවේ මට්ටමට ම පැමිණ ඇත.
කියුබාව දෙස වැරදි ඇසින් බැලීම නවත්වා ඔවුන්ගෙන් ආදර්ශයක් ගෙන තෙවන ලොව දරිද්‍රතාවෙන් පෙළෙන රටවල් ඉදිරියට යා යුතු යයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එහෙයිනි. 1959 දී කියුබානු විප්ලවය සිදුවන යුගය වන විට එරට සෞඛ්‍ය අංශය ද පෞද්ගලීකරණයට නතු කෙරෙමින් තිබූ අතර, ඈත එපිට දුප්පත් ගම්මානවල ජනතාවට සෞඛ්‍ය පහසුකම් නොලැබුණු තරම් විය. නාගරික මැද පංතිය පමණක් යම්තම් හෝ සෞඛ්‍ය සේවා ලබා ගත්හ.
එම යුගයේ දී එක් වෛද්‍ය විද්‍යාලයක් පමණක් තිබූ අතර ශික්ෂණ රෝහල් ද පැවතියේ එකකි. රටේ සිටි වෛද්‍යවරුන් 6300 දෙනා ගෙන් තුනෙන් දෙකක් ම ජීවත් වූයේ කියුබාවේ අගනුවර වූ හවානා නගරයේ ය.
ග්‍රාමීය ජනතාවට සෞඛ්‍ය පහසුකම් වෙත ළඟා වීමට හැකියාවක් නොවිණ. රටේ දේශීය සෞඛ්‍ය ප්‍රතිපත්තිත්, සෞඛ්‍ය උපාය මාර්ගත් එක් කර තනි ව්යQහයක් ගොඩනඟා ප්‍රජා සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය අමාතාංශයක් ගොඩනඟා ගනු ලැබුවේ මේ විෂමතාව බිඳ හෙළනු පිණිසය. සනීපාරක්ෂාව හා ප්‍රතිශක්තීකරණ වැඩසටහන් කෙරෙහි මුල් යුගයේ දී විශේෂ අවධානයක් යොමු කරනු ලැබී ය. එසේ ම ග්‍රාමීය ප්‍රදේශ දක්වා සෞඛ්‍ය පහසුකම් විහිදී යැම කෙරෙහි සුවිශේෂ ප්රමුඛත්වයක් දෙනු ලැබීය. ග්‍රාමීය වශයෙන් සියලු ම රෝගවලට ප්‍රතිකාර ලබා දෙන බහු සායන (Poly clinics) පිහිටුවනු ලැබීය. ඉන්පසුව ග්‍රාමීය රෝහල් පිහිටුවනු ලැබිණි.
1980 වන විට ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට තවදුරටත් සුවිශේෂ අවධානයක් ලබා දෙනු ලැබූ අතර ඒ සඳහා විශාල වශයෙන් ප්‍රජා වෛද්‍යවරු පුරුදු පුහුණු කරනු ලැබූහ. 1990 වන විට ග්‍රාමීය වශයෙන් විශාල කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණයක් සේවයේ යොදවා තිබිණි. මීට පුහුණු හෙද හෙදියෝ ද අයත් වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෑම පවුල් 120-160 ප්‍රමාණයකට ම විශේෂඥ වෛද්‍යවරයකු හා හෙදියක යෙදවීමේ හැකියාව කියුබාවට ලැබිණි. මේ වන විට එරට ප්‍රජා මට්ටමේ විශේෂඥ වෛද්‍යවරුන් 31000ක් පමණ සිටින බැවින් සෑම පුද්ගලයන් 170 කටම එක් වෛද්‍යවරයෙකු බැගින් ලැබී ඇත.
කියුබාව එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් මේ වන විට යොදවා ඇත. ග්‍රාමීය රෝහල් වෙතට ද එකෝ, ස්කෑන්, MRI වැනි පහසුකම් ලබා දී ඇත. බහු සායන වල දී එන්ඩොස්කොපි පරීක්ෂණ පවා සිදු කෙරෙයි. මේ නිසා ප්‍රධාන රෝහල් වල තදබදයක් නොමැත.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සෞඛ්‍ය ක්ෂේත්රයේ උණ, සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කිරීමට වඩා වැඩි යමක් සිදු නොවන තරම් ය. එහෙත් දරුවකු බිහි වීමට පෙර සිටම කාන්තාවන්ට උපදේශන සේවා ලබා දීම, සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ සිට දරුවකු බිහි වූ පසුව ඔහු රැක බලා ගැනීමට (Well baby clinic) විශේෂ අවධානයක් කියුබාව තුළ ග්‍රාමීය මට්ටමෙන් ද යොමු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව වැනි රටක ළදරු මරණ අනුපාතිකය හා කියුබාවේ ළදරු මරණ අනුපාතිකය බොහෝ දුරට සමාන අගයකි. 1975 දී කියුබාවේ මේ අගය දහසකට ළදරු මරණ 25-30ක් අතර වෙද්දී ඇමෙරිකාවේ එය 15-18 අතර වුණි. මේ වන විට ඇමෙරිකාවේ ළදරු මරණ අනුපාතය දහසකට දහයට අඩු අතර කියුබාවේ මේ අගය ඇමෙරිකාවට ද වඩා පහළ අගයකි.
ඇමෙරිකාව කැනඩාව වැනි රටක දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 30,000-40,000 වැනි ඉහළ අගයකි. එහෙත් කියුබාවේ මේ අගය ඩොලර් 1000 ක් පමණි. එසේ නම් කියුබාව මේ සියලු රාජ්‍ය අභිභවා මෙතැනට පැමිණ ඇත්තේ කෙසේ ද? පටු වාද භේදවලින් තොර, දිගුකාලීන දැක්මකින් කියුබාව නමැති නෞකාව මෙහෙයවීමට එහි පාලකයන් සමත් වීම එහි රහස ය. අසල්වැසි ඇමෙරිකාවේ රැවුම් ගෙරවුම්, ආර්ථික සම්බාධක, මරණ තර්ජන ආදී සියලු බාධා ගල්පර මැද ඉතා සූක්ෂම ලෙස මේ නෞකාව ජයග්‍රහණයේ දියඹ වෙතට ගෙන ඒමට පිදෙල් කස්ත්‍රොa ප්රමුඛ රාජ්‍ය පාලකයෝ සමත් ව ඇත.
කියුබාව තම සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව ප්‍රජා සෞඛ්‍යට පමණක් සීමා කළේ නැත. නවතම විද්‍යා තාක්ෂණික සොයා ගැනීම්, නව හඳුන්වා දීම් වැනි විවිධ විද්‍යාත්මක පර්යේෂණවලින් ද ජයග්‍රහණය ලබා ඇති රටකි, කියුබාව. බටහිර රටවල් මත යෑපෙමින් විදෙස් රටවලින් ආධාර හා දැනුම ලබා ගෙන ගිරවුන් මෙන් කට පාඩම් සංස්කෘතියක් හෝ පොතේ ගුරුන් වීමෙන් ඔබ්බට ගොස් තමන් උගත දෙයින් අලුත් යමක් සිතීමට, නිපදවීමට කියුබානු විද්‍යාඥයෝ සමත් ව සිටිති.
1962 වසර වන විට ලොව පළමු වරට පෝලියෝ රෝගය මුලිනුපුටා දමන ලද්දේ කියුබාවෙනි. 1996 වන විට සරම්ප රෝගය ද මර්දනය කරන ලද ප්‍රථම රාජ්‍යය බවට එරට පත් විය. ඇමෙරිකාවට සාපේක්ෂව අඩු ම HIV / AIDSරෝගීන් පිරිසක් සිටිනුයේ කියුබාවේ ය. ඩෙංගු රෝගය මර්දනය සඳහා සාර්ථක වැඩපිළිවෙළක් දියත් කළ රාජ්‍යය ද කියුබාවයි. සෑම පවුල් 120-160 ප්‍රමාණයකට ම වෛද්‍යවරයකු එහි සිටින අතර ලොව අධි රුධිර පීඩනය පාලනය අතරින් පෙරමුණේ ම සිටියි. එරට හෘදයාශ්‍රිත මරණ සංඛ්‍යාව සියයට 45 කින් පමණ අඩු වී ඇත.
මේ අතර දළ ළදරු මරණ අනුපාතය දහසකට 5.8 ක් පමණ වෙයි. ඇමෙරිකානු රාජ්‍යයක් සඳහා වන සාර්ථක හා කාර්යක්ෂම සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනු ලැබුවේ ද කියුබාව ය. පළමු වරට මානව බහු සැකරයිඩ එන්නත බිහි කළේ ද කියුබාව ය.
මෙනින්ජයිට්ස් ඊ රෝගයට පළමු වරට එන්නතක් නිර්මාණය කළ අතර ම Haemophilus influenzae - B (Hib) සඳහා කෘත්‍රිම ප්‍රතිදේහජනක එන්නතක් ද බිහි කරමින් ජාත්‍යන්තර ජෛව විද්‍යාත්මක පර්යේෂණවලට ද එක් විය. කිසියම් රෝගයක් පැතිර යන විට එයට එරෙහි ව එන්නතක් එක් දින වැඩසටහනක් යටතේ යොදාගෙන ලබා දීමත් එසේ නොවන විට රෝගයට ගොදුරු වීමට ඉඩ ඇති සියලු දෙනා ම සොයා ප්‍රතිකාර කිරීමත් මගින් බොහෝ රෝග මර්දනයට කියුබාව සමත් වී ඇත. රෝග වාහකයන්ගේ බිජුලන ස්ථාන මර්දනය හරහා රෝග සම්ප්‍රේෂණය අඩපණ කිරීමෙන් ඩෙංගු වැනි රෝග වල ට ද තිත තබා ඇත.
එතෙකින් නොනැවතී එරට අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල සිසුනට නොමිලේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන අතර තවත් දිළිඳු රටවල් 52 ක සෞඛ්‍ය වෘත්තිකයන් 34,000කට ආධාර ලබා දීම සිදු කරයි. මේ අනුව 1959 කියුබානු විප්ලවයේ සිට ගත වූ දශක පහකට ආසන්න කාලය පුරා දිනෙන් දින සෞඛ්‍ය ක්ෂේත්රයේ පෙරට පැමිණ ඇත. දිගුකාලීන ප්‍රතිපත්තිත්, ලාභය හෝ කොමිස් මුදල් නොව ජනතාව ගේ සුබසාධනය කේන්ද්‍රගත වූ අරමුණුත් ඔවුන් මේ ජයග්‍රහණය වෙත ගෙන යැමට පහන් කණුවක් සේ මඟ පෙන්වා ඇත.
International Journal of Epidemiology හෙළි කරන තොරතුරුවලට අනුව මේ වන විට ලොව වඩාත් ම සංවිධානාත්මක සෞඛ්‍ය ව්යQහයක් පවතින්නේ කියුබාවේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බෝ වන ආසාදන රෝග මෙන්ම බෝ නොවන ආසාදන නොවන රෝගවලට ගොදුරු වන සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. වෛද්‍යවරුන් හෝ විද්‍යාඥයන් නිකම් ම වැටුප් ලබන සුඛෝපභෝගී ජීවිත ගත කරන්නවුන් වනවා වෙනුවට රටේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැප වූ පිරිසක් බවට පත් කර ඇත. තම දැනුම සොයා යැමත්, එම දැනුම ජනතාව ගේ සෞඛ්‍යය නැංවීම පිණිස භාවිතයටත් හුරු කර ඇත.
ආර්ථික වශයෙන් දිළිඳු හා විවිධ අභියෝග මැද්දේ කියුබාව ලබාගත් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වැනි තෙවන ලොව රටවලට ආදර්ශයකි. දළ දේශීය නිෂ්පාදිතය අඩු වීම, ආර්ථික සංවර්ධනයක් නොවීම වැනි හේතු මත බොහෝ රටවල සෞඛ්‍ය ක්ෂේත්රය පවතින්නේ ඉතා පහත් මට්ටමක ය. එහෙත් කියුබාව මේ අභියෝග වලට විසඳුම් සොයාගත් අතර රටේ සියලු ම ජන කොටස් අතර ආර්ථික සමානාත්මතාවයක් ඇති කිරීමට ද ක්‍රියා කළේය.
මේ අනුව කියුබාව සෞඛ්‍ය ක්ෂේත්රයේ මේ ලබාගත් දියුණුව අතිමහත් වියදමක් දරා අත්පත් කරගත්තක් නො වෙයි. එය උත්සාහය, ධෛර්යය, අධිෂ්ඨානය තුළින් දිගුකාලීන සැලැස්මක් හරහා ලබාගත් උත්තුංග ප්රතිඵලයයි.
ගෙවි ගිය දශක පහක කාලය තුළ අප කොතැන ද?
-
වෛද්‍ය ජී.ජී. චමල් සංජීව.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, හම්බන්තොට