කීකරුබව

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    පුංචි කතාවක්! ඉහවහා ගිය කීකරු භාවය..

    ඈත එපිට ඉතා සීතල රුසියානු ගම්මානයක විසූ නව යොවුන් තරුණියක් විවාපත් ව වෙනත් ගම්මානයක වාසයට ගියා ය. එසේ පිට ව යෑමට පෙර ඇගේ මහලු මවු ඈට මෙසේ උපදෙස් දුන්නා ය.”නුඹේ සැමියාටත්, ඔහු ගේ පවුලේ උදවියටත් කීකරු වෙයං. කිසිම වෙලාවක ඒ අයගේ වචනෙට ඉහළින් යන්න එපා.”

    මේ යෞවනිය මේ ඔවදන් තරයේ සිත තබා ගත්තා ය.
    ඈ ද ඉතා කීකරු ව ඒ සියලු කටයුතුවල කාර්යක්ෂම ව නියැලුණා ය.


    එහෙත් ඒ නිවසේ විසූ ඇගේ නැන්දම්මා ද නෑනන්ඩිය ද අතිශය කපටි ය. මේ බැව් යෞවනියට වැටැහී තිබුණේ නැත.


    දිනක් මේ දෙදෙනා තුරුණු මනමාලිය කැඳවා පෙනේරයක් සහ කළයක් ඇගේ දෝතට දුන්හ.


    ”නුඹ අර පෙනෙන ගංගාවෙන් මේ කළයට දිය පුරවා රැගෙන ආ යුතුයි. ඒත් අමතක කරන්න එපා කළය පිරවිය යුත්තේ පෙනේරයෙන් ගත් දියෙන් පමණයි.”


    යෞවනිය ද ඊට එකඟ ව ගංගාව වෙත ගොසින් හිල් පෙනේරයෙන් දිය කළය පිරවීම ඇරැඹුවා ය. එහෙත් ඈ වෙහෙස වූවා පමණි. පෙනේරයකින් බඳුනක් පුරවන්නේ කෙසේ ද?


    මෙවිට ගංගාව අසලින් ඇවිද ගිය බුද්ධිමත් මහලු පුරුෂයෙක් ඈ අමතා මෙසේ කීවේ ය.


    ”කීකරු බව නම් හොඳයි. ඒත් සීමා සහිතව! “


    එකත් හොද ආදර්ශයක්….



    Credit Goes To Original Author (Madushika Kaushalya)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද ආදර්ශයක්
    මේක විතරක් නෙමේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සිරාවට ,සෑම දේකම සීමාවක් තබාගත යුතුයි..

    :):):)