කුකුල්ලු ගෙට දාපන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කුකුල්ලු ගෙට දාපන්

    SUx05ms.jpg





    අසල්වැසියා තමාට සිදු වී ඇති අකරතැබ්බය ගැලවුම්කාරයාට විස්තර කළා.



    ”අපේ ගෙදර කට්ටිය වැඩියි.

    ගේ ඉඩ මදි. එහෙන් නැන්දම්මා එක එක දේවල් කියනවා. මෙහෙන් බිරින්දෑගෙ කං කරච්චලේ. ළමයින්ට හැරෙන්නවත් ඉඩ නෑ කියලා රොස් පරොස්. මට කනක් ඇහිල්ලේ ඉන්න විදියක් නෑ.”

    ”තමුසෙ ගාව කුකුළො කී දෙනෙක් ඉන්නවද?”
    ”වැඩිය නෑ. දහයක් දොළහක් විතර.”
    ”අන්න හරි. උන් කූඩුවෙ තියන්නෙ නැතිව ගෙට ගනින්.”
    ”එතකොට තවත් ඇහිරෙනව නෙ.”
    ”උඹේ ප‍්‍රශ්නෙට උත්තරයක් නෙ ඇහුවෙ. කැමති නම් මං කියන විදියට කරහං.”

    යාළුවා ගෙදර ගියා. කුකුළන් නිවසට එකතු කර ගත්තා. පසුවදා ඔහු උගතාට පැමිණිලි කළා.

    ”ඔහේ කියපු විදියට මං කුකුළො ටික ගෙට ගත්තා. දැන් මළ කරදරයක්. උන් පෑගෙයි කියලා වෙනදාට වඩා පරිස්සමින් අඩිය තියන්න වෙලා. කුකුල් බෙටි හැමතැන ම. උන් ජරා කරන ගානට ශුද්ධ කරන්න වෙලා. නැන්දම්මා ආඩපාලි කියනවා. ළමයි කුකුළො අල්ලන්න යනවා. උන් හැරිච්ච හැරිච්ච පැතතට පියාඹනවා. පිඟන් කෝප්පවල හැපුන ම එ්වා වැටිලා කැඩෙනවා. බිරින්දැගෙ බැනුම් කෝටිය යි. මට දැන් ගෙදර ඉන්නත් එපා වෙලා.”

    ”එළුවො ඇති කරනවා නේද?”
    ”හය දෙනෙක්. ඉස්තරම් ම එවුන්.”
    ”උන් හය දෙනත් ගෙට ගනින්.”
    ”තමුසෙගෙන් උපදෙස් ඇහුවට වැඩිය හොඳයි බූරුවෙකුට මගේ දුක් ගැනවිල්ල කිව්වා නම්.”
    ”පණ්ඩිතය නො වී, මං කියන දේ කරලා බලනව කො. ප‍්‍රශ්නෙ හරියට ම විසඳෙනවා.”

    යාළුවා එළුවො හතර දෙනාත් ගෙට ගත්තා. ගෙදර අර්බුදය උත්සන්න වුණා. පහුවදා ඔහු උපදේශකයා මුණ ගැහෙන්න ගියේ ලුනු ඇඹුල් ඇතුව හොඳට දෙහි කපන්න බලාගෙන. එ්ත් අනෙකා ඉස්සර වුණා.

    ”දැන් මොකෝ යාළුවා තත්ත්වෙ. බිරින්දෑ එළුවොයි කුකුළොයි අරන් ඔහේටත් ගෙදරින් යන්න කිව්වද? නැන්දම්මා වෙනදාට වඩා ගස්සන්න, ඔරොවන්න, ගොරවන්න පටන් අරගෙන ද?”

    ”මං ඔළුව ගිනි අරන් ඉන්නවා. තමුසෙ පේන කියන්න පටන් අරගෙන. තමුසෙ තමයි මාව අමාරුවෙ දැම්මෙ.”

    ” ඕයි. මේ අහනවා. ලෙඩක් වුණත් එක බේත් වේලෙන් සනීප වෙන්නෙ නෑ. බේත දැන් තමයි ඇඟට අල්ලන්නෙ. හෙට උදේ වෙනකොට සනීප වෙයි.”

    ”එ් කොහොමද?”

    ”අද ගෙදර ගියා ම එළුවා හතර දෙනා ආපහු ගාලට ගෙනිහින් දානවා. කුකුළො කූඩුවට දනවා. බලනවකො ප‍්‍රතිඵල.”

    යාළුවා උපදෙස් පිළිපැද්දා. ඊළඟ දවසේ සිනාමුසු මුහුණින් උපදේශකයාට ප‍්‍රතිඵල විස්තර කළා.

    ”ළමයින්ට හරි සතුටුයි. එ් ගොල්ලන්ට හොඳට ඉඩකඩ තියෙනවා සෙල්ලම් කරන්න. බිරින්දෑ මාව බදාගත්තා. නැන්දම්මා ලොඹු කට උල් කරගෙන ආවා මව ඉඹින්න. මං දුවලා ආවා. ඇත්තට ම එ්ක නම් අපූරු විසඳුමක්.”

    ”මේක ලංකාවේ ක‍්‍රමය. එ් රටේ පාලකයො ප‍්‍රශ්න විසඳන්නෙ මේ විස්මිත ක‍්‍රමයට තමයි.”

    ”එ් කොහොමද?”

    ”මිනිසුන්ගේ දත කට පූට්ටු වෙනකම් හිර කරලා දානවා. චන්දයක් කිට්ටු වුණා ම හිර කරපුවා බුරුල් කරනවා. ටක්කෙට ම හරි. මිනිස්සු පොර ක-කා ගිහින් චන්දෙ දෙනවා.”

    උපුටා ගැනීමකි.
     
    Last edited:
    Jan 31, 2018
    78
    14
    0
    ඔය බල්ලො හුකල ඉපදිච්ච අවජාතක දේසපාලුවො කරන්නෙ ඔය කියපු ක්‍රමේට තමයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    රෝසි ආච්චි;22792527 said:
    ඇයි බන් අර කුකුලගෙ පුකට බියර් කෑන් එකක් ගහලා තියෙන්නෙ :baffled:

    Nathnam hitawala thiyanna baane :yes:
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    පට්ට කතාව ... ඔන්න මම එෆ් බි එකේ ලින්ක් එකත් එක්ක ෂෙයාර් කළා