මෙය කිසි සේත් ම සත්ත්ව ඝාතන අනුමත කිරීමක් හෝ වර්නනයක් නොව හුදෙක් ඔබේ දැන ගැනීම සහ අධයාපනය සදහා පමනි.......
බ්‍රොයිලර් කුකුලු පැටවුන් ලබා ගන්නේ බ්‍රොයිලර් මව් සතුන් ගෙනි. මෙම බ්‍රොයිලර් කුකුලු පැටවුන් ගේ පෝෂන පරිවර්තන වේගය වැඩි අතර දින 45ක් තරම් කාලයකදී උන් පරිභෝජනයට තරම් වන ප්‍රමාණය ට වැඩේ. මස් සදහා යොදා ගැනේ.
බිත්තර සදහා වන කිකිලි පැටවුන් ලබා ගන්නේ "ලේයර් පේරන්ට් බ්‍රීඩර්" සතුන් ගෙනි. මෙම මව් කිකිලියන් දමන බිත්තර වලින් උපදින්නේ 99%ක් ම කිකිලි පැටවුන්ය. මෙම කිකිලි පැටවුන් මාස 4 1/2ක් පමණ කාලයකින් "බිත්තර දැමීම"අරඹති. ඒ සදහා කුකුලෙකු ගේ සංසේචනයක් අවශය නැත. මෙසේ සංසේචනය නොවූ, එනම් කිකිළි බිම්බයක් පමණක් සහිත බිත්තරයක් හෙලිම සදහා යෙදෙන වචනය "අණ්ඩ පාතනය' යන්නය. එනම් ඔබ කියන "ෆාම් බිත්තරයක්" යනු සංසේචනය නොවු. ඒ නිසා ම කුකුළු පැටවෙකු බිහි නොවන හුදෙක් කිකිලි ඩිම්බයකි.
කොටින් ම කියනවා නම් බ්‍රොයිලර් සතුන් යනු වෙනම කොට්ඨාශයක් සහ බිජු දමන කිකිලියන් වෙනම සතුන් කොටසකි.