කුකුළා

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

ඔයාලා හැමෝම දන්නවානේ කුකුළා ගැන. මන් කියන්නේ ගෑණු පස්සෙන් පෙරේත කමේ යන කුකුළා නෙමෙයි හො‍ඳේ. උදේට අඬලන කුකුළා ගැන. මේ සතාගෙන් අපිට නිර්වාණය අවබෝධ කරගන්න උපකාරර වෙන මොනවා හරි ගුණාංගයන් තියෙනවා කියලා ඔයාලා හිතනවාද ? ඒ සතා දිහා හොඳට බලන්න. ඔයාලාට හුඟක් දේ දකින්න පුළුවන් වෙයි.

දන්නවානේ කුකුළා හවස් වුනාම වේලාසනින්ම ඌට හදලා තියෙන මැස්සට යනවා විවේක ගන්න. ඒ වගේම ඌ වැඩි වෙලා ඉන්නේ නැතිව නින්දට යනවා. ඉතින් ඒ වගේම තමයි නිවන් දකින්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ එදිනෙදා වැඩ ටික වේලාපහ කරලා අවශ්‍ය නම් ටිකක් හාන්සි වෙලා නිශ්චල නිස්කලංක තැනක් හොයා ගෙන සමථ විදර්ශනා භාවනා වල යෙදෙන්න ඕනා. නැත්නම් අපි බලාපොරොත්තු වෙන නිර්වාණය කවදාවත් අපිට විදින්න නම් ලැබෙන්නේ නෑ.

ඒ වගේම වේලාපහින් කුකුළා නිදන්න යනවා වගේම වේලාපහින් ඌ අවදි වෙනවා. ඒ බව ඔයාලා දන්නවානේ,ඒ වගේම සමහර වෙලාවට අපි නැගිටි‍න්නෙත් උගේ හැඬලීමට බව. ඒ වගේම තමයි නිවන් බලා‍පොරොත්තු වෙන යම්කිසි අයෙක් වෙනවා නම් අනිවාර්යෙන්ම උදෙන්ම නැගිටලා තමන් පිරිසිදු වෙලා වටපිටත් පිරිසිදු කර ගෙන අහවර වෙලා තමන්ගේ සමථ විදර්ශනා භාවනා වල යෙදෙන්න ඕනා. නැත්නම් ඉතින් නිර්වාණය විඳින්න ලැබෙන්නේ නෑ.

ඒ වගේම තමයි කුකුළා කෑම හොයා ගන්න හැටි ඔයාලා දැකලා ඇති නේ. පයින් බිම පහුරු ගාලා එහෙම කුණු අහක් කරලා දාලා තමයි උන් කෑම හොයා ගන්නේ. එතනිනුත් අවශ්‍ය ප්‍රමාණයට විතරයි උන් ඒ හෑරීම කරන්නේ. අපිත් ඒ වගේම කෑම ගන්න කොට පමණ දැන ගෙන කෑම ගන්න ඕනා. නැත්නම් නොයෙකුත් ආපත්ති අපට වෙන්න පුළුවන්. ඒ වගේම හොඳින් මතක තියාගන්න ඕනා කෑම ගනිද්දි අපි මේ කෑම කන්නේ ඇඟ හැඩ නරගන්න නොවන බව. බෞද්ධ අපි කෑම කන්නේ ජීවිතේන්ද්‍රිය බවත්වාගෙන යන්න පමණයි. නැත්නම් අපිට නිවන් අවබෝධ කරගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේමයි වැරදි විදියට උපයාගත්ත දේ අපි කෑමට ගත යුතු වන්නේ නෑ වගේම අපේ කෑම සඳහා ඒ කෑම සකස් කරන්න තව කෙනෙක්ව වරදට පොළඹවන එකත් අපි විසින් නොකල යුතුයි. මෙතනදි සම්මා ආජීවය මතක් කර ගන්න.

ඊළඟට අපි මේ කථා කරන කුකුළා කියන සතාට ඇස් තිබුනාට රෑට පේන්නේ නෑ. අපිට වගේම තමයි. ඒ වගේම අපිත් අන්ධ නොවුනට අන්ධයෙක් හා සම වෙන්න ඕනා. කථා කරන්න පුළුවන් වුනාට ගොළුවකු වගේ හැසිරෙන්න ඕනා. බිහිරෙක් නොවුනට බිහිරෙක් වගේ හැසිරෙන්න ඕනා. හැබැයි හැම වෙලාවෙදිම නෙමෙයි. නියම අවස්ථාවේදී. ඒ නියම අවස්ථාව මොකක්ද කියලා අපි සම්මා දෘෂ්ටියෙන් හා සම්මා සතියෙන් යුතුව වටහා ගන්න ඕනා. දන්නවානේ මහා කච්චායන හාමුදුරුවො දේශනා කල මේ ගාථාව.
චක්ඛුමස්ස යථා අන්ධො - සෝතවා ඛධිරො යථං,
ජිව්හා චස්ස යථා මූගෝ - බලවා දුබ්බලෝරිච
අප අත්ථෙ සමුපපන්නෙ - සයෙථ මනසායි
කං​
මන් ඉහත කී දේ තමයි මේ ගාථාවෙනුත් උන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

ඊළඟට යාළුවනේ මේ කුකුළා කියන සතාය ඉන්න හිටින්න හදලා දීලා තියෙන මැස්ස හරි මඩුව හරි ඌට මොන දේ කලත් ඌ අතාරින්නේ නෑ. කොච්චර ගල් ගැහැවත් පොළු ගැහුවත් ඒක නම් දාලා යන්නේ නෑ. ඒ වගේම තමයි නිර්වාණය බලාපොරොත්තුවෙන් කටයුතු කරන යමෙක් ඉන්නවානම් මොනම දේ කලත් යෝනිසොමනසිකාරය නම් අත්හරින්නේ නෑ. යම් ලෙසකින් අපි අපේ එළඹ සිටි සිහිය වෙනස් කරගන්නවා කියන්නේ සතිය නැති කැරගන්නවා කියන එකයි. ඉතින් ඒක අපිට නිවන් අවබෝධයට හේතුවක් වෙන්නේ නෑ. ඒ නිසා ඔයාලා නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් හොඳින් මතක තියා ගන්න මොනම වෙලාවකදි වත් යෝනිසෝමනිසිකාරයෙන් අත් නොහැරි ඉන්න.

ඉතින් මේ හැම දෙයක්ම කුකුළ දිහා බැලුවම අපිට මතක් කර ගන්න පුළුවන් වගේම මාර්ගයේ ගමන් කරන අපිට අපි තුල ඇති කරගන්න අවශ්‍යම වන්නාවූ දේවල්. මේ දේවල් ඔයාලත් ඇති කරගන්න. ඒ තුලින් මාර්ගයේ ගමන් කරන්න. පරම ශාන්ත වූ නිර්වා‍ණය අවබෝධ කර ගන්න.

තුණුරුවන් සරණයි.
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බොහෝම පිං සහෝ... මේක මගේ හිතට තදින්ම දැනුනා
    රෙප් 4+ :yes::yes::yes::yes::yes:
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    බොහෝම පිං සහෝ... මේක මගේ හිතට තදින්ම දැනුනා
    රෙප් 4+ :yes::yes::yes::yes::yes:

    මේ බලන්න.. ජීවිතය දකින්න කැමැත්තක් තියෙනවා නම් ලෝකය, ඒ කියන්නේ අපි දිහා හොඳින් බලන්න. ඇස් ඇරලා. ඒ සඳහා වෙන එකම විදියක් වත් නෑ.
     

    kingrawana

    Member
    Jan 17, 2009
    100
    15
    0
    සිංහලේ
    වැදගත් ලිපියක්..
    බොහොම ස්තුතියි සහෝදරයා!!
    තාම rep power එක නැති නිසා දෙන්න විදිහක් නෑ..