කුට්ටිආරච්චි බිරිඳගේ උපන්දිනයට BMW රථයක් තෑගි කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආණ්ඩු පක්ෂයේ කටකාර මන්ත්‍රිවරයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින තිස්ස කුට්ටිආරච්චි මහතා සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් නවතම BMW රථයක් තෑගි දී ඇත.

    පසුගිය දිනවල ජනතා සේවය කිරීම සඳහා රජයෙන් වාහන ලබා දිය යුතු යැයි දිගින් දිගටම පැවසූ කුට්ටිආරච්චි මහතා සිය බිරිඳට තෑගි ලෙස BMW රථයක් ලබා දීම විශේෂත්වයකි.

    පසුගියදා යූටියුබ් නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර ඇත.

    ආණ්ඩුව තුළ හිඳිමින් ආණ්ඩුව විවේචනය කරන උදය ගම්මන්පිල, විමල් වීරවංශ ,වාසුදේව නානායක්කාර වැනි අය ආණ්ඩුව විවේචනය කිරීමෙන් වැළකිය යුතු බවත් එසේ කරනවා නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවද ඔහු පවසයි.

    මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමුපකාර ආයතනයක් සතු කැබ් රථයක් පසුගිය මහමැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමට කුට්ටිආරච්චි මහතාට නොහැකි වීමද විශේෂත්වයකි.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    1646085059335.png


    Whatsapp eke DP ekata iye pereda meka dagena thibba,
    Hot Wheel ekak da danne na aran dunne, e wage wada karanne ooka :D