කුඩළු~පොට්ටනිය
මේ තමයි "කුඩළු පොට්ටනිය"... මේකට කුඩළු පොට්ටනිය කියලා අපේ සිංහල ගැමියන් කියන්නේ ඔවුන් තෙත සිරාව තීයන කැළැ වල වේවැල් කපන්න දඩයම් කොරන්න කිතුලක් එහෙම මදින්න වගේ යනකොට කුඩැල්ලන්ගෙන් බේරෙන්න පාවිච්චි කරන ප්රතිකර්මය මේක නිසා... මම මේක ගැන වගේම එය හදන ආකාරය ගැන දැනගත්තේ මීට වසර කිපයකට කලින් සිංහරාඡේ ගවේෂන කරන කාලයේ ඒ පළාත් වල පරම්පරික ගැමියන්ගෙන්....
මම මේ අලගල්ල කන්ද නගින්න ගිය දවස අධික වර්සාව සහිත කාලයක්.. වැස්ස වැඩි නිසාත් ,කාලෙකින් කවුරුත් නොගිය පාර දැන් කැලේට වැහිලා තියන නිසාත්, මිනිස්සු කිවේ යන්න අමාරුයි කියලා... ඒත් ඔවුන් මට කන්ද නගින්න උදව් කරා... පාරවල් කියලා දිලා ප්රශ්ණයක් ආවොත් ඔ්න එකකට අපිට කතා කරන්න කියලා... ඒ ආශිර්වාදයත් අරගෙන තමයි මම එදා තනිවම කන්ද නගින්න ගියේ.. ඉතිං කිවා වගේම කුඩැල්ලෝ අඩි පාරේ විතරක් නෙමෙයි මාන පඳුරු වල, ගස් කඳන් වල එල්ලිලාි හිටියා... කන්ද නැගලා බැහැපු පැය දෙකාමාර තුල කුඩැල්ලෝ දෙසියක් වත් එල්ලෙන්න ඇති.. ඒත් කුඩළු පොට්ටනිය නිසා මගේ ලේ උරා බොන්න සමත් උනේ විස්සකට වගේ..(20/200= 10/100=> එතකොට මේ ප්රතිකර්මයේ සාර්ථකත්වයේ අනුපාතය සියට අනුවක් වගේ (90%).. වැස්ස නැත්නම් තවත් හොඳට වැඩ කරන්න තිබුනා... මොකද වැස්සට ප්රතිකර්මය සේදී යන නිසා.. කුඩලු පොට්ටනියට උවමනා කලමනා මගදී අරගෙන ඇවිල්ලා කන්ද නගින අතර හුමු වූ තේ වත්තක වාඩියක නැවතිලා කලමනා ගලක තියලා හොඳට උරච්චි කරලා පිළිවෙත් එහෙම කරලා තමයි අරගෙන ගියේ... තිබ්බ ගමන් කුඩැල්ලා ඇඹුරිලා කරවල කැල්ලක් වගේ වේලිලා මැරිලා වැටෙනවා. තුවාලේ ලේ නවතිනවා... මරු දේවල් තමයි අපේ පැරැුන්නොත් දැනන් ඉඳලා තියෙන්නේ....
ඔය අපේ සමහර කළු සුද්දෝ Leech repellent* කියලා අරන් යනවා.. එවා හදලා තියෙන්නේ විවිධ කෘතීම විස රසායන වලින්.. මේවා ගාගෙන වනාන්තර තුලට ගියාම එවා හේදිලා ගිහිල්ලා ඒ නොයිදුල් පරිසර පද්ධති වලට හානි වෙනවා . සංවේදි පාරිසරික නිකෙතන තුල අනුගත වෙලා ඉන්න දුර්ලභ ගොළුබෙලි විශේෂ ගස් ඇටිකිච්චන් විශේෂ මේ රසායන නිසා ප්රවේනික විකෘතිතා වලට ලක්වෙන්න පුළවන්.... දැන් මගෙන් අහන්න එපා ලීච් ස්ටොකින්ස් (anti- leech socks )දාගෙන ගියා නම් හරිනේ කියා.. ලිච් ස්ටොකින්ස් දාගෙන කැලේ යන්න අපි කුක්කු බබලාද..? අනෙක ඔවා දාගෙන පර්වත ගස් දෙබල වල් නගින්නේ කොහොමද බොල..??
..ඔය සුද්දගෙන් කොපි කරලා එක එක වස විස කැලෙට ගෙනිිහින් දාන්න කලින් අපේ දේශිය ක්රම සහ පිළිවෙත් ඉගෙන ගනිල්ලා..අද ඊයේ නිවර්තන කැලැ වල බඩගාන්න ගත් සුද්දන්ව අර අළුත් පරපුරේ උන් වගේ අනුකරනය නොකර අපේ සිවදේශිය උපක්රම සහ පිලිවෙත් අනුගමනය කරමු.. කරමු..!