කුඩා ලමුන්ට කතන්දර 1

dhewruwan

Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    කුඩා ලමුන්ට කතන්දර 1

    අහසයි පොළොවයි කොහෙන්ද ආවේ? ඉර, හඳ, තාරකා වගේම පොළොවේ තියෙන අනිත් දේවලුත් ඇති වුණේ කොහොමද? දෙවි ඒවා මැව්වා කියලයි කියන්නේ. ඒක ඇත්තක්. ඒ හින්දා අපේ පොත පටන්ගන්නේ මැවීම ගැන කතා කරන කතන්දරවලින්.
    දෙවි මුලින්ම මැව්වේ, තරමක් ඔහුට සමාන ආත්ම පුද්ගලයන්ව කියල අපිට ඉගෙනගන්න ලැබෙනවා. දේවදූතයන් කියලයි ඒගොල්ලන්ට කියන්නේ. නමුත් පොළොව මැව්වේ අපි වගේ මිනිස්සුන්ටයි. ඉතින් දෙවි, ආදම් කියන මිනිසවත් ඒව කියන ස්ත්‍රියවත් මවලා ලස්සන උයනක පදිංචි කෙරෙව්වා. නමුත් ඔවුන් දෙවිට අකීකරු වුණ නිසා ජීවත් වීමේ අයිතිය ඔවුන්ට නැතුව ගියා.
    ආදම්ව මැවීමේ සිට ජලගැල්ම දක්වා, අවුරුදු එක්දහස් හයසිය පනස්හයක් ගත වුණා. මේ කාලයේදී නරක අය හුඟදෙනෙක් ජීවත් වුණා. ස්වර්ගයේ සිටියේ නොපෙනෙන ආත්ම පුද්ගලයන්. ඒ තමා සාතන් හා ඔහුගේ නරක දූතයන්. පොළොවේ, කායින් හා තවත් නරක අය හුඟදෙනෙක් හිටියා. මේ අයගෙන් සමහරෙකුට තිබුණේ පුදුම ශක්තියක්. නමුත් ආබෙල්, ඒනොක් හා නෝවා වගේ හොඳ අයත් පොළොවේ සිටියා.
     

    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    අපිට තියෙන හොඳ දේවල් ඔක්කොම ලැබෙන්නේ දෙවිගෙන්. දවල්ට අපිට එළිය දෙන්න ඉරත්, රෑට තරමක එළියක් දෙන හඳත්, තාරකාත් ඔහු අපිට මවා දුන්නා. අපිට ජීවත් වෙන්න පොළොවකුත් ඔහු මැව්වා.
    ඒ වුණාට දෙවි මුලින්ම මැව්වේ, ඉර, හඳ, තාරකා හා පොළොව නෙවෙයි. මුලින්ම මැව්වේ මොනවද කියලා ඔයා දන්නවාද? දෙවිට සමානකමක් තියෙන අයවයි දෙවි මුලින්ම මැව්වේ. අපිට දෙවිව පේන්නේ නැහැ වගේම, මේ අයවත් අපිට පේන්නේ නැහැ. බයිබලයේ මේ අයව හඳුන්වන්නේ දේවදූතයන් කියලයි. දෙවි මේ දේවදූතයන්ව මැව්වේ ඔහු එක්ක ස්වර්ගයේ ජීවත් වෙන්නයි.
    දෙවි මවපු මුල්ම දේවදූතයා හරිම විශේෂයි. ඔහු දෙවිගේ පළවෙනිම පුතා. ඔහු තම පියා එක්ක එකට වැඩ කළා. අනික් සෑම දෙයක්ම මවන්න ඔහුයි දෙවිට උදව් කළේ. ඉර, හඳ, තාරකා වගේම අපේ පොළොවත් මවන්න ඔහු දෙවිට උදව් කළා.
    ඒ කාලයේ පොළොව මොන වගේද තිබුණේ? මුලදී කාටවත් පොළොවේ ජීවත් වෙන්න බැරි තත්වයක් තිබුණා. මුළු ගොඩබිමම එක විශාල මුහුදක් හැටියටයි තිබුණේ. නමුත් දෙවි කැමති වුණේ පොළොවේ මිනිසුන් ජීවත් වෙනවා දකින්නයි. ඉතින්, ඔහු අපිට දේවල් සූදානම් කරන්න පටන්ගත්තා. ඔහු මොනවාද කළේ?
    මුලින්ම පොළොවට අවශ්‍ය වුණේ ආලෝකයයි. ඉතින්, දෙවි පොළොව මතට ඉර පායන්න සැලැස්සුවා. ඔහු එහෙම කළේ රාත්‍රි කාලයකුත් දවල් කාලයකුත් තියෙන විදිහටයි. ඊට පස්සේ, මුහුදෙන් ගොඩබිම මතු වෙන්න සැලැස්සුවා.
    මුලදී ගොඩබිමේ කිසිම දෙයක් තිබුණේ නැහැ. හරියට මේ පින්තූරයේ ඇඳලා තියෙනවා වගේ. ගස්වත්, මල්වත් තිබුණේ නැහැ. සත්තු හිටියේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මුහුදේ මාළු හිටියෙත් නැහැ. සතුන්ටයි මිනිසුන්ටයි ලස්සනට පොළොවේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න, දෙවිට තව වැඩ ගොඩක් කරන්න තිබුණා.


    01.jpg

     

    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    මේ පොළොව දිහා බලන්න! හැම දෙයක්ම කොච්චර ලස්සනද! තණකොළ, ගස්වැල්, මල් වගේම සත්තු දිහාත් බලන්න. එතන ඉන්න අලියාවයි සිංහයන්වයි ඔයාට අඳුරගන්න පුළුවන්ද?
    02.jpg

    මේ ලස්සන උයන ඇති වුණේ කොහොමද? හොඳයි, දෙවි අපිට පොළොව සූදානම් කළේ කොහොමද කියලා අපි බලමු.
    දෙවි මුලින්ම ගොඩබිම වැහිලා යන්න තණකොළ මැව්වා. ඊට පස්සේ ඔහු හැම ජාතියකම පැළ, පඳුරු, ඒ වගේම ගසුත් මැව්වා. මේ හැම දෙයකින්ම පොළොව ලස්සන වෙනවා. නමුත් ඒවායින් ඊට වැඩිය දෙයකුත් වෙනවා. හුඟක් ඒවායින් රසම රස කෑමත් ලැබෙනවා.
    ඊට පස්සේ, දෙවි වතුරේ පීනන මාළුයි අහසේ පියාඹන කුරුල්ලොයි මැව්වා. බල්ලෝ, පූසෝ, අශ්වයෝ, ලොකු සත්තු පොඩි සත්තු; මේ ඔක්කොම ඔහු මැව්වා. මොන සත්තුද ඔයාගේ ගෙවල් පැත්තේ ජීවත් වෙන්නේ? දෙවි මේ හැම දෙයක්ම මැව්ව එක ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ නේද?
    අන්තිමට දෙවි පොළොවේ එක තැනක් විශේෂ විදිහට හැදුවා. ඔහු මේ තැනට ඒදන් උයන කියලයි නම් කළේ. ඒක හැම දෙයක්ම තියෙන උයනක්. හැම අතින්ම ලස්සනයි. දෙවිට ඕන වුණේ මුළු පොළොවම මේ ලස්සන උයන වගේ වෙනවා දකින්නයි.
    නමුත් මේ පින්තූරය දිහා ආයෙත් බලන්න. මේ උයනෙ තියෙන එක අඩුවක් දෙවිට පෙනුණා. ඒ මොකක්ද කියල ඔයා දන්නව