කුඩා ලමුන්ට කතන්දර 1
අහසයි පොළොවයි කොහෙන්ද ආවේ? ඉර, හඳ, තාරකා වගේම පොළොවේ තියෙන අනිත් දේවලුත් ඇති වුණේ කොහොමද? දෙවි ඒවා මැව්වා කියලයි කියන්නේ. ඒක ඇත්තක්. ඒ හින්දා අපේ පොත පටන්ගන්නේ මැවීම ගැන කතා කරන කතන්දරවලින්.
දෙවි මුලින්ම මැව්වේ, තරමක් ඔහුට සමාන ආත්ම පුද්ගලයන්ව කියල අපිට ඉගෙනගන්න ලැබෙනවා. දේවදූතයන් කියලයි ඒගොල්ලන්ට කියන්නේ. නමුත් පොළොව මැව්වේ අපි වගේ මිනිස්සුන්ටයි. ඉතින් දෙවි, ආදම් කියන මිනිසවත් ඒව කියන ස්ත්රියවත් මවලා ලස්සන උයනක පදිංචි කෙරෙව්වා. නමුත් ඔවුන් දෙවිට අකීකරු වුණ නිසා ජීවත් වීමේ අයිතිය ඔවුන්ට නැතුව ගියා.
ආදම්ව මැවීමේ සිට ජලගැල්ම දක්වා, අවුරුදු එක්දහස් හයසිය පනස්හයක් ගත වුණා. මේ කාලයේදී නරක අය හුඟදෙනෙක් ජීවත් වුණා. ස්වර්ගයේ සිටියේ නොපෙනෙන ආත්ම පුද්ගලයන්. ඒ තමා සාතන් හා ඔහුගේ නරක දූතයන්. පොළොවේ, කායින් හා තවත් නරක අය හුඟදෙනෙක් හිටියා. මේ අයගෙන් සමහරෙකුට තිබුණේ පුදුම ශක්තියක්. නමුත් ආබෙල්, ඒනොක් හා නෝවා වගේ හොඳ අයත් පොළොවේ සිටියා.