කුඩු කළ මිනීමස් කරල්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කුඩු කළ මිනීමස් කරල්

    චීනයේ සිට දකුණු කොරියාවට හොර රහසේ ගෙන එන කුඩු කරන ලද මිනීමස් සහිත බෙහෙත් කරල් පිළිබඳව එරට රේගු නිලධාරීන් දැඩි අවධානය යොමු කිරීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

    පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා මෙවැනි තහනම් කරල් 17,500ක් කොරියාවෙන් හමුවී ඇති බව දකුණු කොරියානු රේගුව කියයි.

    මළදරුවන්ගේ හා වැදෑමහ කොටස් වේලා කුඩු කර මෙම කරල් සාදාගනු ලබන අතර මෙම කරල් ගැනීමෙන් ලෙඩ සුව කිරීමට හා දරාගැනීමේ ශක්තිය වර්ධනය වන බව මතයක් ඇත.

    කෙසේ වෙතත් සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ මෙම කරල් වල බැක්ටීරියා අඩංගු වන බවයි.

    මහජන සෞඛ්‍යයට තර්ජනයක් එල්ල විය හැකි මෙම කරල්, වෙනස් ඖෂධ අතර සැඟවිය හැකි වන ලෙස, පාට වෙනස් කර ඇති බවත්, ඇතැම් විටදී වෙනස් ඖෂධ වල ඇසුරුම් වල බහාලා ඇති බවත් කොරියානු මාධ්‍ය වාර්තා කරයි.