කුඩු සළිඳු CIDය මගහරියි - මොනාද බන් මේ විහිලු? 🤭🤭

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් අන්රයියා මොකුත් දන්නෙ නෑ වගේ රඟපායි.

    අර නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු අයින් කරගත්ත ඒවත් දන්නෙ නෑ වගේ ටෝක් දුන්නෙ
    කට විතරයි වෑඩ නෑ.. හරි නම් පොලිස් ඈමති ඉල්ලා අස් වෙන්න ඕනේ. මෙච්චර අමාරුවෙන් අල්ලන් ආපු එකා පෑනගන්නකම් බලන් ඉන්න නම් ඈමතියෙක් මොකටද? මූට ඈප දෙනකොටම දෑන ගන්න එපෑයි වෙන්න යන දේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113

    ඇප ලබා පිටවුන කුප්‍රකට අපරාධකරුවන් දෙදෙනා – පොඩි ලැසී සහ කුඩු සළිඳු ගැන තොරතුරක් නෑ!

    රට විකල් කළ බිහිසුණු පාතාල අපරාධකරුවන් දෙදෙනෙක්වන අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” ඇප මත නිදහස් වී ගිය දින සිට ඔවුන් සම්බන්ධ කිසිම තොරතුරක් වාර්තා නොවීම නිසා බුද්ධි අංශ වික්ෂිප්ත වී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

    more: https://lankasara.com/si/පුවත්/ඇප-ලබා-පිටවුන-කුප්රකට-අප/
     
    ඔන්න ඕක තමා ඉස්සර ඉරෝසනයා කියන්නේ කෑත වචන වලින්. වෑඩ බෑරි එවුන් තනතුරු වලට ආවාම ඔහොම තමා වෙන්නේ. කවුද දෑන් ඉන්න පොලිසිය බාර ඈමති?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418

    අඩෝ ශර්ලොක් හොම්ස්ගේ පුනුරුප්පතිය වෙච්ච ශානි කාරයත් ආයි පොලිසියට ආවලු නේද? එහෙම වෙලත් මෙහෙම හත් පොලේ ගාගන්නවද බන්? අර suspenders දාන් ඉන්න ලොන්ත අදිකරන ඇමතිටවත් මේවා ගැන හොයන්න බැරිද පොඩ්ඩක්? ඕන බුරුවෙක්ට පෙනවනේ බන් මෙතන මොකක්හරි සීන් එකක් තියෙනවා කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අඩෝ ශර්ලොක් හොම්ස්ගේ පුනුරුප්පතිය වෙච්ච ශානි කාරයත් ආයි පොලිසියට ආවලු නේද? එහෙම වෙලත් මෙහෙම හත් පොලේ ගාගන්නවද බන්? අර suspenders දාන් ඉන්න ලොන්ත අදිකරන ඇමතිටවත් මේවා ගැන හොයන්න බැරිද පොඩ්ඩක්? ඕන බුරුවෙක්ට පෙනවනේ බන් මෙතන මොකක්හරි සීන් එකක් තියෙනවා කියලා.
    මේක ශානිට අදාල නෑ බන්. ඌ ඉන්නේ වෙනම අන්ශෙකනේ. මේකට වග කියන්න ඕනේ පොලිස් ඈමති, මොකද මිනිහා නේ ඉහලින්ම ඉන්නේ. මුව අල්ල ගන්න බෑරි වුනොත් නම් රෙදි නෑ. රටේ ආරක්ශාව බින්දුවටම බෑහෑලාද?
     
    • Like
    Reactions: tharakaf

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,129
    1
    61,416
    113
    Mother Earth
    කුඩු සළිඳු තමයි NPP ලපකොටාට election එකට සල්ලි pump කරේ කුඩු සල්ලි වලින්. ඌව හිරෙන් නිදහස් කරන පොරොන්දුව පිට. දැන් ඔහු නිදහස් මිනිහෙක්. :-)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,103
    1
    28,638
    113
    ලංකාවේ පාතාලෙ, කුඩු මර්ධනය කරන්න නම් hit squad එකක් අවශ්‍යයි. ආයුධ පෙන්නන්න හරි, අත්අඩංගුවට ගත්ත ගමන් official records, media statements නැතුව මරලා සීනි දාලා ගිනි තිබ්බා නම් ඉවරයි. හැබැයි ඉතින් අවංක නිලධාරීන් ව දාන්න ඕන ඔය වැඩේට. නැත්නම් අර භීෂණ සමයේ වගේ පෞද්ගලික පලිගැනීම් කරන්න යයි.

    නීති මාර්ගයෙන් කටයුතු කරන්න ගියාම අන්තිමට මුන් ඇප අරන් පැනලා යන එක තමයි සිද්ද වෙන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113

    උසාවියෙන් ඇප ලැබුණු පොඩි ලැසී සහ කුඩු සලිඳු රටින් පැනලා?

    රථ පෙරහැරකින් උසාවියෙන් නික්ම ගිය පොඩි ලැසී ගැන ආරංචියක් නෑ

    පසුගියදා අධිකරණයෙන් ඇප මත මුදා හරිනු ලැබූ මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘කුඩු සලිඳු’ සහ පාතාල කල්ලි නායක ‘පොඩි ලැසී’ හොර රහසේම රටින් පලාගොස් ඇති බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි. මෙම අපරාධකරුවන් දෙදෙනා මුහුදු මාර්ග ඔස්සේ විදේශ රටකට පැන යන්නට ඇති බවට විශාල සැකයක් මතු වී ඇති බවද ආරක්ෂක අංශ පවසයි.

    පානදුර මහාධිකරණයෙන් කුඩු සලිඳුට ඇප නියම කළ අතර සෑම මසකම පළමු ඉරිදා පෙරවරු 9- 12ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර තිබිණි.

    පසුගිය ඉරිදා (22දා) දිනයේ කුඩු සලිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද ඔහු එදින එහි පැමිණ නොසිටි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

    කුඩු සලිඳු ඇප මත මුදා හැරීමෙන් පසු එදිනම රාත්‍රියේ (එනම් 20 වැනිදා රාත්‍රියේ) පානදුරයේ පිහිටි ඔහුගේ නිවසේ විශාල සාදයක් පවත්වා තිබූ බවට තොරතුරු ලැබී තිබේ.

    එම සාදය සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, පාතාල මැරයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි බවද වාර්තා විය.

    ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසන්නේ මෙම සාදය පැවැත්වෙන විටත් සලිඳු රටින් පලා ගොස් තිබූ බවයි.

    දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු බව කියන පොඩි ලැසී ඇප මත මුදා හරිනු ලැබුවේ ඉකුත් 09 වැනිදාය.

    පොඩි ලැසී ඇප මත මුදා හැරීමෙන් පසු අතිසුඛෝපභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබිණි. එතැන් සිට මේ දක්වාම පොඩි ලැසී පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක අංශ පවසයි.

    රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු දකුණේ මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් පොඩි ලැසීට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

    මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2023 වර්ෂයේ මාර්තු 15 වැනිදාය.

    පසුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන එනු ලැබූහ.

    හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටී.

    මෙරට දරුණු ගණයේ අපරාධ කරුවකු වූ කංජිපානි ඉම්රාන් ද මීට පෙර අධිකරණයෙන් ඇප ලබාගෙන මුහුදු මාර්ග ඔස්සේ රටින් පලාගොස් තිබිණි.
    - https://divaina.lk/උසාවියෙන්-ඇප-ලැබුණු-පොඩි/
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646

    🤣🤣 karima apa deemakne bn munta
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔතනදි ඉතින් ජනාධිපතිටවත්, පොලිස් ඇමතිවත් කරන්න දෙයක් නැතුව ඇති.. නිතිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරන විදිහේ වැරැද්දක් ඇත්තේ උන් දැන ගන්න එපැයි හරි point එකට වැඩේ කරන්න... අනික ඉතින් ඉන්න හොඳම ලෝයර්ස්ලා අරුන්ට කතා කරන්නේ... කොල්වින් ආර් සිල්වා වගේ පොරවල් කට්ටිය බේරගත්ත හැටි දන්නවනේ.. ඒ වගේ තමා.. අරුන් ගාණට තර්ක ටික බිඳිනවා ඇති.. විනිසුරුට උනත් සාක්ෂි අනුව මිසක් හෘද සාක්ෂිය අනුව තීරණ ගන්න බැනේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    උන්ගේ ලෝයර්ලා හරියට ලොජික් එක දාලා ඇප ගන්නවා,
    ගවර්මන්ට්/ පොලිසි වෙනුවෙන් පෙනි ඉන්න ලෝයර් ලා හෝම් වර්ක් නොකර උසාවි යනවද මන්ද?

    උසාවිය ඉමොශනල් නැ, ෆැක්ට්ස් අනුව නෙහ් තීරණ ගන්නෙ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113

    උසාවියෙන් ඇප ලැබුණු පොඩි ලැසී සහ කුඩු සලිඳු රටින් පැනලා?

    රථ පෙරහැරකින් උසාවියෙන් නික්ම ගිය පොඩි ලැසී ගැන ආරංචියක් නෑ

    පසුගියදා අධිකරණයෙන් ඇප මත මුදා හරිනු ලැබූ මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘කුඩු සලිඳු’ සහ පාතාල කල්ලි නායක ‘පොඩි ලැසී’ හොර රහසේම රටින් පලාගොස් ඇති බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි. මෙම අපරාධකරුවන් දෙදෙනා මුහුදු මාර්ග ඔස්සේ විදේශ රටකට පැන යන්නට ඇති බවට විශාල සැකයක් මතු වී ඇති බවද ආරක්ෂක අංශ පවසයි.

    පානදුර මහාධිකරණයෙන් කුඩු සලිඳුට ඇප නියම කළ අතර සෑම මසකම පළමු ඉරිදා පෙරවරු 9- 12ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර තිබිණි.

    පසුගිය ඉරිදා (22දා) දිනයේ කුඩු සලිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද ඔහු එදින එහි පැමිණ නොසිටි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

    කුඩු සලිඳු ඇප මත මුදා හැරීමෙන් පසු එදිනම රාත්‍රියේ (එනම් 20 වැනිදා රාත්‍රියේ) පානදුරයේ පිහිටි ඔහුගේ නිවසේ විශාල සාදයක් පවත්වා තිබූ බවට තොරතුරු ලැබී තිබේ.

    එම සාදය සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, පාතාල මැරයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි බවද වාර්තා විය.

    ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසන්නේ මෙම සාදය පැවැත්වෙන විටත් සලිඳු රටින් පලා ගොස් තිබූ බවයි.

    දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු බව කියන පොඩි ලැසී ඇප මත මුදා හරිනු ලැබුවේ ඉකුත් 09 වැනිදාය.

    පොඩි ලැසී ඇප මත මුදා හැරීමෙන් පසු අතිසුඛෝපභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබිණි. එතැන් සිට මේ දක්වාම පොඩි ලැසී පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක අංශ පවසයි.

    රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු දකුණේ මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් පොඩි ලැසීට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

    මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2023 වර්ෂයේ මාර්තු 15 වැනිදාය.

    පසුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන එනු ලැබූහ.

    හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටී.

    මෙරට දරුණු ගණයේ අපරාධ කරුවකු වූ කංජිපානි ඉම්රාන් ද මීට පෙර අධිකරණයෙන් ඇප ලබාගෙන මුහුදු මාර්ග ඔස්සේ රටින් පලාගොස් තිබිණි.
    - https://divaina.lk/උසාවියෙන්-ඇප-ලැබුණු-පොඩි/
    කලින් අල්ලන් ආපු එවුන් රටින් පනිනකම් බලන් හිටිය මෝඩ ජෙප්පෝ :lol: