බේරුවලදී අත්අඩංගුවට ගත් ලංකාවේ දෙවන විශාලතම හෙරොයින් තොගය.කිලෝ 231 කි . එහි වටිනාකම රුපියල් මිලියන 2778 කි. මේ වන විට එම කුඩු තොගය පකිස්තානයේ සිට මෙරටට ගෙන ඒමේ කෙරුම්කාරයා ලෙස පොහොට්ටුවේ බේරුවල ප්‍රදේශයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම පසුගිය මහමැතිවරණයට බුලත්කොලයෙන් අංක 7 යටතේ තරඟ කල මිල්ෆර් කපුර් ලෙස හඳුනාගෙන ඇත. පසුගිය දිනක රාමසාන් උත්සවය හමාර කරමින් පැවැත්වූ භෝජන සංග්‍රහයට ගෝටාභය කැඳවා මහත් හරසරින් පිළිගන්නා ලද්දේද මොහුය. නිල් පැහැති කමිසයකින් සැරසී බේරුවල නගරයේදී මේ රට ගලවා ගන්නට පැමිණෙනවා යැයි කියන ගෝටාභය සමග ගමන් කරන්නේ ඔහුය . මේ රටේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම කුඩු තොගයේ හිමිකරුවන් දේශප්‍රේමී ගෝටාභය සමග මෙතරම් කුළුපග සම්බන්ධකම් පවත්වන්නේ මතට තිත තැබීමට දැයි සැකයක් පවතී.
ලංකාවම හෙල්ලූ මහා පරිමාන කුඩු තොගය වූ හෙරොයින් කිලෝ 272 ක් හමුවන්නේ ඔරුගොඩවත්ත කන්ටේනර් පර්යන්තයේදීය. මෙරට බලධාරීන් මුලික වටයේදී එහි සියලු තොරතුරු හෙළිදරව් කල අතර, පසුව එයද මේ රටේ වරප්‍රසාධ ලත් පන්තියේ දේශපාලන බලයෙන් හමස් පෙට්ටියට තල්ලු කළේය. මේ චායාරුපයේ සිටින කටුගස්තොට උපන් මුජෙහිදීන් යනු මැලේසියාවේ සිට කුඩු ජාවාරම කරගෙන යන මහා පරිමාන කුඩු රජෙකි. ඔහු 2003 දී අත් අඩංගුවට ගෙන දැනට මරණ දණ්ඩනය හිමිව සිටින මොහොමඩ් සමූන් මොහොමඩ් ෂියාම් ගේ ඥාතියෙකි. කුඩු දුමින්ද, මුජෙහෙදීන්ගේ හෙරොයින් මෙරටට ගෙන්වන ප්‍රධාන චරිතයක් විය. කුඩු දුමින්ද ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාව සිටි සමයේදී මුජෙහෙදීන් නිතර ලංකාවට පැමිණ ඇත. එවන් අවස්ථාවකදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් විසින් ඔහු මහත් උණුසුමින් පිළිගෙන ඇති බවට මෙම චායාරුපය ශාක්ෂි දරනු ඇත.
මේ සියලු සිදුවීම් මෙලෙස සිදුවන විට, මේ රටේ ජනතාව කිසිවක් සිදු නොවුනා සේ සිටින්නේ තම දුවා දරුවන් මේ වසංගතයට තවමත් බිලි නොවූ නිසාද..? මේ රටට 1977 සිට කුඩු ගෙන්වුයේද , එය නගර ගම් නියම් ගම් වෙත බෙදා හැරියේද දේශපාලනයේ පුර්ණ ආශිර්වාදයෙනි. එහෙත් මේ රටේ මරිමෝල් ජනතාව තමන්ගේ දුවා දරුවන්ගේ අනාගතය සහමුලින්ම විනාශ කර දමන මේ ජඩ දේශපාලන සංස්කෘතියට මුක්කු ගසමින් , උන් වෙනුවෙන් අපමණ කැපවීම් කරමින් පෙනී සිටිමින් , එය මුලිනුපුටා දමන්නට වෙහෙසෙන උන් පරාද කර දැමිය.




