කුඩු_TV

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කියුබ් 500 ක පර්මිට් එකෙන් කියුබ් 61,000 ක් පස් කපන තුරු බම්බු ගහපු නිලධාරීන් හා ඒක පෙන්නූ රන්ජන්ට ගහන කුඩු TV



Ranja--Kudu_TV.jpg


දිවුලපිටිය අකරගම සිදු වන මහා පරිමාණ පරිසර විනාශය කලක පටන් සිදු වන්නකි. එය වටා දරුණු අපරාධ රැල්ලක් ද ගැට ගැසී ඇති බැවින් එළිපිට මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කතා කිරීමට බිය විය. දේශපාලන හයියත් පාතාල ලෝකයත් දෙකම එකට එක් වී මේ ක්‍රියාවලියට සහයෝගය දුනි.මේ කෙරුවාවට එරෙහි වීම නිසා හෝ ඔවුන්ගේ උදහසට ලක් වීම නිසා පාතාල කෙරුම්කරුවන් අතින් මිය ගිය සංඛ්‍යාව 48 ක් පමණ බව නිල නොලත් වාර්තා පවසයි. එමෙන්ම යහපාලන රජය බලයට පත් වූ 2015 ජනවාරි 08 වැනිදා සිට මේ දක්වා මේ පස් මාෆියාව සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් භූ විද්‍යා හා පතල් කාර්‍යංශය, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා මධ්‍යාම පරිසර අධිකාරිය වෙත යොමු කොට ඇත. කොපමණ පැමිණිලි කර ද අදාළ බලධාරීන් කිසිදු පියවරක් නොගත් අතර අවාසනාවන්ත කාරණය නම් රටේ ජනාධිපතිවරයා තුන් තිස් පැයේ ම පරිසරය සුරැකීම, නීති විරෝධී පස් කැපීම නතර කිරීමට පියවර ගැනීමට පාරම්බාමින් වේදිකාවක් වේදිකාවක් පාසා තම වාග් ප්‍රහාර එල්ල කළ ද එය හුදෙක් ම වාචික ප්‍රකාශයක් ම වීමය. පරිසර ඇමැතිවරයාද වන ජනාධිපතිවරයාට මෙහිදී කිසි ලෙසකින් කර ඇරීමට ඉඩක් නැත. ඔහු හැමදාම කරන්නා සේ කිසිදු සෘජු තීරණයක් නොගෙන එම පුවත පත්තරයෙන් දකින තෙක් සිට දක්වන ඕලාරික ප්‍රතිචාරයම මෙයට ද හිමිව ඇත. එවැනි පසුබිමක තම දිස්ත්‍රික්කයේ සිදුවන මහා පරිසර විනාශය වෙනුවෙන් රන්ජන් රාමනායක අමාත්‍යවරයා පෙරට එ්ම පැසසිය යුතු කාරුණකි. එම අවස්ථාවේ රන්ජන් රාමනායක අමාත්‍යවරයා හා ලේකම්වරිය අතර සිදු වූ දුරකථන සංවාදයේ කොටසක් පමණක් අල්ලා ගෙන සමහර ජඩමාධ්‍යය හා පරිපාලන සේවකයෝ ඩෙඟා නටමින් සිටිති. පෙබරවාරි 3 වෙනිදාට පෙර රන්ජන්ට සමාව ගන්නැයි බල කරමින් උද්ඝෝෂණ පැවති අතර හෙට දින ඔවුන් ඩෙඟා නැටීමට දැන් පිට පොට ගසමින් ඇත. දිගින් දිගටම ජනතාව ලබා දුන් ලිඛිත පැමිණිලි පයිසෙකටවත් මායිම් නොකරන ලද එම ලේකම්වරිය අමාත්‍යවරයා ඇමතූ පසු ද කියන්නේ ලිඛිතව පැමිණිලි කරන ලෙසය. එම ප්‍රකාශයෙන්ම ඇයගේ අකාර්යක්‍ෂමතාව හා ප්‍රතිචාර දැක්වීමේ කලාව මනාව පැහැදිලි වේ. රාජ්‍ය සේවකයන් ගස් බැඳි ඉතිහාසයක් අපි දුටුවෙමු. එවිට රාජ්‍ය සේවකයන් කට අරිනවා තියා ඒ දිහා ඇහැක් අර බලන ස්වභාවයක් අපි නුදුටුුවෙමු. “උඹේ හෝම්බට අනිනවා ගෑනියේ” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළානම්, මොවුන් මෙලෙස ඩෙඟා නැටීම සාධාරණය. එහෙත් රන්ජන් ප්‍රශ්න කරන්නේ “ ඔබතුමියට කවුරු හරි හොම්බට ඇන්නොත්, පැමිණිලි කර කර ඉන්නවාද නැත්නම් ඒකට ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගන්නවාද?” කියලා ය. එම කාරණාව ඉතා ම සාධාරණ ය. හැම මඟුලටම ලිඛිතව පැමිණිලි ලැබෙන තෙක් පුටු රත්කරන නිලධාරීන් ගේ ඇස් ඇරෙන්න කියපු මසුරන් කථාවක් බව පොදු ජන මතය යි.
මෙහිදී වැඩිදුර විස්තර දැනගැනීමට අපි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධකර ගත්තෙමු.
“මම මේ සිද්ධියට සම්බන්ධ නොවුනානම් මේ පස් කැපීම නතර වෙන්නේ නෑ. මම මේකට මැදිහත් උනේ මේ ප්‍රදේශයේ ජනතාව ගැන හිතලා. ඒ වගේ ම මේක මහා අපරාධයක් කියලා තේරුම් අරගෙන. මම මේ අභියෝගය එල්ල කලේ සෑම රාජ්‍ය නිලධාරියකුටම නෙමෙයි. තමන්ගේ රාජකාරිය අවංකව ඉටු කරන නිලධාරීන් අනන්තවත් ඉන්නවා. නමුත් ඒ අතරේ අල්ලසට යටවෙලා තමන්ගේ රාජකාරිය හරියට ඉටු නොකරන අයත් ඉන්නවා, මම ගහන්නේ මේ ඒ අයට. පස් කපන ජාවාරමකට එරෙහි වුණු ඇමැතිවරයකුට එරෙහිව උද්ඝෝෂණය කරන පළමු රට මේක වෙන්න ඇති. මේකෙ පිටිපස්සේ ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු එයාගේ මුළු පවුලම මේකට සම්බන්ධයි. එයාගේ අම්මා මැටි කපන පර්මිට් එකක් අරගෙන වැඩේ දෙනවා. ඒ විතරක් නෙවෙයි, එයාගේ තාත්තා, මල්ලී මේ ‍ඔක්කොම මේ ජාවරමේ හවුල් කාරයෝ. මේක තනිකරම පවුල් බූදලයක් කර ගෙන ඉන්නේ.”
අමාත්‍යවරයාගේ මේ ක්‍රියාවෙන් බලධාරීන්ගේ ඇස් ඇරුණි. ඒ අනුව දිවුලපිටියේ සංචාරය කල පරිසර අධිකාරියේ හා භූ විද්‍යා කාර්‍යංශයේ නිලධාරීන් අනාවරණය කොට ඇත්තේ කියුබ් 500 කට අඩු "බී" ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරීමේ බලපත්‍රයක් යොදාගෙන දිවුලපිටිය පස් ජාවාරම්කරුවන් පස් කියුබ් 61,000 ක් කපා ඉවත් කොට ඇති බවය. ආසන්න වශයෙන් ඔවුන් නියමිත ප්‍රමාණයට වඩා සිය ගුණයකටත් වඩා වැඩියෙන් පස් කපා ඇත. කියුබ් 60,500 ක් හෝ ඊට වඩා නියත වශයෙන්ම කපා ඇත. එය කිසිසේත්ම ලඝු කොට සිතිය නොහැකි මහ විශාල විනාසයකි. එම මහා විනාශයට ඉඩ හැරි දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.
රන්ජන්ට ගැහීමට කුඩු TV පෙරට එ්ම

මෙම සිද්ධිය දඩමීමා කරගෙන කුඩු නාලිකාව දවස තිස්සේ ම රන්ජන්ට තඩිබාන්න පටන් ගෙන ඇත. ඔවුන්ට ඇත්තේ රන්ජන් සමඟ වෛරයකි. ඒ ලංකා ඊ නිවුස් වෙනුවෙන් රන්ජන් පාර්ලිමේන්තුවේ කළ ඓතිහාසික කතාවේ දී කුඩු නාලිකාවට අත දිග හැර පහර දී එම නාලිකාව ඇඳ සිටි අමුඩය ද ගලවා දැමූ නිසාය. කුඩු සල්ලිවලින් දුවන එම නාලිකාව කෝටි ගණන් වියදම් කරමින් සම්මාන රාත්‍රියක් පවත්වන අතර ඒවාට ඉන්දියානු නිළියන් ගෙන්වන්නේ කෝටි ගණන් ගෙවමින් ය. එහෙත් ඔවුන් ඒ සම්මාන උළෙලෙදීම හොඳම නිළියට සම්මාන දෙන ලංකාවේ කලා කාරියට දෙන්නේ රු. 50,000 ක් වැනි සොච්චම් මුදලකි. එම මුදල ලබා ගැනීමට ද එම කලාකරුවන් ඔවුන්ගේ කාර්යාල වල රස්තියාදු විය යුතුය. සත්‍ය වශයෙන්ම මේ කුඩු නාලිකාව කරන්නේ අයියාගේ කුඩු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් මිස මාධ්‍ය කාරියක් නොවේ.
ඔවුන් රන්ජන්ට පහර දීමට යොදා ගන්නා පුස් අවිය වන්නේ පට්ට දූෂිතයෙකු ලෙස ප්‍රකට ප්‍රසන්න රණතුංගය. ප්‍රසන්න යනු මහ ඇමැති කාලයේ කිසිදු නිලධාරියෙකුට ස්වාධීනව වැඩ කිරීමට ඉඩ නොඳුන් අමු තිත්ත කුණුහරුපයෙන් නිලධාරීන්ට බැන වදින ලද ගොබිලයෙකි. ලංකා ඊ නිවුස් මීට පෙර ඔහුගේ එවැනි හඬ පට යූ ටියුබයේ ප්‍රසිද්ධ කර තිබේ. ( “දහසක් පගා අතර දිලෙන සුපසන් පගා සඳ“ සහ “ප්‍රසන්න රණතුංග කප්පම් තර්ජන අංක 2“)
අවසාන වශයෙන් අකරගම තවත් එක් නූරිවත්තක් වීමට හෝ අතකොටාලා බිහි වීමට හෝ ඉඩ දිය නොහැක. ඒ දුර්දාන්ත පාලනය පෙරලා දැමුවේ නීතිය රජ කරවීමට විනා මෙවැනි පාපතරයින්ට රජවීමට නොවන බව පාලකයන් දැන ගත යුතු ය.
වෛද්‍ය ශිෂ්‍ය එම්.එල්.එච් අඹේපිටිය විසිනි











 
  • Like
Reactions: Roxxx and SLCRI

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    භාරතත් කුඩ්ඩෙක්ලු නේද.කොලොන්නාවේ එකෙක් කිව්වේ.කුඩු බිස්නස් හින්දා තමයිලු දුමියගෙයි උගෙයි වයිරේ.:sorry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    hari u kudu hari wikunanawa uba mokada karanne anika hiru eke un
    ganunta gewanne umbe ammage appage salli walin nemene :lol:


    දැන් ඉතින් මුන්ට මැරුණ භාරත බබා:lol:.දුමියා කුඩ්ඩා.දුමියගේ අයියගේ හිරු එක කුඩු TV.දුමියා UNP එකේම හිටියනම් බලාගන්න තිබ්බා අද ඉන්නේ කොහෙද කියලා....:lol::lol:රන්ජා අද එහෙනම් දුමියගේ කරට අත දාගෙන ඉන්නේ.:lol: