කුණාටු මැදින් වුවත් නැව් පදින්න අපි දන්නවා! මේකයි අභියෝගය! මේකයි අපේ වාරය! 🔥✊🇱🇰

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල

    aaa aaa aaa.. harii loku wadak ithin podi kaviyak kiwuwahama.​

    මිත්‍රවරුනි, අද මේ රටේ සමහර දේශපාලන කණ්ඩායම් හරි අපූරු සෙල්ලමක් පටන් අරන් තියෙනවා. පසුගිය දින කිහිපය තුළ නැවතත් ඉන්ධන කෝටාවක් ගැන කතාබහක් නිර්මාණය වීමත් එක්ක, ඒ අය උත්සාහ කරන්නේ මේක නැවතත් 2022 වසරේ පැවති අවාසනාවන්ත තත්ත්වයට සමාන කරලා ජනතාව භීතියට පත් කරන්න. ඒ අයට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි මේක තමන්ගේ දේශපාලන වාසියට හරවාගෙන "අනුරට රට කරන්න බැහැ" කියන පටු මතය සමාජගත කරන්නයි. හැබැයි අපි එකක් කියන්න ඕනේ, එකම දේ ආයෙ ආයෙ කියන්නේ මිනිහත් දන්නවා ඇත්ත කතාව. ඒත් අර පක්ෂෙට ගහන්න ඕන නිසා ඔහේ එකම දේ දොඩවනවා. ආ... අන්න ඒකයි අද සිද්ධ වෙන්නේ.
    බුද්ධිමත් පුරවැසියන් විදිහට අපි මෙහි ඇති සැබෑ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. 2022 සහ 2026 කියන්නේ අහසට පොළොව වගේ වෙනස් කාරණා දෙකක්. 2022 දී අපිට තෙල් නැව් වලට ගෙවන්න මහා බැංකුවේ ඩොලර් සතයක්වත් තිබුණේ නැහැ. එදා අපි පෝලිම් වල ලැග්ගේ අපි "හිඟන්නෝ" වෙලා හිටපු නිසා. ඒක මේ රට ඇතුළේ ඇති වෙච්ච ආර්ථික කළමනාකරණයේ දරුණු අසාර්ථකත්වයක්. හැබැයි අද තත්ත්වය ඒක නෙමෙයි. අද අපිට ඉන්ධන මිලදී ගන්න අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය, ඒ කියන්නේ ඩොලර් තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ අපේ රට ඇතුළේ නෙමෙයි, ප්‍රශ්නය තියෙන්නේ ලෝක දේශපාලනය ඇතුළේ. ඉරාන-ඊශ්‍රායල යුදමය වාතාවරණය හමුවේ මැද පෙරදිග ඉන්ධන සැපයුම් මාර්ග අවහිර වීමේ දැඩි අවදානමක් අද මුළු ලෝකයටම තියෙනවා. මේක ශ්‍රී ලංකාවට විතරක් බලපාන එකක් නෙමෙයි, මේක ගෝලීය අර්බුදයක්.
    මම අහන්න කැමතියි ඔය කෑගහන අයගෙන්, සිංගප්පූර් වලට ඉන්ධන එන්නේ කොහෙන්ද? මාර්ස් වලින්ද? බ්‍රහස්පතිගෙන්ද? නැත්නම් සෙනසුරුගෙන්ද? මේ හැම රටකටම තෙල් එන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය වැහුණොත් මුළු ලෝකෙම තෙල් සැපයුම හිර වෙනවා. අන්න ඒකයි ඇත්ත. ඇමරිකාව, ජර්මනිය වගේ දියුණු රටවල් පවා අද තමන්ගේ තෙල් සංචිත ආරක්ෂා කරගන්න විවිධ පියවර ගන්නවා. ජර්මනිය රුසියානු යුද්ධය වෙලාවේ ඉන්ධන භාවිතය සීමා කළා. ඇමරිකාව තමන්ගේ උපායමාර්ගික තෙල් සංචිත පරෙස්සම් කරනවා. ඉන්දියාව අලුත් මාර්ග හොයනවා. මේ හැම රටක්ම කරන්නේ "පෙර සූදානමයි". වගකීමක් තියෙන රජයක් විදිහට අපේ ආණ්ඩුවත් කරන්නේ අන්න ඒ දේමයි.
    සමහරු අහනවා එහෙනම් කොවිඩ් කාලෙත් මෙහෙම වුණේ නැත්තේ ඇයි කියලා. මම අහනවා, කොවිඩ් කාලේ ඔයිල් සප්ලයි එක එන්න බැරි වෙන්න යුද්ධ තිබ්බද? හෝමුස් වැහුවද? කෝ කියන්නකෝ? එදා ප්‍රශ්නය වුණේ තෙල් ගේන්න රටේ ඩොලර් නොතිබීම මිසක් ලෝක වෙළඳපොළේ තෙල් නැති වීම නෙවෙයි. අද අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව කරන්නේ "ගින්න එන්න කලින් මන්දිරය ආරක්ෂා කරගන්න" එකයි. අපි බලන් ඉන්නේ නැහැ තෙල් ටික අවසන් වෙනකම්ම. එහෙම ඉඳලා අන්තිම මොහොතේ අත් දෙක උස්සන්න අපි වගකීම් විරහිත පාලකයෝ නෙමෙයි. මේ යුද්ධය නිසා සැපයුමට බාධාවක් වුණොත්, රටේ අත්‍යවශ්‍ය සේවාවන් සහ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්නයි මේ තාවකාලික කෝටා ක්‍රමය හඳුන්වා දෙන්නේ.
    මේ තත්ත්වය පවතින්නේ මේ අවදානම තියෙනකම් විතරයි. මේ යුද්ධය අද ඉවරයි කියලා සහතිකයක් ආපු ගමන්, සැපයුම් මාර්ග සුරක්ෂිතයි කියලා නිවේදනයක් ආපු ගමන් මේ කෝටා එක අයින් කරන්න රජයට තත්පරයක් යන්නේ නැහැ. විපක්ෂය අද දෝෂාරෝපණය කරන්නේ රට ගැන කැක්කුමකින් නෙමෙයි, තමන්ට අහිමි වෙච්ච බලය ගැන තියෙන කේන්තියෙන්. ඒ නිසා මෙවැනි අසීරු කාලයකදී වගකීම් සහගතව හැසිරෙන පාලනයක් රටට ආශීර්වාදයක් මිසක් බරක් නෙමෙයි කියන එක අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. පටු දේශපාලන වාසි තකන්නන්ගේ මඩ ප්‍රචාර වලට හසු නොවී, රටේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ගන්නා මේ තීරණ දිහා බුද්ධිමත්ව බලන්න කියලා මම සමස්ත ජනතාවගෙන්ම ඉල්ලා සිටිනවා.
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
     
    • Like
    Reactions: wtsamantha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල

    $ හිග වෙන්න විදිහක් නෑ, රනිල් $බිලියන හයක් එකතු කරලා කළමනා කාරණය කරන්න ඕනේ සේරම ක්‍රියාවලි හදලා ගියේ... :lol: :lol:

    අපිට ඉන්ධන එන්නේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවේ :lol: :lol:

    අපිට ඇති තරම් ඉන්ධන තොග තියනවා QR අවශ්‍ය නෑ​

    ඉරානේට සීතලද, අවුවද, වැස්සද ඒව අපිට අදාළ නෑ​

    ඉන්ධන මිල වැඩි කරාම ඉල්ලුම නිකම්ම අඩු වෙනවා ඔවා කරන්න ආණ්ඩු ඕනෙද? :lol: :lol:

     
    • Like
    Reactions: wtsamantha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,479
    32,217
    113

    $ හිග වෙන්න විදිහක් නෑ, රනිල් $බිලියන හයක් එකතු කරලා කළමනා කාරණය කරන්න ඕනේ සේරම ක්‍රියාවලි හදලා ගියේ... :lol: :lol:

    අපිට ඉන්ධන එන්නේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවේ :lol: :lol:

    අපිට ඇති තරම් ඉන්ධන තොග තියනවා QR අවශ්‍ය නෑ​

    ඉරානේට සීතලද, අවුවද, වැස්සද ඒව අපිට අදාළ නෑ​

    ඉන්ධන මිල වැඩි කරාම ඉල්ලුම නිකම්ම අඩු වෙනවා ඔවා කරන්න ආණ්ඩු ඕනෙද? :lol: :lol:

    RTI eken Pelawatta fund eke danata pawathina nawa sheshaya hoyagaththa kauruth innawada ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    EZFbRKY.jpeg
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    RTI eken Pelawatta fund eke danata pawathina nawa sheshaya hoyagaththa kauruth innawada ?
    කවුරු ආවත් ඔවා හොයන්නෙ නෑ මචං. ලංකාවේ ඉන්නේ පට්ට හොරු, උන් තමා මේ රට පාලනය කරන්නේ, පත් වෙන එකා මොකා උනත් බදු ගෙවන හිඟන්නෝ ටික අන්දලා අරිනවා ලෙසටම.. :lol: :lol: