කුණු අරුවක්ක්කාලු වලට -මොකද හිතන්නේ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කුණු අරුවක්ක්කාලු වලට -මොකද හිතන්නේ

    Din-06-27-pg01-LATE-CITY-RPD.jpg

    රටේම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන කැළි කසළ කළමනාකරණය සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබාදෙමින් කොළඹ නගර සීමාවේ කැළි කසළ ප්‍රයෝජනයට ගෙන සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ දී අාරම්භ කිරීමට රජය තීරණය කරයි. මේ ව්‍යාපෘතිය සඳහා දැනටමත් ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර සියලු කටයුතු හොඳින් සිදුවන්නේ නම් එළැඹෙන සැප්තැම්බර් මස අගභාගයේ දී අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවන බවද දේශපාලන හෝ වෙනත් කරුණු පදනම් කරගෙන ඒ සඳහා විරුද්ධ නොවී සහාය ලබාදෙන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බවද මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

    කොළඹ නගරයෙන් එක්රැස් වන කැළි කසළවලට ප්‍රථම පුත්තලමේ කැළි කසළ මේ සඳහා යොදා ගන්නා බව පවසන ඒ මහතා වසර 50කට ආසන්න කාලයක සිට සිමෙන්ති නිෂ්පාදනයට හුණුගල් යොදා ගන්නා ස්ථානයන්හි නිර්මාණය වී තිබෙන විශාල ප්‍රමාණයේ වළවල් එම ව්‍යාපෘතිය වෙනුවෙන් යොදා ගන්නා අතර කැලණියේ සිට අදාළ ස්ථානය දක්වා දුම්රිය මගින් කැළිකසළ ප්‍රවාහනය කරන බවද මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ඉංජිනේරු සැලසුම් සහ ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට අවසන් කර තිබෙන අතර පරිසර සංවිධානයන්හි අවසරය ලද විගස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද කියා සිටී.

    කැළි කසළ කළමනාකරණයේ දී පරිසර හිතකාමී ලෙස, සමාජයට පිළිගත හැකි සහ ආර්ථික වශයෙන් ලාභදායි ක්‍රමය සනීපාරක්ෂක කසළ බැහැර කිරීමේ ක්‍රමය වන අතර කොළඹ එක්රැස්වන කැළි කසළ කැලණියේ ස්ථාපිත කරන හුවමාරු මධ්‍යස්ථානයෙන් දුම්රියට පැටවීම සිදුකරයි. එයින් අනතුරුව කිලෝ මීටර් 165ක් පමණ දුර ගොවා‍ ගොස් පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය වෙත යොමු කෙරේ. දෛනිකව කැළි කසළ ටොන් 1,200ක් මේ සඳහා ප්‍රවාහනය කෙරෙන අතර එක් දුම්රියකින් ප්‍රවාහනය කරන කැළි කසළ ප්‍රමාණය ටොන් 600කි. වසරකට හුණුගල් ටොන් ලක්ෂ 14ක් පමණ සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අතර එයින් ඇතිවන වළවල් වසා දැමීම සඳහා මේ කැළි කසළ යොදාගත හැකිවෙයි.

    ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දුන්නේ පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ දී අරම්භ කිරීමට නියමිත සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය සඳහා පරිසර ආයතනයන්හි අනුමැතිය ලද පසු දේශීය සහ විදේශීය වශයෙන් ටෙන්ඩර් කැඳවන බවත් එළඹෙන 2019 වසරේ මුල් භාගයේ සිට කසළ බැහැර කරන ස්ථානයක් බවට පත්කිරීමට හැකිවනු ඇති බවත්ය.

    මේ ව්‍යාපෘතිය සඳහා තානාපති කාර්යාල නවයක යෝජනා ලබාගැනීමට නියමිත අතර තානාපති කාර්යාල තුනක යෝජනා මේ වනවිට ලැබී තිබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා මේ සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය සඳහා කැළි කසළ ඝන මීටර් 4,700,000ක් එක් කළ හැකිවන අතර ජාතික සම්පත් මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක ඒ හරහා ප්‍රදේශයේ ජනතාවට විශාල ආදායමක් උපයා ගැනීමේ හැකියාව තිබෙන බවද යම්කිසි පාර්ශ්වයක විරෝධතා මේ වෙනුවෙන් එල්ල වන්නේ නම් ව්‍යාපෘතිය අතහැර දමන බවද සදහන් කළේය.

    මේ කාර්ය තම අමාත්‍යාංශයට නොපැවරුණ ද පහසුකම් සැලසීම පමණක් සිදුකරන බවද මේ සම්බන්ධයෙන් යම් අයෙකු විරුද්ධ වන්නේ නම් ඔවුන් විසින් රටේ කැළි කසළ සම්බන්ධ වගකීම බාරගත යුතු බවද පැවසීය.

    මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. සුරේෂ්, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලාල් ප්‍රනාන්දු මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ඒ කියන්නේ කිසිම ප්‍රතිචක්‍රීකරණයක් කරන්නේ නැතුව කෙලින්ම කුණු දාල වලවල් වාහන සින් එකක්ද බන් :confused::confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොඨා 2015 වෙද්දි හදල තිබුණ කසල ව්‍යාපෘතිය තමයි ඔය....... මීතොටමුල්ලේ කසලත් ඔය තැනට අරන් යන්නයි ප්ලෑන් කරල තිබුනේ....
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    hmm. oka gena 2000 di hadapu report ekak mama kiyewwa. e kaale idan thibba plan ekak. hoda description ekak thibba. passe oka karanna 2012-2013 kaaledi wage LLTL (Lanka Logistics and Technologies Ltd) ekath join kara gaththa. e kaaleth e paththe inna punchi punchi politikko minissu avussala thibba mathakai. china companies walin aava balannath.
    karanna yanne Sanitary Land filling ekak hinda kaatawath haaniyak nowenna karanna puluwan, hariyata karanava nam :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    ඒ කියන්නේ කිසිම ප්‍රතිචක්‍රීකරණයක් කරන්නේ නැතුව කෙලින්ම කුණු දාල වලවල් වාහන සින් එකක්ද බන් :confused::confused:
    :no::no::no::no:
    Sanitary Land Filling.
    mamath lokuwata explain karanna danne ne. kunu daanava aaye soil daanava. dirana evva wen karala daanne. aaye kunu layer ekak, eka thala soil daala thalanava.
    e athare ekathu wena leachate eka wenama process karanava, direct discharge karanne nathuwa.
    oka thamai mama danna basic eka :)
     
    • Like
    Reactions: Executer

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ කියන්නේ කිසිම ප්‍රතිචක්‍රීකරණයක් කරන්නේ නැතුව කෙලින්ම කුණු දාල වලවල් වාහන සින් එකක්ද බන් :confused::confused:

    මටත් තේරෙන්නෙ නම් ඒ වගේ තමයි..
    හැබැයි ඔය ලගින් කුනු වලින් කරන්ට් එක හදන්න හරි, වෙන මොනව හරි කුනු වලින් කරන්න පුළුවන් ෆැක්ටරියක් දැම්ම නම් ගොඩ..
    නිකම්ම පිරෙව්වොත් කවදක හරි ඕක පිරෙනවා..
    අරම කරොත් පිරෙන්න පිරෙන්න අඩු වෙනව..
    අනික රටට ආදායමක් එනවා..
    මිනිස්සුන්ට රස්සා හරි හම්බ වෙනවා වක්‍රව සහ රිජුව..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොඨා 2015 වෙද්දි හදල තිබුණ කසල ව්‍යාපෘතිය තමයි ඔය....... මීතොටමුල්ලේ කසලත් ඔය තැනට අරන් යන්නයි ප්ලෑන් කරල තිබුනේ....

    හදපු කෙනා කවුද කියන එක නෙමෙයි මචං වැඩේ මේකට උත්තරයක් හොයන එක..
    අපි නෙමෙයිනේ කලින් ඡන්ද ඉල්ලලා ගෙදර ගියේ..
    ඒක එයාලගේ ප්‍රශනයක්.. මේක රටේ ප්‍රශ්නයක්..
    මේක කාගේ හරි උනාට කමක් නැහැ ප්ලෑන් එක වැඩේ වෙන්නයි ඕන..
    ඕන නම් කුලු වල ගාව නම ගහලා බෝඩ් එකක් දාමු..
    මොනවද බං මේ කතා කුණු කන්දකින් මිනිස්සුත් මැරුනට පස්සේ..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    මටත් තේරෙන්නෙ නම් ඒ වගේ තමයි..
    හැබැයි ඔය ලගින් කුනු වලින් කරන්ට් එක හදන්න හරි, වෙන මොනව හරි කුනු වලින් කරන්න පුළුවන් ෆැක්ටරියක් දැම්ම නම් ගොඩ..
    නිකම්ම පිරෙව්වොත් කවදක හරි ඕක පිරෙනවා..
    අරම කරොත් පිරෙන්න පිරෙන්න අඩු වෙනව..
    අනික රටට ආදායමක් එනවා..
    මිනිස්සුන්ට රස්සා හරි හම්බ වෙනවා වක්‍රව සහ රිජුව..

    කරනවා නම් කරන්න ඕනේ එහෙම බන් නැත්තන් තව අවුරුදු 5ක් යද්දී ඕකත් පිරෙයි :eek::eek:

    කුණු කියන්නේ සල්ලි බන් හරියට ප්‍රතිචක්‍රීකරණය කරොත්, මෙහෙම පැලැස්තර විසදුම් නම් අනේ මන්ද ඉතින් :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    :no::no::no::no:
    Sanitary Land Filling.
    mamath lokuwata explain karanna danne ne. kunu daanava aaye soil daanava. dirana evva wen karala daanne. aaye kunu layer ekak, eka thala soil daala thalanava.
    e athare ekathu wena leachate eka wenama process karanava, direct discharge karanne nathuwa.
    oka thamai mama danna basic eka :)

    අහ්.. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණයක් තියනවා නේද බන් දිරන ඒවා වෙන් කරන්න එපැයි :yes:
     
    • Like
    Reactions: senewimala1988

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අහ්.. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණයක් තියනවා නේද බන් දිරන ඒවා වෙන් කරන්න එපැයි :yes:

    ඒ කියන්නේ නොදිරන ප්ලාස්ටික් සහ අනිත් දේවල් වලින් මොනවා හරි කරන්න පුළුවන්..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    hmm. oka gena 2000 di hadapu report ekak mama kiyewwa. e kaale idan thibba plan ekak. hoda description ekak thibba. passe oka karanna 2012-2013 kaaledi wage LLTL (Lanka Logistics and Technologies Ltd) ekath join kara gaththa. e kaaleth e paththe inna punchi punchi politikko minissu avussala thibba mathakai. china companies walin aava balannath.
    karanna yanne Sanitary Land filling ekak hinda kaatawath haaniyak nowenna karanna puluwan, hariyata karanava nam :)

    :no::no::no::no:
    Sanitary Land Filling.
    mamath lokuwata explain karanna danne ne. kunu daanava aaye soil daanava. dirana evva wen karala daanne. aaye kunu layer ekak, eka thala soil daala thalanava.
    e athare ekathu wena leachate eka wenama process karanava, direct discharge karanne nathuwa.
    oka thamai mama danna basic eka :)

    එල මචං..
    ලස්සන පැහැදිලි කිරීමක්..
    දැනුවත් උනා...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක මුඩුබිම්ක්ලු අවුරුදු 20කට ප්‍රමානවත් කියලා තමයි ආරංචි ඊට පස්සෙ මොනවා හරි ඉදිකිරිමක් සිදු කරාවි
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,270
    338
    83
    කවුරු කරත් හොද වැඩක්

    දැනට ඔය ප්ලෙස් එක සිමෙන්ති ෆැක්ට්‍රි එකෙන් ගල් අරන් නිකං පස් දාලා වහලා තියෙන්නේ... කවුරු කරත් හොද වැඩක්

    පින්තූර https://www.facebook.com/PataliCham...124643435716/1885653418382834/?type=3&theater
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැනට ඔය ප්ලෙස් එක සිමෙන්ති ෆැක්ට්‍රි එකෙන් ගල් අරන් නිකං පස් දාලා වහලා තියෙන්නේ... කවුරු කරත් හොද වැඩක්

    පින්තූර https://www.facebook.com/PataliCham...124643435716/1885653418382834/?type=3&theater

    අනිවා..
    මේක තමයි වෙන්න ඕන..
    මොකද මෙතන කොහොමත් වලක් තියෙන්නේ...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    දැනට ඔය ප්ලෙස් එක සිමෙන්ති ෆැක්ට්‍රි එකෙන් ගල් අරන් නිකං පස් දාලා වහලා තියෙන්නේ... කවුරු කරත් හොද වැඩක්

    පින්තූර https://www.facebook.com/PataliCham...124643435716/1885653418382834/?type=3&theater
    Yep. oka karanna yanne Parana Aruwakkalu kiyana hariye. eke godakma mining karala thiyenne issara cement corporation eken karapu kaale.
    komath mining licensing waladi rehabilitation plan ekak propose karala eka karanna oni approved nam. e hinda thamai aapahu filling karanne :)

    oya ehaa paththe ගගේ වාඩිය kiyala sinhala village ekak thiyenava. e minissu lagoon eken thamai jeewath wenne. evvath balala hariyata plan karala karanna oni. :)