ජගත් මහලේකම් ධුරය ලංකාවට අහිමි කලේ මහින්ද – දකුණු කොරියාව හෙලිකරයි
2006 වසරේ දී ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතව තිබූ ජගත් මහලේකම් ධුරය මෙරටට අහිමි කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව දකුණු කොරියාවේ ජාතික පුවත්පතක් වන කොරියන් ටයිම්ස් පුවත්පත පවසනවා. එම අවස්ථාවේ දී ජගත් මහලේකම් ධුරයට තරග වැදුනු ශ්‍රී ලංකාවේ ජයන්ත ධනපාල මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේගේ බලපෑම් මත එම තරග වැදීමෙන් ඉවත් වූ බව අදාළ පුවත්පත පෙන්වා දෙන අතර එම බලපෑම් සිදු කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතකු වූ දකුණු කොරියානු කෙන්ගනම් නැමති සමාගමේ සභාපතිවරයා වූ සුංග් වෝන්-ජොන්ග් හරහා ජනපතිවරයාට ලැබුණු ඉල්ලීම මුල්ව ඇති බවද මෙම ලිපියෙන් දැක්වෙනවා. මෙම සමාගම රාජපක්ෂ පාලන සමයේ අධිවේගී මාර්ග ඇතුළු ලංකාව තුල සිදුවූ සංවර්ධන ව්‍යාපෘති රාශියක් සිදු කරන ලද සමාගමකි.
ඒ වන විටත් ජගත් මහලේකම් ධුරය සදහා තරග වැද සිටි දකුණු කොරියාවේ විදේශ ඇමති බෑන් කී මූන් මහතාට වඩා ජයන්ත ධනපාල මහතා බොහෝ පසුවූ නමුත් සුංග් වෝන්-ජොන්ග් මහින්ද රාජපක්ෂ හා පැවති පෞද්ගලික සබඳතා මත ජයන්ත ධනපාල මහතාව අපේක්ෂක ධූරයෙන් ඉවතිකරවාගැනීමටත් එමෙන්ම බැන්-කී-මූන් ට සහාය දැක්වීමටත් පොළඹවාගන්නට කටයුතු කල බවත් මෙම ලිපියේ සදහන්. දකුණු කොරියාවට මෙම අවස්ථාව ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා ජනපතිවරයා ජයන්ත ධනපාල මහතාට බලපෑම් නොකරන්නට ඔහු ඒ අවස්ථාවේ ජගත් සංවිධානයේ මහලේකම්වරයා බවට පත්වීමට වැඩි හැකියාවක් තිබූ බව මෙම ලිපිය මඟින් තවදුරටත් පෙන්වාදී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට සහ ජයන්ත ධනපාල මහතාට හිමිවිය යුතුව තිබූ වැදගත් ධුරයක් මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු කෙන්ගනම් සමාගමේ සභාපතිවරයා මැදිහත්ව අහිමි කර දමා ඇති බවද මෙම ලිපිය මඟින් අනාවරණය කර තිබෙනවා
Source: Korian Times