--කුප්ප ත්‍රෙඩ් එක--

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    19702415_444697332578593_4445656251169875245_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුප්ප වැඩ යකෝ

    [FONT=&quot]සල්ලාල නෙතකට වීඩියෝවක්‌ වීම [/FONT]
    [FONT=&quot]සඳහා ඇය මැරුම් කෑවාය...

    [/FONT]
    විද්‍යා ඝාතනය අලුත් වේ
    මේක ජාත්‍යන්තර අපරාධයක්‌
    ඝාතනයෙන් පසුව එම වීඩියෝව විදේශිකයකුට විකුණලා
    ඝාතනය දීර්ඝ කාලීන සැලසුමක ප්‍රතිඵලයක්‌

    vid1.jpg


    [FONT=&quot]ශිවලෝගනාදන් විද්‍යා දියණියද තිස්‌ වසරක්‌ පුරා පැවති කුරිරු යුද්ධයේ වෙඩි හඬ මැද උපන් එකියකි. ඇය ඉපදුණදා කයිට්‌ස්‌ ප්‍රදේශය මහා යුධපිටියකි. ඒ එක්‌දහස්‌ නමසිය අනූහත (1997) වසරයි. ඇයට එදා සිට ඇසුණේ කුරිරු යුද්ධයේ බිහිසුණු හඬවල් සහ මරළතෝනිය දශකයකටත් වඩා වැඩි කාලයක්‌ පුංචි විද්‍යා දියණිය එලෙස අපා දුක්‌ වින්¹ය.

    දෙදහස්‌ නමය (2009) වසරේ ප්‍රභාකරන් ඇතුළු පිරිස මරා දමා යුද්ධය අවසන් කළ පසු උතුරත්, දකුණත් වෙළාගෙන සිටි යක්‍ෂයා අතුරුදන් වී විද්‍යා ඇතුළු සියලු පිරිසට නවලොවක අපූර්වත්වය බලන්නට ඉඩ ලැබුණහ. ඉන්පසු විද්‍යා ඇතුළු දරුවන් පුන්කුඩුතිව් මහා විද්‍යාලයේ ඉගෙන ගන්නට ගියේ සිතේ තිබූ සියලු බිය සැක අතහැර දමමිනි.

    අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ඇය, උසස්‌ පෙළ හදාරන්නට පටන් ගත් විට ලෝකය මොන තරම් මනරම් දැයි තේරුම් ගැනීමට හැකිවී තිබුණි. වෙඩි හඬ මැද සා පැටවුන් සේ ගුලිවී ජීවත් වූ යුගයත්, සාමකාමී පරිසරයක්‌ මැද ගෙවන ජීවිතයත් අතර මොනතරම් වෙනසක්‌ ඇත්දැයි ඇයට කල්පනා වූ වාර ගණන අපමණය.
    [/FONT]

    [FONT=&quot]
    vid2.jpg


    යාපනයේ වෙසෙන අන් දැරියන් බොහෝ දෙනෙකු මෙන්ම විද්‍යා දියණිය ද පාසල් ගියේ පාපැදියෙනි. සුපුරුදු පරිදි දෙදහස්‌ පහළොවේ (2015) මැයි මස තුන්වැනිදා සුදු ගවුමින් සැරසී පොත් බෑගයද රැගෙන ඇය පාසල් යැමට නිවසින් පිටත් වූවාය. එය ඇය නිවසින් පිටවන අවසන් දිනය බව දැන සිටියේ කකුල් දෙකේ තිරිසනුත් කිහිප දෙනකු සහ මාරයා පමණි.

    විද්‍යා පාසල් අධ්‍යාපන කටයුතු කළේ දැඩි කැපවීමකිනි. ජීවන ගමනේ අනාගත සුබ සිහින සැබෑ කර ගැනීමට නම් අධ්‍යාපන කටයුතු නිසි පරිදි පිළිවෙළකට කළයුතු බව ඇයට කුඩා කළ සිටම අවබෝධ වූවාය. ඒ අනුව ඇය සියලු වැඩ කටයුතු සිදු කළාය. එමනිසා විද්‍යා දියණිය පාසලේ දීප්තිමත් සහ දක්‍ෂ සිසුවියක වූවාය.

    ඒ අතරතුර තල්රුප්පා මැද ගංජා උරමින් සිටි කරුණයෝ පිරිසක්‌ සිහි විකලෙන් මෙන් යමක්‌ සැලසුම් කරමින් සිටියහ. ඒ එකම පවුලේ සහෝදරයන් තිදෙනකු සහ තවත් හය දෙනෙකි. එදින එම පාපතරයන්ගේ අරමුණ වූයේ විද්‍යා දියණිය දූෂණය කර මරා දැමීමටයි. ඒ සඳහා එම පාපතරයෝ මාස කිහිපයක සිට සැලසුම් සැකසූහ.

    විද්‍යා දියණිය තල්රුප්පා ලඳු කැළෑ ප්‍රදේශ පසු කරමින් ඉදිරියට පැමිණියාය. තල් රුප්පාවේ අතු ඉති වේගයෙන් සෙලවෙන හඬට අමතර ශබ්දයක්‌ අවටින් නැඟුණි. විද්‍යා දියණියට යැමට හැකිවූයේ තවත් මීටර් කිහිපයක්‌ පමණි. ළඳු පඳුරු අතරින් මතුවුණ ඉහත සඳහන් කළ පාපතරයෝ විද්‍යා දියණිය හැඳින පාපැදිය නවතා ඇය බලහත්කාරයෙන් කැලය තුළට රැගෙන ගියහ. ඉන් අනතුරුව එම තිරිසනුන් තම සිතේ තිබූ පහත් ආශාවන් විද්‍යා දියණියගෙන් ඉටු කරගන්නේ ඒ සියලු දේවල් වීඩියෝ කරමින්ය. අවසානයේ සිත්පිත් නැති එම පාපතරයෝ සිහිසුන්ව සිටි විද්‍යා දියණියගේ ගෙල සිරකර මරා දැමූහ.

    පසුව විද්‍යා දියණියට සිදුවූ එම අපරාධය පිළිබඳ රටම දැනගෙන ජාති භේදයකින් තොරව සැවොම කම්පාවට පත්වූහ. අවසානයේ එම අපරාධය කළ සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. ඒ අතර ඇය උගත් පාසලේ ශිෂ්‍ය විරෝධතා සංවිධානය විය. සැකකරුවන් උසාවිය වෙත පමුණුවද්දී "උන්ටික අපිට දියව්" කියමින් දෙදහසකට අධික පිරිසක්‌ පොලිසියට සහ අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කළහ.

    කෙසේ හෝ විද්‍යා දියණිය සමූහ දූෂණයට ලක්‌ව අවසානයේ දී ඒ මුග්ධයන්ගේ අතින් ඝාතනයට ලක්‌වීම අපේ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සෑම ජන කොටසකගේම හදවත පාරවා හමාරය. ඒ අපරාධය කළ මුග්ධම මුග්ධ අධමයන් පිරිසට දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දොළොස්‌ දෙනා අතුරින් නම දෙනකුට එරෙහිව පුරා දින හයක්‌ නඩුව විභාගයට ගනිමින් තීන්දුව දීමට නියමිතය. ඒ අනුව පසුගිය විසිඅට වැනිදා සිට එම නඩුව විභාග කෙරුණි.

    නඩුව විභාගයට ගත් පළමු දිනයේ දී වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා යාපනය මහාධිකරණය හමුවේ පවසා සිටියේ "යාපනය පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය ගේ ඝාතනය සැලසුම් සහගතව සිදුකළ අපරාධයක්‌ බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකුණා විශාල මුදලක්‌ රැස්‌ කිරීමට සැලසුමක්‌ තිබූ බවත්ය."

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙසේද පැවසුවේය.

    "ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට යාපනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ ඉදිරියේ නඩු විභාගයක්‌ පවත්වන්නේය. සැලසුම් සහගතව පැහැරගෙන ගොස්‌ අපයෝජනය කර විද්‍යා සිසුවිය ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදුකර ඇත්තේ 2015 වසරේ මැයි මස 13 වැනිදා. මෙය යාපනය පමණක්‌ නොව මුළු දිවයිනම කම්පාවට පත් කරන සිද්ධියක්‌ බවට පත්වුණා. ඝාතනය සම්බන්ධයෙන් පොලිසියත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්‍ෂණ සිදු කරනු ලැබුවා. ඒ අනුව මේ අපරාධය සිදුකළ නවදෙනා හඳුනා ගත්තා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කිරීමට නීතිපතිවරයා පූර්ණ සහායක්‌ ලබා දුන්නා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළ ආකාරය පැසසිය යුතුයි."

    "මෙම අපරාධයට සම්බන්ධ පිරිස්‌ ආරක්‌ෂා කර ගැනීමට සමහර පිරිස්‌ උත්සාහ දරනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදුකළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව අපි නීතිමය පියවර අර ගන්නවා. මෙම අපරාධය සාමාන්‍ය මිනීමැරුමක්‌ හෝ දූෂණයට ලක්‌ කිරීමක්‌ නොවෙයි. මෙය කලකට පෙර සිටම සැලසුම් කර සිදුකළ අපරාධයක්‌. මීට ජාත්‍යන්තර වශයෙන් සැලසුමක්‌ තිබුණා. මේ නිසා මේක ජාත්‍යන්තර අපරාධයක්‌ විදිහටත් කියන්න පුළුවන්. මෙය මෙරට කීර්ති නාමයට බලපෑම් එල්ල කරන්නට හැකි සිද්ධියක්‌."

    "මේ අපරාධය සම්බන්ධයෙන් හමුවූ නඩු භාණ්‌ඩත්, කොන්දේසි සහිතව නීතිපතිවරයා විසින් පොදු සමාව ලබාදුන් අයගේ සාක්‍ෂිත් තිබෙනවා. මේ අනුව මෙකී අපරාධයේ සැලසුම්කරු වශයෙන් ඝාතනයේ නමවැනි සැකකරු හඳුනා ගන්න පුළුවන් වුණා. සිසුවිය අපයෝජනය කිරීම වීඩියෝ කර ජාත්‍යන්තර වෙළෙඳපොළට විකිණීමට උත්සාහ දරා තිබෙනවා. ඔහු මෙරට උපන් අයකු වුවත් ස්‌විට්‌සර්ලන්තයේ සිටිමින් ඝාතනයේ සැකකරුවන් හයදෙනකු සමගින් සම්බන්ධ වී මේ අපරාධය සැලසුම් කර තිබෙනවා."

    "දකුණු ආසියා රටවල දැරියන් හා තරුණියන් ලිංගික අපයෝජනයට ලක්‌කර ඒවා වීඩියෝ කරමින් අධික මිලකට අලෙවි කරනවා. මෙම ඝාතනයේ 2, 3, 5 සහ 6 වැනි විත්තිකරුවන් සිසුවිය දූෂණය කර තිබෙනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මෙම සිසුවිය දූෂණය කර තිබෙනවා. 5 සහ 6 වැනි සැකකරුවන් සිය ජංගම දුරකථනවලින් එය පටිගත කරගෙන තිබෙනවා. පසුව එය විදේශිකයකුට විකුණලා තියෙනවා. එම වීඩියෝව විමර්ශන සඳහා ලබා ගැනීමේ උත්සාහය ව්‍යර්ථ වුණා. නමුත් මෙකී වීඩියෝව විකිණූ බව සනාථ වන සාක්‍ෂි සොයා ගැනීමට හැකිවුණා."

    "ඝාතනයේ 2, 3, 5 සහ 6 සැකකරුවන් සිසුවිය පාළු නිවෙසකදී දූෂණය කර තිබුණා. අනතුරුව සිසුවියගේ සිරුර හමුවූ ස්‌ථානයට ඔසවාගෙන විත් සිසුවියගේ අත් පා බැඳ ඇයගේ ගෙල මිරිකා හුස්‌ම සිරකර ඝාතනය කර තිබෙනවා. සිසුවියගේ හිස ප්‍රදේශයේ තුවාල සිදුවී තිබෙනවා."

    "මෙම අපරාධයට නීතිය ඉදිරියේ හැකි උපරිමයෙන් දඬුවම් දිය යුතුයි. මෙවන් දෑ සමාජය තුළ මතු නොවන ආකාරයේ තීන්දුවක්‌ ලැබේවි යෑයි විශ්වාස කරනවා."

    විද්‍යා සිසුවියගේ මව වන ශිවලෝගනාදන් සරස්‌වතී මහත්මිය අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් මෙසේ පැවසුවාය.

    "පෙරුම්බාල් කියන්නේ මාගේ පුතා. ඔහුයි වැඩිපුරම විද්‍යාව පාසල් ගෙන යන්නේ. සමහර වෙලාවට ඔහුට වැඩක්‌ තියෙනව නම් දුව ඇයගේ එකට ඉගෙන ගන්න යාළුවෝ එක්‌ක පාසල් යනවා. මගේ සැමියා අංශභාග රෝගයෙන් පෙළෙනවා. ඔහු ඉන්නේ ඔත්පලවයි. මේ නිසා පුතා අතරමගදී පාසල් අධ්‍යාපනය නතර කර වැඩට යන්න පටන් ගත්තා. නිවසේ සිට පාසල් යන මාර්ගය කැලෑවෙන් හා පාළු ගෙවල්වලින් යුක්‌තයි. මාර්ගය අබලන්. වැහි කාලෙට ඒ මාර්ගය භාවිතා කරන්නත් අමාරුයි"

    "මේ සිද්ධිය සිදුවූ දින උදෑසන විද්‍යා දියණිය පාසලට පිටත් වුණේ උදෑසන 7.30 ට. මමයි ඇයව පාරට ඇරලුවෙත්. එදින ඇය හා එකට ඉගෙන ගන්න දැරියක්‌ එක්‌ක පාසල් යන බව කිව්වා. එම සිසුවිය නොපැමිණි නිසා විද්‍යා තනියම පාසලට ගියා. පාසල් ගිය විද්‍යා නිවසට එන සුපුරුදු වේලාව පසුවීයැම නිසා ඇය ගැන සොයා බලන්නැයි කියලා මං පුතාව පාසලට යෑව්වා. එයා ගිහින් පාසලේ කවුරුවත් නැහැ, පාසලත් වහලා කියලා දුරකථනයෙන් කිව්වා. ඉන් පස්‌සේ පුතයි මායි විද්‍යාව සොයාගෙන ඇවිද්දා..."

    "රෑ අටට විතර කයිට්‌ස්‌ පොලිසියට ගියා පැමිණිල්ලක්‌ දාන්න. මේ වයසේ ගෑණු ළමයි කොහේ වුණත් යයි. ආයේ එයි කියලා පොලිසිය කිව්වා. පස්‌සේ අපි කිව්වා අපේ දැරිය එහෙම කෙල්ලෙක්‌ නොවෙයි කියලා. පසුවයි අපේ පැමිණිල්ල ඔවුන් සටහන් කර ගත්තේ..."

    "පොලිසියට ගියේ අපි ත්‍රිරෝද රථයක්‌ හයර් කරගෙන. ඒකෙ රියදුරු අපිට කිව්වා වෙනදාට උදේ 7.30 ට පමණ විද්‍යාව එයා දකිනවා කියලා. ඒත් සිද්ධිය වුණ දවසේ ඔහු විද්‍යාව දැකලා නැහැ. එලෙස එන ගමනුත් අපි විද්‍යාව සෙව්වා. ඒත් හම්බ වුණේ නැහැ. රෑ වීමත්, වැසි වැඩිවීමත් නිසා එදින අපි විද්‍යාව හොයන එක නතර කළා."

    "පසුදින පුතයි මමයි නැවතත් විද්‍යාව සොයන්න පටන් ගත්තා. එකපාරටම පුතයි, පුතාගේ යාළුවෙකුයි අම්මා... විද්‍යා කියලා මහ හයියෙන් කෑගහනවා ඇසුණා. ඒ සද්දෙන් මාත් ඒ දෙසටම දිවගියා. අම්මා අපේ විද්‍යා කියලා පුතා නැවත නැවතත් කෑගසා අඬද්දී මාත් සිහිසුන් වුණා. මම විද්‍යාගේ මළසිරුරට මීටර් 20 ක්‌ විතර ඈතින් ඉඳලා තමයි දැක්‌කේ... ළඟට යන්න තරම් ශක්‌තියක්‌ තිබුණේ නැහැ. පුතත් සිහිසුන්ව ඇද වැටුණ නිසා එයාවත් රෝහල්ගත කළා. අනතුරුව උදේ 10 ට පමණ කයිට්‌ස්‌ පොලිසිය පැමිණ දේහය රෝහල වෙත ගෙන ගියා."

    මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්, යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංෙච්ලියන් සහ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නඩුව විභාග කරති.

    මෙම ඝාතන නඩුවේ සැකකරුවෝ වන බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, බුබාලසිංහම් යෝගකුමාර්, බුබාලසිංහම් තවක්‌කුමාර්, මහාලිංගම් ශෂිදරන්, කිල්ලේනාදන් චන්ද්‍රකාන්ත්, ශිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගනාදන් ජෙයකරන්, කෝකිලන් සහ මහාලිංගම් ශිෂිකුමාර් හෙවත් ස්‌විස්‌ කුමාර් අධි චෝදනා ලැබූ විත්තිකරුවන් වෙති.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතා සහ තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු සිව් දෙනෙක්‌ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. මෙහිදී 1, 2, 3, 4 හා 6 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මහින්ද ජයවර්ධන මහතා ද, 5 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ආරුමුගම් රගුපතිපිල්ලේ මහතාද, 4, 7, 8 සහ 9 යන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ එස්‌. කේදීස්‌වරන් මහතාද පෙනී සිටියහ. ඊට අමතරව 9 වැනි විත්තිකරු වෙනුවෙන් රජයේ නීතිඥ විග්නේෂ්වරන් නේසන්තා මහතා පෙනී සිටියේය.

    නඩුවේ චෝදනා පත්‍රවල යම් යම් සංශෝධනයන් සිදුකළ යුතු බවත්, නඩු භාණ්‌ඩ ලැයිස්‌තුවේ තවත් භාණ්‌ඩ පහක්‌ ඇති බවත්, තවත් සාක්‌ෂි 12 ක්‌ එක්‌ කිරීමට අවසර ලැබිය යුතු බවත් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අධිකරණය අවසර ලබා දුන්නේය. ඉන් අනතුරුව සංශෝධනය කළ චෝදනා පත්‍රය සැකකරුවන්ට කියවා දුන් අතර එම චෝදනා සැකකරුවෝ ප්‍රතික්‌ෂේප කළහ. මෙම නඩුව 3, 4, සහ 6 යන දින දක්‌වා එක දිගට විභාග කිරීමට නියමිතය.

    සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී කෝටි දෙකකට ආසන්න ජනතාවක්‌ නුඹට සාධාරණය ඉටුවන තුරු බලා සිටින බව ශිවලෝගනාදන් විද්‍යා දියණියේ... ඔබ නොදන්නවා විය යුතුයි.
    [/FONT]
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]වැඩියෙන් දූෂණය වන්නේ
    ගැහැනු දරුවන් නොව පිරිමි දරුවන් ය
    [/FONT]
    [FONT=&quot]දිනපතා දූෂණයට ලක්‌වන ප්‍රමාණය වැඩිවේ
    අනාගතයේ ළමා අපයෝජකයන් ප්‍රමාණය වැඩිවීමේ අවදානමක්‌
    පිරිමි දරුවන් ශාරීරික වධ බන්ධනයන්ට ලක්‌ කිරීමත් වැඩි වේ

    n6-1.jpg
    මෝදුවෙමින් පවතින මල් කැකුළු විකසිත වී දසත සුවඳ විහිදුවන තෙක්‌ අපි මහත් ආසාවෙන් බලා සිටිමු. දේශයක අනාගත යුග මෙහෙවර භාරගත යුතු වර්තමාන ළමා සහ තරුණ පරපුර මේ මල් කැකුළු බඳුය. මොවුන් රැකබලා ගෙන හෙට ලොව ඔවුන්ට පවරා දීම වැඩිහිටි සමාජයේ යුතුකම සහ වගකීම වන්නේය. එහෙත් චිරාත් කාලයක්‌ පැවති දේශීය අනන්‍යතාවය, සංස්‌කෘතිය ක්‍රමයෙන් සෝදාපාළුවට ලක්‌වෙද්දී තරුණ පරපුරේ හෙට දවසද පරිහානියට ලක්‌ කිරීම කනගාටුදායකය.

    වඩාත් අමිහිරිජනක සහ අප්‍රසන්නම සිදුවීම වැඩිහිටියන් විසින් ළමයින් සහ තරුණ කොටස්‌ ලිංගික අපචාර ක්‍රියාවන්ට යොදා ගැනීම හෙවත් ලිංගික අපයෝජනයයි. ලිංගික අපයෝජන ක්‍රියාවන් දිනෙන් දින ඉහළ යන බවක්‌ පෙනෙන්නට තිබෙයි. පොලිස්‌ වාර්තාවන්ට අනුව පසුගිය වසරේ දී වාර්තා වූ ලිංගික අපචාර ක්‍රියා සංඛ්‍යාව මේ වසරේ පළමු හය මස තුළ දීම වාර්තා වීම මෙහි බරපතළ ව්‍යවසන පෙන්නුම් කරන්නකි.

    යම් ක්‍රියාවක්‌ නිසා හෝ නොසැලකිල්ලක්‌ නිසා හෝ ළමයාගේ දෙමාපියන්, භාරකරුවන් හෝ වෙනත් පුද්ගලයකු නිසා ළමයකුට හිංසාවක්‌ හෝ අනාගත පැවැත්මට බලපෑමක්‌ ඇති විය හැකි ක්‍රියාවක්‌, ළමයින් අපචාරයන්ට ගොදුරු වීමක්‌ ලෙස හැඳින්විය හැකිය. මේ අනුව ලිංගිකව අපචාරයන්ට ලක්‌වීම මෙන්ම වෙනත් කායික සහ මානසික පීඩාවන්ට ඉල්කක වීම ද මීට ඇතුළත් වෙයි.

    ලිංගික ක්‍රියාවන්හි නිරත වීම මෙන්ම, විවිධ පීඩා සිදුකිරීම, ඒ සඳහා ආරාධනා කිරීම ද අපයෝජනයකි. මෙවැනි ක්‍රියාවන්ට ළමයින් ගොදුරු වීම මගින් ඔවුන්ගේ සමාජ, ආර්ථික සහ සංස්‌කෘතික පසුබිම පුපුරා ඉරිතලයි. මෙම මානසික බිඳවැටීම පසුකාලීනව දරුණු ප්‍රතිඵල ඇති කරයි. සමාජ පද්ධතියට වෛර කරන පුද්ගලයන් බිහිවන අතර, ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ දින තම මානසික පරාජයන් ඊළඟ තරුණ පරපුරෙන් පිරිමසා ගැනීමට පෙලඹෙයි. මෑතක දී සිදු කරනු ලැබූ සමීක්‌ෂණයකට අනුව ලිංගික අපචාර ක්‍රියා සිදුකරන්නන්ගෙන් වැඩි සංඛ්‍යාවක්‌ අතීතයේ දී එවැනි ක්‍රියාවන්ට ගොදුරුවූවන් බව සනාථ වී ඇත.

    n6-2.jpg
    ප්‍රථම වරට ලිංගික අතවරයකට ලක්‌වීම දරාගත නොහැකි සිදුවීමක්‌ වුවද, වරක්‌ මෙවැනි ක්‍රියාවකට ගොදුරු වූ පසු නැවත නැවත අපචාරයන්ට නිරාවරණය වන විට, මුල් අවස්‌ථාවේ දී පැවැති අසාමාන්‍යතාව ඔවුන් වෙතින් පළා යැම නිසා රෑ වැටුණු වළේ දවල් කාලයේත් වැටීමට බිය නොවෙති. ළමා අපයෝජනය සම්බන්ධව විෂම චක්‍රයක්‌ ක්‍රියාත්මක වන බව පැහැදිලිය. අනාගතයේ දී අපචාර ක්‍රියාවන්ට නැඹුරු වන සහ ගොදුරු වන සංඛ්‍යාව අඩු කිරීම සඳහා අද අද ම ක්‍රියාකාරී වීම අවශ්‍ය වන්නේ එහෙයිනි.

    පුවත්පත් වාර්තාවන් නිරීක්‍ෂණය කිරීමේ දී ලිංගික අපයෝජනයන්ට වැඩි වශයෙන් කාන්තාවන් ඉලක්‌ක වන බව පෙනී ගිය ද, ලංකාව වැනි ආසියාතික රටවල පිරිමි ළමයින් සහ තරුණයන් බහුල ලෙස අපයෝජනයට යොදා ගන්නා බව පෙනී ගොස්‌ තිබේ. මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් සිදු කරනු ලැබූ සමීක්‌ෂණයකට අනුව උසස්‌ පෙළ හා බාහිර උපාධි අධ්‍යාපනය ලබන පිරිමි ළමයින්ගෙන් සියයට විස්‌සක්‌ පමණ ද, ගැහැනු ළමයින්ගෙන් සියයට පහක පමණ ද අතවරයන්ට ලක්‌ව ඇති බව හෙළි වෙයි.

    ආසියාතික රටවල කාන්තාවන්ට කුඩා අවධියේ සිටම දැඩි රැකවරණයක්‌ ලබා දීමත්, ඔවුන්ගේ පවතින සමාජ, ආර්ථික, සංස්‌කෘතික පදනම ගොඩනඟන ප්‍රධානතම පවුර වීමත්, මෙයට මූලික වෙයි. තමා විසින්ම සලසා ගන්නා ස්‌වයං ආරක්‌ෂණයක්‌ තරුණයන් සතු වන අතර, යොවුන් විය එළඹිය ද සමවයසේ තරුණයන් සමඟ පවා ලිංගික ක්‍රියාවන්ට පෙළඹීමේ අඩුවක්‌ පෙන්වයි. පිරිමි ළමුන් සම්බන්ධව පවතින තත්ත්වය මීට වඩා වෙනස්‌ය. පතිවත රැකගැනීම වැනි බැරෑරුම් අභියෝග ඔවුන් සතු නොවීම නිසා එවැනි සිද්ධීන් ප්‍රසිද්ධියට පත් නොවෙයි.

    යොවුන් තරුණ - තරුණයන් පමණක්‌ නොව, ඉතාම කුඩා දරුවන්, බිලින්ඳන් පවා ලිංගික ක්‍රියාවන්ට යොදා ගන්නා බව වාර්තා වෙයි. සම වයසේ පුද්ගලයන් මගින් තම හැඟීම් සන්තර්පනයට අවකාශයක්‌ නොලද විට මෙවැනි ක්‍රියාවන්ට නැඹුරු වීම සිදුවේ.

    ලිංගික අපයෝජනයන් සිදුවනුයේ පුරුෂ පක්‌ෂය මගින් පමණක්‌ නොවන බවද අනාවරණය වී පවතින සත්‍යයකි. ඔවුන් සම ලිංගික ක්‍රියා මගින් අපචාරයට ලක්‌වන අතර, විවාහක, අවිවාහක හෝ වැන්දඹු කාන්තාවන් වෙතින්ද ඊට සමාන ප්‍රතිශතයක්‌ අතවරයන්ට ලක්‌වන බව සමීක්‌ෂණ වාර්තා පෙන්වා දෙයි.

    දූෂණයට ලක්‌වූ පිරිමි ළමුන් වැඩි ප්‍රමාණයක්‌ සමාජය තුළ සැරිසැරීම අනාගතයේ දී ළමා අපයෝජකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට සෘජුවම බලපාන කරුණකි.

    පොලිස්‌ වාර්තා සහ වෙනත් සමීක්‌ෂණ වාර්තා විශ්ලේෂණයේ දී පෙනී යන සත්‍යයක්‌ නම් ලිංගික අපයෝජනයන් සිදුකරනුයේ නන්නාඳුනන ආගන්තුකයන් නොව තම අවට පරිසරයේම සිටින මෙවැනි ක්‍රියාවන්ට පෙලඹෙතැයි කිසිවිටෙක නොසිතන හිතවතුන් විසින්මය. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මව, පියා, වැඩිමහල් සොහොයුරා, මස්‌සිනා මෙන්ම පුංචි අම්මා, නැන්දා වැනි ඥාතීන් ද මේ අතර සිටින බව ප්‍රකට වෙයි. මෙය හදිස්‌සියේ ඉස්‌මතු වූවක්‌ නොව, කලක්‌ පුරා සිදුවෙමින් පැවැති සමාජ පෙරළියක තවත් අනිටු ප්‍රතිඵලයකි. එසේම මේ සිදුවීම අප වහාම වටහා ගත යුතු වන සමාජ යථාර්ථයකි.

    කුඩා ළමයින්ගේ රැකවරණය සැලසීම සඳහා ඔවුන් අසල රඳවායන පුද්ගලයන් කෙරෙහි වැඩි අවධානයක්‌යොමු කළ යුතුය.

    වැඩිහිටි පුද්ගලයන්ට තම අවශ්‍යතා සඳහා තරුණ - තරුණියන්ට වඩා පහසුවෙන් කුඩා දරුවන් නම්‍යශීලී කරගත හැකිය. ලාංකික සමාජය තුළ පවතින වැඩිහිටි බසට අවනත විය යුතුයි යන සංකල්පය ද මෙයට උපකාරී වී ඇත. මේ ප්‍රකාශනය දඩමීමා කොට පාසල් ප්‍රධානීන්, වැඩිහිටියන්, කුඩා දරුවන් තමන් වෙත කැඳවා ගනියි. ඔවුන්ගේ ඉල්ලීම් වල යහපත් අයහපත් ස්‌වභාවය අනුව ක්‍රියා කිරීමට දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුය.

    කුඩා දරුවන් අපයෝජන ක්‍රියාවන්ට යොදා ගැනීම අසීමාන්තික ලෙස ඉහළ යැමට බලපාන ලද හේතු කිහිපයක්‌ පසුබිමේ පවතියි. අතිශය පුද්ගලික ජීවිතයට අයත් සිදුවීම් රැගත් රූපවාහිනී සහ වීඩියෝ වෘත්තාන්ත, නිරුවත් සහ අඩ නිරුවතින් දර්ශන රැගත් චිත්‍රපට (විශේෂයෙන්-වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ එන සහ හින්දි චිත්‍රපට) ප්‍රදර්ශනය ඉහළ යැම ප්‍රබලතම හේතු සාධකයක්‌ බව අවධාරණය කළ යුතුයි. මුදල් ඉපයීමේ පටු ෙච්තනාව පෙරටු කර එන මෙවැනි අවර ගණයේ චිත්‍රපට ළමා, තරුණ සහ මහලු සිත් දැඩි ලෙස විකෘතියට ලක්‌ කරයි.

    ලංකාව තූළ ලියාපදිංචි වැඩිහිටි පුවත්පත් සංඛ්‍යාව ද ඉතාමත් විශාල ය. මෙම පුවත්පත් වල ප්‍රමිතියන් පරීක්‍ෂාවක්‌ සිදු නොවන අතර, පහසු මිලකට ඕනෑම කෙනකුට ලබා ගැනීමට හැකිය. මීට අමතරව ප්‍රධාන පුවත්පත් වලද වක්‍රාකාරයෙන් පළ කරන ඇතැම් දර්ශන ද විශේෂ අවධානයට ලක්‌ කළ යුතුය.

    මෙවැනි චිත්‍රපට, රූපවාහිනී දර්ශන සහ අසභ්‍ය පොත්පත් අසීමාන්තික ලෙස තරුණ පරපුර හා වැඩිහිටියන් වෙත ගමන් කිරීම නිසා එම දර්ශන ප්‍රායෝගිකව අත්හදා බැලීම්වලට පෙලඹීම, හැඟීම් නිරන්තර උත්තේජනය නිසා ළමා අපචාර ක්‍රියා ඉහළ යැම රටට අහිතකර ලෙස සිදුවෙමින් පවතියි.

    ළමා අපචාර ක්‍රියා වැළැක්‌වීමේ සැබෑ අවශ්‍යතාවක්‌ පවතින්නේ නම් කළ යුතු යෝග්‍යතම විසඳුම ඉතා පැහැදිලිය. ඒ සඳහා කළ යුතු පිළියම් තවදුරටත් ප්‍රමාද කිරීම රටේ අනාගතය, සංවර්ධන කාර්යාවලිය, සංස්‌කෘතිකමය සහ සභ්‍යත්වය ගිල දැමීටම ඉඩ හැරීමකි.

    අපයෝජන ක්‍රියා වැඩිවීම කෙරෙහි සංචාරක කර්මාන්තයේ ද බලපෑමක්‌ ඇති නමුත් ස්‌වදේශිකයන් නිසා සිදුවන නීති වීරෝධී ක්‍රියා, සංචාරකයන් නිසා වන එවැනි ක්‍රියාවන්ට වඩා ඉහළ අගයකි. ළමයින් රැකබලා ගන්නා ස්‌ථාන ආශ්‍රිතව මෙවැනි අප්‍රසන්න සිදුවීම් වාර්තා වනු පසුගිය කාලයේ දී සුලභ දරුණු සිදුවීමක්‌ විය. එක ගලින් කුරුල්ලන් දෙදෙනකු මරා ගන්නා සේ අසාමාන්‍ය ලිංගික හැඟීම් ඇත්තවුන් සහ අපචාර දර්ශන අඩංගු වීඩියෝ පට නිපදවන්නන් මෙවැනි ස්‌ථාන වටා රොක්‌වනුයේ කිසිවකුගේ හෝ සැකයට ලක්‌ නොවෙමිණි.

    මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ්ට අනුව පෞරුෂත්වයේ ඌණ වර්ධනය අපචාරයන්ට පෙලඹීමට හේතුවෙයි. තමා ජීවත් වන පවුල, සමාජය, පරිසරය, සහ පාසල් වටපිටාව සමග සමාන්තර වීමට නොහැකි වීම මෙයට හේතු වෙයි. මේ තත්ත්වය සමාජ ආචාර ධර්ම සහ මූලධර්ම සිඳබිඳ සමනය කර ගැනීමට උත්සුක වන බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉටුකර ගැනීමට නොහැකි වූ අවශ්‍යතා ඉටුකර ගැනීමක්‌ අපචාර ලෙස හැදින්විය හැකි බව බන්දුරා සහ වෝල්ටර්ස්‌ යන මනෝ විද්‍යාඥයෝ පවසති. මධ්‍ය ස්‌නායු පද්ධතියේ තේරුම් ගත නොහැකි ක්‍රියාකාරීත්වයක්‌ ද අපයෝජනයට පෙලඹීමට හේතු විය හැකි බව තවත් මනෝ විද්‍යාත්මක විග්‍රහයකි.

    කුඩා ළමයින් ශාරීරික වද හිංසාවන්ට ලක්‌වන අවස්‌ථාද බහුල වශයෙන් සිදුවන යුගයකි මේ. ළමයින්ට පහරක්‌ සිටින සේ පහර දීම, පිලිස්‌සීම, තුවාල සිදුකිරීම ළමා දිවිය මිලින කරන සිදුවීම්ය. ඇතැම් රටවල දෙමාපියන් හෝ ගුරුවරුන් විසින් ළමයින්ට පහර දීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ ලෙස සලකයි.

    තම දරුවා, තමාට හැකි පමණ හොඳින් පෝෂණය කළ යුතුය. කේක්‌, පුඩිං, චීස්‌ ලබා දිය යුතු යෑයි මින් අදහස්‌ නොවේ. බොහෝ පියවරු තම මිල මුදල් සුරාවට, සූදුවට විවිධ අපචාර ක්‍රියාවන්ට යොදවති. මේ අතර නිසි පෝෂණයක්‌ නොලැබී දරුවන්ට කෘෂවී ඇවිදින ඇට සැකිලි පරිදි උග්‍ර මන්දපෝෂිත තත්ත්වයෙන් කාලය ගත කිරීමට සිදුවෙයි.

    ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගැනීම ලංකාව ඇතුළු තෙවන ලෝකයේ රටවල් තුළ දිස්‌වන කැපී පෙනෙන සිදුවීමකි. මෙම ක්‍රියාවේ දීමයින් අපචාර රැසකට ගොදුරු වෙයි. තම සිරුරේ ප්‍රමාණයට වඩා විසල් බර ඉසිලීම වැනි උසුලා ගත නොහැකි,දරාගත නොහැකි කාර්යය රැසක්‌ කිරීමට ඔවුන්ට සිදුවෙයි. මෙවිට කායික අතවරයන්ට ද, තුවාල ආදියට ද ගොදුරු වෙයි. සේව්‍ය පක්‌ෂය මොවුන්ට අතිශය දරුණු සහ අසභ්‍ය වචන භාවිත කර කතා කරයි. විශාල පිරිසක්‌ මධ්‍යයේ මෙසේ ලැ-ජාවට පත්වීමද නිසා දරුණු මානසික ආතතීන්ට ලක්‌වීමට සිදුවෙයි.

    එසේම සම වයසේ දරුවන් අධ්‍යාපන, සෞඛ්‍ය ආදී පහසුකම් ලබා මනා පොහොරක්‌ ලබා සරුසාර ලෙස වැඩෙන ගොයම් යායක්‌ සේ දිලෙද්දී මොවුන් ඒ කිසිවක්‌ නොබලා අඳුරු අනාගතයකට හිමිකම් කියයි.

    ළමයින් යුධ සේවයට යොදා ගැනීම ද ඔවුන්ගේ අනාගතය විනාශ කර දමයි. මෙහි දී ළමා මනස ඒක පාක්‌ෂික කිරීම උදෙසා මොළය වෙනස්‌ කිරීමක්‌ (ඊර්සබ - ජය්බටසබට) සිදු කරයි. එසේම යුද්ධයේ දී ඔවුන් දරුණු ලෙස තුවාල වීම්වලට ලක්‌වෙයි. ඔවුන්ට යුධ බිමේදී නිසි ප්‍රතිකාර පවා නොලැබෙයි.

    ළමයින් බියගන්වා වැඩ ගැනීමත්, ආහාර පාන නොදී අඳුරු කුටිවල සිරකර තැබීමත් දරුණු අපචාර ක්‍රියා ලෙස සැලකිය හැකිය. ඇතැම් දෙමාපියන් ළමයින්ට අනවශ්‍ය පරිදි ඖෂධ වර්ග, වස - විෂ ලබාදීම සිදු කරති.

    සමහර වැඩිහිටියන් ප්බජයෑමඑසදබ sහබාරදපැ නැමැති මානසික රෝගයෙන් පෙළෙයි. තමන්ට නොමැති රෝග ලක්‌ෂණ පවසමින් වෛද්‍යවරුන් ලවා සිරුර පරීක්‍ෂා කරවා ගැනීමට පෙළැඹෙයි. මෙවැනි වැඩිහිටියන් තමන්ගේ දරුවන්ද ඇතැම් විට වෛද්‍යවරුන් ලවා නිකරුණේ පරීක්‍ෂා කරවා ළමයින්ට නොමැති රෝග පවසමින් ඇතැම් විට ශල්‍යකර්මවලට පවා භාජනය කරවති. මෙය ප්බජයමඑසදබ ඉහ චරදංහ ලෙස හඳුන්වයි.

    මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් අප නොසිතන අයුරින් ළමයින් සහ තරුණයන් වැඩිහිටියන් විසින් වැරදි ලෙස යොදා ගැනීම් පවතියි. එහෙත් මෙහි අවසාන ප්‍රතිඵලය සමස්‌ත සමාජ පද්ධතියටම වෛර කරන අනාගත පරපුරක්‌ බිහිවීමයි. උඳු වැපීරූ කළ මුං බලාපොරොත්තු විය නොහැකිය.

    අද ප්‍රධානතම සමාජ පිළිලයක්‌ බවට පත්වී ඇති ලිංගික දූෂණ ක්‍රියා දෙස නැවත අවධානය යොමු කරන්නේ නම් මෙවැනි ගැහැටවලට ලක්‌වූවන්ගේ පවුල් ජීවිත අප්‍රසන්න වෙයි. මේ නිසා පවුල් සංස්‌ථාව වියවුල් වී ඔවුන්ගේ දරුවන්ද හෙටක්‌ නැති ලොවක තනි වෙයි.

    ගෙවී ගිය වසර කිහිපය තුළ දී එකවර ගිනිකන්දක්‌ පුපුරන්නා සේ ලිංගික අපචාර ක්‍රියා ඉහළ ගිය බව පෙනෙන්නට විය. එහෙත් මේ තත්ත්වය වසර ගණනාවක්‌ මුළුල්ලේම පැවතිනි. ෂජැ ඉමරටැ චයෑබදපැබදබ ලෙස මේ සිදුවීම හඳුන්වයි. විශාල අයිස්‌ කන්දක්‌ මහා සාගරයෙන් වැසී පවතින විට එහි මුදුන සුළු ප්‍රමාණයක්‌ පමණක්‌ පෙනෙන්නට තිබේ. සාගර ජලය අඩුවූ විට මහා කන්ද පෙනෙන්නට පටන් ගනී.

    මීට වසර ගණනාවකට පෙර විශාල අවධානයක්‌ සංචාරක කර්මාන්තය නිසා වන සංස්‌කෘතික දූෂණයට පැවැති බැවින් ස්‌වදේශිකයන් නිසා වන සංස්‌කෘතික සෝදාපාළුව නිරාවරණය නොවීය.

    ළමා අපචාර වළක්‌වා ගත හැකි ක්‍රම

    * ලිංගික අපචාරයන්ට ගොදුරු වීම / ගොදුරු විය හැකි ක්‍රම ආදිය සම්බන්ධව විවෘත සංවාදයක්‌ විය යුතුය. මේ තත්ත්වය පවුල කේන්ද්‍ර කොට විහිදී යා යුතුය.

    * ප්‍රජනන අධ්‍යාපනය විධිමත්ව ළමා පරපුර වෙත ලබා දිය යුතුය. ලිංගිකත්වය යනු සැඟවිය යුතු තත්ත්වයක්‌ නොවෙයි. නිසියාකාරව ලිංගික අධ්‍යාපනය ලබා නොදීම නිසා අනිසි සහ විද්‍යාත්මක නොවන ග්‍රන්ථ පරිශීලනය කිරීමට ඔවුහු පෙලඹෙති. මින් ඇතිවන විකෘති ලිංගික ආශාවන් අපචාර වැඩි කරයි.

    * දෙමාපියන් දරුවන්ගේ ශරීරයේ මායිම් පිළිබඳ අවබෝධයක්‌ ලබාදිය යුතුය. මෙමගින් තමන්ට පමණක්‌ පෞද්ගලික රහස්‍ය සීමා ස්‌පර්ශ කිරීම වළක්‌වා ගත හැකිය. වයස අවුරුදු 03 පසුව දරුවන්ගේ පවිත්‍රතා ඔවුන්ටම කර ගැනීමට ඉඩ හැරිය යුතුය.

    * යම් අතවරයක්‌ පිළිබඳව අනතුරක්‌ පවතින විට වහාම තමාට ඉතාම හිතවත් විශ්වාසවන්ත වැඩිහිටියකුට ඒ බව ප්‍රකාශ කළ යුතුය.

    මෑත භාගයේ දී සිදුවූ බෙහෝ ළමා අපචාර ක්‍රියා මෙම පියවර අනුගමනය කළේ නම් වළක්‌වා ගත හැකිව තිබිණි. මෙවැනි අනතුරු පවතින විට ඒ සම්බන්ධව රහස්‌ පවත්වා ගත යුතු නොවෙයි. අශ්වයා පැන යැමට ප්‍රථම ඉස්‌තාලය වසා දැමිය යුතුය.

    අතවරයක්‌ සිදුවන විට ඉන් ගැලවීමට, කෑ ගසා පලා යැමට දැන ගත යුතුය. හැකි පමණ වෙර යොදා කෑ ගසා ආධාර ඉල්ලා සිටිය යුතුය. මෙවැනි අපචාර සිදු කරන පුද්ගලයන් කවරේ දැයි තියුණු අවධානයකින් සිටීමත්, ඔවුන්ගෙන් ඉවත් වී සිටීමත් වැදගත්ය. විකෘති කාමාශාවන් ඇති කරන දර්ශන ප්‍රදර්ශනය වැළැක්‌වීම හා අසභ්‍ය පොත්පත් ප්‍රකාශනය තහනම් කළ යුතුය.

    වෛද්‍ය ජී. ජී චමල් සංජීව
    දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ, හම්බන්තොට
    [/FONT]
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පින්සාර පිරිමි ආත්මවල තමාව සොයන
    පවුකාර ගැහැණු ඔවුන් ද?


    pinsara.jpg
    'මුරපොළේ ගැහුණු පිරිමි මුරකාවල් කුටි අතරින් ඔවුන් නිතැතින්ම තෝරාගත්තේ ගැහුණු කොටසය. මුරකාවලේ යෙදී සිටි ආරක්‌ෂක නිලධාරීන් හා නිලධාරිනියන් හැඳුනුම්පත් ඉල්ලා සිටියහ. යුද්ධයේ නිමාවත් සමඟ පූජා භූමියට ඇතුළු වීමට හැඳුනුම්පත අනිවාර්යය නොවූව ද මොවුන්ගේ ස්‌ත්‍රී පුරුෂභාවය පිළිබඳ හටගත් සැකය නිරාකරණය කරගන්නට හැඳුනුම්පත පරීක්‌ෂා කළ යුතු විය.

    දීපාල් මෙන්ම සේපාල ද හැඳුනුම්පත දිගුකළේ සැලෙන අතැඟිලි අගිනි.

    "දිසානායක මුදියන්සේලාගේ සේපාල දිසානායක"

    රැකවලා හඩඟා කියන කල සේපාලගේ හිස පහතට නැඹුරු විය.

    "රත්නායක මුදියන්සේලාගේ දීපාල් රත්නායක....."

    ඊළඟ මොහොතේ පහතට බරවූයේ දීපාල්ගේ හිසය.

    "දැං ඉතින් මේ මහත්තරු දෙන්නා කියනව ද නෝනලා වගේ ඇඳගෙන කාව රවට්‌ටන්න ද හදන්නෙ කියල........."

    කතා කිරීමෙන් ඵලක්‌ නැතැයි තීරණය කළාක්‌ මෙන් සේපාල සහ දීපාල් නිහඬව පසුවූහ.

    "ලැඡ්ජ නැද්ද ඕයි...? පිරිමි ආත්මයක්‌ ලබන්ඩ මොනතරම් පිං කරන්ඩ ඕනද කියල දන්නවද...?"

    පින්කාර පිරිමි ආත්මයේ ඉපිද පව්කාර ගැහුණු ආත්මයට ලොල් වූ අවාසනාවන්තයන් දෙස රැකවල් නෙත් යොමුව තිබිණ.

    "මෙතැනනෙ කතා කරන්ඩ බැරි...පොලිසියේදී කට ඇරෙයි..."

    සේපාල......... පිරිමි කයක්‌ ද ගැහැණු ආත්මයක්‌ ද ඇතුව ඉපදුණු තරුණයෙකි. නැතහොත් සංක්‍රාන්ති සමාජභාවීය තරුණියකි. ජීව විද්‍යාත්මකව පිරිමියකු ලෙස උපත ලැබුව ද මනසින් ගැහැණියකි. එහෙත් සේපාලගේ මනස හෝ මනස ක්‍රියාත්මක වන ආකාරය කාටවත් පේන්නේ නැත. කවුරුත් දකින්නට කැමති සේපාල නම් පිරිමියා ය. පිරිමි හැසිරීම්, පිරිමි කතාබහ, පිරිමි ගමන, පිරිමින් කරන වැඩය. එහෙත් සේපාල තුළ ඒ කිසිවක්‌ නොමැත. සේපාලගේ කතාව, ගමන, ශරීරයේ හැඩය, මුහුණ, තොල් සියල්ල වඩාත් ආසන්න වන්නේ ගැහැණු ශරීරයකට ය. ඉතින් සේපාල සමාජය තුළ අසාමාන්‍ය චරිතයකි. නපුසංකයෙකි. පොයන්නෙන් හඳුන්වන පුද්ගලයෙකි, ගැහැණු පිරිමියෙකි, පිංගුත්තරයෙකි. පාසලේදී පිරිමි මිතුරන් සේපාලව ඔවුන්ගේ ක්‍රීඩාවලට එකතුකරගන්නේ නැත. ගැහැණු මිතුරියන් ඔහුව පිළිකුල් කරයි. සේපාලගේ තාත්තා සිතන්නේ සේපාල යනු වැරදි උපතක්‌ බවයි. ඒ නිසාම නිවස තුළ ඔහුට කාමරයක්‌ නැත. කෑම් බීම්වල උස පළල මණින්නේ ඔහුගේ හැසිරීම්වලිනි. සේපාලගේ මවට අනුව සේපාලට ඇත්තේ අපලයකි. ඒ නිසා ඔහු කාලකන්නි දරුවෙකි. එහෙත් අම්මාට ඔහු පුතාය. සමාජයේදී මගේ පුතා, මගේ කොල්ලා යනුවෙන් තම දරුවාව ඇමතීමට ඇයට වරම් නැත්තේ අනෙකුන්ගේ සරදම් හිනාව දැකීමට ඇති අකමැත්ත නිසාය. විටෙක තම දරුවාට කාරුණික වන ඇය තවත් විටෙක කිපෙයි.

    "කොහොමද ඔය ඇවිදින්නෙ? ඔහොමද පිරිමියෙක්‌ ඇවිදින්නෙ? මිනිහෙක්‌ වගේ බරට අඩිය තියල පලයංකො. ඔය පස්‌ස පද්දන්නෙ නැතුව..."

    මේ සේපාලගේ මවයි. තම කුසින් වැදූ බඩපිස්‌සාගෙන් තම පරම්පරාවේ අනාගතය දකින්නට හීන මවන මවයි. පියාට අනුව ඔහුට නම තබන්නට තිබුණේ සේපාල කියා නොව සේපාලි කියාය. පවුලෙන්, සමාජයෙන්, පාසලෙන්, පන්සලෙන් විවිධාකාරයේ හිංසාවට පීඩාවට පත්වන සේපාල සියදිවි හානිකරගැනීමට ද උත්සාහ කරයි. පිරිමි ලිංගිකයකු ලෙස ඉපදුණ ද මනසින් ගැහැණියක්‌ වන නිසා සේපාලට තම මනසින් එල්ලවන පීඩනය දරාගැනීමට අපහසුවේ. සමාජය ඔහුගෙන් පිරිමියා බලාපොරොත්තු වෙත්දී මනස ඇයගෙන් ගැහැණියක බලාපොරොත්තු වේ. සමාජ පිරිමියා හා ආත්මීය ගැහැණිය අතර සිරවන සේපාල පවුලෙන් දොට්‌ට දැමෙන අතර සමාජයේදී විවිධ පුරුෂයන්ගේ අතවරවලට, ලිංගික සූරාකෑමට ද ලක්‌වේ. පොලිස්‌ කූඩුවල ලගිමින්, පොලිස්‌ නිලධාරීන්ගේ විවිධ තාඩන පීඩන, ගුටිබැටවලට හා විටින් විට දූෂණයට ලක්‌ව තම සිරුර හා මනස අනුන් වෙනුවෙන් හපයක්‌ වෙත්දීත් වෙනස්‌ව ඉපදුනාට තමන්ට සාප කරන එහෙත් සමාජයට සාප නොකරන සේපාල අවසානයේ මහා මාර්ගය තෝරාගනී. එහෙත් මහපාර තම නිවස්‌න ලෙස තෝරාගන්නා දවසේම ඇය තවදුරටත් පිරිමියකු ලෙසින් කරන රංඟනය නවතා තම මනස විසින් ඉල්ලා සිටින ගැහැණිය ලෙස සමාජයේ පෙනී සිටීමට පටන්ගනී. සේපාලගේ චරිතය හරහා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවගේ කැකෑරෙන ආත්මවල විලාපය ඉහතින් දැක්‌වූ ආකාරයට සමාජගත කරන්නේ ශාන්ති දිසානායක ගත්කතුවරිය ඇයගේ "අංගනා" නවකතාවෙනි. වරාමල්, හැන්දෑව, වාලුකා වැනි නවකතා ගණනාවකින් ගොවිජනපද ගැහැණියගේ පීඩිත ආත්මයන් පිළිබඳ නිර්මාණකරණයෙන් අනතුරුව ඇය වර්තමානයේදී වඩාත් සාකච්ඡාවට භාජනය වන විකල්ප ලිංගික ප්‍රජාව පිළිබඳ සාහිත්‍යමය උත්සාහයක්‌ දැරීම අගය කළ යුතුය.

    වැරදි ශරීරයක ඉපදුණු අය වශයෙන් සලකන සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව විකල්ප ලිංගික අනන්‍යතා සහිත වූවන්ගෙන් වඩාත් බරපතළ ලෙස මෙන්ම බහුල ලෙස ද මානව හිමිකම් අහිමිවන අය වේ. සමරිසි ප්‍රජාවට ඔවුන් කායිකව, මානසිකව හෝ ආධ්‍යාත්මිකව ආකර්ශනය වන්නේ කාහටද යන ප්‍රශ්නය පවතින අතර ඔවුන්ගේ කැමැත්ත සඟවාගෙන ජීවත්විය හැකිවේ. ඔවුන්ට සාමාන්‍ය පිරිමින් හෝ ගැහැණුන් ලෙස ජීවත්විය හැකි අතර ඔවුන්ගේ අනන්‍යතාව අන් අයට ප්‍රකාශ කරන තාක්‌කල් සමාජයෙන් හිරිහැර, කරදර සිදුවන්නේ නැත. එහෙත් සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව එසේ නොවේ. ඔවුන් ජීවිතය පුරාවටම රැගෙන යා යුතු යමක්‌ තිබේ. ඒ ඔවුන් විසින්ම ඔවුන් කවුරුන් ද යන්න සොයා යන අතරතුර සමාජයෙන් ඔවුන්ගේ ස්‌ත්‍රී - පුරුෂ සමාජභාවීය අනන්‍යතාව තහවුරු කරගැනීමේ අරගලයයි. සමාජය ගැහැණියක ලෙස උපත ලැබූවකුගෙන් බලාපොරොත්තු වන දේවල් ප්‍රමාණයක්‌ තිබේ. ඒ සමස්‌ත සමාජයේ පැවැත්ම තීරණය කිරීමේ ප්‍රධාන සාධකය ඇය වන නිසාය. දියණියක, භාර්යාවක, මවක, මිත්තණියක ලෙස සමාජයේදී ඇයට රඟදැක්‌වීමට විවිධ භූමිකා තිබේ. එමෙන්ම පුරුෂයන්ගෙන් ද බලාපොරොත්තුවන සමාජ කාර්යභාරයන් රාශියක්‌ පවතී. උපත ලැබූ විගස රෝස පාට ඇඳුම් හා නිල් පාට ඇඳුම් අන්දවමින් පුතා හෝ දුව ලෙස පහසුවෙන් හඳුනාගැනීමට අවස්‌ථාව ඇතිකරනවා යෑයි අප සිතූව ද ඇත්ත වශයෙන්ම සිදුවන්නේ අනාගතයේදී ගැහැණිය හෝ පිරිමියාට ඇති කාර්ය භාරය සඳහා සූදානම් කරවීමක්‌ බව අප සිතන්නේ නැත. උපත ලැබූ දරුවාගේ ලිංගික අවයව දෙස බලා ඔහුගේ හෝ ඇයගේ ලිංගිකත්වය තීරණය කිරීම අතිශයින් සාධාරණය. විය යුත්තේ ද එයයි. එහෙත් දරුවකු වැඩෙන විට ඔහුගේ හෝ ඇයගේ හැසිරීම් දෙස බලා වෙනස්‌ හැසිරීම් ඇත්නම් ඒවා මැනවින් නිරීක්‌ෂණය කර සුදුසු පිළියමක්‌ යෙදිය යුතුවේ. කිසිම පුද්ගලයකු කැමැත්තෙන් හෝ වෙනත් වුවමනාවකින් ලිංගිකත්වය මාරුකරගන්නේ නැත. එහෙත් මනසින් එක්‌ ලිංගයකට හා ශරීරයෙන් තව ලිංගියකට අයත්ව ජීවත්වීම ඉතා අපහසු කාර්යයකි. ඉහත නවකතාවේ සේපාල වැනි සංක්‍රාන්ති සමාජභාවීය ගැහැණුන් මහමඟට වැටෙන්නේ ඔවුන් පිළිබඳ නිවැරදි අවබෝධයක්‌ සමාජගත වී නොමැති නිසාය. ලෝකයේ මනෝවිද්‍යාව මේ තරම් දියුණුවෙමින් තිබියදීත්, ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාලවල විකල්ප ලිංගික අනන්‍යතා පිළිබඳ උපාධි මට්‌ටමේ පාඨමාලා තිබියදීත් අඩුම තරමේ අපගේ පාසල් අධ්‍යාපනය තුළ විකල්ප ලිංගික අනන්‍යතා සහිත වුවන් සිටිනවා යෑයි කියා හෝ ඉගැන්වීමක්‌ නොමැත. විශ්වවිද්‍යාලවල සමාජ ප්‍රශ්න පිළිබඳ වෙනම විෂය ඒකක තිබුණ ද විකල්ප ලිංගික අනන්‍යතා සහිත වූවන්ගේ ප්‍රශ්න සැලකිල්ලට ගන්නේ නැත. මේ නිසා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයකු මහමඟදී දුටුවහොත් අපිට මැජික්‌ය. කොහොමත් ජාතියක්‌ වශයෙන් අපි මැජික්‌ බලන්නට කැමතිය. පසුගියදා දුම්රියට බෙල්ල තබා මියගිය තරුණියට, තම දරුවන් ගස්‌වල එල්ලා තමා ද ගෙලවැල ලාගත් පියාගේ මරණ පරීක්‌ෂණ පමණක්‌ නොව මිනී එම්බාම් කිරීමට තරම් අනුන්ගේ කුණු තමන්ගේ ප්‍රශ්න කරගැනීමට තරම් අපි මැජික්‌කාර ජාතියක්‌ය. පොලිස්‌ නිලධාරීන්ට ද සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් මැජික්‌ එකක්‌ වන්නේ එබැවිනි. දුටු තැන අල්ලාගන්නේ ද පැත්තකට ඇදගෙනගොස්‌ දෙකක්‌ අනින්නේ ද ලිංගික වහලුන් බවට පත්කරන්නේ ද විවිධ අල්ලස්‌ ලබාගන්නේ ද සමාජයට මැජික්‌ එකක්‌ වූ ඔවුන් අසරණ බව දන්නා හෙයිනි. සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ට එරෙහි සෘජු නීතියක්‌ නීතිs පොතේ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ පොලිස්‌ නිලධාරීන් නීති පොත අකුරක්‌ නෑර කියවා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට තරම් නීති සොයාගැනීමට තරම් සූක්‌ෂමය. රට තුළ අපරාධ සියයක්‌ සිදුවුණි නම් එම අපරාධවලට වගකිවයුතු නිවැරදිම අපරාධකරුවා සොයාගැනීමේ ප්‍රතිශතය සියයට හතරක්‌ හෝ හයකි. එයට අභිශෝධන ප්‍රතිශතය යෑයි කියනු ලැබේ. එනයින් ගත්කල අපරාධවලින් සියයට අනූහතරක්‌ම කළවුන් නැත. වංගෙඩිය මිනී මැරුවා යෑයි වංගෙඩි උසාවි ගිය රටක, ගොයම් කොළේට මුවාවී වෙඩි තැබිය හැක්‌කේ කෙසේදැයි කෙස්‌පැළෙන තර්ක දමා අපරාධකරුවන් නිදහස්‌ කරන නීති පද්ධතියක්‌ ඇති රටක සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් හෝ අත්අඩංගුවට ගත යුතුය. හේතුව ඔවුන් සමාජය තුළ අසරණයන් වී ඇති බැවිනි. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔවුන් අසරණයන් බවට පත්කර ඇති හෙයිනි. සුද්දා හැදූ දණ්‌ඩ නීති සංග්‍රහයට අනුව "යමකු වෙනත් තැනැත්තකු ලෙස බොරුවට හඟවමින් හෝ වෙනත් තැනැත්තකු වෙනුවට තවත් තැනැත්තකු දැනුවත්ව පෙනී සිටුවමින්, හෝ එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තකු නියම වශයෙන්ම එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තකු නොව, අන් තැනැත්තෙක්‌ යෑයි නිරූපණය කරමින් රවටතොත් ඔහු - අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කළ ලෙස" සලකනු ලැබේ. ව්‍යාජ පුද්ගලයකු ලෙස පෙනී සිටීම වරදක්‌ ය. මෙහි ඇති විහිළුම සහගත දෙය වන්නේ මෙම වගන්තියට යටින් පැහැදිලි කිරීමක්‌ ලෙස "පෙනී සිටිනු ලබන තැනැත්තා සත්‍ය තැනැත්තකු වුව ද සිතින් මවාගත් තැනැත්තකු වුව ද වරද සිදුකෙරේ". යනුවෙන් යොදා තිබීමයි. පොලිසිය සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් දඩයම් කිරීම සඳහා දණ්‌ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය යොදාගන්නේ ඔවුන් විරුද්ධ ලිංගික හැසිරීම් හා ඇඳුම් පැළඳුම්වලට අනුව සමාජයේ පෙනී සිටින්නේ සිතින් මවාගෙන බව උපකල්පනය කිරීමෙනි. මෙම උපකල්පනය කිරීමට ඔවුන්ට සහේතුක හේතු අවශ්‍ය නැත. වෙනස්‌විය යුතු වුව ද සුද්දා විසින් සාදා දුන් නිසා සුද්දාට බැන බැන හෝ පාවිච්චි කිරීමට අවශ්‍ය කාලකණ්‌නි නීතියක්‌ තවමත් පවතින නිසා එම නීතියේම උපකල්පනය කිරීමට අවශ්‍ය හේතු ද දක්‌වා ඇති බැවිනි. අප සමාජයක්‌ වශයෙන් දියුණු ලෝකයකට ගමන් කිරීමට උත්සාහ දරන්නේ නම් පළමුව සිදුකළ යුත්තේ අපව ම්ලේඡ්චයන් බවට පත්කරවන ආකාරයේ නීති රීති, රෙගුලාසි ඇතුළත් සමාජ යාන්ත්‍රණ වෙනස්‌කිරීමට එකාවන්ව පෙළ ගැසීමයි. රටක්‌ වශයෙන් අප කොතරම් සංවර්ධනය වූව ද මානව සංවර්ධනය සිදුනොවන්නේ නම්, අපගේ සංවර්ධනය අනෙකාගේ අයිතිවාසිකම් හා ගෞරවය උදුරා ගනිමින් සිදුවන්නේ නම් එය සැබෑ සංවර්ධනයක්‌ වන්නේ නැත. ශ්‍රී ලංකාවේ සුළුතර ලිංගික ප්‍රජාව ඉල්ලා සිටින්නේ සමාජය විසින් අහිමිකරන තම ගෞරවණීයභාවයට ඇති වටිනාකම ආරක්‌ෂා කර දෙන ලෙසයි. එම ගෞරවණීයභාවය තුළ ඔවුන්ට නිදහස්‌ මනසක්‌, අනාගතය පිළිබඳ පැහැදිලි දැක්‌මක්‌ තිබෙන අතර ජීවත්වීමේ ආශාව හා අපේක්‌ෂාව ඇතිකරවන ආකාරයේ බලාපොරොත්තු රාශියක්‌ ද තිබෙනවා විය හැකිය.

    pinsara1.jpg
    විකල්ප ලිංගික අනන්‍යතා හා ස්‌ත්‍රී - පුරුෂ සමාජභාවීය අනන්‍යතා සහිත වූවන් වෙනුවෙන් අප නැඟී සිටිය යුත්තේ ඔවුන්ට එරෙහිව සිදුවන වෙනස්‌කොට සැලකීමේ, හිංසනයට ලක්‌කිරීමේ සමාජ යාන්ත්‍රණයට එරෙහි ධනාත්මක නැඟී සිටීමක්‌ වශයෙනි. ඔවුන් ද අපේම රටේ සුජාත දරුවන්ගෙන් පිරිසක්‌ බව අප සිහිතබාගත යුතුය. විදේශ කුමන්ත්‍රණවලදී හෝ ත්‍රස්‌තවාදී අරගලවලදී හෝ, අනෙකාගේ කරදරයකදී හෝ වෙනත් දෑ පසෙක තබා නැඟී සිටින අපි මිනිසුන්ගේ කකුල් දෙක අතර මැද තිබෙන අවයවයක්‌ මත පදනම්ව ඔවුන්ව නොමිනිසුන් ලෙස සලකන නීතියට එරෙහිව නැඟී සිටිය යුතු කාලය දැන් එළඹ තිබේ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ අනෙකාව සාමාන්‍යයකු ලෙස දැකීමට පළමුව අපගේ මනස සකස්‌කර ගැනීම හා දෙවනුව අනෙකාගේ අයිතිවාසිකම් ආරක්‌ෂාකර දීම වෙනුවෙන් වචනයකින් හෝ පෙනී සිටීමයි. 2017 ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙලේ නිර්දේශිත කෘති අතර දෙවැනි වටය නියෝජනය සඳහා 'අංගනා' වරම් ලැබ සිටියි. අංගනා ස්‌වර්ණ පුස්‌තක සම්මානය ලැබූව ද නොලැබූව ද ලක්‌ෂ සංඛ්‍යාත සේපාලලා තව තවත් බිහිවනු ඇත. ඒ සේපාලලා ද සොබාදම් මෑනියන්ගේ දරුවන් වන නිසාය. ශාන්ති දිසානායක මැතිනියනි, ශ්‍රි ලංකාවේ ලක්‌ෂ සංඛ්‍යාත සංක්‍රාන්ති සමාජභාවීය ගැහැණුන් හා පිරිමින් වෙනුවෙන් ඔබට බොහෝ පිං..

    තුෂාර මනෝඡ්
    ව්‍යාපෘති නිලධාරි - ඊක්‌වල් ග්‍රවුන්ඩ්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]සංක්‍රාන්තික ලිංගිකයෝද මනුෂ්‍යයෝය
    [/FONT]
    [FONT=&quot]
    n17-2.jpg
    සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් යනු ලිංගික ශ්‍රමික ව්‍යාපාරය තුළ වැඩියෙන්ම අතවරයට, අසාධාරණත්වයට ලක්‌වන පිsරිසය. ඔවුන්ට වඩා වෘත්තීය අනන්‍යතාවක්‌ කාන්තා වීදි ලිංගික ශ්‍රමිකාවන්ට ඇත. ඔවුන් මෙම වෘත්තියට යොමුවූ විශේෂ හේතුවක්‌ නැත. ඔවුන් සංක්‍රාන්තික ලිංගිකයන් වීමම මීට හේතු වී ඇත. ඔවුන්ගෙන් සමහරුන් හොඳ අධ්‍යාපනයක්‌ ලද අය නමුත් ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය නිසා ඔවුන්ට මේ කොදෙව්වේ වෙනත් රැකියාවක්‌ කරන්නට ඉඩක්‌ නැත. සංක්‍රාන්තික ලිංගිකයන් සාමාන්‍යයෙන් අඳින්නේ පළඳින්නේ ස්‌ත්‍රීන් ලෙසය. ඔවුන් අතර ඉතාමත් සුන්දර යුවතියන් ලෙස හැඩ ගැහුණු අය ද සිටිති. ඉතාමත් අන්ත අසරණ ජීවිත ගතකරන සංක්‍රාන්තික ලිංගිකයන් සමාජයෙන් පමණක්‌ නොව අනෙක්‌ ලිංගික ශ්‍රමිකයන් හා ශ්‍රමිකාවන් අතින්ද බොහෝ විට කොන්වේ. ඔවුන් නිතර නිතර සමූහ දූෂණයට හා පර පීඩක කාමුකයන්ගේ අතවරයට ලක්‌වේ.

    n17-3.jpg
    මේ ලොව ලෝක සම්මතයට අනුව හැම මනුෂ්‍යයකුම එක්‌කෝ ගැහැනු නැතිනම් පිරිමි විය යුතුය. ඒත් සොබාදහමට ලෝක සම්මතයෙන් වැඩක්‌ නැත. සොබාදහම මනුෂ්‍යයන් ස්‌ත්‍රීන් ලෙසට, පුරුෂයන් ලෙසට පමණක්‌ නොව සංක්‍රාන්තික ලිංගිකයන් ලෙසද නිපදවයි. එය සොබාදහමේ නීතියයි. සංක්‍රාන්තික ලිංගිකයන් ස්‌ත්‍රියක්‌ හෝ පිරිමියෙක්‌ ලෙස නොඉපදුණේ ඒ සොබාදහමේ නීතියට අනුවය. එය සංක්‍රාන්තික ලිංගිකයන්ගේ හෝ සොබාදහමේ වරදක්‌ නොවන්නේය. වරද ඇත්තේ මේ ලොව සියලුම මිනිසුන් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ ලෙස පමණක්‌ ඉපදිය යුතු බවත්, එසේ නූපදින කිසිම මනුෂ්‍යයෙක්‌ මිනිසෙක්‌ ලෙසින් සැලකිය නොහැකි බව සිතන කෲර අමානුෂික ලෝක මතය තුළයි.

    එකී කෲර අමානුෂික නොදියුණු ලෝක මතය එකී අසරණයන්ට ජීවිතය හෝ මරණය තෝරාගන්නා ලෙසට බලකර ඇත. ජීවිතය තෝරා ගන්නා සංක්‍රාන්තික ලිංගිකයන්ට ලෝක මතය ඉතිරි කර ඇති එකම රැකියාව ලිංගික ශ්‍රමික වෘත්තියයි. ඒ නිසා ඔවුන් එම රැකියාව කිරීමේ වගකීම ඔබත් මාත් ඇතුළු සමස්‌ත සමාජයම අඩුවැඩි වශයෙන් භාරගත යුතුය.

    සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් යනු ලිංගික ශ්‍රමික ව්‍යාපාරය තුළ වැඩියෙන්ම අතවරයට, අසාධාරණත්වයට ලක්‌වන පිsරිසය. ඔවුන්ට වඩා වෘත්තීය අනන්‍යතාවක්‌ කාන්තා වීදි ලිංගික ශ්‍රමිකාවන්ට ඇත. ඔවුන් මෙම වෘත්තියට යොමුවූ විශේෂ හේතුවක්‌ නැත. ඔවුන් සංක්‍රාන්තික ලිංගිකයන් වීමම මීට හේතු වී ඇත. ඔවුන්ගෙන් සමහරුන් හොඳ අධ්‍යාපනයක්‌ ලද අය නමුත් ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය නිසා ඔවුන්ට මේ කොදෙව්වේ වෙනත් රැකියාවක්‌ කරන්නට ඉඩක්‌ නැත. සංක්‍රාන්තික ලිංගිකයන් සාමාන්‍යයෙන් අඳින්නේ පළඳින්නේ ස්‌ත්‍රීන් ලෙසය. ඔවුන් අතර ඉතාමත් සුන්දර යුවතියන් ලෙස හැඩ ගැහුණු අය ද සිටිති. ඉතාමත් අන්ත අසරණ ජීවිත ගතකරන සංක්‍රාන්තික ලිංගිකයන් සමාජයෙන් පමණක්‌ නොව අනෙක්‌ ලිංගික ශ්‍රමිකයන් හා ශ්‍රමිකාවන් අතින්ද බොහෝ විට කොන්වේ. ඔවුන් නිතර නිතර සමූහ දූෂණයට හා පර පීඩක කාමුකයන්ගේ අතවරයට ලක්‌වේ.

    සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් සමාජයේ විවිධ සමාජ මට්‌ටම් නියෝජනය කරති. වීදි හා පැල්පත් සමාජයේ මධ්‍යම පන්තියේ සුපිරි පන්තියේ ද ඔවුන් දැකිය හැකිය. වීදි හා පැල්පත් සමාජයේ සිටින ලිංගික ශ්‍රමිකයන් එම සමාජයේම උපන් අය හා ඉහළ සමාජවලින් එම සමාජ මට්‌ටම්වලට පැමිණි පිරිස්‌ය. ඔවුන් රුපියල් 50 ක්‌ වැනි සුළු මුදලකට සිය ලිංගික ශ්‍රමය ලබා දෙන අවස්‌ථාද ඇත. පොදු වැසිකිළි සෙනඟ අඩු දුම්රිය ස්‌ථාන, ජන ශූන්‍ය ස්‌ථාන, ලඳු කැලෑ, පෙට්‌ටි කඩ, වෙරළබඩ කලාපයේ නම් වැටකෙයි ගාල්, ගල් ගුහා ආදී ස්‌ථානවල ඔවුන් තම සේවා සපයයි. පාතාල සමාජයේ සාමාජිකයන් අතින් ඔවුන් නිර්දය ලෙස දූෂණයට ලක්‌වෙයි. සංක්‍රාන්තික ලිංගිකයන් මධ්‍යම පංතියේද දැකිය හැකිය. නාගරික අර්ධ නාගරික මෙන්ම ග්‍රාමීය සමාජයේ ඔවුන් සිටිති. නාගරික සමාජයේ ලිංගික ශ්‍රමිකයන්ට ග්‍රාමීය සමාජයේ ලිංගික ශ්‍රමිකයන්ට වඩා වෘත්තීය අනන්‍යතාවක්‌ ඇති අතර ඔවුන් සාපේක්‍ෂව ඉහළ ආදායමක්‌ ලබයි. එමෙන්ම මෙම ලිංගික ශ්‍රමිකයන්ගෙන් සමහරෙක්‌ සාක්‍ෂරතාවයෙන් යුතු පිරිස්‌ය. ඉහළ මධ්‍යම පංතියේ නම් ඔවුන්ගෙන් සමහරෙක්‌ අන්තර්ජාතික පාසල්වල පවා අධ්‍යාපනය ලැබූ අයය. ඉහළ මධ්‍යම පන්තියේ ලිංගික ශ්‍රමිකයන් සාමාන්‍යයෙන් ඉලක්‌ක කරන්නේ ඉහළ මධ්‍යම පන්තියේ පිරිමින් හෝ සුපිරි පන්තියේ පිරිමින්ය. ඒත් ඔවුන් පහළ සමාජ මට්‌ටම්වල ඉතා කඩවසම් තරුණයන් සමඟ වුව සබඳතා පැවැත්වීමට අකමැති නොවෙති.

    සුපිරි පැලැන්තියේ පවුල්වල ඉපිද සුපිරි පැලැන්තියේ අයටම ලිංගික ශ්‍රමය ලබා දෙන පිරිස්‌ද මේ සමාජයේ දැකිය හැකිය. ඔවුන් සමාජ ශාලා කැරොකේ ශාලා ආශ්‍රිතව ගැවසෙන අතර ඔවුන් සෑම විටම ඉලක්‌ක කරන්නේ සුපිරි පැලැන්තියේ අයයි. පහළ සමාජ මට්‌ටම්වල අය මෙන් නොව ඔවුන් පිරිසිදුව හා පිළිවෙළට ජීවත් වෙයි. ඉතාමත් මිල අධික ඇඳුම් පැළඳුම් සුවඳ විලවුන් ඔවුන් භාවිත කරයි. එමෙන්ම ඔවුන් වාචාල ලෙසවත් අශීලාචාර ලෙසවත් නොහැසිරෙන අතර ඇසක්‌ ගසා හෝ තොල සපා තම සේවාදායකයාව දැනුවත් කරති. ඔවුන් සාමාන්‍යයෙන් කිසිවිටකවත් පහළ සමාජ මට්‌ටම්වල අය සමඟ සබඳතා නොපවත්වති.

    සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන්ගේ සේවාව ලබා ගැනීමට විවිධ පිරිස්‌ පැමිණෙති. සමලිංගික පුරුෂයන්, පර පීඩනයෙන් විකෘති ලිංගික ආශාවන් සහිත පුද්ගලයන් මුඛ සංසර්ගය ප්‍රිය කරන්නන්, පාතාල සාමාජිකයන්, විදේශිකයන් මෙන්ම කාන්තාවන්ද ඒ අතර වෙති.

    සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් වෙත පැමිණෙන පරපීඩක කාමුකයන් විකෘති කාමාශාවන් ඉහවහා ගිය අය ලෙස හැඳින්වූවාට වරදක්‌ නැත. ඔවුන් සංක්‍රාන්තික ලිංගිකයන් වෙතම යන්නේ මොන දේ සිදුවූවත් සංක්‍රාන්තික ලිංගිකයන් ගැන සොයා බලන්නට කෙනෙක්‌ නැති බව දන්නා නිසාය. පුරුෂ පාර්ශ්වයේ බොහෝ දෙනා මුඛ සංසර්ගය ප්‍රියකරන මුත් කාන්තාවන් බොහෝ විට පුරුෂයන් උදෙසා මුඛ සංසර්ගයේ යෙදීමට කැමැත්තක්‌ නොදක්‌වයි. කාන්තා ලිංගික ශ්‍රමිකාවක්‌ වෙත ගියද ඔවුන්ට ඒ සඳහා විශාල මුදලක්‌ ගෙවීමට සිදුවෙයි. ඒත් සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයෙක්‌ගෙන් අඩු මිලක්‌ ගෙවා එම කාර්යයන් කරගත හැකි නිසා මුඛ ලිංගික සංසර්ගයට ආශා කරන අයද ඔවුන්ගේ ශ්‍රමය ලබා ගනිති. පාතාල ලෝකයේ සාමාජිකයන් සියලු දෙනාම පාහේ අද කාලය වන විට නිල් චිත්‍රපට බැලීම නිසා විකෘති කාමාශාවන්ගෙන් යුක්‌තය. නිල් චිත්‍රපට ආශ්‍රයෙන් උගත් අසහනකාරී ලිංගික චර්යා, වේදනාකාරී, පීඩාකාරී හා අසාමාන්‍ය ලිංගික චර්යා ඔවුන් අත්හදා බලන්නට උත්සාහ කරන්නේ සංක්‍රාන්තික ලිංගිකයන් ගෙනි. සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් ප්‍රිය කරන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි විමසූ විට එක්‌ පුද්ගලයෙක්‌ ඒ ගැන පවසා සිටියේ "කාන්තාවන්ගෙන් ලැබෙන්නේ සාම්ප්‍රදායික ලිංගික ආශ්වාදයක්‌. පුරුෂයන් සම්බන්ධයෙන් මගේ විශාල කැමැත්තක්‌ නෑ. ඒ නිසයි මම ඔවුන් වෙත යන්නේ. ඔහුගේ ප්‍රකාශය දෙස බැලූ විට පෙනී යන්නේ සාම්ප්‍රදායික ලිංගික සම්බන්ධතා, සමලිංගික සබඳතා ආදියෙන් ඔබ්බට ගිය ලිංගිකාශ්වාද සොයන පිරිස්‌ද සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන්ගේ සේවාව සොයා යන බවය. සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන්ගේ සේවාව ලබා ගන්නා පිරිස්‌ අතර විදේශිකයන්ද සිටිති. ලිංගික කාරණා සම්බන්ධයෙන් ඉතා විවෘත මනසකින් කටයුතු කරන බටහිර රටවල කාන්තා පුරුෂ දෙපාර්ශ්වයම ඔවුන්ගේ සේවාව ලබාගනිති. එමෙන්ම ඔවුන්ගේ ශ්‍රමය ලබා ගන්නා ශ්‍රී ලාංකික කාන්තාවන්ද ඉහත කී පිරිස අතර වෙති.

    සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් විවිධ ස්‌ථානවල සිට සිය රැකියාවේ යෙදෙයි. සමහර අය ස්‌වාධීනව කටයුතු කරති. දුරකථන අංක පොදු වැසිකිළිවල ලියා තමා පිළිබඳව සන්නිවේදනය කරති. ඔවුන් දුරකථන ඇමතුමක්‌ ලැබුණු වහාම ඒ අදාළ ස්‌ථානයට ගොස්‌ අවශ්‍ය සේවාව ඉටුකර දීමට හෝ ගනුදෙනුකරු තමන්ගේ තැනකට ගෙන්වා ගැනීමට නිතරම සූදානම්ය. තවත් අය හෝටල්, ස්‌පා, තානායම් ආශ්‍රිතව රැකියාව කරගෙන යති. සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් වැඩි වශයෙන් ගැවසෙන්නේ වීදිවලය. ඔවුන් සාමාන්‍යයෙන් එක්‌ තැනක රැඳී නොසිට ඇවිදිමින් පාරිභෝගිකයකු සොයති. කාන්තා ලිංගික ශ්‍රමිකාවන් ඔවුන් දුටු සැණින් එලව එලවා පහර දෙන්නේ සංක්‍රාන්තික ලිංගිකයන් නිසා තමාගේ ගනුදෙනුකරුවන් අඩුවන බව ඔවුන් සිතන නිසාය.

    සැලුන් හා රූපලාවන්‍යාගාර ආශ්‍රිතවද, වේෂ නිරූපන ශිල්පීන් විලාසිතා නිර්මාණකරුවන් ලෙසද සමාජයේ විවිධ වෙස්‌ ගනිමින් සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් සමාජය තුළ ගැවසේ.

    සංක්‍රාන්තික ලිංගිකයන් ලිංගික ශ්‍රමිකයන් වීමට විශේෂ හේතු නැත. එකම හේතුව ඔවුන් සංක්‍රාන්තික ලිංගිකයන් ලෙස උපත ලැබීමයි. ඒ නිසා ඔවුන් ලිංගික ශ්‍රමිකයන් වීමේ වරද භාරගත යුතුව ඇත්තේ සමස්‌ත සමාජයය. මිනිසෙක්‌ගේ ස්‌ත්‍රී පුරුෂභාවය තීරණය වන්නේ පියාගේ 23 වන වර්ණ දේහය මතය. සංක්‍රාන්තික ලිංගිකයන් ගැනද එසේමය. ඒ නිසා මිනිසෙක්‌ ස්‌ත්‍රීද පුරුෂ ද නැතිනම් සංක්‍රාන්තික ලිංගික ද යන්න තීරණය කරන්නේ පියා මිස මව නොවේ. එමෙන්ම එය මවගේවත් පියාගේවත් සංක්‍රාන්තික ලිංගිකයෝවත් වරදක්‌ නොවේ. එය ස්‌වභාව දහමේත් ජීව විද්‍යාවේත් සංකීර්ණ ස්‌වභාවයයි. ඒ නිසා සංක්‍රාන්තික ලිංගිකයෙක්‌ නිසාම ඔහුව සමාජයෙන් ඈත් කිරීම හෝ කොන් කිරීම සමස්‌ත මානව චර්යාවටම කරන නින්දාවකි. සංක්‍රාන්තික ලිංගිකයන් ගැන තබා ස්‌ත්‍රීභාවය හෝ පුරුෂභාවය ගැනවත් ලාංකීය සමාජයේ ලිංගික දැනුමක්‌ නැත. සංක්‍රාන්තික ලිංගිකයන්ට එවන් අසාධාරණයන් ඇතිවීමට මෙකී ලිංගික දැනුම අවම වීම හේතු වී ඇති බවට සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධ සිද්ධීන් ගැන විමසා බැලීමේදී පැහැදිලි වේ. දිනෙන් දින විද්‍යාත්මක දැනුම දියුණුවන ලෝකයක ජීව විද්‍යාව කියා පුරාවිද්‍යාව උගන්වන අධ්‍යාපන අමාත්‍යාංශයද, වික්‌ටෝරියානු සදාචාරවාදයෙන් විලි වසාගෙන අපේකමට තඩිබාන පුහු සදාචාරවාදීන්ද, අවුරුදු සිය ගාණක්‌ පැරැණි නීති කිසිවක්‌ සංශෝධනය නොකර රටේ මුදල් කාබාසිනියා කරන පාර්ලිමේන්තුවද සංක්‍රාන්තික ලිංගිකයන්ට වන අසාධාරණයට සෘජුවම වගකිව යුතුය. ඒ මොනවා වුවත් ඔබ එක දෙයක්‌ මතක තබාගත යුතුය. උපන්දා සිට මැරි මැරී ජීවත්වන නොමරා මරණ ඒ අසරණ ප්‍රාණීන් සියල්ලන්ම ඔබත් මාත් වැනි මනුෂ්‍යයන්ය.

    මධුෂානි කොඩිතුවක්‌කු[/FONT]
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]මෙන්න ගම්පහ කාම (ර) කඩ සැප[/FONT]
    [FONT=&quot]ටියුෂන් කඩයෙන් වැට පැන්න හැටියේ කාම (ර) කඩ
    කෑම පැයට කන්තෝරු සැප
    ඇද රෙද්දේ ඉතිහාසය සොයන්න පුරා විද්‍යාවෙන් එන්න ඕනේ

    අපේ රටේ බොහෝ දෙනෙක්‌ බොහෝ දේ 'අර්බුද' බවට පත් කර ගෙන තිබේ. ඒ නිසාම සමහර ප්‍රශ්න 'ජාත්‍යන්තර අර්බුද' බවට පත් කර ගන්නට අපේ අය සමත්ව සිටිති. පිට පිට කිහිපවරක්‌ ම 'ගූගල්' (Google) ගොස්‌ 'සෙක්‌ස්‌' සොයා කප් ගසන්නට අපට හැකි වුණේ ඒ නිසාය. හැංගි හොරා සෙක්‌ස්‌ සොයා යන අපට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බොහෝ අර්බුද අත හැරෙන්නේ ඒ නිසා ය. මේ කියන්නට යන්නේ එවැනි අතහැරුණු කතාවකි.

    n3-3.jpg
    ලංකාව සංචාරක පාරාදීසයකි. මේ රටේ හතරදිග්භාගයේ කවර තැනකට ගිය ද සංචාරක පුරවරයක්‌ හමුවේ. එහෙත් බස්‌නාහිර පළාතේ ගම්පහ නගරය සංචාරකයන්ගෙන් මඟහැරුණු නගරයකි. සංචාරකයන් නැති ගම්පහට 'හෝටල්' වලින් අඩුවක්‌ නැත. නිකම් හෝටල් නොව ගෙස්‌ට්‌ හවුස්‌ ය. මේ 'කාමර කඩ' වලින් ගම්පහ පිරී ඇත්තේ සංචාරක කර්මාන්තය නඟා සිටුවන්නට නොවේ.

    ගම්පහ පුරවරයේ ඇති කාමර කඩ වලට ගනුදෙනුකරුවෝ බොහෝ ය. අවුවට වේලන, වැස්‌සට තෙමෙන මේ ගෙන්දගම් පොළවේ කාමර කඩ වලට එන අමුත්තන් සොයා යන්නේ කම් සැපය. ගැහැනු හෝ පිරිමි ලිංගික ශ්‍රමිකයන් පටන් පෙම්සුව විඳින පෙම්වතුන්, තහනම් ගහේ ගෙඩි කන අය දක්‌වා එකී මෙකී බොහෝමයකගේ කෙම්බිම ගම්පහ පුරවරයයි. එහි ඇති ගෙස්‌ට්‌ හවුස්‌ තොගය මෙපමණකැයි කියන්නට බැරිය. රූම්ස්‌ යෑයි ඉදිරියෙන් බෝඩ් ලෑලි එල්ලූ ලැගුම්වල සිට තේ කඩයක, තිර රෙද්දකින් වැසූ අහුමුලු දක්‌වා 'කාමර කඩ' පැතිර තිබේ. සියල්ල අතේ ඇති ගාණට සිතේ හැටියට පුළුවන්ය. රුපියල් දෙසීයේ සිට රුපියල් දෙදහස, තුන්දහස හෝ ඊට වැඩි ඕනෑම මිලකට කාමර කඩ ලබා ගත හැකිය. කන් අඩි පැලෙන්නට සිංදු දැමූ තේ කඩයක තිර රෙද්දෙන් මුවා කළ කොටසක දැමූ ඇඳ කබලක සමහරක්‌ විට පැදුරු කබලක වුව ආ කාරිය කරගන්නට මේ කිසිවකුත් පැකිලෙන්නේ නැත.

    n4-1.jpg
    අත්හැර දැමූ ගොඩනැඟිලිවල එළන ලද පැදුරු කඩමාල්ල ගම්පහ නගරයේ රූම් ය (Rooms) එමෙන්ම ඒ. සී. කළ කාමරයක සුවපහසු මෙට්‌ටයක්‌ වුව වියහැකිය. මේවාට කැමැති ආකාරයකට ගෙවිය හැකිය. සමහරක්‌ තැන්වල කෙළින්ම පිළිගැනීමේ කවුන්ටරයෙන් මුදල් අය කරයි. සමහරක්‌ ඒවාට සල්ලි දිය යුත්තේ බ්‍රොaකර්ටය. සමහරක්‌ තැන්වල ගනුදෙනු ඊසි කෑෂ් හරහා ය. තවත් තැන්වල දොර විවර වන්නේ බැංකු ගිණුමේ මුදල් තැන්පත් කළ රිසිට්‌පතටය. තවත් තැන්වලට ලිංගික සේවයකින්ම ගනුදෙනු පියවිය හැකිය. මේ 'කාමර' නීති සංග්‍රාමයේ ඇත්තේ එකම නීතියකි. ඒ තැනේ හැටියට ඇනේ ගැසීමේ නීතියයි, න්‍යායයි.

    ගම්පහ නගරයම කාමරවලින් වැසී තිබුණ ද, කොතරම් අකටයුතුකම් සිදු වුවද පොලිස්‌ නීතිය ක්‍රියාත්මක වන වගක්‌ පෙනෙන්නට නැත. එසේ වූවා නම් බොහෝ කාමර කඩ වසා දමා බොහෝ කල් ය.

    කාමර කඩ (Rooms) කාර්ය බහුල වන වේලාවන් ගැන අපි නිරීක්‍ෂණය කළෙමු. කාමර කඩ බොහොමයක වැඩ මුරය ආරම්භ වන්නේ උදැසන 8.00 සිටය. ඒ වේලාව තුළ කාමර කඩවලට පැමිණෙන්නේ දරුවන් පාසල් ගෙන එන, ඊට පසුව පාසල නිමවන තුරු ගේට්‌ටු මුරකරන මවුපියන්ය. සතියේ දිනවල අමතර පන්ති යන ගැටවර ගැටවරියන්ගේ 'හොඳම ටියුෂන්' ඇත්තේ මේ කාමර කඩ තුළය. පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි පෙරවරු 11.30 - 12.00 ත් අතර කාලයේ අවසන් වන බැවින් බොහෝ දෙනකු කාමර අතහැර යති. 'අමතර පංති' සවස්‌වන තුරු තිබෙන නිසා ගැටවර ගැටවරියන් කලබල වන්නේ නැත. කෑම පැයේදී ඊළඟ වැඩමුරය ඇරඹේ. ඒ ගම්පහට ආසන්න රජයේ සහ පෞද්ගලික ආයතනවල බොහෝ දෙනකු වෙනුවෙනි.

    කෑම පැයේදී අහල පහල ත්‍රිරෝද රථවලට වැඩ වැඩිය. නෝනාත් මහත්මයාත් ප්‍රවේසමෙන් කාමරයට ගෙන එනවා මෙන්ම ප්‍රවේසමෙන් නැවත කන්තෝරුව අහල පහලට ගෙන යැම ද කළ යුතුය. නෝනා බහින්නේ තව තැනකය. මහත්තයා වෙන තැනකය. සිස්‌ටම් එක එහෙමය. ගම්පහ ත්‍රිරෝද රථ ගාල්වල මෙවැනි රසකතා එමටය. ඒ කෑම පැය තහනම් ගහේ ගෙඩිබලන උදවියගේ රස පැය බව ඒ කවුරුත් දනිති. අමතර පංති එන අයගේ ජනප්‍රියම දවස්‌ සෙනසුරාදා ඉරිදා ය. කාමර කඩ වල ඒ දවස්‌වලට ඇඟිලි ගසන්නට ද ඉඩ නැත. බොහෝ ලැගුම්හල්වල ලිංගික ශ්‍රමය විකුණන කාන්තාවෝ ද සිටිති. එක එක වයසය. එක එක මිල ගණන් ය. මේ උදවිය කලඑළි බහින්නේ රාත්‍රිය උදාවන විටය. මේ බොහෝ තැන්වල සිදුවන දේ බරපතළ සමාජ ගැටලු ගණනාවක්‌ නිර්මාණය කරයි. ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඒ නිසාය.
    [/FONT]

    [FONT=&quot]බොහෝ ලැගුම්හල්වල රහසිගතව වීඩියෝ කැමරා සවිකර ඇත. කාමරයක්‌ තුළ සිදුවන බොහෝ පෞද්ගලික දැ රූගත කර තරුණියක හෝ ජෝඩුව බියකර මුදල් ඉල්ලීම (කප්පම් ගැනීම) නැතහොත් එකී තරුණිය ලිංගික කටයුතු සඳහා පොළඹවා ගැනීම කාමර කඩවල සිදුවන බව කිව යුතුය. එමෙන්ම සමහර ලැගුම්හල්වල කාමර තුළ ඇති කණ්‌ණාඩි ද්විත්ව කණ්‌ණාඩි (ඩබල් මිරර්) ලෙස සවිකර ඇත. එහිදී කාමරය තුළ සිටින්නාට එය මුහුණ බලන කණ්‌ණාඩියක්‌ ලෙස පෙනුනද ඇත්තෙන්ම සිදුවන්නේ එහි පිටුපස සිටින පුද්ගලයකුට හෝ පුද්ගලයන්ට කාමරය තුළ සිදුවන දැ පැහැදිලිව නිරීක්‍ෂණය කිරීමට හැකියාව තිබේ. තවත් කාමර වල නොපෙනෙන ආකාරයෙන් සකසන ලද සිදුරුය. මේ සිදුරුවලින් ඇතුළත සිදුවන දේ බලා වින්දනයක්‌ ලබන පුද්ගලයන් බහුලය. සමහර විට එසේ බලන්නට සලස්‌වා ඒ අයගෙන් මුදල් අය කිරීම ද සිදු කරයි. බරපතළම කාරණ වන්නේ මේ කොයි ක්‍රමයෙන් වුව කාමරයක්‌ තුළ සිදුවන දැ රූගත කර ඒවා අන්තර්ජාලයට මුදා හැරීමය. ඊට පසුව කොයි ජෝඩුවට වුව නැවත පාරේ බැස යැමට හැකියාවක්‌ ලැබෙන්නේ නැත. ගම්පහ බොහොමයක්‌ කාමර කඩ ඇත්තේ ටියුෂන් පංති සමීපයේ ය. වැටෙන් පැන්න විට කාමරයට රිංගා ගත හැකිය. මේවා කිසිවකුත් නොදන්නා කාරණා නොවේ.

    මේ කාම (ර) කඩ අතිශය අපිරිසිදුය. බොහෝ ඇඳ ඇතිරිලි පවිත්‍ර කරන ලද දිනය සොයන්නට පුරාවිද්‍යාවෙන් ගෙන්විය යුතුය. කරන එකම දේ ඇඳ ඇතිරිල්ලේ පැත්ත මාරු කිරීමත්, උඩයට මාරු කිරීමත් පමණි. සමහර විට කාමරයෙන් කාමරයට ඇඳ ඇතිරිලි මාරුවේ. බැරිවෙලා හෝ ඒවා පරිහරණය කරන අයෙකුට චර්ම රෝගයක්‌ හෝ සමාජ රෝගයක්‌ වැළඳුනහොත් අබ සරණය. කාමර ඇතුළත හෝ පිටත පිහිටා ඇති වැසිකිළිය දෙවැනි වන්නේ මහජන වැසිකිළියකට පමණි. ආ කාරියට ගතවන්නේ සුළු වේලාවක්‌ නිසා "පාරිභෝගිකයා" මේවා ගැන හිතන්නේ නැත. සමහර කාම(ර) කඩවලට වඩා අපාය පිරිසිදු බව ස්‌ථිරවම කිව හැකිය.

    ලැබෙන ආදායම හොඳ නිසා ගම්පහ පුරවරයේ බොහෝ පිරිස තමන්ගේ නිවසේ කාමර පවා කුලියට දීමට පටන් ගෙන තිබේ. ඒවා ද කාමර (Rooms) ය. කාමරය පැයකට දෙකකට කුලියට දුන් විට දවසේ ආදායම ගොඩය. මේ ගෙස්‌ට්‌ හවුස්‌ වලින් හොඳම ආදායම උපයන අතරමැදියෝ වන්නේ කුලී රථ, ත්‍රිරෝද රථ රියෑදුරන්වන්නාහ. ලිංගික ශ්‍රමිකයන්, ගනුදෙනුකරුවන් ප්‍රවේශමෙන් අදාළ තැනට ගෙන යැම ඔවුන්ගේ කාර්යයයි. සමහර කාමර ලබාගත හැක්‌කේ මේ අතමැදියන්ගෙන් පමණි. ඔවුන් කාමර හිමිකරුවන්ගෙන් ද සේවය ලබාගන්නා අයගෙන් ද යනුවෙන් දෙපාර්ශ්වයෙන්ම ගසා කන්නට සමත්ය.

    අප මුලින් කීවා සේ පොලිසිය මේ ගැන හරි හැටි අවධානයක්‌ යොමු නොකරන්නේ කාම(ර) කඩ සැප ඒ උදවිය ද විඳින නිසාදැයි නොදනිමු. එහෙත් මෙය ඉක්‌මනින් මර්දනය කළ යුතු තත්ත්වයකි.

    මධුෂාණි කොඩිතුවක්‌කු
    [/FONT]
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]සමාජ විමර්ශන
    පෑහීමක්‌ නෑ නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදලු!

    samaja.jpg
    දික්‌කසාද...
    [/FONT]

    [FONT=&quot]පිරිමියෙක්‌ සහ ගැහැනියක්‌ සරණ බන්ධනයට එළැඹෙද්දී විවාහ රෙජිස්‌ට්‍රාර් ඉදිරියේ මහා දිග වගන්තියක්‌ කියවමින් විශාල පොරොන්දුවක්‌ දෙයි.

    කුඩා පිත්තල කුකුළා පහන සහ පැදුරු බාගයක්‌ පමණ විශාල විවාහ ලේකම් පොත තැබූ සුදු රෙද්දක්‌ එළන ලද මේසය වටේ රොක්‌වී සිටින සමීපතයන් සහ සාක්‍ෂියට අත්සන් කරන දෙන්නාටද ඇසෙන අයුරින් රෙජිස්‌ට්‍රාර්වරයා කියන දෙයම ගිරවෙක්‌ මෙන් කියන මනාල ජෝඩු මෙන්ම තමන්ටවන් නෑසෙන අයුරින් තොල් පට පමණක්‌ සොළවමින් මෙම වගන්තිය කියවන මනාල ජෝඩුද මම අනන්තවත් දැක ඇත්තෙමි.

    පල්ලියේ විවාහ වන කතෝලික ජෝඩුද තම දේවස්‌ථානය භාර පියතුමා හෝ දේවගැතිවරයා ඉදිරියේ ශුද්ධ බයිබලය මත අත් තබා ප්‍රකාශ කරන්නේ මේ පොරොන්දුවමය. සාමාන්‍යයෙන් කිතුනුවන් විවාහ වන්නට පෙර මාස තුනක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ විවාහ ගිවිසගත් යුවළ වෙත පාදිලිතුමා විසින් පාඩම් මාලාවක්‌ උගන්වන අතර එහි අන්තර්ගතය වන්නේ සාර්ථක යුග දිවියක්‌ පවත්වාගන්නේ කෙසේද යන්නයි.

    අප විවාහ වී දැන් මඳ කලක්‌ ගතවී ඇති නිසා මෙම පොරොන්දු වගන්තිය වචනයෙන් වචනයට මට මතක නැති වුවත් එහි හරය වන්නේ කිසි දිනක තම සහකරු හෝ සහකාරිය හැර නොයන බවට දිවි හිමියෙන් පොරොන්දු වන බවයිs.

    මෙසේ පොරොන්දු වී පොතේ අත්සන් කළ සැණින් සමහරු විවිධ දේ කරති. මුදු මාරු කරති. තවත් අය කේක්‌ කපති. තව සමහරු ගී ගයා නටති. පුද පූජා පවත්වති. මධු විත තොල ගාති. රසමසවුළු බුදිති. හිනාවෙති. ප්‍රීතිවෙති. එමෙන්ම රණ්‌ඩු සරුවල් වෙන ගහ මරා ගන්නා අයද සිටිති. එවැනි දේ ගැන පත්තර පිටුවක්‌ නොව පොත් ගණන් හෝ ලිවිය හැකි වුවද අද අපේ මාතෘකාව විවාහ වීම නොව ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්‌ වන දික්‌කසාදය ගැන නිසා පොරොන්දු වගන්ති ගැන ලිවීම නවතා අදාළ මාතෘකාවට බසිමි.

    අද උදේ කිසියම් සේවා කටයුත්තක්‌ සඳහා මා හමුවට මිතුරු සෙවණ කාර්යාලයට පැමිණි තරුණ ගැහැනියද එකතු කළ කල පසුගිය වසර පහ තිස්‌සේ මට දික්‌කසාද වුණු අය එකසිය තිස්‌ අට දෙනෙක්‌ මුහුණට මුහුණ හමුවී තිබේ. මා උපන්දා සිට ගතහොත් මට හමුවුණු එවැන්නෝ දහස්‌ ගණනක්‌ පමණ වනු ඇතැයි සිතිය හැක. ඊට අමතරව පත්තර වලින් කියවන කනට අසන්නට ලැබෙන රූපවාහිනියේ දකින චාල්ස්‌ ඩයනලා බ්‍රිට්‌නිලා රිචඩ්ලා වැනි දික්‌කසාද වන්නෝ කොතරම් සිටීද?

    රන් රස සේ එකට වෙළී දිවෙන් දිවගාගෙන සිටින ජෝඩු හිටිහැටියේ වෙන් වී යයි. සමහරුන්ගේ දික්‌කසාදය සිදුවන්නේ ක්‍රම ක්‍රමයෙනි. සෙමෙනි. කොහොම කෙසේ සිදු වුණද දික්‌කසාදය යනු දුක ඇතිකරවන අනුමත කළ නොහැකි අවර ගනයේ කරුණක්‌ බව කිව හැකිය.

    අපේ ගෑනිට මාව රුස්‌සන්නේ නැහැ. මම ඇන්දත් වැරදියි. කෑවත් වැරදියි. ටෙලිවිෂන් එක බැලුවත් වැරදියි. එයාගේ දුක සැප ඇහුවත් වැරදියි. අනේ මන්දන්නෙ නැහැ මහත්තයෝ. මට දැන් මේ ජීවිතේ එපා වෙලයි තියෙන්නේ" වරක්‌ මා හමුවට පැමිණි සරත් නම් අයෙක්‌ එසේ කියනු මට මතකය.

    අත්හැරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි කියා අපේ සිංහල කියමනක්‌ තිබේ. සරත් වැනි අයෙකුට මඳක්‌ ඇහුම්කන් දුන්නොත් එසේ කියන්නේ ඇයිද කියා තේරුම් ගැනීම අපහසු නැත.

    පසුගිය කාලයේ මට හමුවූ දික්‌කසාද වුණු බොහෝ චරිත සමග මා කතා කර ඇති අතර ඉන් වැඩිදෙනකුගේ අදහස්‌ සහ විස්‌තර සටහන් කර ගෙනද ඇත්තෙමි. ඔවුන් කියූ කරුණු වලට අනුව ඒ අය දික්‌කසාද වීමට හේතු මෙසේ වෙන් කර පෙන්වා දිය හැක.

    * අදහස්‌ නොගැලපීම

    * වෙනත් සබඳතා ඇති වීම

    * නොසලකා හැරීම

    * මානසික හා ශාරීරික පීඩා කිරීම

    * ශාරීරික දුබලතා සහ ලිංගික ගැටලු

    * මානසික රෝගී තත්ත්වයන්

    * මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්න

    * ආර්ථික ගැටලු

    * දරුවන් නැතිකම

    * දෙමාපිය සහෝදර හෝ දරුවන්ගේ බලපෑම

    * රැවටිල්ලට අසුවී පසුව එය තේරුම් යැම නිසා

    * හදිසි කෝපය නිසා ඇතිවූ ප්‍රශ්න

    "වැඩිහිටියන් ඇඹුල් කනවිට දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය" කියා අති පැරණි හෙබ්‍රෙව් පිරුළක්‌ තිබේ. මේ අනුව දරුවන් සිටින දෙමාපියන් යම් හෙයකින් දික්‌කසාද වුවහොත් එය බෙහෙවින්ම බලපාන්නේ තම දරුවන්ටය. මතින් මිදෙනු පිණිස අපේ මිතුරු සෙවණ වෙත දිනපතා එන තරුණ මත්ලෝලීන්ගෙන් බහුතරයක්‌ දික්‌කසාද වුණු හෝ වෙන් වුණු දෙමාපියන්ගේ දරුවන්ය.

    දික්‌කසාද (ඩිවෝස්‌) වීම සහ වෙන් වීම (සෙපරේට්‌) යනු එකිනෙකට බොහෝ සමානකම් ඇති ක්‍රියා දෙකකි. මෙසේ දික්‌කසාද වුණු හෝ වෙන් වුනු අයගේ දරුවන් මත්ද්‍රව්‍ය වලට යොමුවීමේ ප්‍රවණතාව අති මහත් සේම එම අයගේ දූදරුවන් වෙනත් සමාජ විරෝධී විෂම කටයුතු සඳහා පෙළඹෙයි. එමෙන්ම විවිධ මානසික රෝගී තත්ත්වයන්ට පත්ව පීඩා විඳියි.

    "මට පිරිමි පේන්න බැහැ හැම පිරිමියෙක්‌ම මට පේන්නේ අපේ තාත්තා වගෙයි. එයා හැමදාම රෑට බීගෙන ඇවිත් අම්මව බිම දාගෙන ගහන හැටි මට මැවිල පේනව. ඒ විතරක්‌ද අපිව කී පාරක්‌ උසාවි නැග්ගුවද එයාලගේ දික්‌කසාද නඩුවෙදි අපේ අම්ම වින්ද දුක දැකලම මට කසාද බඳින්න එපා වුණා මට මැරෙනකං මෙහෙම හොඳයි"

    අධික ලෙස මත්පැන් බීමට ඇබ්බැහි වූ චන්දි නම් තරුණිය එසේ කියා සිටි අතර පිරිමි සංහතියටම වෛර කරන ඇය තම තනියට ඉතා සමීපව ඇසුරු කරන්නේ ඇයට වඩා වයසින් බාල තවත් ඒ වාගේම පිරිමි අරහං යුවතියකි. එක කාමරයක්‌ කුලියට අරන් එහි නැවතී එකටම සිටින ඔවුන් දෙදෙනා සමලිංගික සේවනයේ යෙදෙන්නියන් බව ඔවුන් වැඩ කරන ක්‌ලීනිං කොම්පැණියේ සියලු දෙනාම දනිති. මා මේවා ලියන්නේ මෙවැනි අවර ගනයේ වැඩවලට හේතු පාදක වන්නේ දෙමාපිය දික්‌කසාදය බව පෙන්වා දීමටයි.

    අද අප රටේ දිස්‌ත්‍රික්‌ උසාවියකට ගියොත් අපට වැඩිපුරම දකින්නට ලැබෙන්නේ වන්දි නඩු, නඩත්තු නඩු හෝ දික්‌කසාද නඩුය. දික්‌කසාද වූ පසු පිරිමියා විසින් තමාගේ හිටපු බිරිඳට හා දරුවන් ඇත්නම් ඒ අයට ගෙවිය යුතු නඩත්තු මුදලට සමාජයේ කියන්නේ වංගෙඩි බද්ද කියාය. මෙසේ වංගෙඩි බදු ගෙවන්නෝ අද අප සමාජයේ එමටය.

    මත්පැන් පානය හෝ මත්ද්‍රව්‍ය භාවිතය අද දික්‌කසාද වීමට බලපාන ප්‍රධාන සාධකයකි. මත් භාවිතය නිසා ආර්ථික ගැටලු පැනනැඟේ ශාරීරික රෝගාබාධ මෙන්ම මානසික දුර්වලතා ඇතිවෙයි. එසේම ලිංගික ජීවිතයේ අඩුපාඩු මතුවෙයි. මතින් බමන අයෙක්‌ සමග සංවාසයේ යෙදෙන්නට බහුතරයක්‌ ගැහැනු කැමැති නැත. එසේම මත්ලෝලී පුද්ගලයා පිරිසිදුකමෙන් පහත් මට්‌ටමක සිටින නිසා එයද ගැහැනියට බලපායි. බීමත් පුද්ගලයා ප්‍රචණ්‌ඩත්වය මවා පායි. අසරණ ගැහැනියට පහර දෙයි. සිත රිදෙන කතා කියයි. අපහාස අවලාද නඟයි. තම යුතුකම් වගකීම් පැහැර හරී නිවසේ ඇති දේවල් සොරකම් කරගෙන ගොස්‌ විකුණා ඒ මුදලින් මත්ද්‍රව්‍ය භාවිත කරයි. සමාජයේ කොන් වෙයි තැනකට එක්‌කන් යන්න බැරි තත්වයක්‌ උදා වෙයි. මෙම සෑම කරුණක්‌ම ඉවසාගෙන සිටින ගැහැනුන් ඉවසීමේ රතු කට්‌ට පනින විට කරන්නේ නීතිඥ මහතකු මුණගැසී තම දුක පවසා සිට දික්‌කසාදය වෙත පා තැබීමයි. නීතිඥ මහතා හමු වීමට පෙර දෙමාපිය සහෝදර පිහිට පතන අයත් එසේත් නැත්නම් අනියම් සැමියකුගේ හෝ රහස්‌ පෙම්වතකුගේ උපදෙස්‌ පතන කාන්තාවන් ද අපි දැක ඇත්තෙමු.

    "මම මේ හැම දේම ඉවසගෙන ඉන්නෙ දරුවන් නිසයි. අයියෙ නැත්නං මං මේ තිරිසනාගෙන් වෙන්වෙලා ගොඩක්‌ කල්. මට ඕනි මිනිහෙක්‌ නෙමේ, දරුවන්ට නමට හරි තාත්ත කෙනෙක්‌. නැත්තං උන් ලොකු වුණාම අපි දෙන්නටම සාප කරයි"

    ඒ මට හමුවූ තවත් ගැහැනියකගේ අඳෝනාවයි. මෙවැනි කාන්තාවෝ අද අප රටේ අනන්ත අප්‍රමාණව වෙසෙති. සමාජයට නොපෙන්නුවාට හිතේ ගිනි පත්තුවෙමින් මානසිකව උන් දුක්‌ වේදනා ඉවසන්නේ දරුවන් හෝ දෙමාපියන්ගේ සුබ සිද්ධීය ගැන සිතාය.

    මේ එයට වඩා හාත්පසින්ම වෙනස්‌ චරිතයකි

    "අපි දෙන්නා සුළු කාලයක්‌ ආශ්‍රය කරල විවාහ වුණා. බැඳල මාස හයක්‌ යන්න ඉස්‌සරින් අපිටම තේරුණා අපි දෙන්න ගැලපෙන්නෙ නැහැ කියල. අපේ අදහස්‌ හරි වෙනස්‌ ආකල්ප වෙනස්‌. ලිංගික ජීවිතෙත් නියම සතුටක්‌ ලැබුවෙ නැහැ. ඒ නිසා දෙන්න කතා වෙලා බොහෝම සමාදානෙන් උසාවි ගිහින් නීත්‍යනුකූලව වුණා එයා ආයෙත් බැන්ද. මමත් ළඟදීම බඳිනවා. අපි අතර කිසිම තරහක්‌ නැහැ. ගිය සිංහල අවුරුද්දට අපි දෙන්න තව කට්‌ටියක්‌ එක්‌ක බස්‌ එකක යාපනේ විනෝද ගමනක්‌ ගිහිල්ලත් ආවා"

    රාජිනී වැනි මෙවන් චරිත තවත් සිටිති. සමහරු දික්‌කසාද වන්නේ දරුවන් නැති නිසාය. සමන් එවන් අයෙකි.

    "අපි බැඳල අවුරුදු අටක්‌ හොඳට සතුටින් හිටියා. හැබැයි අපට බබාලා හිටියෙ නැහැ. ලංකාවේ ඉන්න හැම දොස්‌තර කෙනෙක්‌ ලගටම වගේ ගියා වෙද හාමිනේලා දහයක්‌ විතර බලන්න ගියා. දවසක්‌ එක දෛවඥයෙක්‌ මගේ මුහුණටම කීවා, මහත්තයට දරුපල නැහැ කියල. මගේ බිරිඳට ඒකට හරිම දුකයි. හැබැයි බටහිර වෛද්‍ය වාර්තා නම් ඒ බව කියල නැහැ. කොහොම හරි මං කියල කියල අන්තිමේ දෙමාපියන්ගෙත් අවසරය මත අපි දෙන්න දික්‌කසාද වුනා වැඩේ කියන්නෙ අපි දෙන්නම ආයෙ බැන්ද. මට අවුරුද්දෙන් බබෙක්‌ හම්බ වුණා. එයාටත් දැන් බබෙක්‌ හම්බවෙන්න ඉන්නවා. අපි වැඩිය ඇසුරු නොකළට කිසි තරහක්‌ මරහක්‌ නැහැ. සහෝදරයෝ වගෙයි.

    මෙවැනි කතා අති විරලය. සමහරු විශ්වාස කරන්නේ පවා නැත. නමුත් විරල වුවද මෙහි ගත යුත්තක්‌ ඇතැයි සිතමි.

    මගේ පළමුවැනි බිරිඳ හරිම උගත්. ඇය රූමතA වෛද්‍යවරියක්‌. හැබැයි අපිට දරුවන් නැහැ. ඒක එතරම් ප්‍රශ්නයක්‌ නැති වුණත් මගේ බිරිඳ හරි නපුරුයි. මට කතා කරන්නෙ බල්ලෙකුට වගේ. මට කියල පොල් ගාව ගන්න එයා හරි ආසයි. ඒ වගේම සෙරෙප්පුවෙන් ගහලා ලොකු වින්දනයක්‌ ලබනව. මට එයාව මගේ එක පාරකට මදි. නමුත් කසාද ගෑනි කියල ඉවසන් හිටිය අවුරුදු ගාණක්‌. බැරිම තැන මම එයාගෙන් වෙන් වුණා, හැබැයි දික්‌කසාද වුණේ නැහැ. මම වෙන ආගමකට ගිහින් මම වගේම මගේ ක්‍ෂේත්‍රයේම උසස්‌ රජයේ රස්‌සාවක්‌ කරන සැමියා මිය ගිය වැදගත් නෝනා කෙනෙක්‌ විවාහ කර ගත්තා. අපි දැන් සතුටින් ඉන්නවා"

    ඔහු මෙන්ම අද බොහෝ අය කරන්නේ වෙනත් විවාහයක්‌ කර ගැනීමට අවශ්‍ය නම් දික්‌කසාද වීම නොව ආගම මාරු කර ගැනීමයි. මුණසිංහ නම් වූ මා දන්නා එක්‌ ප්‍රසිද්ධ පුද්ගලයෙක්‌ මුනාස්‌ නමින් තම නම සහ ආගම වෙනස්‌ කරගෙන අලුත් විවාහයක්‌ කර ගත්තා මට මතකය.

    ද්වේශ සහගත ලෙස හැරයැම යන මාතෘකාව යටතේ ඉතාම පහසුවෙන් දිස්‌ත්‍රික්‌ උසාවියකදී දික්‌කසාද නඩුවක්‌ ජය ගත හැකිය. නමුත් එය සාධාරණ ලෙස ඔප්පු කර පෙන්විය යුතුය. අද අප රටේ දික්‌කසාද ගේම් බොහෝය. රට යනු පිණිස සමහරු දික්‌කසාද වෙයි. ඒ වෙන අයෙකු විවාහ කරගෙන ඔහුට ඇති විදෙස්‌ වරප්‍රසාද භුක්‌ති විඳ ඒ මාර්ගයෙන් වීසා බලපත් ලබා ගැනීමටයි. සුද්දන් හෝ සුද්දියන් කසාද බැඳීම හෝ පිටරටක පුරවැසිභාවය ඇති අයට මේ ක්‍රමය යටතේ හොඳ ඉල්ලුමක්‌ තිබේ.

    තමා කර ගත් දික්‌කසාදය නිසා දුක්‌වන අයත් මට හමු වී ඇත. මේ ඉන් කීපදෙනෙක්‌ ඉදිරිපත් කළ අදහස්‌ වෙයි.

    "දැන් මතක්‌ වෙනකොටත් මට දුකයි. මම බොරුවට මගේ මහත්තයව සැක කරල අපේ අම්මලගෙ උවමනාවට එයාව ඩිවෝස්‌ කළා. එයා හරිම අහිංසකයි. මාව අපේ අය රැවැට්‌ටුවා පව් අහිංසකය. ඒ කාලෙ කොච්චර කිවුවද එයා නිර්දෝෂයි කියල ඒත් මට ඒවා ඇහුනෙ නැහැ, ඒත් දැන් මොනව කරන්නද එයා හිතේ අමාරුවට ඔස්‌ටේ්‍රලියාවට ගියා"

    ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරි බව කියන්නේ මේ නිසාය

    "මං නාලා තෙත තුවාය පිටින් නාන කාමරේ ඉඳන් එළියට ඇවිත් සාලෙ මැදින් යන කොට එයා පොළව අතු ගාමින් හිටියේ මට එයා කිව්වෙ කුස්‌සිය පැත්තෙන් යන්න කියලයි මම නෑහුණ ගානට ඉස්‌සරහින්ම ගියා ගෑනිට කේන්ති ගියා වචනයක්‌ මිස්‌ වුණා මගේ අත ඉස්‌සර වුණා අන්තිමේ රණ්‌ඩුව කෙළවර වුණේ උසාවි ගිහින්, දික්‌කසාද වෙලා. දැනුයි තේරෙන්නෙ අපි කොච්චර මෝඩද ඉක්‌මන්ද කියල"

    මෙවැනි සුළු සුළු කරුණු දුර දිග ගොස්‌ එකිනෙකාට අපහාස කරගෙන අත පය උළුක්‌ කර ගෙන අන්තිමේ දික්‌කසාදයෙන් කෙළවර වුණු සිද්ධීන් බොහෝය ඒ අය අතරින් බොහෝ දෙනෙක්‌ තමා ගත් හදිසි තීරණ ගැන තාම දුක්‌ වෙති.

    පැරණි ඊශ්‍රායෙල් නායකයෙක්‌ වන මෝසස්‌ ගේ ව්‍යවස්‌ථාවට අනුව තමාගේ බිරිඳ යම් විනය විරෝධී වැඩක්‌ කර අසු වුවහොත් ඇයට අත්හැරීම් පත්‍රයක්‌ දී වෙන් විය හැක. නමුත් දික්‌කසාදය ගැන යේසුස්‌ වහන්සේ මෙසේ උගන්වා ඇත

    "තවද තමාගේ භාර්යාව දික්‌කසාද කරන කවරෙක්‌ නමුත් ඇයට දික්‌කසාද සහතිකයක්‌ දිය යුකු යෑයි පැරණි ව්‍යවස්‌ථාවේ කියා ඇත. එහෙත් මම නුඹට කියමි. වේශ්‍යාකම හැර අන් කරුණක්‌ නිසා සිය භාර්යාව දික්‌කසාද කරන කවරෙක්‌ වුවද ඔහු, ඇය කාමමිත්‍යාචාරයට පමුණුවන්නේය" මෙහි තේරුම වන්නේ කිතුනුවකුට දික්‌කසාද විය හැකි එකම හේතුව තමාගේ සහකරු හෝ සහකාරිය අනාචාරයේ හැසිරී අසුවුවහොත් පමණි. ඒ හැර වෙන කිසිම හේතුවක්‌ නිසා දික්‌කසාද වීම පාපයකි. එසේම අනාචාරයේ හැසිරුණු අය වරද පිළිගෙන පසුතැවිලිව හැරී ආවොත් කැමැති නම් සමාව දී නැවත පවුලක්‌ වශයෙන් ජීවත් වීමටද අවසර ඇත.

    ඇතුළෙන් ගිනි ඇවිළෙද්දී ඒ බව පිටතට නොපෙන්වා බොරුවට රඟපාමින් ජීවත් වන පවුල් අද අප සමාජයේ කොතෙකුත් ඇත.

    ඇත්තටම සමහර ගැහැනු හෝ පිරිමි දැන හෝ නොදැන කරන වැඩ වලට දික්‌කසාද වීමට නොව තව බොහෝ දේ කිරීමට සිතෙයි. මටද මේ දැන් රේණුකාව දික්‌කසාද කරන්නට සිතුණේ ඇය මා වටේ කරකැවෙමින් දැන් කෑම කාල ඉන්න කෑම නිවෙනව කියා කරදර කරන නිසා නොව මා මේ ලිපිය ලියමින් ඉන්න පරිගණකයට විදුලිය සපයන වයරය අත්වැරදීමකින් ඇය අතින් විසන්ධි වුණ නිසාය. මා ටයිප් කළ පිටු දෙක ගබඩා කර නොතිබූ නිසා මට වුණේ හරිම ඇබැද්දියකි. නැවත අලුතින් ටයිප් කරන්නට සිදු විය. හදිසි කේන්තිකාරයෙක්‌ට මෙය වුණානම් දික්‌කසාදයකින් කෙළවර වන මහ ගිනි වි-ජුම්බරයක්‌ අද මෙතැන සිදු වන්නට තිsබිණි.

    බඳින්නට පෙර මේ මඟුල හරියනවාදැයි බලන ක්‍රම වේදයක්‌ යුරෝපයේ සහ ඇමෙරිකාව කැනඩාව වැනි රටවල ක්‍රියාත්මක වෙයි. මෙයට කියන්නේ ප්‍රැක්‌ටිකල් මැරේජස්‌ හෙවත් ප්‍රායෝගික ආවාහ කියාය දැන අඳුන ගන්නා පෙම්වතා හෝ පෙම්වතිය කොතරම් දුරට තමාට ගැලපෙනවාදැයි වසරක්‌ දෙකක්‌ හෝ ඊට වඩා වැඩි කාලයක්‌ ඇසුරු කර බලා හොඳනම් කසාද බැඳීමත් නරක නම් වෙන්වීමත් මෙහි සිද්ධාන්තයයි. මෙහිදී එක නිවසේ ජීවත් වීම එක යහන පරිහරණය ලිංගික එක්‌වීම ආදී සියල්ල කළ හැකිය ගැහැනිය කැමැති නම් දරුවන් හැදීමටද අවසර ඇත සංඛ්‍යාලේඛන වලට අනුව මෙවන් බොහෝ ප්‍රායෝගික ආවාහ කෙළවර වන්නේ වෙන්වීමෙනි.

    වසර හතරක ප්‍රායෝගික විවාහයකින් පසුව තමන් හොඳින් ගැලපෙන බව තේරුම් ගෙන එය හිත මිතුරන්ට දන්වා උත්සව ශ්‍රීයෙන් නගරයේ ප්‍රධානතම දේවස්‌ථානයක තම මංගලෝත්සවය ගත් යුවළක්‌ ගැන මට ප්‍රංශයේ පැරිසියෙන් උදාහරණ පෙන්විය හැක. එහි සුවිශේෂීම කරුණ වූයේ මනාලියගේ අසලින් සිටි සිඟිති මල් කුමරිය ඔවුන්ගේම තුන් හැවිරිදි එකම දියණිය වීමයි. මේ මනාල මහතා වූයේ පාසල් කාලයේ මගේ අතිජාත කල්‍යාණ ගජයා මෙන්ම සමහරු අපාය සහායකයා යනුවෙන්ද හැඳින්වූ මා මිතුරු නිශාය. ඔහු අද ඔහුගේ ප්‍රංශ පුරවැසිභාවය ඇති පිලිපීනයේ උපත ලද බිරිඳ සහ දියණිය සමග පැරිස්‌ නගරයේ ඉතා සතුටින් ජීවත් වෙයි. මෙවැනි දේ අප සංස්‌කෘතියට අලුත් නුහුරු දේ වුවද යුරෝපයේ නම් නිතර දකින්නට ඇති සාමාන්‍ය දේවල්ය.

    දික්‌කසාදය හොඳ නැත. ඒ නිසා නියපොත්තෙන් කඩන්නට හැකි දෙයට පොරව තියන්නට පෙර හැරෙන්නට බලමු. උසාවියක වුවද එක්‌ වරම දික්‌කසාදය දෙන්නේ නැත. මුලින්ම ඔවුන් සමථ මණ්‌ඩලයට හෝ පවුල් උපදේශන සේවයට යොමු කරන්නේ ඒ නිසාය.

    දැන් අපි ලිපියේ අවසානයට ළංවෙමින් සිටිමු. ඒ නිසා කෙටි පණිවුඩයකින් ඉවර කරමු. අපට එකිනෙකා ඉවසන්නටත් අපට වැරදි කරන වුන්ට සමාව දෙන්නටත් හැකිනම් දික්‌කසාදය නොව ඕනෑම දෙයකට මුහුණ දිය හැකි වනු ඇත.
    [/FONT]

    [FONT=&quot]මිත්‍ර ශ්‍රී කරුණානායක[/FONT]
     
    • Like
    Reactions: Vandetta

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]මිත්‍රගෙන් සමාජ විමර්ශන
    [/FONT]
    [FONT=&quot]ගැහැනු වෙන්න හදන පිරිමි (Transgender)[/FONT][FONT=&quot]

    මිත්‍ර ශ්‍රී කරුණානායක
    [email protected]

    gahanu111.jpg


    පිරිමින් දරුවන් වදනවාය, තාත්තලාටත් කිරි එරෙනවාය, මාස අටේ දැරිවියක්‌ ගැබ් ගත්තාය, පිරිමින් ගැහැනු වෙනවාය ගැහැනුන් පිරිමින් වෙනවාය යන විපරීත කතා අද අන්තර්ජාලයේ මෙන්ම පුවත් පත් සඟරා වලද අඩු වැඩියක්‌ නැතිව දකින්නට ලැබේ. මේ අතර අද වැඩි දෙනෙක්‌ කතා කරන මාතෘකාවක්‌ බවට පත්ව ඇත්තේ ලිංගික සංක්‍රාන්තිය හෙවත් ට්‍රාන්සර්ජෙන්ඩර් යන මාතෘකාවයි.

    ගැහැනුන්ට අඳින පිරිමි පිරිමින්ට අඳින ගෑනු නපුංසකයන් පිරිමි ලිංගික ශ්‍රමිකයන් සමලිංගිකයන් ආදී චරිත ගැන අප කොතෙකුත් අසා දැක ඇතත් ලිංග විපරියාසයකට ලක්‌ වූ හෝ ලක්‌ කරගත් අයෙකු ගැන අසන්නට ලැබෙන්නේ නම් ඉතා කලාතුරකිනි නමුත් ලංකාවේ වැඩි දෙනෙකු නොදන්නවා වුණාට අප සමාජයේ වැඩි ප්‍රසිද්ධියක්‌ නොතිබුණාට ලිංගික සංක්‍රාන්තිකයෝ අප රටේ ද ජීවත් වෙති

    මෑතකදී අප යුරෝපා රටක කළ සංචාරයකදී සේවා කටයුත්තක්‌ සඳහා මට යම් අයෑදුම්පතක්‌ පුරවන්නට අවශ්‍ය විය. නම, ජාතිය, රට, උපන් දිනය, වයස ආදිය පිළිවෙළට පුරවාගෙන එද්දී ජෙන්ඩර් Gender යනුවෙන් එක්‌ තැනක ප්‍රශ්නයක්‌ අසා තිබුණි. ජෙන්ඩර් යනු පුද්ගලභාවයට කියන වචනයයි. මෑතක්‌ වන තුරුම අප අසා දැක ඇත්තේ අයෑදුම්පත් වල හෝ එවැනි ලිපි ලේඛන වල ජෙන්ඩර් හෙවත් පුද්ගලභාවය වෙනුවට ස්‌ත්‍රී පුරුෂ භාවය seං යනු කුමක්‌දැයි අසා තිබීම පමණි. නමුත් මෙම ලේඛනයේ ජෙන්ඩර් යන්නට ඉදිරියෙන් සලකුණු කිරීම සඳහා ස්‌ත්‍රී පුරුෂ හෝ වෙනත් (other) යනුවෙන්ද කොටසක්‌ තිබුණි. මා මඳක්‌ කල්පනා කරන්නට වූයේ මේ වෙනත් හෙවත් අදර්ස්‌ යන ස්‌ථානය වෙන් කර තිබුණේ කවර කොට්‌ඨාසයක්‌ වෙනුවෙන්ද යනුයි.

    වෛද්‍ය විද්‍යාවට අනුව ළදරුවෙකු මවුකුසයෙන් බිහිවන්නේ පිරිමි හෝ ගැහැනු යනුවෙන් නියත එක්‌ කුලකයකට අයත්වයි. එදා ගැබිණියක වදනගෙයි විලිරුදාවෙන් පෙළෙමින් මහත් පරිශ්‍රමයක්‌ දරා දරුවකු වැදූ කල වින්නඹු මාතාව උපන් එකා සරමක්‌ ද කම්බායක්‌ ද කියා ප්‍රකාශ කළේ කුඩා එකාගේ අඟපසඟ දෙස හොඳින් බලා එහි වර්ගය මතයි. අද ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ මගින් මවගේ ගර්භාෂය තුළ සිටිද්දීම ඒකාගේ ස්‌ත්‍රී පුරුෂභාවය දැන ගැනීමට හැකියාව ඇති අතර ප්‍රසූතිකාගාරයේ සිටින වෛද්‍යවරයා හෝ හෙදිය අලුත උපන් දරුවා පිරිමි දරුවෙකු ද ගැහැනු දරුවෙකු ද කියා නිශ්චය කර එවෙලේම තීරණයකට එලෙඹෙන්නේ දරුවාගේ වර්ණ දේහ ඞ ශ සෛල හෝ එසේත් නැත්නම් ඩී එන් ඒ පරීක්‍ෂණයකින් පසුව නොව දරුවාගේ ලිංගේන්ද්‍රිය මනාව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවයි.

    නමුත් ඉතා විරලව අති දුර්ලව ඉතා අඩු ප්‍රතිශතයකින් මෙසේ කුඩා දරුවාගේ ලිංගභාවය වරදින අවස්‌ථා ගැන වාර්තා ඇත. ඒ වෛද්‍යවරුන් අතින් නොව ගම්බදව සිදු වුන වින්නඹු අම්මලා විසින් සේවය සපයන ගෘහස්‌ථ දරු උපත් වලදීයි. ඇත්තටම මෙය එකට දසලක්‍ෂයකටත් අඩු ප්‍රතිශතයකි.

    නමුත් දරුවා පිරිමි වුවද ඔහුට ගැහැනු ළමයෙකුගේ ඉන්ද්‍රියයන්ට ආසන්න පෙනුමැති අංගයන් සහිතවද ළමයා ගැහැනු වුවද පිරිමි ළමයෙකුගේ ඉන්ද්‍රියයන්ට සමාන අංගයන් සහිතවද ඉපදීම ඉහත තරමටම විරල නැත.

    "මගේ සේවා කාලය තුළදී මම එවැනි සිදුවීම් කීපයකටම මුහුණ දීල තියෙනව ඇත්තටම සමහර අවස්‌ථාවලදී වෛද්‍යවරයාටත් ටිකක්‌ අසීරුයි. තීරණයකට එන්න මෙහෙම වෙන්නෙ ගොඩක්‌ අවස්‌ථා වලදී ගැහැනු ළමයින් සම්බන්ධවයි. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ලිංගේන්ද්‍රියේ අභ්‍යන්තරයේ පිහිටිය යුතු භගමණිය බාහිරට නෙරල සාමාන්‍ය ප්‍රමාණයට වඩා මඳක්‌ විශාල ලෙස පිහිටනව ඒක නිසා දකින අය හිතන්නේ ඒ පුරුෂ ලිංගයක්‌ කියලයි. ඒ වගේම පිරිමි දරුවන්ගේ ලිංගය ඉතා කුඩාවට පිහිටල උපදින අවස්‌ථාත් තියෙනව ඒක නිසා දකින අය හිතන්නේ මේ ගැහැනු දරුවෙක්‌ කියල නමුත් අද වෛද්‍ය විද්‍යාව ඉතා දියුණුයි දෙමාපියන්ගේ හෝ දරුවාගේ කැමැත්ත මත අපට පුළුවන් ගැහැනු දරුවාගේ ඒ අවයව සුළු ශල්‍යකර්මයක්‌ මගින් යථා තත්ත්වයට ගේන්න නමුත් පිරිමි දරුවන්ගේ තත්වය වෙනස්‌ කරන්න අසීරුයි"

    අපට මෙසේ අදහස්‌ දැක්‌වූයේ අප රටේ සිටින දක්‍ෂ අත්දැකීම් බහුල ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහන්ත පෙරියප්පෙරුම මහතායි.

    "දිවයින" පුවත්පත සහ එහි සමාජ විමර්ශන ලිපි නිරන්තරයෙන් කියවන එක්‌තරා වැදගත් පෙනුමැති කාන්තාවක්‌ මගෙන් දුරකථනයෙන් වෙලාවක්‌ වෙන් කරවාගෙන මා හමුවීමට තවත් ළාබාල තරුණියක්‌ සමග අප සොයා ආවේ මෙවන් අඳෝනාවක්‌ද සමගිනි.

    "මට ඉන්නෙ එකම දුවයි. නම රුචිරා. එයා කුඩා කාලෙ ඉඳන්ම හැසිරෙන්නෙ කොල්ලෙක්‌ වගෙයි. අඳින්නෙ පිරිමි ඇඳුම් දාන්නේ පිරිමි ඔරලෝසුයි, පිරිමි සපත්තුයි. එයා ගුරුවරියක්‌ විදියට නුගේගොඩ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක වැඩ කරනවා. ඉස්‌කෝලෙ අය හිතන්නෙත් මෙයා කොල්ලෙක්‌ කියලයි. ටයි දාලා පිරිමි අව් කණ්‌ණාඩි දාලා අතපය විසික්‌ කරල යද්දී ඕනි කෙනෙක්‌ රැවටෙනව. අනික සිගරට්‌ එහෙමත් බොනවා. ගෙදරට අඳින්නෙ සරමයි, මේස්‌ බැනියමයි. අවවාද කරන්න ගියාම මටයි මහත්තයටයි බණිනවා. ගහන්නත් එනවා. එයා දැන් පෙනී ඉන්නේ රුචිර කියන පිරිමි නමින්." එම මවගේ දුක්‌ගැනවිල්ල අසා මම මගේ ඇස්‌ ඇය සමග සිටි ළාබාල තරුණිය වෙත යොමු කරද්දී ඇය තම කතාව මෙසේ කියා සිටියාය.

    "සර් මං ඉගෙන ගත්තෙ රුචිර උගන්නන ඉස්‌කෝලේ මං එයාට වඩා අවුරුදු හයක්‌ බාලයි. එයා අපට ක්‍රීඩා උගන්නද්දී මගෙන් දවසක්‌ යාළුවෙන්න ඇහුව මම මුලින් කැමැති වුණේ නැහැ. පස්‌සෙ කැමැති වුණා. අපි අතර ප්‍රේමසම්බන්ධයක්‌ ගොඩනැඟුණා. අපේ ගෙදරත් මේකට කැමැති වුණා. එයා ටිකක්‌ වසයි. ඒත් මට ආදරෙයි. ගිය සතියේ මේ ආන්ටිලා අපේ ගෙදර ආවා. ඊට පස්‌සෙ තමයි ආන්ටි මට කාටත් හොරෙන් මේ කතාව කිව්වෙ. මටත් රුචිර ගැන පොඩි පොඩි සැක මතුවෙලා තියෙනවා. ඒත් මං මෙහෙම දෙයක්‌ හීනෙකින්වත් හිතුවෙ නැහැ. මං දන්නෙ නැහැ මොනව කරන්නද කියල.

    මෙසේ ස්‌වාභාවිකව ගැහැනියකට පිරිමියෙකු වන්නට හෝ පිරිමියෙකුට ගැහැනියකට ලෙස විපර්යාස වන්නට හැකියාවක්‌ ඇද්දැයි කියා මම කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ වත්මන් බස්‌නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතාගෙන් විමසා සිටියෙමි. මේ ඔහුගේ පිළිතුරයි.

    "වෛද්‍ය විද්‍යාවට අනුව නම් එසේ වෙන්නට බැහැ. නමුත් උප්පත්තියෙන් ළදරුවෙකු විරුද්ධ ලිංගයන්ට සමානකම් ඇති ඉන්ද්‍රියයන් සහිතව උපදින්නට පුළුවන්. ඒ වගේම හෝර්මෝන ක්‍රියාකාරිත්වය තුළ පිරිමි දරුවෙකුට කාන්තා ගති ලක්‍ෂණත් ගැහැනු දරුවෙකුට පිරිමි ගති ලක්‍ෂණත් පිහිටන්නට හැකියාව තියෙනවා. ඒකට කියන්නෙ හර්මෙµ්‍රdඩයිට්‌ කියලයි. ඒ වගේම කුඩා කල සිටම ලබන අත්දැකීම් සහ සමාජ සාධක මත ළමයෙක්‌ විරුද්ධ ලිංගිකයෙකු සේ ජීවත් වන්නට ළැදියාවක්‌ දක්‌වන්න පුළුවන් උදාහරණ වශයෙන් කුඩා කාලයේදීම ලිංගික අපහරණයන්ට ලක්‌වූ පිරිමි දරුවෙකු නොදන්නා කමට ඒ ක්‍රමයටම යොමුවීම සහ පුරුෂ සමලිංගිකයන් බහුල පළාතක ඒ අයගේ ඇසුර මත එවැනි තත්ත්වයට යොමු වෙන්න පුළුවන්. ඉබේම හෝ ස්‌වාභාවිකව ලිංගික අවයව වෙනත් විරුද්ධ ලිංගිකත්වයට අනුවර්තනය වෙනව කියන එක මිථ්‍යාවක්‌. නමුත් යමෙකුට ස්‌ව කැමැත්තෙන්ම ශල්‍යකර්මයන් මගින් සහ හෝර්මෝන ලබා ගැනීම තම පෙනුම සහ සමහර ලිංගික අවයවයන් වෙනස්‌ කරගන්න පුළුවන්. අද මෙවැනි දේවල් ලෝකය පුරා සිද්ධ වෙනවා."

    අප දැක ඇති පරිදි තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල පමණක්‌ නොව ඇමෙරිකාව, ඔස්‌ටේ්‍රලියාව මෙන්ම අනෙක්‌ යුරෝපා රටවලත් මෙසේ ලිංග සහ ඉන්ද්‍රියයන් ශල්‍යකර්ම මගින් වෙනස්‌ කර ගත් අයත් හෝර්මොන් වර්ග එන්නත් කරගෙන තම ළැම, උකුල, නිතඹ, අත් පා වැනි අවයව කාන්තා ස්‌වරූපයට සුමට කරවා ගත් පිරිමින් අනන්තය.

    මොවුන්ට ටිෆනි සහ ෆාෆාෆයිනස්‌ කියාද අමතති. තායිලන්තයේ පටායා නැමැති සංචාරක මුහුදු තීරයේ ඇවිදගෙන යද්දී සැබෑ කාන්තාවන් කවුද හෝර්මෝන මගින් පපුව උකුල වෙනස්‌ කර ගත් පිරිමින් කවුද කියා හරියට අඳුනා ගැනීමට කාන්තා විශේෂඥයෙකුට පවා සිතා ගැනීමට මඳක්‌ අසීරුය මෙවැනි අයගේ ප්‍රධාන අරමුණ පිරිමින් සතුටු කිරීමයි. සුරූපී ලලනාවක්‌ කියා රැවටී මෙවැනි අය පසුපස ගොස්‌ මුදල් වැය කොට හෝටල් කාමරවලට ගොස්‌ අවසානයේ තමා රැවටුණේ පිරිමියෙකුට නේද කියා දුක්‌වී සුසුම් හෙළන අය අනන්තවත් අපට පිටරට දී මෙන්ම ලංකාවේදීත් නිතර මුණ ගැසෙයි බොහෝ විට මෙවැනි අත්දැකීම් ලබන්නේ මත්පැන් නිසා අධික ලෙස මත්වූවන් වයෝවෘද්ධ සල්ලාලයන් හා වෙළෙඳ නෞකාවල මාස ගණන් දියඹේ යාත්‍රා කොට විරාමයක්‌ සඳහා ආගන්තුක වරායකට ගොඩබාන නැවකින් එළියට බසින නාවුකයන්ය මෙවැනි නාවුකයන් සොයා වරාය වෙත ඇදෙන පිරිමි වාණිජ ලිංගික ශ්‍රමිකයන් සිංගප්පූරුවේ, බොම්බේ, කරච්චියේ, මැලේසියාවේ වරායවල අති සුලබය.

    සමහරු මොවුන්ට කාන්තාවන් කියා රැවටුණ ද එවැනි අයට කැමැති එවැන්නෝම සොයා එන සේවාලාභීන් ද සමාජයේ අදත් සිටිති. එදත් සිටියහ. අප රටේ ද කොළඹ ගාලු පාර ආශ්‍රීතව පමණක්‌ නොව සෑම නගරයක්‌ පාසාම මෙවැනි වෙස්‌ මාරු කරගත්තෝ සහ ඔවුන් සරණ යන්නෝ බහුලය.
    [/FONT]