--කුප්ප ත්‍රෙඩ් එක--

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමාජ විමර්ශන
    ගේ කුරුල්ලෝ සහ කොල්වින්ලා


    f11.jpg
    විවිධ දේ හඳුන්වනු පිණිස විවිධ අංක යොදන්නට අද අප සමාජය හුරුවී සිටී. උදාහරණ ලෙස හොඳම හෝ ප්‍රධාන දේ හඳුන්වන්නට අංක එක යොදයි. එසේම සම්පූර්ණත්වය හෝ සුපිරි බව පෙන්වන්නට අංක හත භාවිතා කරයි. රගර් සහ ක්‍රිකට්‌ වැනි ක්‍රීඩා වලදී ක්‍රීඩකයන්ගේ ස්‌ථානය පෙන්වන්නේද අංක වලිනි. එසේම හිරගෙවල්වල හා අපරාධ විමර්ශන කටයුතුවලදී චූදිතයා අමතන්නේ නමින් නොව අංකයකිනි.

    මේ සැමට වඩා වෙනස්‌ අපූරු කොට්‌ඨාසයක්‌ද නොම්මරයකින් හ»න්වයි. ඒ නොම්මර (09) නවයෙන් අ»න්වන අන් අයගෙන් මදක්‌ වෙනස්‌ වූ එහෙටත් මෙහෙටත් නැති චරිතයක්‌ වන නපුංසකයන්ය. ගැහැනියක ලෙස ජීවත්වීම හෝ පිරිමියකු ලෙස ජීවත්වීම හෝ ඒ දෙකටම නැතිව නපුංසකයෙකු ලෙස ජීවත්වීම යනු ස්‌වයං තීරණයකි. එයට බලපෑමක්‌ කිරීමට වෙනත් කාටවත් අයිතියක්‌ නැත. නමුත් අපට ඒ ගැන කතා කිරීමට තහනමක්‌ දැමීමටත් කාටවත් නොහැක. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ඔවුන්ව පහත් කිරීමට අපහාසයට අපහසුතාවට ලක්‌ කිරීම හෝ වරදට පත් කිරීම නොව අප අවට ඇති සමාජ තත්ත්වයක්‌ ගැන කතා කිරීsම පමණක්‌ බව සිතන ලෙස මුලින්ම කියන්නට කැමැත්තෙමි.

    නොම්මර නමය නපුංසකයා, පොන්ස්‌, අඟරදඟර, නංගි මල්ලිල ආදී ලෙස සමාජ භාෂාවෙන් අමතන්නට යෙදෙන අද ලෝකයේ ජීවත් වන නපුංසකයන් බහුතරයක්‌ සමලිංගික සේවනයට වැඩි ප්‍රවනතාවයක්‌ දක්‌වයි.

    "මනුෂ්‍යයෙක්‌ උපදින්නේ පිරිමියෙක්‌ හෝ ගැහැණියක්‌ විදිහට විතරයි. යමෙක්‌ නපුංසකයෙක්‌ ලෙස උපදින්නෙ නැහැ. නමුත් කලාතුරකින් බොහෝම දුර්ලභව ද්විලිංගයන් සහිතව ළදරුවෙක්‌ උපදින්න පුළුවන්. ඒ කියන්නේ මනාව නොවැඩුණු ප්‍රජනන ලිංගයක්‌ දෙකක්‌ සහිතව. ඒත් එම ළදරුවා අයිති වෙන්නේ පිරිමි හෝ ගැහැනු කියන කැටගරියට මිස නපුංසක යන ගනයට නෙමේ. යමෙකුව නපුංසක තත්ත්වයට පත්කරන්නේ බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය ආකල්ප හෝ සමාජ සාධක විසිනුයි."

    මට මෙහෙම කිව්වෙ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වත්මන් අධ්‍යක්‌ෂ වෛද්‍ය අනිල් සමරනායක.

    එසේම මා මේ පිළිබඳව වෛද්‍ය රොහන්තගෙනුත් අසා සිටියා. ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ හසළ දැනුමක්‌ සහ අත්දැකීම් සම්භාරයක්‌ ඇති විශේෂඥ වෛද්‍යවරයෙක්‌ වන ඔහු කියා සිටියේ සමලිංගික සේවනය හෝ වෙනත් ඇබ්බැහිකම් ළදරුවෙකු තුළ ඇතිවෙන්නට පටන් ගන්නේ මවගේ ගර්භය තුළදීම කියලයි. එම ගර්භණී අවස්‌ථාවේදී මවට ඔක්‌සිජන් සහ වෙනත් පදාර්ථයන් හීන වන විට කුස තුළ වැඩෙන දරුවාට එය බලපාන බවත් ඔහු කියා සිටියා.

    කෙසේ වෙතත් නපුංසක තත්ත්වයේ සිටින අය අතරද ප්‍රභේද කීපයක්‌ ඇති බව අප කළ විමර්ශන වලදී අපට දැක ගන්නට ලැබුණි.

    (ඨ්‌හ) හෙවත් කොල්වින්ලා ඉන් එක කොට්‌ඨාසයකි. ඔවුන් එවැන්නෙක්‌ කියා බාහිරව අ»නා ගැනීමට කිසිසේත්ම නොහැක. සාමාන්‍ය පිරිමියෙක්‌ ලෙස අඳී පළඳී. ගමන බිමන කතා බහ ආදියද අසාමාන්‍ය නැත. නමුත් ඇල්ම දක්‌වන්නේ පිරිමින් කෙරෙහි පමණි. විවාහ වීමට කැමැත්තක්‌ නැත. විවාහ වුවොත් එය කරදාසි සහතිකයට පමණක්‌ සීමා කරති. එසේත් නැත්නම් පිරිමියෙක්‌ සමග විවාහ වෙති. අප රට තුළ පිරිමි පිරිමි අතර විවාහ නැතත් වෙනත් රටකට ගොස්‌ එසේ විවාහ වීමේ හැකියාවක්‌ අද පවතී. එසේ විවාහ වී සිටින පිරිමි ජෝඩු කීපයක්‌ම මම දනිමි.

    ඉංග්‍රීසි ජාතිකයෙකු සමග විවාහ වුණු ශ්‍රී ලාංකික දමිළ තරුණයෙක්‌ එංගලන්තයේ ජීවත් වෙයි. ඒ දෙදෙනාවම මම දනිමි. දක්‌ෂ වේදිකා නාට්‍ය අධ්‍යක්‌ෂකවරයෙක්‌ සහ ප්‍රබන්ධකරුවෙක්‌ වන එම ලාංකික තරුණයා වසරක්‌ පාසා මෙරට එයි. මාසයක්‌ පමණ මෙහි සිට නැවත එංගලන්තයට යයි. පසුගිය වසරේ ඔහුව මට හමුවූ අතර ඔහු මා සමග කියා සිටියේ,

    "බොහෝ ආසියාතිකයන් හිතන්නේ සමලිංගික විවාහයන් අතරේ තියෙන්නේ හුදු ලිංගික සේවනය හෝ කාමය විතරයි කියල. නමුත් අපි අතරේ තියෙන්නේ ඊට බොහෝ එහා ගිය බැඳීමක්‌. ඇත්තටම මට එයා (ලූක්‌) වෙලාවකට තාත්තෙක්‌ අම්මෙක්‌ වගෙයි. තවත් වෙලාවකට සහෝදරයෙක්‌ මිත්‍රයෙක්‌ ආරක්‌ෂකයෙක්‌ වගෙයි. එයාටත් මාව ඒ වගේලු. අපි කිසි කරදරයක්‌ නැතිව බොහෝම සතුටින් සමාදානයෙන් ජීවත් වෙනවා. අපි මේ දවස්‌වල සැලසුම් කරන්නේ කොහෙන් හරි අන්ත අසරණ පවුලකින් ළදරුවෙක්‌ අරන් දරුකමට හදාගන්නයි"

    කිසා නමැති මෙම තරුණයා කතා කරන්නේ සම්මතය හෝ සම්මතයට එකඟව නොවන බව මම දනිමි. නමුත් ඔහුගේ රුචියට හෝ තීරණයට එරෙහිව කතා කිරීමට මට නොහැකි නිසා ඔහු කී දෙය පමණක්‌ මෙසේ සඳහන් කළේ ඔබ දැනුවත් කරනු පිණිසයි. තවත් මා දන්නා ලාංකික විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්‌ සිටී. ඔහු භාෂාවන් පිළිබඳ හසළයෙකි. ඔහුත් විවාහ වී සිටින්නේ ජර්මානු තරුණයෙක්‌ සමගයි. මෙවැන්නෝ ලංකාව තුළ අති බහුලව සිටිනවා යයි කීමට මට කිසිසේත්ම නොහැක. නමුත් යුරෝපයේ සහ තවත් එවැනි රටවල නම් මෙවැනි පිරිමි පිරිමි ජෝඩු දුලබ නොවේ

    සිසී ලෙස අ»න්වන තවත් කොටසක්‌ අද සමාජයේ සිටී. ඇත්තටම මොවුන් අංගසම්පූර්ණ පිරිමින්ය. නමුත් හැසිරීම කතාබහ ගමන් ලාලිත්‍ය ආදී සියල්ල කාන්තාවක මෙනි. මෙම තත්ත්වය ඇතිවන්නේ ඔහු උපතින්ම රැගෙන එන හෝමෝනවල බලපෑම නිසාය. කොකනි ( කොකනියෝ ) කියා තවත් පිරිසක්‌ සිටිති. ඔවුන් තුළ ඇත්තේද සාමාන්‍ය පිරිමි පෙනුමකි. නමුත් ඒ අය කැමැත්තක්‌ දක්‌වන්නේද පිරිමි එක්‌ක පමණක්‌ කටයුතු කිරීමටයි. ඔවුන් තම සඟයන් සමග කතා බහ කරද්දී නිතර ඇඟේ දැවටෙන්නට රුචියක්‌ දක්‌වයි. අනෙක්‌ පිරිමියාගේ මුහුණ, කම්මුල්, පපුව හෝ උදරය අල්ලන්ට අතගාන්නට උත්සුක වෙයි. ඇඟේ ගැටෙයි හැප්පෙයි. නමුත් ඉන් එහාට අසම්මත සම්බන්ධයක්‌ පවත්වන්නට නොයයි.

    නපුංසකයන් යනු සුවිශේෂී පිරිසකි. ඔවුන්ගේ ගමන බිමන, කතා බහ හැසිරීම ආදිය සියල්ල තුළින් උද්දිපනය වෙන්නේ සුකොමල සුලලිත කාන්තා විලාසයකි. මෙම නපුංසකයන් මුදල් සෙවීම සහ තම වෙනත් අවශ්‍යතා සපුරා ගැනීම පිණිස විවිධ රැකියාවන්වල සහ කාර්යයන්වල නිරත වෙති. ඒ අතර රූපලාවන්‍ය කටයුතු කිරීම සුපශාස්‌ත්‍ර ඉවුම් පිහුම් සහ කෝකි වැඩ නර්තනය වැනි දේ ප්‍රමුඛස්‌ථානයක්‌ ගනී. ඊට එහා ගොස්‌ වාණිජ ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරමින් තම පහස සොයා එන පුරුෂයන් සතුටු කර මුදල් උපයන නපුංසකයන්ද බොහෝ දකින්නට ඇත.

    මුදල් ඉපයීමට නොව තම ආශ්වාදය සහ සතුට පිණිස පමණක්‌ තවත් පිsරිමියෙකු සමග අසම්මක ලෙස ලිංගිකව හැසිරෙන නපුංසක පිරිමින්ද අද ලොව මෙන්ම අප රටේද ඕනෑතරම් සිටී.

    නපුංසකයන් වැඩිදෙනෙක්‌ කාන්තා ලාලිත්‍යයක්‌ ගෙන කතා කරන්නේ ඇවිදින්නේ හැසිරෙන්නේ එය උපතින්ම රැගෙන ආවක්‌ නිසා බව බොහෝ අය සිතති. නමුත් මෙය කැaබසබට ඉeය්ඩසදර එකක්‌ හෙවත් (අනුභූති තත්වාරෝපණ ) උගන්නා චර්යාවක්‌ බව අප දනිතත් බොහෝ අය නොදනිති.

    මේ ඒ සඳහා හොඳ එක්‌ උදාහරණයකි. මෙයට වසර ගානකට පෙර දිනක මම මැදියම් රැයේ පිටකොටුවේ පාලූ හරස්‌ පාරක්‌ මැදින් ඇවිද එමින් සිටියෙමි. මද දුරක්‌ එන විට මට දැනුනේ කවුරු හෝ මා පසුපස එන බවකි. මම හැරී බලද්දි දුටුවේ ඉහත කී නපුංසක වර්ගයේ සතෙකු මා පසුපස හෙමින් ලතාවට පැද්දි පැද්දී මා හඹා එන බවයි. මම නැවතී හැරී බැලූ කල ඔහු මට අ»රු මුල්ලක්‌ පෙන්වා ඉංගිතයන්ගෙන් කොමල පාමින් කියා සිටියේ ඒ පැත්තට ගොස්‌ මදක්‌ සතුටු වෙමු. මුදල් එපා කියායි.

    මම ඔහු සමග කතා කරන්නට පටන් ගත්තෙමි. ඒ මෘදුව නොව මදක්‌ රළු ස්‌වරයෙනි. මට උවමනා වූයේ මොහු ඇත්තටම නපුංසකයෙක්‌ද නැත්නම් නිශාවේ සරන සල්ලාලයන් මුළා කොට අඳුරට රැගෙන ගොස්‌ ඉණ ඉහ අතගා ගන්නා සුද්දෝධන කෙනෙකු දැයි සැක හැර දැන ගැනීමටයි. කොතරම් සැර දැම්මද ඔහු තම ඉල්ලීම සහ කතා ස්‌වරය නවත්වන්නේ නැත. නාඹර ගැටිස්‌සියකටක්‌ වඩා අගනා ලාලිත්‍යයකින් ඈ (සමාවෙන්න ඔහු) මා සමග තව තවත් තොඳොල් වෙයි.

    ඉවසා බැරිම තැන මම මගේ ඉණ පටිය ගලවා එක්‌ කොනක්‌ අත වටේ ඔතා ගෙන ක්‍රියාත්මක වුණේ ව්‍යාජ ප්‍රචණ්‌ඩත්වයක්‌ මුවෙහි සහ සිරුරෙහි මවා ගනිමිනි.

    තරුණයා මා ඉදිරියේ වැඳ වැටෙන්නට විය. සැනින් ඔහුගේ කටහඬ, හැසිරීම, ඉංගිත ආදී සියල්ල වෙනස්‌ වී නියම පිරිමි ස්‌වරූපයට පත් වුණි. ඉතිරිය කෙටියෙන් කියමි. ඔහු කියූ පරිදි ඔහු සිරුරෙන් සැබෑ පිරිමියෙකි. නමුත් කුඩා කල සිට ලද අමිහිරි ලිංගික අත්දැකීම් සහ අසම්මත ලිංගික චර්යාවන්ට පොළඹවා ගැනීම් නිසා ඔහුත් මෙම රැකියාව සහ හැසිරීම් රටාව තෝරා ගෙන ඇත. ඔහු ගැහැනියක සේ කතා කරන්නේ මවා පෑමකිනි. ඒ තම රැකියාව කරගෙන යනු පිණිසය.

    රෝසි යන අන්වර්ථ නාමයෙන් අ»රු ස්‌ථානවල සැරිසරන කුමාර දැන් මගේ හොඳ මිතුරෙකි. මට නිරන්තරයෙන් පාතාලය අසම්මත දේ ගැන සහ නගරයේ අ»රු පැති ගැන තොරතුරු සපයන්නෙකි. හම්බන්වැල්ලට, සේදවත්තේ පොන්න සමාජයට, කොටහේන බිලිංවත්තට මාව රැගෙන ගොස්‌ සිය ගානකට වඩා වැඩි නපුංසකයන් පිරිසක්‌ මට විටින් විට මුහුණට මුහුණ මුණ ගස්‌වා කතා කිරීමට සැලැස්‌වූ විශ්වාසවන්තයෙකි. එමෙන්ම ලිංගික සේවනයට අලූතින් පත්වන ලාබාලයෙකු නපුංසක රස්‌සාවට බෞතීස්‌ම කරනු වස්‌ තම්බන ලද දෙහි ගෙඩියක්‌ ඔහුගේ ශරීරයට ඇතුල් කර බෙර වයා ජයමංගල ගී ගයා දෙහි මංගල්‍ය පවත්වන ආකාරය සියෑසින්ම දකින්නට සැලැස්‌වූයේත් කුමාරයි. ඔහු කියනා පරිදි ඔහු ඇතුළු බහුතරයක්‌ මෙවැන්නෝ ගැහැණුන් ලෙස හැසිරෙමින් පිරිමින් සතුටු කරන්නේ වෙන දෙයක්‌ කිරීමට සමාජය ඉඩ නොදෙන නිසාත් කුඩා කල සිටම ඔවුන්ව ශාරීරිකව සහ ආකල්පමය වශයෙන් මෙයට හුරු කර ඇති නිසාත්ය.

    ගේ ක්‌ලබ්ස්‌ හෙවත් සමලිංගික සමාජ අනන්තවත් අප රටේ ප්‍රසිද්ධව සහ අප්‍රසිද්ධව බල ගැන්වෙයි. ෂඛඨෂ (ෂබඑeරබ්එසදබ්ක ඛැsඉස්‌බි aබා ඨ්‌හි ෂබිඑසඑමඑe) ෂඨඛඹ ( ෂබඑeරබ්එසදබ්ක ඨ්‌හි aබා ඛැsඉස්‌බි ඹබසදබ) යනු ඉන් ප්‍රධාන සංවිධාන දෙකකි. හෙට එනම් ලෝක ඒඩ්ස්‌ දිනයේදී මොවුන් සහ තවත් මෙවැනි සංවිධාන තම අයිතීන් සහ සුරක්‌ෂිතභාවයන් ඉල්ලමින් කල එලි බසිනු ඇත.

    සිරගෙවල්වලද අද ඉතා බහුලව සමලිංගික සේවන කටයුතු සිද්ධවන බව වාර්තා වෙයි. සමහර නිලධාරීන් කියන්නේ එය නැවැත්වීමට යැම තුළින් වෙනත් ප්‍රශ්න පැන නැගීමට ඉඩ ඇති බවත් සිරකරුවා තම හැඟීම් සහ ආසාවන් සන්තර්පනය කර ගනු පිණිස ද්වි පාර්ශව කැමැත්ත මත එසේ හැසිරුණාට එය ගැටලුවක්‌ නොවන බවත්ය. නමුත් ඒඩ්ස්‌, හෙපටයිටිස්‌ බී, සිපිලිස්‌, ගොනෝරියා වැනි සමාජ රෝග බෝවීම සහ පැතිරිම වළක්‌වනු පිණිස කොන්ඩම් හෙවත් උපත් පාලන කොපු නිකුත් කරන්නේ නම් හොඳ බවත් සමහරු කලකදී ප්‍රකාශ කළහ.

    කෙසේ වෙතත් සමලිංගික සේවනය යනු මගේ අදහසට අනුව අසම්මත ජීවන රටාවකි. එය නොකර ඉන් ඉවත්ව සිටීම හොඳය. මා බෞද්ධයෙකු නොවුණද දන්නා පරිදි එය බුදු දහමට පටහැනි කාමයේ වරදවා හැසිරෙන ක්‍රියාවකි. කිතුදහමට අනුවද එය මහත් පාපයකි. මෙසේ නොහැසිරෙන ලෙස කීප වතාවක්‌ම මෝසස්‌ සහ පාවුල් තුළින් දේව ලියවිල්ල මගින් දෙවියන් වහන්සේ අණකර ඇත. පුනරුත්ථාපනය කිරීම තුළින් ත්‍රස්‌තවාදීන් මත්ලෝලීන් පමණක්‌ නොව අසම්මත ලිංගික තත්ත්වයන්ට භාජනය වූ අය පවා සම්මත ප්‍රවාහයට ගත හැකි බව මතක්‌ කරමින් ලිපිය නිම කරමි.

    මිත්‍ර ශ්‍රී කරුණානායක


    inner_r6_c1.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]අපි නොදන්න සමාජ විමර්ශන[/FONT][FONT=&quot]!

    සමාජ විමර්ශනයේ නොදකින පැත්තක්‌ ගැන

    හැමදාම හවසට වැල්ලවත්ත මුහුදු වෙරළට පැමිණ රේල් පාරත් මුහුදත් අතර ඇති හීන් වැලි පොලව මත සරුවට වැවුණ බිංතඹර ගොන්න මත වාඩිවී මුහුද දෙස බලා සිටින පාමංකඩ තිස්‌ස මගේ හිතවතෙකි. කොතරම් වෙලාවක්‌ ඔහු නිශ්චලව මුහුද දෙස බලා සිටියත් කිසිදාක ඒ ගැන වචනයක්‌ හෝ නොදොඩයි.

    සමහරු කැමති එසේ යම් දෙයක්‌ දෙස ඔහේ හිස්‌ව බලා සිටින්නටයි, තවත් සමහරු කැමති ඒ දෙය දෙස බලා සිට එයට වාචිකව හෝ ආංගිකව ප්‍රතිචාර දැක්‌වීමටයි.

    මා මිතුරියක්‌ වන අයන්ති එවැන්නියකි. ඇයද සවසට වෙරළට එයි. මුහුද දෙස බලා එය වර්ණනා කරයි. කවි ලියයි. බණියි. එසේත් නැත්නම් වැල්ලට ගොස්‌ රැල්ල පාගයි.

    තවත් සමහර අය කරන්නේ යමක්‌ දෙස බලා සිට එය හොඳින් අධ්‍යයනය කර ඒවායේ හොඳ නරක විශ්ලේෂණය කර තවත් අයෙකුට වැඩක්‌ ගන්නා පිණිස තමා දැක බලා ගත් දෙය ලි�තව ඉදිරිපත් කිරීමයි. මේ කාරණාවේදී අපට නිතර ඇසෙන වචන කීපයක්‌ තිබේ. නිරීක්‍ෂණය සමීක්‍ෂණය විමර්ශනය සහ ගවේෂණය යනු ඒ වචනයි.

    ගවේෂණාත්මක ලේඛන කලාව යනුවෙන් වර්තමානයේ හැඳින්වෙන්නේ මේ විමර්ශන නිරීක්‍ෂණ සමීක්‍ෂණ ක්‍රමවේද යොදා ගනිමින් චරිතයක්‌ කාරණයක්‌ සිදුවීමක්‌ සංකල්පයක්‌ හෝ ක්‍රියාවලියක්‌ පසුපස හඹාගොස්‌ ප්‍රස්‌තූතය අතින් අල්ලා බලා එහි උස පළල දිග ගැඹුර හොඳින් වටහාගෙන එය අන් අයගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමයි. මෙය කොතරම් හොඳින් ඉෂ්ට වෙනවාදැයි දන්නේ පාඨකයා පමණි.

    ගවේෂකයා යනු හරකුන් බලා කියාගෙන උන්ගේ කරුණු කාරණා සොයන්නා බවත් ගවේෂණය යනු ගවයන් පිළිබඳ අධ්‍යයනය කිරීම බවත් වරක්‌ අපට පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති කරුණාරත්න මහතා බව මට මතකය.

    එදිනෙදා ජීවිතයේදී අපට විවිධ නිරීක්‍ෂකයෝ සහ සමීක්‍ෂකයෝ හමුවෙති. සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනෙක්‌ නොදන්නවා වුනාට අද පවතින ක්‍රමයට අනුව අප රටෙත් ලෝකයෙත් මේ නිරීක්‍ෂකයෝ සහ සමීක්‍ෂකයෝ අති බහුලය. බොහෝ විට මොවුහු කරන්නේ ඉතා රහස්‌ සේවයකි. කාටවත් නොදැනෙන ලෙස නොපෙනෙන ලෙස කරුණු සහ දත්ත රැස්‌ කර අවශ්‍ය තැන්වලට දීමට මොවුන් රුසියෝය.

    "ඕනෑම දෙයක්‌ කරන්න ඉස්‌සෙල්ල ඒ ගැන විස්‌තර සොයා දත්ත එක්‌රැස්‌ කිරීම අත්‍යවශ්‍යයි. පර්යේෂණය කරන්න ඉස්‌සෙල්ල නිරීක්‍ෂණය හරි වැදගත්. නියෑඳියක්‌ ගෙන කරන පර්යේෂණ වගේම අහඹු ලෙස සංඛ්‍යාත ලෙස කරන සමීක්‍ෂණයක්‌ අපට මේ සඳහා භාවිත කරන්න පුළුවන්. තමන් කරන්න යන කාරණාව ගැන හොඳ අධ්‍යයනයක්‌ කරන්න ඕනි. එතකොට තමයි අපට අපේ වැඩේ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්".

    විශ්වවිද්‍යාල මට්‌ටමේ පර්යේෂණ ක්‍රමවේදයන් ගැන හසල දැනුමක්‌ අත්දැකීමක්‌ ඇති මහාචාර්යවරයෙක්‌ එසේ මෙම සමීක්‍ෂණ ගැන මට විස්‌තරයක්‌ කරද්දී මට මගේ මතකයට ආවේ අපේ තාත්තා අප කුඩා කල නිවාඩුවට ඉඳහිට දිවුලන්කඩවල පැත්තේ ඔහුගේ මිතුරන් වසන පිටිසර ගමකට අපව එක්‌කන් යන අවස්‌ථාවක එහි වෙසෙන අල්ලිස්‌ ආතා නිතර කියන කතාවකි. හේනක්‌ කෙටන්න ඉස්‌සරත් කුඹුරක්‌ අස්‌වද්දන්න ඉස්‌සරිනුත් කැලේ සතා සීපාවෙකුට මන්දක්‌ අටවන්න කලිනුත් ඔහු නිතර මෙසේ කියයි.

    "මහත්තයෝ ගහකොල වගේම අහස පොලව ගැනත් අපි විපරුමෙන් ඉන්න ඕනි. අද අහස නෙමේ හෙට තියෙන්නේ. අවිත්තියා හැමදාම අඬන්නේ නැහැ. ඌ අඬන දාට අපි දන්නව දැන් වපුරන කාලේ හරි කියල. රෑට කිරලි යටිගිරියෙන් කෑගහන්නේ හොඳකට නෙමේ. ඒ උගේ බිත්තර ටිකට කෙලින්න එක්‌කෝ හෙණ කඳයා බඩගාලා නැත්තං හොර හතුරෙක්‌ බැද්ද දිගේ ගාටනව ඇති".

    ඒ අල්ලිස්‌ ආතාගේ පර්යේෂණ ක්‍රමවේද වල ප්‍රතිඵලයි.

    කොග්ගල මහා ප්‍රාඥයා වන මාර්ටින් වික්‍රමසිංහයන් වැඩිපුරම උගත්තේ පරිසරයෙන් බව අපි දනිමු. පාසලින් කට්‌ටි පැන රූමස්‌සල වැල්ලට බැස එහි වෙසෙන මුහුදු බෙල්ලන් කවඩින් මාළුන් ගැන අධ්‍යයනය කළ අන්දමත් ගොම බෝල කරන කුරුමිණියන් සහ ඇම කෑ විට බඩ පුම්බා ගන්නා ඇටිස්‌සන් ගැනත් මෙන්ම තවත් බොහෝ මිනිස්‌ චරිත ගැනත් එතුමා කුඩා කල සිටම අවධානයෙන් සිට ඇත. පසු කලෙක නන්දලා පියල්ලා සවිමන් කබලානලා බතීලා අරවින්දලා බිහි වී අදටත් මිනිස්‌ සිත්වල ජීවමානව වසන්නේ ඒ නිසාය.

    මා කියන්නට යන්නේ ගම්මුන් හොඳ පර්යේෂකයන් නිරීක්‍ෂකයන් සහ සමීක්‍ෂකයන් බවයි. ඒ සඳහා උන් ළඟ උන්ටම ආවේනික ක්‍රමවේදයන් තිබුණි.

    සබන් කොම්පැණියක්‌ අලුතින් වෙළෙඳ පළට ඉදිරිපත් කරන්නට යන නිෂ්පාදනයක්‌ පිට කිරීමට පෙර පාරිභෝගිකයා එය කෙතරම් ආසාවෙන් වැළඳ ගනීද යන්න සෙවීමට පර්යේෂණ කණ්‌ඩායමකට බාර දුනි. දිනකට රුපියල් පන්සීයේ පඩියක්‌ සහ කෑම පැකැට්‌ටුවක්‌ ලැබුණ මෙම පර්යේෂණ කණ්‌ඩායමට මාත් එක්‌වුණේ රැකියාවක්‌ නැති කම බව පෙන්වමිනි. ඒ මෙයට වසර කීපයකට පෙරයි. වයස තිහට වැඩි අය සමීක්‍ෂණ නිලධාරින් ලෙස ඔවුන් නොගන්නා මුත් සහයකයෙක්‌ ලෙස වැඩ කිරීමට මට අවස්‌ථාව ලැබුණි. මට පැවරී තිබුණ රාජකාරිය වූයේ සාමාන්‍ය ජනතාව කොතරම් දුරට සබන් පාවිච්චි කරනවාද උන් කැමති මොන පුසුඹටද මාසයකට කොපමණ මුදලක්‌ සබන් සඳහා වැය කරනවාද වැනි සරළ ප්‍රශ්න කීපයකට උත්තර සොයන මේ තරුණ තරුණියන් පිරිස සමග තැනින් තැනට යාමත් ඔවුන්ගේ බඩුමලු උස්‌සාගෙන යැමට උපකාර කිරීමත්ය. කොළඹින් පිටට අපව හැමදාම වාහනයකින් ගිහින් දාන අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ඈත ගම් කීපයක සැරිසරා අපි කරුණු සෙව්වෙමු. මෙහිදී මා විමර්ශනය කළේ ජනතාව කොතරම් දුරට සබන් පරිහරණය කරනවාද යන්න නොව අපත් සමග ගිය දොලොස්‌ දෙනාගේ සමීක්‍ෂණ කණ්‌ඩායම කොතෙක්‌ දුරට තම රාජකාරිය ඉටුකරනවාද යන්නයි. මගලේගොඩ බස්‌ නැවතුම ගාවදී වාහනයෙන් බැස්‌ස ගමන්ම කණ්‌ඩායමේ නායකයා යයි කියන පුද්ගලයා "මං ඉක්‌මනට එන්නම් ඔයගොල්ලො දෙන්න දෙන්න බෙදිල ගිහින් වැඩේ කරන් හරියට තුන හමාරට මෙතනට එන්න" කියා අන්තරස්‌දාන විය. ඔහු ඔහුට හිමි දිවා ආහාර පැකැට්‌ටුව ගන්නටවත් ආවේ නැත. එහි තිබූ මාළු කෑල්ල රියදුරා කෑ අතර බත් මුල අපි සිඟන්නෙකුට දුනිමු.

    "එයා එහෙම තමයි. මේ එයාගේ සබන් කෑලි සාම්පලේ මට දීලයි යනකොට යන්නේ" කියා මට එතැනදී මා සමග මිතුරු වුණු තරුණියක්‌ කී අයුරු මතකය. දින කීපයක්‌ මා එම පිරිස සමග සමීක්‍ෂණ කටයුතුවල යෙදුණු අතර විස්‌තර සෙවීම කෙසේ වෙතත් කොළඹින් රැගෙන ආ කුඩා සාම්පල් සබන් කැට ටික නම් ලෝස්‌ නැතිව බෙදා හැරියෙමු. කෙල්ලන් සබන් කෑලි එක බැගින් කොල්ලන්ට බෙදද්දී කොල්ලන් කෑලි දෙක දෙක කෙල්ලන්ට තෑගි කරන අයුරු මම නිරීක්‍ෂණය කළෙමි. උදේට ගෙන එන දහසකට ආසන්න සබන් කැට ප්‍රමාණය බෙදා ඉවර කරන්නට උන්ට යන්නේ පැය දෙකකටත් වඩා අඩු කාලයකි.

    කෙසේ වෙතත් පර්යේෂණ වාර්තාව පිටවුනේ මෙසේය.

    ෆ සියයට අසූවක්‌ කැමති අපි නිෂ්පාදනය කරන පැඟිරි සුවඳ ඇති නිෂ්පාදනයටයි.

    ෆ සියයට අනූවක්‌ අපේ ආයතනය ගැන අසා තිබේ.

    ෆ ඔවුන්ගෙන් සියයට හැත්තෑ හතක්‌ පරිහරණය කරන්නේ අපේ නිෂ්පාදනයි.

    ෆ මේ පැත්තේ අය (එක්‌ අයෙක්‌) මාසයකට රුපියල් එකසිය විස්‌සක්‌ ඇඟේ ගාන සබන් වෙනුවෙන් වැය කරයි.

    ෆ මෙනයින් බලන කල මෙම සබන් නිෂ්පාදනය සඳහා හොඳ වෙළඳ පළක්‌ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ මගලේගොඩ නම් ගමේ ඇති කළ හැක.

    අද අප රටේ ඇති සෑම පර්යේෂණ කණ්‌ඩායමක්‌ම මෙසේ කරන බව මට කිව නොහැක. නමුත් එදා මා සමග සිටි පිරිස තාමත් රට වටේ යමින් සබන්වලට අමතරව කොන්තරාත්තු පදනම මත වෙනත් කොම්පැනි වල දත් බෙහෙත්, කිරි පිටි, ශැම්පු, සිසිල් බීම, යෝගට්‌ වැනි වෙළෙඳ නිෂ්පාදන වෙනුවෙන් සමීක්‍ෂණ කරති. අවසන් වාර්තාද ඉදිරිපත් කරති. නමුත් කරන්නේ බොරුව බව දන්නෝ දනිති. ගොඩක්‌ වෙලාවට දේශපාලනඥයන් ඇන්දී මහ ලොකුවට හිතා ඡන්ද පරදින්නේ මේ රිසර්ච් නිසාය.

    සමීක්‍ෂණවලදී එයට ලක්‌ වන ජනතාවද බොහෝ විට බොරු කියති. අහඹු ලෙස තෝරා ගෙන කතා කරන අයෙක්‌ ගෙන් කොහේ සිට මෙතැනට අවාදැයි ඇසූ විට නුවර සිට පැමිණි එකා කියන්නේ ගාල්ලෙන් ආ බවයි. එය සමහරුන්ගේ හැටියකි. අමාරුවේ දමන්නට බොරු දත්ත දෙන්නට උන් කැමතිය. එනිසා සමීක්‍ෂණය කරන අය බොහෝ ප්‍රවේසම් විය යුතුය. වාසියක්‌ ලැබෙන්නට යන බව දනී නම් අනේ අපි ආසාවෙන් බොන්නේ ඔයාලා ගාව ගියෙන කිරි පිටි තමයි කියන කාන්තාවන් කෙසේ හෝ එකට දෙකක්‌ වශයෙන් පිටි පැකට්‌ටුවක්‌ ලබා ගෙන යන්නට දක්‍ෂය.

    ඉතා දක්‍ෂ සමීක්‍ෂණ කණ්‌ඩායම් කීපයක්‌ අප රටේ සිටී ඔවුන් බොහෝ දෙනෙක්‌ විශ්වවිද්‍යාල මට්‌ටමේ උගත් අයයි. ඒවා අධීක්‍ෂණය කරන්නේත් ක්‍ෂේත්‍රය ගැන හසල අත්දැකීම් ඇති පිරිසකි.

    වරක්‌ බටර් නිෂ්පාදනයක්‌ පිට කිරීමට පෙර ඒ සඳහා වෙළෙඳ දැන්වීමක්‌ හදන්නට අවශ්‍යව මිනිසුන් ඉල්ලන්නේ කුමන රසයක්‌දැයි සෙවීමට පර්යේෂණ කණ්‌ඩායමක්‌ යෙදවීය. ඔවුන් තේරුම් ගත්තේ බටර් ගැන සිතීමට වඩා ජනතාව කැමති අලුත් ලස්‌සන ගෙයක්‌ කාර් එකක්‌ කුඩා මනරම් ගෙවත්තක්‌ පුංචි පවුලක්‌ පුටු සැටියක්‌ වැනි දේට බවයි. මෙය මනාව හැසිරවූ වෙළෙඳ ප්‍රචාරක ආයතනය විශාල ගේට්‌ටුවක්‌ ඇරී කාරයක්‌ ගෙවත්තට ඇතුල්වන දර්ශනයේ සිට තරුණ පියා නිවසට පැමිණ ටයි පටිය ගලවා සැටියේ වාඩිවන අන්දමත් රූමත් බිරිය තේ කෝප්පය සමග බටර් ගාන ලද පාන් අරන් සාලයට එන අන්දමත් මනාව නිර්මාණය කර තම කාර්යය ඉෂ්ට කළේය. දෙපැත්තට ගෙවල් කාර් පුටු සැටි දමා ඒ මැදින් ජනතාවට බටර් ගිල්ලවීමට තැනූ මෙම වෙළෙඳ දැන්වීම ඉතා ජනප්‍රිය වුණේ පර්යේෂණ කණ්‌ඩායම දුන් නිවැරදි දත්ත නිසාය.

    පර්යේෂණ සමීක්‍ෂණ ගවේෂ ගැන අත්දැකීම් රාශියක්‌ මටත් තිබේ. ඒ සියල්ලටම වඩා මා ප්‍රිය කරන්නේ තනිව කරන විමර්ශනයකටයි. ඇත්තටම ඒ අත්දැකීම් සුන්දර මෙන්ම දැලි පිහියෙන් කිරි කනවා වැනි කටයුත්තකි. වසර හතරකට ආසන්න කාලයක්‌ මා ඔබ හමුවේ තැබුවේ ඒ මා කළ විමර්ශනවල ප්‍රතිඵලයි. බොහෝ විට මා දැක ඉදිරිපත් කළ කරුණු කාරණා හරිද වැරදිද හොඳද නරකද නිගමනයක්‌ දීමට මා කටයුතු නොකළ බව ඔබට මතක ඇතියි සිතමි. නමුත් එය තීරණය කළේ ඔබයි. ඒ සඳහා අයිතිය කැමැත්ත සහ ස්‌වාධීනත්වය ඔබ තුළ ඇත.

    දිවයින පුවත් පතේ මගේ ලිපි කියවන දයාබර පාඨකයන් රැසක්‌ අප රටේ මෙන්ම ලොව පුරා විහිදී සිටී. මට මෙවන් අය හමුවන්නේ විමර්ශන කටයුතුවලදී අහම්බෙනි. මාලදිවයිනේ පැරඩයිස්‌ දූපතේ හෝටලයක සේවය කරන කුරුණෑගල ජයන්ත මට හමුවුණේ එසේ අහම්බෙනි. ඔහු ඇතුළු එහි සේවය කරන අනෙකුත් ලාංකිකයන් අප පුවත් පතට දෙන තැන දකින කල ඇති වන ආඩම්බරය අති ඉහළය. තවත් බොහෝ අය මට විදේශවලදී හමුවෙයි. මා ඒ කළේ විමර්ශනයක්‌ බව ඔවුන් දැන ගන්නෙ බොහෝ කාලයක්‌ ගිය පසුවයි.

    ෆයිල් කවරයක්‌ කැමරාවක්‌ පෑනක්‌ සහිතව හොඳින් ඇඳ පැළඳගෙන කරන සමීක්‍ෂණයට වඩා ඵලදායී වන්නේත් මා ප්‍රිය කරන්නේත් තැනේ හැටියට එතැනට අනුගතව කරන විමර්ශනයටයි. උදාහරණයක්‌ ලෙස බූරුවා පිටියකට ගොස්‌ සූදු කෙලින්නන් සමග එකට වාඩිවී ඔට්‌ටු අල්ලමින් සොයා ගන්නා කරුණු වෙනුවට ඒ අයගෙන් අසා දැනගන්නා දේ හිතට හරි නැත. ඒ එවන් මිනිසුන් බොහෝ විට බොරු කියන නිසාත් ඇත්ත හංගන නිසාත්ය. වරක්‌ මරදාන පැත්තේ බූරු පිටියක ආස්‌කින් හිටිං සෙල්ලම් කරමින් සිටිද්දී පොලිසියෙන් පැන්න විට ඒ අය සමග මාවත් පොලිසියට කුදලාගෙන එද්දී මගේ අනන්‍යතාවය පෙන්වා ගැලවී ඒමට හොඳටම ඉඩ කඩ තිබුණත් සූදුකාරයන් සමගම ජීප් රියේ පොලිසියට පැමිණ පැය කීපයක්‌ බලු කූඩුවේ ලැග්ගේ පොලිස්‌ කූඩු ගැනත් තව ටිකක්‌ කරුණු දැන ගැනීමට හැකි වන නිසාය.

    නගර සභාවේ කම්කරුවන් ගැන කරුණු සොයද්දී මට උන් සමග එකට වාඩි වී ප්ලේන්ටියක්‌ ගැසීමටත් කුණු කරත්තය තල්ලු කිරීමටත් සිදුවෙයි. පිටකොටුවේ නාට්‌ටාමිලා ගැන ලියද්දී උන් වැරදියට ඔතන ගංජා සුරුට්‌ටුව හරියට හීනියට ඔතන්නට කියා දෙන්නටත් ඒ මාර්ගයෙන් එහි ආදීනව පෙන්වා දී ඔවුන්ගේ හිතට කි¹ බහින්නටත් මට හැකි විය. මගේ සමාජ සමීක්‍ෂණ ක්‍රියාවලියේදී මා විශේෂ තැනක්‌ දෙන්නේ මතින් පීඩා විඳින අය ඉන් ගැලවීමට බව මගේ පෘඨකයෝ දන්නා බව දනිමි.

    රජමැදුරට ගිය කල රජවරුන් සමග රාජභෝජන වැළඳුවත් මැති ඇමැතිවරුන් සමග එකට අසුන් ගෙන අල්ලාප සල්ලාපයේ යෙදුනත් විමර්ශන ඇස නම් නොපියවන්නෙමි.

    87 සාම ගිවිසුම ගැසූ අවධියේ ඔබරෝයි හෝටලයේ වැඩ කළ මට කොටුවේ ජනාධිපති මන්දිරයට ඇතුල්වන්නට අවස්‌ථාව ලද අතර එදා ඡේ. ආර්ගේ හාන්සි පුටුවේ වාඩිවී දුම්වැටියක්‌ උරන්නට හිතී එසේ කළේ විමර්ශනය විසින් මගේ පෞරුෂය හදා තිබුණ නිසාය.

    සමහර අවස්‌ථාවලදී මෝඩයන් ඉදිරියේ මටද මෝඩයෙක්‌ වීමට සිදුවෙයි. ඔවුන් මාව පාච්චලයට විහිළුවට සමච්චලයට ලක්‌ කරන්නේ ඉතා නින්දිත සහ සැහැසි විදියටය. මා කවුද කියා නොදන්නා නිසා ඉන් උන් අමුතු ආස්‌වාදයක්‌ ලබයි. නමුත් කරුණු කාරණා එළිවනවිට පමා වුණා වැඩි යි ඔවුන්ට සිතේ. තැනකට ගියාම වට පිටාව අමුතු නම් ගොනා සහ තණකොළ ලෙස හැසිරීමේ හොඳකම මට කියා දුන්නේ මගේ තාත්තාය. එය ඉතා සාර්ථක ක්‍රමවේදයකි. "පොර" වී පැයක්‌ ඉන්නට හැකිනම් ඊට වඩා මෝඩයා සේ පැය දහයක්‌ ඉන්නට හැක. එවිට ඉතා පහසුය. අප ගැන කවුරුත් හොයන්නේ නැත. සමහර කන්තෝරුවලට ගියාම මා හැසිරෙන්නේ කිසිත් නොදන්නා මෝඩයෙකු ලෙස නිසා එහි සිටින උද්දච්චයන් කටයුතු කරන්නේ මහරාජාලා ලෙසිනි. නොදැන කරන දෙයට සමාව තියෙන බව ඡේසුස්‌ වහන්සේ පවසා ඇත. නෑයන්ගේ මානය බිඳීමට බුදු රජාණන් වහන්සේ යමාමහ පෙළහර පෑවා සේ පෙළහර පාන්නට මට නොහැකි නිසා සියල්ල ඉවසා ඉන් සතුටක්‌ ලබමි.

    සමීක්‍ෂණ කටයුතු නිසා මා ලක්‌ වූ ඇබැද්දි වල නිමක්‌ නැත. වරක්‌ මහ රෑ නුගේගොඩ හන්දියේ සිටින නාවර පෙරාගත් කුඩු ඉරීම නිසා පැත්තකට බරවුණු වීදි ගණිකාවක්‌ සමග පාර අයිනේ කඩයක තේ බොමින් ඇගෙන් කරුණු විමසමින් සිටියදී එතැනට කොහේද සිට කඩා පාත් වුණු මගේ පාසල් මිතුරන් පිරිසක්‌ අපව දැක විස්‌මයට පත්වුණි. පත්තර නොකියවන මේ රැල කාලයක්‌ යන තුරුම සිතා සිටියේ මා ඇය සමග නිදි වදින්නට උත්සාහ කරන බවයි. මහවැස්‌සේ වැලිකඩ හිරගෙදර ඉදිරියේ පාරක මා ස්‌කූටරයෙන් යන විට ගස්‌සමින් පද්දමින් පස්‌ස නටවමින් යන නපුංසක නංගි මල්ලියෙක්‌ දැක ඔහුව ස්‌කූටරයේ පිටුපස ඉන්දවාගෙන කතා කරමින් බොරැල්ල දෙසට යද්දී එය දුටු මා මිතුරු බන්ධනාගාර නිලධාරියෙක්‌ මාත් එන්නද කියා ඇහුවේ ඇසක්‌ ඉඟිමරමිනි.

    කැනඩාවේ බ්ලුබෙරි පාක්‌ නම් අසංවර උද්‍යානයේ වෙසෙන කලු ඇමරිකානු ජාතික මත්ලෝලී නිසාචර ජන්කීයෝ පිරිසක්‌ වරක්‌ මා සුද්ධ කරනු පිණිස උල් පිහිද සහිතව වටකර ගත් අවස්‌ථාව සිහි වෙද්දී තාමත් මගේ ඇඟේ මයිල් කෙලින් වෙයි. එදා මා උන්ගෙන් බේරුණේ ලංකාවේ අය අල්ලේ වාසි ගහන අන්දමත් පොකට්‌ ගැසීමට වඩා සාම්බු ගැසීම ඉතා යහපත් සහ ආරක්‍ෂාකාරී බවත් කියා දී ඒවා උන්ට ඉගැන්වීමට පසුදා එන බවට පොරොන්දු වීමෙනි. දැන් උන් කීප දෙනෙක්‌ මගේ හොඳ මිතුරෝය. සමහරු මට ඉන්නා රටවල සිට කෝල් කරති.

    තායිලන්තයේ නිරුවත් නාට්‍යාංගනාවන් රඟන නයිට්‌ ක්‌ලබ්වලදී දුටු ඔවුන්ගේ "හැකියාවන් පිළිබඳව මෙහි විස්‌තර කරන්නට නොහැක. ඊට වඩා විස්‌තර කළ නොහැකි වන්නේ මගේ බිරිඳවත් ඇගේ මිතුරියක්‌ වන සමන්තිවත් අප නැවතී සිටි තරු පන්තියේ හෝටල් කාමරවල තනිකර දමා මාත් මා මිතුරු සමන්තත් ඒ දෙන්නාට හොරෙන් ලයිව් ෂෝ බැලීමට නයිට්‌ ක්‌ලබ් එකට රිංගූ බව දැනගත් කල බිරින්දෑවරු දෙන්නා අපට ලෙඩේ ඇද්ද අන්දමත්ය. පසුදා රාත්‍රියේ ඔවුන් දෙදෙනාවත් එහි රැගෙන යාමට පොරොන්දු වූ නිසා අප බේරුණි.

    කාර් සීස්‌ කරන්නට ගොස්‌ වරක්‌ ගුටි නොකා නොමැරී බේරුණේ දේව කරුණාවෙන් බව කියන්නට කැමැත්තෙමි. සිංගප්පූරුවේ වෙසෙන අජිත් වීරසිංහ ඉතාලියේ වෙසෙන නීල් පෙරේරා වැනි මහත්වරුන් කියා කට පුරා කිව හැකි අය මට හමුවුණේ මේ සමාජ විමර්ශන ලිපි නිසාය.

    එසේම මගේ පුනරුත්ථාපන කඳවුරට ලැබෙන්නට ගිය මුදල් පරිත්‍යාග කීපයක්‌ම වැළකී ගියේ මා ලියන දෙයින් සමහර ආයතන වල ලොක්‌කන්ට රිදී ඒ නිසා මගෙන් පලිගැනීමට සිතූ නිසාය. එන්ජීයෝ කාරයෝ මා එක්‌ක අමනාප උන් ගැන ඇත්ත ලියූ නිසා බව සිතමි. රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සමහර පල්ලියද මා සමග තරහවුණේ බැටළු වෙසින් එන වෘකයෝ යනුවෙන් මා බොරුකාරයන් ගැන කරුණු හෙළිකළ නිසා බව දනිමි. ගොරහැඩි හඬින් මට එන මරණ තර්ජන මා එතරම් නොතකන්නේ කියන දේ කරන පාතාලයන් දැන් හරි අඩු නිසාය. මාව බයගන්නවන්නට කොන්තරාත්තු ගන්නා පාතාලයෝ මා හමුවට පැමිණ ඒ බව කියා සිටි අවස්‌ථා දෙකක්‌ තිබුණි. මගේ ලිපි කියවන මා අගය කරන අයගෙන් වැඩි ප්‍රතිශතයක්‌ ගැහැනුය. ඒ අතර මැදිවියට ආසන්න අම්මලා අක්‌කලා තරුණියන් යුවතියන් මෙන්ම ආච්චි අම්මලාද බොහෝය. සරසවි සිසුවියෝද සිටිති. තමා දන්නා වැදගත් කරුණු කීපයක්‌ හෙළි කරනු පිණිස වරක්‌ ගෙදරට හොරෙන් මා හමුවීමට පැමිණ බස්‌ නැවතුමකදී තම අම්මාගේ අතටම අහු වූ පුංචි සරසවි දියණියගෙන් ඉන්පසු කිසිම ආරංචියක්‌ නැත.

    අද දවසේ මගේ අත්දැකීම් ගැන වැඩිපුර ඔබට කියන්නේ අතීතාවර්ජනා මගේ මනසට එන නිසාය. ඒ හෙට අනිද්දාට මෙම ලිපි පෙළ පොතක්‌ බවට පත්වී ජනගත වන්නට සියල්ල සූදානම් හෙයිනි. අගෝස්‌තු 05 වන බ්‍රහස්‌පතින්දා සවස 6 ට කොළඹ ලුම්බිණියේදී පවත්වන එම උත්සවයේදී ඔබගේ මුහුණ දකින්නට ආසාවෙන් සිටිමි.

    මිත්‍ර ශ්‍රී කරුණානායක[/FONT]
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමකාමීන් ගැන ඇත්ත කතාව මේකයි
    ජීඑස්‌පී ප්ලස්‌ සහ එල්ජීබීටී

    සමාජයෙන් කොන්විය යුතු පිරිසක්‌ නොවේ
    L.G.B.T. පුද්ගල වර්ග හතරකි
    N.G.O. සමරිසි අය ගැන මවන චිත්‍රය වැරදියි

    sama.jpg
    සමාජ ගැටලු විශ්ලේෂකයන්ට අනුව කළු සහ සුදු මෙන්ම අළු පාට මිනිස්‌සුද සිටිති. මේ කළු සහ සුදු මිනිස්‌සු යනු හමේ පාට නිසා එසේ ලේබල් වුණු අය නොවේ. ඔවුන්ට එම වර්ණ ලැබෙන්නේ ඔවුන් කරන ක්‍රියාවන් නිසාය. උදාහරණයක්‌ ලෙස හොරු, මංකොල්ලකාරයන්, මිනීමරුවන්, මත්ජාවාරමුන්, සල්ලාලයන්, මැරයන් වැනි අය කළු කුලකයේ අයයි. සැදැහැවත් උපාසකවරුන්, අවංක දානපතියන්, කැපවුණු ගුරුවරුන්, යහපත් වැඩ කරන සමාජ සේවකයන් වැටෙන්නේ සුදු ගණයටයි.

    අළුපාට මිනිස්‌සු යනු හරි යෑයි හෝ වැරදි යෑයි ස්‌ථිරව වෙන්කොට පෙන්විය නොහැකි දේවල් කරන ඉහත පාර්ශ්වයන් දෙකටම නැති අතරමැදි පුද්ගල කොට්‌ඨාසයයි.

    අප අද කතා කරන්නේ මේ අළුපාට කුලකයට වැටෙන පිරිසක්‌ ගැන සහ ඔවුන් වෙනුවෙන් මොර ගසන ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන තවත් පාට පාට පිරිසක්‌ ගැනයි.

    ජීඑස්‌පී සහනය අප රටට යළි දෙනු පිණිස අදාළ සංවිධානය විසින් කොන්දේසි දෙසීය ගණනකින් යුත් යෝජනාවලියක්‌ රජයට යොමුකර ඇති බව රටේ තැන් තැන්වල කතා වෙයි. මෙම යෝජනාවලින් අද බොහෝ දෙනකුගේ අවධානයට සහ කතා බහට ලක්‌වන මාතෘකාවක්‌ වී ඇත්තේ සමලිංගිකයන් දෙස අපහාසයෙන් තොරව බැලිය යුතුයි සහ ඔවුනගේ ආසාවන්ට සහ අයිතිවාසිකම් වලට ඉඩ දිය යුතුය යන යෝජනාව බව බොහෝ අය දනිති. ඇත්තටම මෙවැනි යෝජනාවක්‌ කර තිබේද කියාද සමහරුන්ට ගැටලු මතුවී තිබේ.

    පසුගිය කැබිනට්‌ රැස්‌වීමකදී මෙම හෝ මෙයට සමාන යෝජනාවක්‌ රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු විසින් කැබිනට්‌ මණ්‌aඩලයට ඉදිරිපත් කළ බවත් එයට බහුතරයක්‌ සාමාජිකයන් පිරිසක්‌ එක හෙළා විරුද්ධ වූ බවත් එහි සිටි තවත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක්‌ සමලිංගික කටයුතුවලට අවසර දෙනවා නම් සත්තුත් සමග ලිංගික කටයුතු කළාට කමක්‌ නැද්ද, කියා අසා සිටි බවත් පසුගිය සතියේ සමාජ වෙබ් ජාලා අඩවිවල බොහෝ ලෙස ප්‍රචාරය කර තිබුණි.

    ඉහත කී දේ කෙසේ වෙතත් සමලිංගික කටයුතු පිළිබඳ කාරණාව මේ වන විට පිපිරෙන්නට මෝදුවන ගිනි කන්දක්‌ හෝ දැල්වෙනු පිණිස අළුයට රහසේ දිලිසෙන ගිනි පුපුරු වැලක්‌ සේ නිහඬව සිටින බවක්‌ දකින්නට ලැබේ.

    සමලිංගිකයන් පිළිබඳව අපි නිතර නිතර කතා කරමු. ඒ ඔවුන්ට අපහාස කරනු පිණිස නොව සමාජ විමර්ශන මාතෘකාව යටතේ එම පිරිස්‌ ගැන හඳුන්වාදීමටත් හැකි සෑම අයුරකින්ම ඔවුන්ට යහපත් පුරවැසියන් ලෙස සමාජයේ ජීවත් වීමට උපකාර කරනු පිණිසත්ය. නමුත් අපගේ උත්සාහයට බොහෝ විරෝධතා සහ විවේචන එල්ලවන අවස්‌ථාද බොහෝය. අපි ඒවා අසා සිටියද ඒ අදහස්‌වලට ගරු කළ ද සියල්ල ඒ සැටියෙන් පිළිගන්නේ නැත. අප තාමත් කියන්නේ මෙම සමලිංගික සේවනයට යොමු වූවන් වනු සම්මත ජීවන ක්‍රමවේදයෙන් බැහැර වූ අසම්මත ක්‍රියාවකට ඇබ්බැහි වුණු පිරිසක්‌ බවත් ඔවුන් දෙස සානුකම්පාවෙන් බලා ඔවුන්ට ඉන් මිදීමට උපකාර කළ හැකි බවත්ය.

    සමලිංගිකයන් බිහිවන්නේ කෙසේද, ඒ අයගේ උපත පිළිබඳ වෛද්‍ය මත, මෙන්ම ඔවුන්ගේ චර්යා රටා ගැන අපි බොහෝ ගැඹුරින් මෙම ලිපිය තුළින් මීට කලින් කීපවතාවක්‌ම කතා කර ඇති නිසා ඒවා යළිs පුනරුච්චාරණය කිරීමට අවශ්‍ය නැත.

    පසුගිය දශක කීපය තිස්‌සේ අප සමාජයේ භාවිතා කළ සමලිංගික හෝ නපුංසක යන වචනය අද තහනම් හෝ නොකිවයුතු අශෝභන වචනයක්‌ ලෙසට සමාජයේ එක්‌තරා පිරිසක්‌ විසින් ප්‍රචාරය කරමින් සිටී. ඇත්තටම එම වදන්වලට අප ද කැමති නැත. යම්කිසි අසම්මත බවක්‌ ඉන් දිස්‌වෙයි. ඒ වෙනුවට ඔවුන් සමකාමීන් හෝ සමරිසියන් ලෙස මොවුන්ව හඳුන්වා දෙති. ඒ වචනද එතරම් නොගැළපෙතැයි මට සිතේ. කෙසේ වෙතත් සිංහලෙන් එසේ කීවද ඉංග්‍රීසි බසින් එයට තවත් බොහෝ අලංකාර වචන සහ යෙදුම් භාවිතා කරයි.

    ඛඨඊඔ (එල් ජී බී ටී) යනු එවැනි අයව දැන් අමතන කේතය වෙයි. එම කේතය සැදී ඇති ඉංග්‍රීසි මුල් අකුරු හතරට අයත් පුද්ගල වර්ග හතරක්‌ සිටී. එල් යනු ලෙස්‌බියන්ස්‌ හෙවත් සමකාමිනියන්ය. ජී යනු ගේ හෙවත් පිරිමි සමකාමීන්ය. බී යන්නෙන් අමතන්නේ බයිසෙක්‌ෂුවල්ස්‌ හෙවත් ගැහැනු පිරිමි යන ද්විපාර්ශ්වීය ගති ලක්‍ෂණ ඇති අයයි. ටී අකුරින් කියන්නේ ට්‍රාන්ස්‌ජෙන්ඩර්ස්‌ හෙවත් සංක්‍රාත්මික (ස්‌ව කැමැත්තෙන් ලිංග විපර්යාසයන් කර ගත් අයයි කොටින්ම කිවහොත් මෙයින් දැකිය හැකි වන්නේ අතීතයේ තනි තනියෙන් වෙන වෙනම හොර රහසේ අසම්මත ක්‍රියා කළ අය අද හවුල් වී සංගම් හදාගෙන කණ්‌aඩායම් වශයෙන් තමාට රිසි දේ එළිපිට බය නැතිව ප්‍රසිද්ධියේ කරන්නට උත්සාහ කිරීමයි.

    "ඉස්‌සර අහිංසක විදියට කෙල්ලෙක්‌ වගේ ඇඳගෙන තොල් නිය රතු කර ගෙන පාරෙ ගිය අපට දැන් එහෙම ඉන්න බැහැ. හරිම කරදරයි. අපි වෙනුවෙන් කතා කරන්න, අපේ දේවල් ලෝකෙට පෙන්නන්න, අපිව ඉස්‌සරහට දාන්න, කට්‌ටිය ගොඩක්‌ බිහි වෙලා ... අනේ මන් දන්නෑ... ඇයි කියල ඒ අයට අපි ගැන ඔච්චර රුදාවක්‌ කැක්‌කුමක්‌.. ඉස්‌සර බොහොම රහසින් සතුටු වුණ අපිව දැන් ලෝකෙටම විවෘත කරල..

    රූපලාවණ්‍ය ශිල්පයට නැටුමට මෙන්ම ඉවුම් පිහුම් සඳහා ද අති දඟ ටිෂාරා (ඇත්ත නම තිස්‌ස) එසේ කියන්නේ සතුටකින් නෙමෙයි. මහනුවරට ආසන්න නගරයක අන්ත දුගී දුප්පත් පැලක උපදින තිස්‌ස තම මාමා කෙනකු සමග කුඩා කලදීම කොළඹට පැමිණෙන අතර තිස්‌ස සතුව ත-sබූ සියුමැළි ගති ලක්‍ෂණ සහ ප්‍රසන්න පෙනුම නිසා ඔහුට අයත් වන්නේ ඉහත කී කණ්‌aඩායමකට බැඳී ඔවුන්ගේ කැමැත්තට වැඩ කටයුතු කරන්නයි. තිස්‌සගේ කතාව තවත් ඉදිරියට ඇදී යන්නේ මෙසේය.

    "හොඳයි කැමැත්තතෙන් හරි අකමැත්තෙන් හරි අපි පිරිමි වෙලා ඉපදිලා දැන් ගෑනු කරන වැඩ කරනවා. ඒත් ඒක ලෝකෙට පෙන්නන්න ඕනි නැහැනෙ.. ඇත්තටම අපිට නෙමෙයි ඒම පෙන්නන්න ඕනි වෙන කට්‌ටියකට. ඒ අය ලොකු සල්ලි කාරයො අත දිග ඇරල වියදම් කරලා එක එක උත්සව පවත්වල අපිව සෙනඟට පේන්න තැන් තැන්වලට ගෙන්නල, මං හිතන්නෙ අපිව විකුණල සල්ලි හම්බ කරගන්නව ඒත් එක සතයක්‌ අපේ දේවල්වලට දීල නැහැ.

    ටිෂාරා කියන පරිදි ඔහුවත් ඔහුගේ සහචර සගයන්ගෙන් වැඩි දෙනෙක්‌ වත් තම තත්ත්වය ලෝකෙට පෙන්වීමට එතරම් කැමති නැත. ඔවුන්ට අවශ්‍ය ජීවත් වනු පිණිස කීයක්‌ හරි උපයාගෙන හවසට මධුවිත මඳක්‌ තොලගා ගීතයකට සවන් දී නින්දට ගොස්‌ යළි පසුදා ඇහැරී සුපුරුදු කාලසටහනට අනුගතවීමටයි. නමුත් කොහේ සිටියත් ඔවුන්ව සොයා එන සංවිධානාත්මක කණ්‌ඩායම් නිසා ඔවුන්ට ඇතිවන්නේ මහත් මානසික වධයකි.

    හැමදේම විකුණන හැමදේටම මිලක්‌ ගහන අද අප සමාජයේ ඇති ගරිල්ලා මාකටිං ක්‍රමවේදය නිසා එල් ජීබීටීවරුන්ටද හොඳ මිලක්‌ ලැබී ඇත. ඔවුන් අලෙවි කර ඔවුන්ගේ අයිතිවාසිකම්, ඔවුන්ගේ මානවහිමිකම් ගැන කතා කොට යුරෝ මිටියක්‌ හෝ ඩොලර් මල්ලක්‌ උපයා ගන්නට වෙහෙසෙන එන්ජියෝ රැසක්‌ම අද අප රටෙත් ක්‍රියාකාරීව ක්‍රියාත්මක වෙයි. ඔවුන් විවිධ ආකර්ෂණීය නම්වලින් සහ ආයතන තුළින් තම ව්‍යාපාරය කරගෙන යයි. බහුතරයක්‌ දෙනා තම සංවිධානයේ සංකේතය ලෙස භාවිත කරන්නේ දේදුන්නක ඇති පාට පාට එකට බැඳුණු සිරස්‌ ඉරිකඩවලින් සැදුණු කොඩියක්‌ වැනි කොටුවකි. එසේම සමනලයින් කුඩා කුරුල්ලන් රෝස පාට කුඩා බඩු භාණ්‌ඩ සරුංගල් වැනි දේද ඔවුන් තම ලෝගෝ ලෙස යොදා ගනී.

    මට තේරෙන්නෙ නැහැ මුන්ට මොනා වෙලාද කියල.. සල්ලි ලැබෙනව නම් මෙයාලා ඕනි දෙයක්‌ විකුණයි. සමහරු හිරකාරයො විකුණනවා, තවත් අය කුඩුකාරයො විකුණනවා, තවත් අය ගණිකාවො විකුණනවා, තවත් අය වීදි දරුවො විකුණනවා, තවත් අය පාරේ ඉන්න හිඟන්නො හෝම්ලස්‌ අය සහ මානසික රෝගීන්ව විකුණනවා. ඒ අය වැඩි හරියක්‌ කරන්නේ මං කලින් කිව්ව අයගෙ මානව අයිතිය ගැන උලුප්පලා කතා කරල ඒ අයගෙ පින්තූර ටිකක්‌ අරන් අන්තර්ජාලයට දාලා ලෝකෙට පෙන්නල ජාත්‍යන්තරේ අනුකම්පාව අරන් ආධාර මුදල් ලබා ගන්නවා. එහෙම ලැබෙන මුදල්වලින් වැඩි කොටසක්‌ යන්නෙ තමන්ගෙ සාක්‌කුවට. ඉතිරි සොච්චමෙන් අනිත් වැඩවලට වියදම් කරනවා.

    ඒ ගාමිණිගේ අදහසය. ඔහුට ආයතනයක්‌ සංවිධානයක්‌ හෝ විශේෂ අනන්‍යතාවයක්‌ නැත. නමුත් ගාමිණි පාරට හෝ වීදියට බැස එහි සිටින මත්ලෝලීන් ගණිකාවන් වීදි දරුවන් එල්ජීබීටීවරුන් වැනි උපකාර අවශ්‍ය අය වෙනුවෙන් සේවය කරයි. ඔහු ගැන පුවත් පත් වාර්තා නැත, රූපවාහිනී වැඩසටහන් නැත, ගුණ කථන නැත. ඔහු ඒවාට කැමතිද නැත.

    මං දන්න විදියට ඔය සමරිසියන් කියන සහෝදර සහෝදරියන් වෙනුවෙන් වැඩ කරන සංවිධාන පිටුපස ඉන්නේ අමුතු අදහස්‌ තියෙන අය. ඔවුන් කරන්නෙ පිටරටක කොන්තරාත්තුවක්‌. ඒ අය කැමතියි අපේ රටේ මානව හිමිකම් කැඩෙනව, සමහර ජන කොටස්‌වලට අසාධාරණයක්‌ වෙනව කියල ලෝකෙට පෙන්නල ලංකාව අසාර්ථක රටක්‌ කියල ඔප්පු කරල අපේ රට යටත් කරල දාන්න. ඒකයි ඒ අයගෙ අරමුණ මං දන්න විදියට ඒ සංවිධානවල ලොක්‌කො මුදල් කෑදරයො මිසක්‌ සමරිසියෝවත් එල්ජීබීටී අයවත් නෙමෙයි. කොම්පඤ්ඤවීදියේ යතුරු කපන තුවාන්ව මට හඳුන්වා දුන්නේ ගාමිණි විසිනි. මේ තුවාන්ගේ අදහසයි.

    මං ඉස්‌සර පෙරහැරවල, පෙළපාලිවල නැටුවා. හෝටල්වලට ගිහින් පිරිමින්ගෙ ගෑනුන්ගෙ ඇඟපත මසා- කළා... අසම්මත සල්ලාලයන්ගේ මනදොළ පිරෙව්වා .. ඒත් ඒවා කළේ කැමැත්තෙන් නෙමෙයි. අපි එක්‌ක හිටපු අපිව මේ මාර්ගෙට ඇදල දාපු අය අපිට ඒව කරන්න බල කළා, ඉගැන්නුවා, ගමං පූරුවෙ කරපු පිනක්‌ නිසාද කොහෙද ගාමිණි සර්ව මුණගැහුණේ. සර් මාව පෞරුෂ වර්¨ධන සහ පුනරුත්ථාපන වැඩසටහනකට යොමු කළා. ඒකෙදි මට ඇත්ත තේරුණා. එතන හිටපු අනෙක්‌ සර්ල මැඩම්ලගෙ මගපෙන්වීමෙන් මට ජීවිතයේ ඇත්ත යථාර්ථය තේරුණා. මං මගේ බලෙන් ආරූඪ කරන් හිටි හැසිරීම් ගමන බිමන කතාබහ වෙනස්‌ කර ගත්ත. මට ඕනි වුණා ඇත්ත තුෂාරා කියන චරිතයෙන් මිදී, ඇත්ත තුවාන් වෙන්න. මං ඒක කළා. මගෙ බොරු රඟපෑමෙන් මිදුණා.

    තුවාන් කියන පරිදිම සමරිසියන් හෝ සමකාමීන් යයි තමාම කියා ගනිමින් තම හැඟීම් පාලනය කර ගන්නට නොහැකිව අසම්මත ආශාවන්වලට යොමුවන්නේ සැබෑවට නොවේ. එය රඟපෑමකි. තම ආශාවන්ට ඉඩ දීමකි. තමා කරන රඟපෑම තේරුම් ගෙන තමා මෙලොවට උපන්නේ ඇයිද යන්න අවබෝධ කරගෙන අසම්මත පුරුදුවලින් මිදී සැබෑ ගැහැනුන් සහ සැබෑ පිරිමින් ලෙස ලස්‌සනට ජීවත් වන චරිත රැසක්‌ ගැන අපි දනිමු. අප විසින් අපගේ මිතුරු සෙවණ හරහා පෞරුෂ වර්ධන වැඩසටහන්වලට යොමු කර ගොඩ ගත් තරුණයන් කීප දෙනෙක්‌ම ඒ අතර සිටී. රාත්‍රී කාලයේ මඟ මග සැරිසරමින් සල්ලාලයන්ගේ මනදොළ පිනවමින් පිරිමි ගණිකාවන් ලෙස දිවි ගෙවූ ඔවුහු දැන් නිදහසේ සතුටින් ජීවත් වෙති.

    සිල්වා ඩොක්‌ටර් එද්දී අපි දැන් හැංඟෙනව .. ඉස්‌සරනං අප එයා එක්‌ක ගියා... ඒත් දැන් එපා වෙලා.. මළ කරදරේ... මිනිස්‌සු පොටෝ ගන්නව, විස්‌තර අහනව, කිසි නිවනක්‌ නැහැ ඕවට උත්තර දීල අපේ කටවල් රිදෙනව.

    කාමිනි හෙවත් කමල් කියන පරිදි සිල්වා මහතා යනු ආචාර්ය පට්‌ටමක්‌ ඇතැයි කියනා මැදි වයසට ආසන්න පුද්ගලයෙකි. ඔහු නිතර නිතර විවිධාකාර උත්සව සංවිධානය කරයි. උගත් වැදගත් ආචාර්යවරු මහාචාර්යවරු මෙන්ම සමාජයේ වැදගත් යයි කියන කවුරුත් පිලිගන්නා අයත් ඒවාට පැමිණෙයි . එල්ජිබීටීවරුන්ටද එහි එන්න කියා ඔහු ආරාධනා කරයි. අඳින ඇඳුම, කොණ්‌ඩා මෝස්‌තර, කතා කළ යුතු දේ ගැන ආදිය සිල්වා විසින් ඔවුන්ට කියා දෙයි. අවසානයේ ආරාධිතයන් කාබී විසිර යන අතර කමල්ලාට සබීතලාට ලැබෙන්නේ තේ වේලක්‌ සහ සොච්චම් මුදලකි. අපට සමු දෙන්නට පෙර කාමිනී මෙසේද කීවේය.

    උත්සවල හවුස්‌ පාටිවලට විතරක්‌ නෙමෙයි බීච් පාටිවලටයි ඒඩ්ස්‌ නිවාරණ වැඩසටහන්වලටයි සරුංගල් තරගවලටයි වගේ දේවල්වලටත් එයා අපිට එන්න කියනව. එයාල ළඟ තියෙනව කොන්ඩම් ගෝනි ගණන් (උපත් පාලන කොපු) එයා ඒවා මිනිස්‌සුන්ට බෙදා හරින්න පාවිච්චි කරන්නෙත් අපිව ඒවට තමයි එයාලට අපිව ඕනි වෙන්නෙ.

    අද බොහෝ අය සිතන්නේ මේ එල්ජීබීටීයන් යනු කිසි බලයක්‌ නැති අන්ත අසරණ කොටසක්‌ බවයි. එහෙම අයද නැත්තේ නොවේ. නමුත් ඔවුන් සමග සමෝසමේ මෙම අසම්මත ක්‍රමයට නැඹුරු වූ බලවත් අයද සිටී. මා හිතවත් ගුණසිරි ඒ ගැන කියන්නේ මෙසේය..

    එක එක නම් දා ගත්ත එන්ජියෝකාරයො ලෝකෙට පෙන්නන්නෙ සමරිsසියො කියන්නේ අහිංසක අසරණ කිසි දෙයක්‌ කරගන්න බැරි කොන්වෙච්ච පිරිසක්‌ කියල. ඒක බොරුවක්‌. අද අපේ රටේ වගේම ලෝකෙ පුරාම ඉන්නව මහ බලසම්පන්න පිරිස්‌. ඒ අය අතර නළු නිළියො ගායක ගායිකාවෝ සුපිරි ක්‍රීඩකයෝ දඟ හටන්කරුවෝ ලේඛකයෝ ව්‍යාපාරිකයෝ පොලිස්‌ සහ හමුදා නිලධාරීන් ආචාර්ය මහාචාර්යවරු උගත් පණ්‌ඩිතයො වගේ අය ඒ විතරක්‌ද දේපාලනඥයො මැති ඇමැතිවරු වගේම සමරිසි තත්වයට පත්වුණු අගමැතිවරු වැනි රාජ්‍ය නායකයොත් ඉන්නව. හැබැයි ඒ අය ඉල්ලීම් ඉල්ලන්න යන්නෙ නැහැ අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ නැහැ. තමන්ගෙ පාඩුවෙ ඉන්නව.

    මෙම ගැටලුව හමුවෙ බොහෝ මානව හිමිකම් ගැන කතා කරන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් අසා සිටින්නේ යම් හෙයකින් මෙවන් තත්ත්වයක්‌ ඔබගේ බාල සහෝදරයකුට හෝ දරු මුණුපුරෙකු තුළින් ඇති වුවහොත් ඔබගේ තත්ත්වය කුමක්‌ වේද යනුයි. ඇත්තටම එය කීපවරක්‌ සිතිය යුතු ප්‍රශ්නයකි. නමුත් අප සතුව ඒ සඳහා පිළිතුරු තිබිය යුතුය. ඒ පෞරුෂ වර්ධන කුසලතාවයයි. තම දරුවා හෝ බාල සොහොයුරාගේ ආකල්ප ගති ලක්‍ෂණ කුඩා කලදීම තේරුම් ගෙන ඔහුගේ කැමැත්තට හෝ රුචියට ඉඩ නොදී ඔහුව හෝ ඇයව නිසි සම්මත මගට යොමු කිරීම අපගේ යුතුකමයි වගකීමයි.

    නපුංසකයන් සමලිංගිකයන් සමරිසියන් හෝ එල්ජීබීටීයන් කියා කිසිම කොටසක්‌ කොන් කිරීමවත් සමාජ අවමානයට ලක්‌ කිරීමත් සුදුසු නැත. එසේම එවැනි තත්ත්වයන්වල සිටින අයව පාවිච්චි කිරීමද ඒ අය ලවා තමාගේ දේවල් ප්‍රවර්ධනය කර මුදල් උපයා ගැනීමද හොඳ නැත.

    කවුරු මොනවා කීවත් අසාමාන්‍ය මනෝවිද්‍යාවට අනුව මෙය අසම්මත ලිංගික චර්¨යාවකි ගපැරපිලියාවකගි එසේම බුදුන් වදාළ බණෙහි සහ පන්සිල්වල ඇති කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාධියාමි යන්නට අනුවත් කිතුනුවන් අදහන බයිබලයේ ඇති නිත මාලාවන්ට අනුවත් පිරිමින් සමනල පිරිමින් සහ ගැහැනුන් සමග ගැහැනුන් සයනය කිරීමද මහත් පාපයකි.

    එහෙයින් සමරිසි තත්ත්වයට පත්වුණ හෝ පත්වෙමින් යන බාලයකුගේ එවන් ගති ලක්‍ෂණ දුටු කල ඔහුව හෝ ඇයව තවත් ඒ තත්ත්වයට පොලඹවා එයටම ඇද දමා ඔහුගේ තත්ත්වය ප්‍රවර්ධනය කොට ඔහුව ඒ ක්‍ෂේත්‍රයේ වීරයකු නොකර ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් සහ ප්‍රඥාවෙන් ක්‍රියා කොට ඔහුව හෝ ඇයව එම තත්ත්වයෙන් මුදා සාමාන්‍ය අයකු කිරීම ඔබගෙත් මගෙත් යුතුකමයි.

    * මිත්‍ර ශ්‍රී කරුණානායක
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමරිසි කටගැස්‌මක්‌ද? සංවාදය.... ලිපි පෙළජ්04
    එල්ජීබීටී කටගැස්‌මට ට්‍රයිසෙක්‌ෂුවල් (Trisexual) රස මුසුවක්‌

    බුද්ධඝෝෂ හිමියන් මෙන්ම ඡේසුස්‌ වහන්සේ කියන දේ ගැනත් අවධානය යොමු කරන්න

    ත්විලිංගිකත්වය ගැන කතා නොකරන්නේ ඇයි?

    තුෂාර මනෝඡ්ගේ කුලකය කුමක්‌ද?

    පසුගිය සතියේ පළවූ Equal Ground හි තුෂාර මනෝඡ් දැක්‌වූ අදහස්‌වලට පිළිතුරු

    tri.jpg
    පසුගිය සති කීපය තුළ මා සහ ඊක්‌වල් ග්‍රවුන්ඩ් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ව්‍යාපෘති නිලධාරී තුෂාර මනෝජ් මහතාත් අතර හුවමාරු වන සමරිසි කටගැස්‌ම පිළිබඳ වදන් හරඹය. මට ඌ ගහන ඌ මට ගහන. තියරියක්‌ මත පිහිටා ඇති බව මට දැනුණේ ඔහු විසින් ගිය සතියේ පළ කර තිබූ පිළිතුරු ලිපිය කියවීමෙනි.

    සමරිසියන් යයි රාජ්‍ය නොවන සංවිධාන විසින් හඳුන්වන LGBT Lkavhkag අයත් පිරිමින් සමග ලිංගික ක්‍රියාවේ යෙදෙන්නට කැමති පිරිමි, ගැහැනුන් සමග ලිංගික කටයුතු කරන්නට රිසි ගැහැනු, ද්විලිංගික ගණයට වැටෙනවුන් සහ ලිංගසංක්‍රාතියට නතුවූවන් යන පාර්ශවයන් පිළිබඳවත් ඔවුන්ගේ ස්‌වභාවයන් ගැනත් ඔවුන්ට වන අගතියන් ගැනත් ඔවුන්ගේ මානව අයිතීන් ගැනත් කරුණු කාරණා මතු කිරීම අප දෙපළම දෙයාකාරයකින් ඉටු කොට ඇත.

    අප දෙදෙනාම සමරිසියන් ගැන කතා කළ ද මෙහිදී මා දකින වෙනස වන්නේ මනෝජ් තුෂාර ඔහුට සමීප ඔහු වඩා විශ්වාසය තබා සිටින ඔහුගේ උතුම් පරමාදර්ශයන් විය හැකි බුද්ධඝෝෂ හිමියන්, රොබට්‌ කේ. මර්ටන්, මැකොලේ සාමිවරයා, අමෙරිකන් මනෝ විද්‍යා සංගමයේ සාමාජිකයන්, ඩී. ජොවාවෝද කැස්‌ත්‍රොa සහ රොබට්‌ නොක්‌ස්‌ වැනි අය මෙන්ම වෛද්‍ය රුවන් වැනි විද්වතුන්ගේ අදහස්‌ සහ න්‍යායන් ගැන විද්‍යාත්මක සහ තාර්කික පසුබිමක සිට කතා කරන අතර මා කතා කලේ එච්. අයි. වී. ආසාධිත ඒඩ්ස්‌ රෝගීන්ට මෙන්ම සමාජ රෝගවලට බෙහෙත් කරන එස්‌ටීඩී ක්‌ලිනික්‌ එකේ ප්‍රායෝගික වෛද්‍යවරුන්, සමරිසි අපහරණයට ලක්‌වූ වින්දිතයන්, සමාජ අවමානයෙන් මානසික පීඩා විඳින සමරිසි කුලකයට වැටෙන ලොල්ලසරා, සබීතා, ශෂී වැනි පිරිමි ගණිකාවන්, වැඩිහිටි පිරිමින්ගේ අසාමාන්‍ය හිංසාකාරී අතවර නිසා හැඟීම් තුවාලකරගත් කුඩා දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් වැඩිහිටියන් මෙන්ම තව දුරටත් සමරිසි තත්ත්වයේ ජීවත්වන්නට අකමැතිව ඒ ක්‍රමයට ආයුබෝවන් කියා බහුතරයට එක්‌වූ තරුණ තරුණියන් වැනි මහ පොළවේ පය ගසා ජීවත්වන අය තුළින් මා ලබා ගත් අත්දැකීම් සහ දැනුම පිලිබඳවයි.

    එමෙන්ම රාත්‍රී උද්‍යාන පාලකයන් (මුරකරුවන්) පොදු වැසිකිළි බාරකරුවන්, අඳුරු තැන් වල සැරිසරන නිසාචරයන්, පාලු තැන් වල රැකියාව කරන පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් මට තොරතුරු සැපයූ අය වූහ. මෙහිදිS වඩා වැදගත් වන්නේ කාගේ අදහස්‌ ද බව බුද්ධිමත් පාඨකයා තීරණය කරනු ඇත. එමෙන්ම වසර විසිපහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මා කරන්නේ සමාජ විමර්ෂකගේ කාර්ය බව තුෂාර මනෝජ්ටත් ගමන දැන යන බුද්ධිමත් 'දිවයින' පාඨකයාටත් සිහිකරන්නට කැමැත්තෙමි.

    දෙවැනි වරටත් තුෂාර ඔහුගේ ලිපි තුළින් මිත්‍ර දැන්වත් අපි මිත්‍ර වෙමු, කියා කරන ඇරයුම මා සාදරයෙන් බාර ගන්නේ ඇත්තටම මිත්‍රත්වයෙනි. එහෙයින් මෙවක්‌ පටන් මම ඔහුට මිතුරා කියා අමතමි. LGBT ප්‍රජාව තුළ මා මිතුරු තුෂාර මනෝජ් නියෝජනය කරන කුලකය කුමක්‌ දැයි මා නොදනිතත් මට කියන්නට අවශ්‍ය වන්නේ නව යොවුන් කාලයේ පටන්ම මා ඔය කියන කණ්‌ඩායම්වලට අයත් සෑම වර්ගයකම බාල මහලු තරුණ ගෑනු පිරිමි අය සමඟ මිතු දම් පවත්වන අයෙක්‌ බවයි. එම නිසා ඔහුගේ අවසාන ලිපියෙන් මා සමරිසියන් පිළිකුල් කරන බවට කර ඇති චෝදනාත්මක ප්‍රකාශය මම සාහසිකව ප්‍රතික්‍ෂේප කරන්නට කැමැත්තෙමි. මගේ එම ලිපියේ හෝ මෙයට පෙර සමරිසියන් ගැන මා ලියන ලද ගණන් කිරීමට පවා මට අමතක ලිපි වල කොතැනක හෝ මා සමරිසියන් පිළිකුල් කරන බවක්‌ ව්‍යාංගාර්ථයෙන් හෝ කියා නැත. මා කිප වරක්‌ම කියවා යළි යළි තේරුම් ගත් පරිදි මා එහි ලියා ඇත්තේ අද ජන සමාජය පිළිකුලින් බලන්නේ මුදල් හොයා වීථියට බහින පිරිමි ලිංගික ශ්‍රමිකයන්, ගොදුරු සොයන සමරිසියන් හෝ තෘප්තිය ආස්‌වාදය පතා සමරිසි රතියේ යෙදෙන්නන් දෙස නොව ඔවුන්ට මුවා ඔවුන්ව විකුණාගෙන කන ඔවුන් ලවා උපත් පාලන කොපු රට පුරා ව්‍යාප්ත කරවන, දිය කලතා එය බොරවුණ කල එයට බැස මාළු අල්ලන ඩොලර් මාමක යුරෝකාරක එන්ජියෝ දෙස බවයි. (මා මිත්‍ර තුෂාර මනෝජ්ට ඩොලර් සහ යුරෝ ගැනත් එන්ජියෝ ගැනත් මා නඟා ඇති චෝදනාවට උත්තර බැඳ එකී චෝදනාවෙන් නිදහස්‌ වෙන්නට අමතක වූවාද නැත්නම් හිතාමතා එය පැහැර හැරියාද ඒ ගැන කතා කිරීමට අකමැතිද කියා මා නොදන්නා නිසා මෙයින් මතු ඒ ගැන කතා නොකරමි)

    මා මිත්‍ර මනෝජ් මට චෝදනා කර ඇති පරිදි හොමොෆොaබියා යන භීතිකාවෙන් මා පෙළෙනවාද ඇත්තටම මා සමරිසියන් පිළිකුල් කරන්නේද කියා මම මගෙන්ම අසමින් ආත්ම සම්ප්‍රජානනයක සහ ස්‌වයං විවේචනයක යෙදුනෙමි. පසුගිය සතිය තිස්‌සේ මම විවිධ අයගෙන් මා ගැන විමසුවෙමි. අවසාන වශයෙන් මා විනිශ්චය කළේ මා හොමෝෆොaබියාවෙන් නොපෙළෙන බවත් එසේම මට හොමෝමේනියාවක්‌ද නැති බවත්ය. (හොමෝෆොaබියාව යනු සමලිංගික සේවනය ඇතුළු එල්ජීබීටී ප්‍රජාව පිළිබඳව Rණාත්මක ආකල්ප හෝ හැඟීම් සමුදායක්‌ ඇති වීමයි Homophobia = encompasses a range of negative attitudes and feelings toward homosexuality or people who are identified or perceived as being lesbian, gay,bisexual or transgender (LGBT)

    කුඩා කල මා මහත්සේ ඇලුම් කල එදා මට දෙවැනි මවක්‌ වූ මගේ ඉංග්‍රීසි උච්ඡාරණ (Elocution) සහ බටහිර සංගීත ගුරුවරිය ලෙස්‌බියනියක්‌ බව යන්තම් දැලි රැවුල වැවෙන්නටත් පෙර දැනගතිමි. පාසැල් යන අවදියේ අපගේ පිහිනුම් පුහුණුකරු සමරිසියෙක්‌ බව පිහිනුම් කණ්‌ඩායමේ අප සැමට දැනී තිබුණි. එමෙන්ම මාත් මගේ අයියාත් කොණ්‌ඩය කපන්නට නිතර ගිය නුගේගොඩ සැලුන් එකේ හිමිකාර ප්‍රධාන කරණවෑමියා වන ඩේවිඩ් මාමා ද්විලිංගිකයෙක්‌ බවත් මගේ අයියා මට එකලම උගන්වා තිබුණි. අප නව යොවුන් වියේ පාසල් සිසුන්ව සිටියදී පාසලින් කට්‌ටි පැන මරදාන දුම්රියපලේ ගැවසෙන කල්හි අපට හමුවුන මාලිගාවත්තේ පොරින් සුනිල් නැමැති ෙජ්ත්තුකාර රස්‌තියාදුකාරයා තදබල ලෙස බාල අපරාධවලටත් කුඩා පිරිමි දරුවන්ට අතවර කිරීමටත් ඇබ්බැහිව සිටි අයෙක්‌ ලෙසටත් අපි අඳුනාගෙන සිටිමු. එමෙන්ම ලිංග විපර්යාස සැත්කම්වලට බඳුන්ව මානසිකව සහ කායිකව පීඩා විඳින සමාජයෙන් නිතර සැඟවී සිටීමට තැත් දරණ තරුණයන් කීප දෙනෙක්‌ම උපදේශන සේවා සඳහා මා වෙත පැමිණ ඇති අතර තායිලන්තය, මැලේසියාව, පිsලිපීනය වැනි රටවල ජීවත්වන එවන් ලිංගික සංක්‍රාන්තිකයන් රැසක්‌ම දැනටමත් මගේ හිතවතුන්ව සිටී. ඒ සියල්ලන් දෙස විනිශ්චයෙන් තොරව ඔවුනුත් මනුෂ්‍යයන්යයි සිතමින් සලකන නිසා යළිත් වරක්‌ මා තුෂාර විසින් මට කර ඇති චෝදනාව තරයේ ප්‍රතික්‍ෂෙප කරමි.

    මා කිසි කලෙක උග්‍ර ආගම්වාදියෙක්‌ හෝ මූලධර්මවාදියකු නොවුණද, මා මිත්‍ර තුෂාර අදහන වීරයන් වන රොබට්‌ කේ මර්ටන්, මැකොලේ සාමිවරයා, අමෙරිකන් මනෝ විද්‍යා සංගමයේ සාමාජිකයන්, ඩී. ජොවාවෝද කැස්‌ත්‍රොa, රොබට්‌ නොක්‌ස්‌ වැනි අයට වඩා මම ගෞතම බුදුන් වහන්සේ දෙසූ බණ සහ යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ විසින් ඉගැන්වූ න්‍යායන්ට ගරු කරමි. නමුත් තුෂාර කියන පරිදි කොන්ඩම් දමා සංසර්ගයේ යෙදීම ද අසම්මත ලිංගික චර්යාවක්‌ විය හැකි නිසා බුදුන් දේශනා කළ පංචශීලයෙන් එකක්‌ වන කාමයෙහි වරදවා හැසිරීමද කොන්ඩම් පරිහරණයට අසුවිය හැකි පාපයක්‌ කියා වරෙක මට සිතේ. එනිසා මම උතුම් බුදු බණ මෙයට ඈඳා නොගනිමි. නමුත් කිතුනු ඉතිහාසය තුළ සහ ඔවුන්ගේ ශුද්ධ ලියවිල්ල වන බයිබලයේත්a ටෝරාව හෙවත් මෝසස්‌ගේ ව්‍යවස්‌ථාවේත් කාමමිථ්‍යාචාරය ගැනත් සමලිංගික සේවනය ගැනත් බොහෝ සේ නීති සහ තහංචි පනවා ඇත.

    ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාස නොකරන්න. ඒක පිළිකුලක්‌ය. මනුෂ්‍යයකු ගැහැනියක සමඟ සයනය කරන්නාක්‌ මෙන් පිරිමියකු සමඟ සයනය කළොත් ඔවුන් දෙනොම පිළිකුලක්‌ කළෝය. ඔවුන් සැබවින්ම මරනු ලැබිය යුතුය., (ලෙවි 19:13 සහ 20:13)

    tri1.jpg
    එකල ජීවත්වූ මනුෂ්‍යා තුළ පාපය ඉතා අධිකව සිත් දැඩිව දූෂිතව තිබූ නිසා මෝසස්‌ එසේ කිවද මෙය අද දවසට කොතරම් දුරට ප්‍රායෝගික දැයි අපට නොදනිතත් මෙයට වසර හයදාහකට පමණ පෙර මිසරයේ සොදම සහ ගොමොරාව කියන මහා නගර දෙක ජෙහෝවඃ දෙවියන් විසින් විනාශ කර දැමුවේ ඒ නගරයට සුබ සිද්ධි කරන්නට ස්‌වර්ගයෙන්a ආ සුන්දර අලංකාර දේවදූතයන් දෙදෙනකුට ලිංගික අතවර කරන්නට සහ ඔවුන් සමඟ නිදි වදින්නට කැස කැවූ දුෂ්ඨ සමරිසි නාගරිකයන් සමූහය නිසා බව යුදෙව් ලියවිලි පවසයි. (උත්පත්ති කතාව 19 පරිච්ඡේදය)

    යුදෙව් දේවධර්ම ගුරුවරයකු වූත් ඉතා දරුණු ලෙස කිතු බැතියන්ට සහ ක්‍රිස්‌තියානි සභාවට මාරාන්තික ප්‍රහාර එල්ල කලාවූත් කිතුනු නායකයන් මරා දැමුවාවූත් පසුව යහපත් මඟ තෝරාගත් ග්‍රීක දාර්ශනිකයකු වන පාවුල් හෙවත් තාර්සස්‌හි සාවුල් නමැත්තා සමරිසියන්ගේ ක්‍රියා දැක රෝමවාසීන්ට ලියා යවන ලද යෑවුම් පත්‍රයේ මෙසේ සඳහන් කරයි.

    ඔවුන්ගේ ස්‌ත්‍රීහු ස්‌වභාවික ව්‍යවහරය ස්‌වභාවයට විරුද්ධවූ ව්‍යවහරයට වෙනස්‌කළෝය. එසේම පුරුෂයෝද ස්‌ත්‍රිය සම්බන්ධ ස්‌වභාවික ව්‍යවහරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව පුරුෂයෝ පුරුෂයෝ සමඟ ආශෝබන දේ කරමින් තමුන්ගේ වරදවලට සුදුසු පල තමුන් තුළම ලැබුවෝය. (රෝමන්ස්‌ 1 :26,27)

    තුෂාර මනෝජ් කියන පරිදි බුද්ධඝෝෂ හිමියන් පණ්‌ඩකයන් ගැන කතා කරද්දී යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ නපුංසකයන් ගැන මෙසේ කියා ඇත.

    මක්‌නිසාද මවුකුසින් නපුංසකව උපන් තැනැත්aතෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරන ලද නපුංසකයන්ද ඇත්තාහ. ස්‌වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේ යයි කීසේක. (ශුද්ධ බයිබලය මතෙව් 19:12 )

    මෙතන ක්‍රිස්‌තුස්‌ යේසුස්‌ නපුංසකයන් ලෙස හඳුන්වන්නේ සමරිසියන් නොව අණ්‌ඩකෝෂ නැතිව උපන් අය ගැන සහ විවිධ හේතු මත අණ්‌ඩකෝෂ තලා හෝ කපා ඉවත් කර දැමූ අය ගැන බව අප දැන ගත යුතුය. එකල රජවරුන් සතුව තිබූ අන්තඃපුර වල රැකවල්කරුවන් සහ අන්තඃපුර සේවකයන්ගේ අන්ඩකෝෂ තලා හෝ ඉවත් කර බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. එසේ කළේ නපුංසකයන් ලෙස හැඳින්වුණු ඒ ශක්‌තිමත් පුරුෂයන්ගේ ලිංගික ඇසුරෙන් තම අන්තඃපුර ලලනාවන් සහ බිසෝවරු රැක ගැනීමටයි. එසේම ස්‌වර්ගරාජ්‍ය නිසා තමුන්ම නපුංසකයන් වන්නෝ කියා යේසුස්‌ පවසන්නේ දේවරාජ්‍ය ප්‍රකාශ කරනු වස්‌ පූජකත්වයට කැපවී විවාහයෙන් සහ ලිංගික කටයුතු වලින් තොරව බ්‍රහ්මචාරීව ජීවත්වන කොටස්‌ ගැනයි.

    හිතවත් තුෂාර ඇතුළු මා දයාබර පාඨකයිනි, මා මේවා ලියන්නේ රොබට්‌ නොක්‌ස්‌ ජීවත්වුණු ශ්‍රී වික්‍රම රජ සමයටත්, කෝට්‌ටේ හත්වන බුවනෙකබාහු රජ සමයටත්, බුද්ධඝෝෂ හිමි වැඩ සිටි කාලයටත් පෙර පටන් ලෝකයේ සමරිසියන් නපුංසකයන් සිටි බව පෙන්වීමට මිස ඔවුන්ව හෙළා දැකීමට හෝ ඔවුන් ගැන පිළිකුලින් නොවේ.

    සමරිසියන් විෂමරිසියන් කිරීමේ ක්‍රමවේදයක්‌ ඇත්නම් විෂමරිසියන් සමරිසියන් කළ හැකි ක්‍රමයක්‌ ද තිබිය යුතු බව මා මිත්‍රයා පවසයි. දයාබර තුෂාර මනෝජ්, ඔබ නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානය ඇතුළු තවත් සිය ගණනක්‌ වූ රාජ්‍ය නොවන සංවිධාන අහිංසක පාඩුවේ ඉන්න පිරිසක්‌ අල්ලාගෙන ඔවුන්ව ඉදිරියට දමාගෙන සමානතා මානව හිමිකම් අයිතීන් ආදී දේ ගැන කතා කරමින් කරන්නට යන්නේ ඒ දෙයම බව මම Rජුවම කියන්නට කැමැත්තෙමි. කෙටියෙන් කිවහොත් ඔබලාගේ සංවිධාන කරන්නේ සමරිසියන් ලොවට ප්‍රවර්ධනය කිරීම හෙවත් ප්‍රමෝට්‌ කර මාකට්‌ කිරීමයි. මා පෞද්ගලිකව මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ සමරිසි හෝ එල්ජීබීටීවරුන්ට නොව ඔවුන්ව ඔවුන්ටත් හොරා විකුණමින් රට සවාරි යන මුදල් උපයන සංවිධානාත්මක අපරාධ කල්ලි වලටයි.

    මායි අපේ අනික්‌ අයයි පාඩුවෙ නටල උයල මනමාලියන්ට අන්දල ගාණක්‌ හොයාගෙන හීන් µන් එකක්‌ අරන් සැපට සමාදානෙන් ජීවත් වුණා. ඒත් දැන් කාලෙක ඉඳන් අකුරු හතරක නමක්‌ දාගෙන සංගම් හදාගෙන අපේ අයිතිය ගැන කතා කරන කට්‌ටියක්‌ ඉන්නව. ඔය නම් නිසයි අපි සමාජෙ ලේබල් වෙන්නෙ. දැන් ඔක්‌කොම හොයනව කවුද මේ අමුතු කට්‌ටිය කියල,

    මේ දෙමටගොඩ වෙසෙන මගේ සමරිsසි මිතුරෙක්‌ කළ චෝදනාවයි. දැනට වසර විස්‌සක්‌ තිස්‌සේ ඔහු තවත් තරුණ පිරිමියකු සමඟ ඒ මිතුරාගේ පාලු සුවිසල් නිවසේ එකට අඹුසැමියන් මෙන් දිවි ගෙවන අතර වෘත්තීය වශයෙන් රූපලාවන්‍ය කටයුතු කරයි. කොන්ඩා මෝස්‌තර දමා ගැනීම පිණිස ඔහු සොයා එකල ජනප්‍රිය සුපිරි නළුවන්, සම්මානනීය නිළියන්, ගායක ගායිකාවන් දේශපාලකයන් බෞද්ධ භික්‌ෂූන් ව්‍යාපාරිකයන් වැනි අය එකල නිතර එම නිවසට යන එන අතර ඉන් වැඩි හරිsයක්‌ දෙනා ඔහුට ලිංගිකව ආකර්ෂණය වන බව ඔහුම පවසයි. සමරිසි සමාජයට එන හෝ රැගෙන එන කුඩා හෝ නව යොවුන් නවක තරුණයන්ගේ විවිධ ඉන්ද්‍රියන් ලිංගික ක්‍රියාවට පහසු කරනු පිනිස තම්බන ලද කුඩා දෙහි ගෙඩියක්‌ එම ස්‌ථානයට ක්‍රම ක්‍රමයෙන් ඇතුල්කොට පුරුදු කරන, අයුරුත් වැඩිපුරම සමලිංගික සේවනය යනු උපතින්ම ගෙන එන දෙයකට වඩා උගන්නා චර්යාවක්‌ බවත් මට ප්‍රායෝගික උදාහරණ මගින් කියා දුන්නේ මගේ ඒ සමරිසි මිතුරායි. මම ඔවුන් සමඟ එම නිවසේ මාස ගණන් ඒ කාමරයේම රැඳී සිට ඇති නිසා ඒ පිළිබඳව හොඳාකාරව කරුණු දනිමි.

    ඔහු මුලින් කියූ පරිදි එල් ජී බී ටී යන අකුරු හතර මෙයට වසර තිහකට තිස්‌ පහකට පෙර අප සමාජයේ අසන්නට දකින්නට නොලැබිණි. 1985 හෝ 90 අතර කාල පරිෙච්ඡේදය තුළ මෙම අකුරු හතරින් යුතු සංකල්පය නිර්මාණය වුණේ ඇත්තටම එම පිරිස්‌ වල අයිතිය සහ අනන්‍යතාවය රැකීමටද එසේත් නැත්නම් වෙනත් පටු අරමුණු ඉටුකැර ගැනීමට දැයි ගැඹුරින් විමසිය යුතු කාලය දැන් උදාවී ඇතැයි මම සිතමි.

    ලිපිය නිම කිරීමට පෙර අනාවැකියක්‌ කීමට ද මගේ සිත පොළඹවයි. ද්විලිංගිකත්වය හෙවත් බයිසෙක්‌ෂුවලිටි යන්නට එහා ගිය ට්‍රයිසෙක්‍ෂුවලිටි කියා දෙයක්‌ ද එකල සිට සමාජයේ පවතින නිසා එයද මෙම සමරිසි කණ්‌ඩායමට ඇතුල් කොට එල් ජී බී ඩබල් ටී කියා මොඩිµයි වනු ඇතැයි මට සිතේ. ට්‍රයිසෙක්‌ෂුවලිටි ( Trisexuality) හෙවත් ත්විලිංගිකත්වය යනු පිරිමින් සමඟ ගැහැනුන් සමඟ හෝ වෙනත් ඕනෑම දෙයක්‌ සමඟ ලිංගික ක්‍රියාවේ යෙදීමට ඇති ඇල්මයි. වෙනත් ඕනෑම දෙයක්‌ යනු පන ඇති සතෙක්‌, මළ මිනියක්‌ ජීවි හෝ අජීවී වස්‌තුවක්‌ ඇතුළු වෙන ඕනෑම දෙයක්‌ විය හැකිය. (A person or persons actively engaging in sexual intercourse with anyone or anything be he, she or it animate or in animate is trisexuality) තත්ත්වය මෙසේ පැවතුනුහොත් ඉතා නුදුරු දිනකදී තම ත්විලිංගික කටයුතු ද නීතිගත කරනු ඒවා පිළිගනු සමාජගත කරනු කියා එන්ජියෝකාරයන් මොර තලනු නියතය.

    මා මිත්‍ර මනෝජ් තුෂාර සතු සංයමය, සෝපාහාසය, ආකර්ශනීය ලේඛන ශෛල්‍යය, විෂයට අදාළ ඉතිහාසීය දැනීම, අප අසා දැක පවා නැති පත පොත පරිශීලනය කර ඇති බව අපට දැනෙන නිසා ඔහු කිසිසේත්ම මුකුත්ම නොදන්නා නිකමෙකු නිසා එන්ජියෝවකට හේත්තු වී ඔවුන්ට කඩේ යන්නකු නොවන බව මම සිතමි. නමුත් කිසිවක්‌ කර කියා ගත නොහැකි එක්‌තරා පිරිසක්‌ සමරිසියන් විකුණා ගානක්‌ සොයා ගන්නා පිණිස රාජ්‍ය නොවන සංවිධානවලට බැඳී කුලියට කහිමින් සිටින බව අප දන්නා නිසා අප ඔවුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපේම කොටසක්‌ වන ඒ සමරිසියන්ට අප රටේ තැනක්‌ නැත, ඔවුනගේ අයිතිවාසිකම් කඩවෙයි, හිංසන හිරිහැර පැමිණෙයි, කියා විදේශ රටවලට රපෝර්තු කර ගානක්‌ හොයා ගන්නවාට වඩා රාත්‍රියට හෝ සවස්‌ කාලයට බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරට එසේත් නැත්නම් අඳුරු නොරිස්‌ පාරට හෝ වරාය ඉදිරිපිට හම්බන්වැල්ලට ගොස්‌ තම හැකියාව සහ රුචිකත්වය මත සාධාරණ මුදලක්‌ උපයා ගන්නා ලෙසයි.

    සමාජ විමර්ශන සහ පොළවෙ පය ගහනවුන්ගේ අදහස්‌ වලින් මිස විද්‍යානුකූල සහ තාර්කික කරුණු වලින් තොරව මා ඔබට පිළිතුරු දී ඇත්නම් මට කමත්වා යයි කියමින් මා මිතුරු මනෝජ් තුෂාරගෙන් ඉල්ලා සිටිමින් ලිපිය අවසන් කරමි.

    මිත්‍ර ශ්‍රී කරුණානායක
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]පුරුෂෝත්තම මනෝ ව්‍යසනයට
    හසුනොවන සමරිසි මානුෂිකත්වය[/FONT]
    [FONT=&quot]

    n6-1.jpg
    මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින පුවත්පතේ ලිපියක්‌ ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ "ගැහැනු වෙන්න හදන පිරිමි" ලිපියට පිළිතුරක්‌ වේ. ලිපියට පිළිතුරක්‌ සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව තිබේ. පොදුවේ සමසෙනෙහස්‌ කාන්තා (Lesbian) සමසෙනෙහස්‌ පුරුෂ (Gay) ද්වි සෙනෙහස්‌ කාන්තා හා පුරුෂ (Bisexual) සංක්‍රාන්ති සමාජභාවීය (Transgender) අන්තර්ලිංගික (Intersex) හා ලිංගික දිශානතිය හා ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය අනන්‍යතාවය ප්‍රශ්නභාවී (Questioning) යන්න වෙනස්‌ ලිංගික හා ස්‌ත්‍රි පුරුෂ සමාජභාවීය අනන්‍යතාවක්‌ ලෙස තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව මිත්‍ර විසින් ඔහුගේ ලිපිය ලිංගිකත්වය හා ලිංගික ක්‍රියාකාරකම්වල ඇති වාණිජමය මූලධර්ම මත පදනම්ව ලියා ඇති බැවිනි. එමෙන්ම එවැනි ලිවීමකදී මාධ්‍යවේදියෙකු සතුවිය යුතු මානවවාදී ගුණය මෙන්ම මාධ්‍ය ආචාර්ධර්මවලට ඇති සංවේදීභාවය අමතක කර දමා ඇති බැවිණි.

    නපුංසක යන පදය ඔහු විසින් බොහෝ අවස්‌ථාවලදී සඳහන් කර ඇති නිසා මිත්‍ර විසින් නපුංසක යන පදය සොයාගත්තේ කොහෙන්ද? ඔහු නපුංසක යන්න අර්ථ දක්‌වන්නේ කෙසේද යන්න ගැටලුවක්‌ පවතී. එහෙත් ඔහුගේ ලිපියේදී ගැහැනුන්ට අඳින පිරිමි හා පිරිමින්ට අඳින ගැහැනු යනුවෙන් දක්‌වා තිබේ. මා විසින් දන්නා පරිදි පිරිමියා විසින් ගැහැනියට ඇඳීම හුදෙක්‌ කාමලෝලී හෝ අශ්ලීල ලෙස දැකිය යුත්තක්‌ නොව බොහෝ රටවල සංස්‌කෘතික හා කලාත්මක හා කලාත්මක ප්‍රකාශන ලෙස විරුද්ධ ලිංගිකයන් ලෙස නිරූපණය වීම සිදුවී තිබේ. අදටද සිදුවේ, පහත රට ශාන්ති කර්ම, සළුපාලිය, සොකරි, බලි තොවිල් මෙන්ම නවගමුව පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතාද ගැහැනියට අඳී. එහිදී ඔවුන්ගේ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය අප ප්‍රශ්න කරන්නේ නැත. හේතුව කලාත්මක නිර්මාණයක්‌ ලෙස ලිංගිකත්වය ප්‍රතිනිර්මාණය කිරීමේදී වැදගත්වන්නේ කලාත්මක ප්‍රකාශනය මිස ගැහැනු පිරිමි බව නොවන නිසාය. කලාත්මක හෝ පරමාදර්ශී පදනමක්‌ නොමැතිව පිරිමියා විසින් ගැහැනියට ඇඳීම හෝ ගැහැනිය විසින් පිරිමියාට ඇඳීම මිත්‍රට අනුව "නපුංසකවීම" වේ. පිරිමියා විසින් ගැහැනියට ඇඳීම හෝ ගැහැනිය විසින් පිරිමියාට ඇඳීම (Crossdressing) හුදෙක්‌ මානසික ප්‍රකාශනයක්‌ ලෙස ගත යුතු බව අන්තර්ජාතික මනෝවිද්‍යා සංගමයේ විශ්වාසයයි. පුද්ගලයන් විසින් තම මනෝභාවයන්, මානසික ප්‍රකාශන මතුපිට සමාජයට ප්‍රකාශ කිරීම නපුංසකභාවයක්‌ නොව ඔහු හෝ ඇය විසින් පෙනී සිටීමට කැමති ලිංගරූපීභාවය ප්‍රකාශ කිරීමක්‌ වේ. විශාදය, ක්‌ලමතය හෝ නියුරෝසියාවෙන් පෙළෙන්නෙකු ඔහු හෝ ඇයගේ මානසික ප්‍රකාශන ලෙස යම් ප්‍රකෝපකාරී හැසිරීමක්‌ ප්‍රකට කිරීම සාමාන්‍ය තත්ත්වයක්‌ ලෙස පිළිගන්නා ලෙස එවැනි මානසික ආබාධයකින් පෙළෙන්නන් සමඟ ඇසුරුකරන්නන්ට වෛද්‍යවරුන් ලෙස අවවාද කිරීම කරනු ලැබේ. එලෙසම පුද්ගලයන්ගේ හැසිරීම් සමාජයට හෝ කිසි අයෙකුට හානියක්‌ නොවේ නම් ඒවාට අපහාසකිරීම් හෝ විවේචනය කිරීමට ප්‍රථමව එවැනි හැසිරීම්වලට හේතු මොනවාද යන්න තේරුම්ගත යුතුවේ. මාධ්‍යවේදියා සමාජ සම්ප්‍රේෂකයෙකු විය යුත්තේ කරුණු සොයාබලා සමාජයට පණිවිඩයක්‌ ලබාදීමට මිස සමාජයට කුණුරසය ලබාදීමට නොවන බව අපගේ විශ්වාසයයි.

    මිත්‍ර යුරෝපා රටකදී කළ සංචාරයේදී අයදුම්පත්‍ර පිරවීමේදී අනෙකුත් (Others) ලිංගිකයන් පිළිබඳ දැන ගැනීමට ලැබී ඇත. එහෙත් ඔහු තම ලිපියේදී ඒ කවුරුන්ද යන්න සොයාබලා නිවැරැදි ලෙස වාර්තා කළේ නම් මෙම ලිපිය මගින් පාඨකයා ස්‌ත්‍රී හා පුරුෂ පමණක්‌ නොව වෙනත් ලිංගිකයන්ද සිටින බවත් ඔවුන් හඳුන්වන්නේ අන්තර්ලිංගික (Intersex) යනුවෙන් බවත් තේරුම් ගැනීමට ඉඩ තිබිණි. එමෙන්ම මිත්‍ර විසින් "වෛද්‍ය විද්‍යාවට අනුව ළදරුවෙකු මවුකුසයෙන් බිහිවන්නේ පිරිමි හෝ ගැහැනු යනුවෙන් නියත එක්‌ කුලයකට අයත්වයි" යනුවෙන් දක්‌වන්නේ කුමන වෛද්‍ය විද්‍යාව පිළිබඳ යන්න පැහැදිලි කර නොමැත. මවුකුසයේදී දරුවෙකු පිරිමි හෝ ගැහැනුභාවය ලබන්නේ මිත්‍ර විසින් උලුප්පා දැක්‌වීමට උත්සාහ කරන ආකාරයේ සංස්‌කෘතිකමය හෝ සදාචාරමය ආකාරයකට නොවේ. ජීව විද්‍යාත්මකව ගැහැනියක ගැප්ගැනීමත් සමග නිර්මාණය වන කළලය ලිංගික වශයෙන් විභේදනය වන්නේ ක්‍රෝමසේම නම් ජානමය සම්භවයක්‌ සහිත හෝමෝන මගිනි. ජීව විද්‍යාව එකී ක්‍රෝමසේම අණු ඞ හා ශ යන සංකේත මගින් පැහැදිලි කරන අතර ඞඞ ආකාරයේ ක්‍රෝමසේම මගින් ගැහැනු කළලයක්‌ද ඞශ ආකාරයේ ක්‍රෝමසෝම මගින් පිරිමි කළලයක්‌ද ගොඩනැඟේ. 1(2000 අනුපාතයක්‌ ලෙස ඞඞ හෝ ඞශ ක්‍රෝමසෝම පිහිටියද ලිංගික අවයව මනාව නොපිහිටා හෝ අස්‌වාභාවිකව හෝ දරුවන් බිහිවිය හැකිය. පුරුෂ ශිෂ්ණය මනාව නිර්මාණය නොවීම, ශිෂ්ණය නිර්මාණය වුවද වෘෂණකෝෂ නිර්මාණය නොවීම, යෝනියක්‌ පිහිටා යෝනි මාර්ගයක්‌ නොපිහිටීම, යෝනි මාර්ගයක්‌ ඇතුළෙන් පුරුෂ ශිෂ්ණය මුල් කොටස යෑයි සැලකිය හැකි ආකාරයේ යම් ගැටිත්තක්‌ දක්‌නට ලැබීම යනාදී ආකාරයට අන්තර් ලිංගික දරුවන් ඉපදිය හැකිය.

    මිත්‍ර විසින් ට්‍රාන්සර්ජෙන්ඩර් ලෙස සලකන සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් පිළිබඳ අදහසද ඔහු විසින් නිසි පරිශීලයක්‌ හෝ මූලාශ්‍ර පිළිබඳ ගවේෂණයකින් තොරව ලියා ඇති බව පෙනේ. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් යනු ජීව විද්‍යාත්මකව ලිංගික අවයව එක්‌ ආකාරයටත් මනෝ විද්‍යාත්මකව ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් මෙන් හැසිරීමට කැමති ආකාරයටත් නිර්මාණය වූවන් වේ. අප විසින් හැසිරිය යුත්තේ කුමන ආකාරයට ද, අපගේ කම්පන - ප්‍රකම්පන ක්‍රියා කළ යුත්තේ කුමන ආකාරයටද, චිත්තවේගීමය, හැඟêම්මය ආදී වශයෙන් අප විසින් ක්‍රියා කළ යුත්තේ ප්‍රතිචාර දැක්‌විය යුත්තේ කුමන ආකාරයටද යන්න අපට සංවේදනය කරනු ලබන්නේ මනස විසිනි. මනසේ ද හයිපොතැලමස යන මානසික සංවේදන ගබඩා කරන හා නිදහස්‌ කරන ස්‌ථානයෙනි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ඕනෑම රටක මෙවැනි ආකාරයට ශාරීරිකව එක්‌ ලිංගයකටත් එහෙත් ස්‌ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව වෙනත් ලිංගයකටත් අයත් පුද්ගලයන් සිටිති. EQUAL GROUND ආයතනයේ උපදේශන ඒකකයට කතා කළ එක්‌ පුද්ගලයෙක්‌ තමා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු වන බවත් තමා සංක්‍රාන්ති වීම නිසා නිවසින් එළවා දැමූ බවත්, තමාගේ පෙනුම හා හැසිරීම නිසා රැකියාවක්‌ ලබාගැනීමට අපහසු බවත් දන්වා සිටින ලදී. එහිදී ඔහුගේ සංක්‍රාන්තිභාවය පිළිබඳ මා විසින් අසනු ලැබූ කරුණුවලින් වැදගත් යෑයි දැක්‌විය හැකි කරුණු කිහිපයක්‌ උපුටා දැක්‌වීමට කැමැත්තෙමි. මෙම පුද්ගලයා නිමල් යනුවෙන් හඳුන්වමු.

    "මගේ නම නිමල්.... මට මතකයි මම මොන්ටිසෝරි ගියපු පළවැනි දවස. නිල් පාට කමිසයක්‌ මට අන්දලා තිබුණෙ. නිල්ම නිල් පාට වතුර බෝතලේකුත් මට තිබුණා. මගේ හොඳම යාළුවා වුණේ සඳමාලී. සඳමාලී ළඟ ලස්‌සන රෝස පාට සමනලයා හැඩේ තියෙන බෑග් එකක්‌ තිබුණා. සඳමාලිගේ සපත්තු දෙකේ හිටියෙත් සමනල්ලු. පොල් ගහ වගේ කොණ්‌ඩෙකුත් එයාට තිබුණා. මටත් ඕන වුණා සඳමාලිගෙ වගේ බෑග් එකක්‌. එයාගෙ වගේ කොණ්‌ඩෙ වවන්න. එයාට වගේ වළලු දාන්න. ඒත් අපේ අම්මගෙන් ඉල්ලුවාම එයා මට බැන්නා. උඹ පිරිමි ළමයෙක්‌ කියලා. මට සෙල්ලම් කරන්න ලැබුණෙ තුවක්‌කු, බෝල, බැට්‌. ඒත් මට ඕන වුණේ බෝනික්‌කෝ. මම ඒවා ඉල්ලුවත් මට ගෙදරින් ඒවා ලැබුණේ නෑ. මම සෙල්ලම් කළේ ගෑනු ළමයි එක්‌ක. මට ඕන වුණේ සෙල්ලම් ගෙදර අම්ම වෙන්න. ඒත් හැමදාම මට තාත්තා වෙන්න කියලයි එයාල කියන්නෙ. එහා ගෙදර දෝණි තමයි හැමදාම අම්ම වෙන්නෙ. ඒ නිසා මට දෝණිව පේන්න බෑ.

    නිමල් තම සංක්‍රාන්තික අදහස්‌ දැක්‌වීමේදී අනුගමනය කළ ආනුභාවික ක්‍රමවේදයත් මිත්‍ර විසින් සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් තේරුම් කිරීමට අනුගමනය කළ පුරුෂෝත්තමවාදී ස්‌වයංගෝචර ක්‍රමයත් අතර අප දකින වෙනස නම් පුද්ගලයාගේ මානසිකත්වය හා ඔවුන්ගේ මනෝභාවයන් අතර ඇතිවිය හැකි ගැඹුරු සංකීර්ණතා තේරුම් ගැනීමේදී මිත්‍ර නම් මාධ්‍යවේදියාට වඩා මිත්‍ර නම් පුරුෂ මූලික මානවයා ඉදිරියෙන් සිටින බවයි. එහිදී අප විසින් තේරුම් කළ යුත්තේ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව යනු උපන් ළදරුවා රෝස පාට ගවුමෙන් නිල් පාට ගවුමෙන් වෙන් කරන, බෝනික්‌කාගෙන් තුවක්‌කුවෙන් වෙන්කරන ක්‍රමයට වඩා වෙනස්‌ එකක්‌ බවයි. අප රට තුළ වෛද්‍යවරුන්, ආණ්‌ඩුකාරවරියන් ලෙස සමාජ ප්‍රගමණයට දායකත්වය සපයන අයද සංක්‍රාන්ති සමාජභාවීය අයවළුන් අතර සිටින බවයි. බුදුන්වහන්සේ වරෙක පැහැදිලි කරන ආකාරයට වඩා වැදගත් වන්නේ පුද්ගලයා කරන්නේ මොනවාද? ඔවුන්ට එසේ වූයේ ඇයිද යන්න සෙවීම නොවේ. මනුෂ්‍යයකු ලෙසින් උපත ලබා අප විසින් අප වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් කරන්නේ මොනවාද යන්නයි. කිසියම් පුද්ගලයෙකු වැරදි ශරීරයක උපත ලැබීම නින්දාවට භාජනය කිරීමක්‌ හෝ අපවාදයට ලක්‌කිරීමට හේතුවක්‌ නොවන බවත් එම පුද්ගලයා සමාජයීය පුද්ගලයෙකු බවට පත්කිරීමට අප විසින් කළ යුත්තේ කළ හැක්‌කේ කුමක්‌ද යන්න සමාජයට පණිවිඩයක්‌ ලෙස ලබාදීම මාධ්‍යවේදියෙකුගේ වගකීම විය යුතුය.

    සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් හෝ සමසෙනෙහස්‌ පුද්ගලයන් ලිංගික ශ්‍රමය සපයන අය හා ඔවුන් සමාජය නමැති ජීවියා ව්‍යාධියට පත්කරන බව පැවසීමට මිත්‍ර විසින් ගන්නා උත්සාහය මෙන්ම නාවිකයන්, වයෝවෘද්ධ සල්ලාලයන් කාමාතුරයන් කිරීමට ගන්නා උත්සාහයද ඔහු නියෝජනය කරන පුරුෂෝත්තමවාදී සංස්‌කෘතික රාමුව පිළිබඳ අදහස යළි යළි සනාථ කරයි. තායිලන්තයේ පතායා වෙරළ තීරයේ සුන්දර ලනාවන් සොයාගොස්‌ අසරණ වූ පිරිමින්ගේ කකියන වේදනාව මිත්‍රගේ ලිපියෙන් සුසුම්ලනු දැකිය හැකිය. නාරි විශේෂඥවරුන්ට පවා හඳුනාගත නොහැකි තරමේ සිහින් පුළුලුකුල්, ඇති, ගමන ඇති, රූ ලීලාව ඇති සංක්‍රාන්ති සමාජභාවීය ගැහැනුන්ගේ ආකර්ෂණයට හසුවන, රැවටෙන, හෝටල් කාමරයේදී සත්‍ය තේරුම්ගන්නා පුරුෂයන් පිළිබඳ මිත්‍ර තුළ ඇති වේදනාව ඔහුගේ වේදනාව නොවේ. සළු නොඇඳ බොළට දක්‌වා, සිනා නොමසෙන් දසන් දක්‌වා යනුවෙන් ගැහැනියට තර්ජනය කළ, හිර කළ ලිංගිකමය වශයෙන් උමතු වූ පුරුෂ මූලික මනෝභාවය පැහැදිලි කරයි. අඩුම තරමේ ඔහුගේ ලිපිය සුජාත කිරීමට යොදාගන්නා වෛද්‍ය අනිල් සමරනායක හෝ රොහාන්ත පෙරියප්පෙරුම මහතුන් විසින් දැක්‌ වූ අදහස්‌ සමග ලෝක සෞඛ්‍ය සංවිධානය 1990 වසරේ ඉදිරිපත් කළ අදහස්‌ හා නිර්දේශ, අන්තර්ජාතික මනෝ විද්‍යා සංගමය 1973 දී කළ නිර්දේශ පරිශීලනය කළේ නම් මෙම ලිපිය වැදගත් ලිපියක්‌ බවට පත් කරගැනීමට ඉඩ තිබුණි. ඉතින් මිත්‍ර අපි දැන්වත් මිත්‍ර වෙමු.

    තුෂාර මනෝඡ්[/FONT]
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]සුරාවට පෙම් බැඳ නුරාවෙන් දිවි ගෙවන
    "සිරෝසීස්‌ අක්‌කලාගේ" කතාව
    [/FONT]
    [FONT=&quot]
    මා බාබරාව දුටුවේ හරියටම වසර විසි දෙකකට පසුව බව කීවොත් නිවැරදිය. ඇගේ කතාව මුළු ලෝකයටම කියන ලෙස ඈ මට ආයාචනය කර සිටි නිසාත් ඒ කතාව තුළින් අද සමාජයේ සිටින අයට විශේෂයෙන්ම කාන්තාවන්ට බොහෝ පාඩම් උගත හැකි වන නිසාත් මෙසේ අද බාබරාගේ කතාව ඔබ හමුවේ තබමින් සමාජ විමර්ශන ලිපිය ආරම්භ කරමි.

    මා 87 වසරේ එවකට ඔබරෝයි නමින් තිබූ තරු පහේ හෝටලයක හෝටල් කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක්‌ හදාරමින් සිටියෙමි. ඒ යටතේ අපට ප්‍රායෝගිකව වැඩ කරමින් ඉගෙන ගන්නට තිබූ දේවල් බොහෝ විය. කළමනාකරුගේ වායු සමනය කළ කාමරයේ පුටුවක වාඩිවී වැඩසටහන් සැලසුම් කිරීම ඉගෙන ගැනීමේ සිට කාමර පාලනය, පිළිවෙළට කැරට්‌ බීට්‌ තක්‌කාලි කැපීම, පිඟන් සේදීම, පිළිගැනීමේ මේසයේ වාඩිවී සිටීම සහ වැසිකිලි සේදීම දක්‌වා හැම අධ්‍යයන කටයුත්තක්‌ම එයට අඩංගුව තිබුනි. එකල නව යොවුන් තරුණයන්ව සිටි අප වැඩිපුරම ඇළුම් කළේ පමාවූ සවස්‌ කාලයේ සිට යක්‌කු ගස්‌ නගින රෑ මැදියම දක්‌වා පැවැත්වෙන කොක්‌ටේල් පාටිවල ඩිනර් ඩාන්ස්‌වල නිරුවත් නාටිකාංගනාවන්ගේ කැබරේ නැටුම් සහිත අඩ අඳුරු සාද පවත්වන ප්‍රධාන ශාලාවේ සේවය කිරීමය. අද වේටර්වරයෙක්‌ ගේ කාර්ය භාරය පැවරෙන අපට හෙට ලැබෙන්නේ පිළිගැනීමේ නිලධාරියාගේ වගකීමයි. යළිත් අනිද්දා බස්‌බෝයි හෙවත් ඉඳුල් පිඟන් කෝප්ප අදින රාජකාරිය පැවරේ. සමහරවිට සහය භෝජනාගාර කළමනාකරුගේ චරිතයටද පණ පොවන්නට සිදුවෙයි. මෙවැනි අවස්‌ථාවලදී එම හෝටලයේ අප නිතර නිතර දකින පුරුද්දට මෙන් සැමදා මෙහි එන චරිත කීපයක්‌ම මට මතකය. ඔවුන් අප සමහරෙක්‌ අප සමග ඉතාම හිතවත්ව සිටියෝය. අප කලින් කී බාබරා හෙවත් මිස්‌ බාබරා ඉන් එකියකි.

    මෑතකදී ඇයව මට රජයේ රෝහලක කොරිඩෝවක අහම්බෙන් හමුවන විට හිතාගන්නට අමාරු ලෙස ඉතා කෙට්‌ටු වී සායම් ගිය සායකින් හා චාම් හැට්‌ටයකින් සැරසී අසරන ලීලාවෙන් සිටියද එදා ඇය විසේකාර බඹරියක්‌ නොහොත් ගිනි කිකිලියක්‌ එසේත් නැත්නම් දකින ඕනෑම අයෙකුගේ ඇස්‌ උඩ ඉන්දවන රුවැත්තියක්‌ව උන්නාය. උකුළ ලැම හස මළවි කරලිය මුවා නොකරන දුහුල් සළු තිරෙන් සැරසී සරාගි පෙනුමක්‌ දිස්‌ වුනද මිස්‌ බාබරා යනු අනවශ්‍ය සබඳතා පවත්වන අයාලේ යන අනාචාර ස්‌ත්‍රියක්‌ හෝ වානිජමය ලිංගික ශ්‍රමිකාවියක්‌ව නොසිටි බව අපි සියලු දෙනා හොඳින්ම දැන සිටියෙමු. නමුත් ඇය ඉතා අධික ලෙස මත්පැන් පානයට ලොල්ව එහි ඇලී ගැලී සිටි බව නම් අපට මෙන්ම සාද සමාජයේ සහ සැඳෑ සංස්‌කෘතියේ සැරිසරන්නන් අතරත් ප්‍රසිද්ධ කරුණකි. තනියම එන බාබරා රෑ දෙගොඩ හරියේ නැවත හෝටලයෙන් පිටව යන්නේත් තනියමය. කොතරම් මත් වෙන්නට බීවත් ඇයට ඇගේ ගැලන්ට්‌ සැලූන් කාරය තනිවම ආම්බාන් කරගන්නට හැකියාව තිබුනි. නමුත් සාද ශාලාවේ සිට රිය ගාලේ නවතා ඇති ඇගේ මෝටර් රථය වෙත ඇයව වත්තන් කරගෙන යාමට සිදුවන්නේ නම් අපේ වේටර් කොල්ලෙකුටය. මෙසේ එම "වත්තන් සේවය" ලබා දීම සඳහා වේටර් කොල්ලන් පමණක්‌ නොව තරුණ වැඩිහිටි වයස්‌වල කැප්ටන්ලා, සුපවයිසර්ලා, ඩෝමන්ලා, බෙල්බෝයිලා මෙන්ම මැනේජර්ලා පවා වලිකන්නේ බාබරාගෙන් ලැබෙන රුපියල් පනහේ ටිප් එක නිසාම නොවේ (එකල රුපියල් පනහක්‌ යනු හොඳ ගානකි) ඇගේ සුමුදු සිරුරේ පහස ලබමින් බඳ වටා අතක්‌ යවමින් ඇඟට ඇලී ගැලී යාර දෙතුන් සීයක්‌ ඇවිද යන්නට ලැබෙන දුර්ලභ අවස්‌ථාව නිසා බවටද එකල අප අතර රාවයක්‌ තිබුනි.

    එදා එසේ සිටි බාබරා අද හුඹහෙන් එළියට ඇද ගත් තලගොයකු මෙන් දිස්‌වෙන්නේ සමාජයේ වරදින්වත් දෙමාපිය ආභාසයෙන්වත් විවෘත ආර්ථිකයේ නොනිසි අතුරුපලයකින්වත් නොකියා ඇය තුළ තිබූ මත්පැන් පානයට තිබූ අධික ලොල් බව හෙවත් බේබදු ආත්මය නිසා බව කීවොත් එය සත්‍යයකි.

    "මට සිරෝසිස්‌ මල්ලී... දැන් අවුරුදු හයක්‌ විතර ක්‌ලිනික්‌ එනවා, බෙහෙත් ගන්නවා, අරක්‌කු නිසා තමයි මේ ඔක්‌කොම" කියමින් ඇය ඇගේ කතාව සෘජුවම ආරම්භ කළ අතර මා ඇයව අඳුනාගෙන කතා කිරීම නිසා ස්‌තූති කරන්නටද අමතක නොකළාය. කොතරම් මුදල් ඇති ධනවත් අයෙකුව සිටියද එදත් ඇය ඉතාම නිහතමානී ගති ඇත්තියකි. නමුත් ඒ නිහතමානීකමට වඩා ඇය තුල තිබූ මතට ගිජු බව විසින් බාබරාව විනාස කර දමා තිබුණි. වැදගත් යයි සම්මත දෙමාපිය යුවලකට දාව අගනුවර උසස්‌ යයි සලකන බාලිකා පාසලක උසස්‌ පෙළ දක්‌වාම ඉගෙන ගෙන තිබූ ඇය දෙමාපිය වියෝවෙන් පසු උරුම ලද සුවිසල් මැදුර පවා අහිමිව අද ඉතා දුක්‌බර තත්ත්වයකට පත්ව වැඩිහිටි නිවාසයක කාලය ගත කරන්නේ ඇත්තටම වියපත් මහලු බවට පත් වූ නිසා නොව කාත් කවුරුත් නැති, යන්න එන්න නැති තත්ත්වයට පත් වී ඇති නිසාය. සිරෝසිස්‌ හෙවත් අක්‌මාව ඉදිමෙන (අක්‌මා ප්‍රදාහය) රෝගයෙන් ඇය පෙළෙන්නේ වසර තිහකට ආසන්න කාලයක්‌ එක දිගට මත්පැන් පානය කිරීම නිසාය. විස්‌කි බ්‍රැන්ඩි ජින් වොඩ්කා නැමැති නම්වලින් ඇමතෙන මත්පැනින් ඇරඹුනු ඇගේ බේබදු ගමන දෙවනුව ගල් පොල්වලට බැස අවසානයේ නතර වී ඇත්තේ පොලිතින් උරවලට මැන දෙන කසිප්පු පැකට්‌ වලිනි. ගැලන්ට්‌ කාර් අඩ නිරුවත් ඇඳුම් සාද සමාජ මහල් මන්දිර සියල්ල බාබරාගෙන් උඳුරාගත්තේ මත්පැන්වලට ඇති ගිජුකමයි.

    "එදා අපිත් එක්‌ක හිටිය කෙල්ලො අද මහ ගෑනු වෙලා ඇති. උන් සමහර විට තාම බොනවත් ඇති. ඒ වගේම පොඩි කෙල්ලො තරුණ ගෑනු එහෙමත් ඉන්නව බොන අය. අනේ මල්ලි ඔයාගේ ලිපියෙන් කියන්න ඒ අයට මේ ගිනි වතුරවල තියෙන භයානක කම" කියා ඇය මගෙන් ඉතාම ගරු සරුව ඉල්ලා සිටියාය. බාබරා කී පරිදි නිවාසයේ ඉන්නා විට ඇයට කියවන්නට ලැබෙන එකම පුවත් පත අපගේ දිවයින ඉරිදා සංග්‍රහයයි. කාලය ගත කරනු වස්‌ ඇය එහි ඇති අකුරක්‌ අකුරක්‌ නෑර කියවන බවත් විශේෂයෙන්ම සමාජ විමර්ශන ලිපිය කියවන්නේ එය ලියන්නේ මා බව කිසිසේත්ම නොදැන බවත් පැවසීය. එසේම එම ලිපියට ජීවමානව චිත්‍ර අඳින ජනක රත්නායක නිසා එයට ලැබෙන වටිනාකමත් ජනක යනු ඇගේ සිහින ලොව එදා සිට අද දක්‌වාම රජ කරන වීරයෙක්‌ බවත් ඈ කියා සිටියේ මත් පැන්වලින් විනාස වුන සිරුරක්‌ ඇතත් කලාව අගයන රසකාමියක්‌ද ඇය තුළ තවම සිටින බව පෙන්වමිනි.

    මට හමු වූ බාබරා යනු මත්පැන් නිසා විනාසයට පත්වුණු තවත් එක්‌ කාන්තාවක්‌ පමණි. තවත් එවැනි චරිත අතරින් මගේ සිහියට එන්නේ පසුගිය වසර කීපය තුළ මට හමු වූ විවිධ අයුරින් අපටද උපකාර කරන්නට හැකි වූ එමෙන්ම අපට බොහෝ කරුණු සපයා සිටි පින්කි, චලා, ජීන්, ඩැෆ්නි, ටයිනි, චින්තී, ජැකී වැනි සමාජයේ උසස්‌ තැන්වල හැසිරෙන අයත් කාන්ති, සීතා, දයානි, සුදු අක්‌කා වැනි ගැමි ලියන් මෙන්ම අඩු ආදායම් ලබන හිඟා කන සාත්තර කියන පාර්වදී ලක්‍ෂමි හින්නි දේවි, වල්ලිආච්චි, කදිරම්මා, කැතරින්, මාග්‍රට්‌, සුද්දී, පේමක්‌කා වැනි අයයි මේ. සියලුම දෙනාගේ පොදු ලක්‍ෂණය වන්නේ ඔවුන් සතුව පවතින මත්පැනට ඇති ගිජුකම සහ එනිසා පැන නැගී ඇති ගැටලු සමුදායන් පෙළයි. අප සමාජයේ සිටින බොහෝ දෙනෙක්‌ සිතන්නේ මත්පැන්වලට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින්නේ පිරිමින් පමණක්‌ බවයි. මෙම විශේෂාංගය යටතේ අප මත්ද්‍රව්‍යවලට හුරුවී සිටින තරුණියන් ගැන කාන්තාවන් ගැන බොහෝ වර කතා කර ඇත්තෙමු. නමුත් මත්පැන් බොන්නියන් ගැන එතරම් ගැඹුරට කතා කර නැත. බාබරා මෙන් ඉහළ සමාජයේ වැජඹෙන්නට ආසා රාත්‍රී සාදවලට යන පිරිමින් සමග හරි හරියට ගැටී වීදුරු උඩට ඔසවා චියර්ස්‌ කියමින් එකට හප්පන අමන ගැහැණු අපට අනන්තවත් හමු වී තිබේ. දුකට කරුණක්‌ වන්නේද අද දකින්නට ලැබෙන බොන ගැහැණු අයගෙන් හරි හරියට අඩක්‌ ම වගේ සිටින්නේ තරුණ කෙල්ලන් වීමයි. අප කීප වරක්‌ම ලියා ඇති පරිදි මෙම නව යොවුන් තරුණියන් අතරේ වැඩියෙන්ම දකින්නට ඉන්නේ නාගරිකව ජීවත්වන ජාත්‍යන්තර පාසල් යයි කියනු ලබන අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්නා හෝ ඒවායේ උගත් කෙල්ලන් වීමයි. නගරාශ්‍රිතව දකින්නට ඇති රාත්‍රී සමාජ ශාලා කැරොකේ කැසිනෝ හෝ හෝටල්වලට ගොඩවී බැලුවහොත් එහි ඇති රවුං මේසවල වටේට වාඩිවී මධු විත තොලගාන හෝ තවත් එවැනිම අන්දමට බමන මතින් වැනෙන පෙම්වතෙකු හෝ සහකාරයෙක්‌ සමග වෙලී පැටලී බඳ වටා අත් යවා ගෙන බාල් නැටුම් නටන හෝ යක්‌කුන් වැද්දන් මෙන් සන්නි නැටුම් දාන අඩ නිරුවත් ඇඳුම් ඇඳි මානවිකාවන් අනන්තවත් ඔබට දැක ගත හැකි වනු ඇත. මෙය ජාතියේ අවාසනාවකි. ශ්‍රී ලාංකික තරුණියන් මෙන්ම රුසියානු යුක්‌රේන් තායි චීන තරුණ කතුන්ද සැර මත් පැන් බොමින් විවිධ අන්දමේ කටයුතුවලට අනුයුක්‌ත වීමට මාන බලනු ඔබට දකින්නට හැක. විටින් විට අපට හමුවී ඇති පනහකට ආසන්න මත්පැන්ලෝලී කතුන් හා තරුණියන් ප්‍රකාශ කළ කරුණු සහ අප අධ්‍යයනය කර ලබා ගත් දැනුමට අනුව ඔවුන් මත්පැන්වලට යොමු වන්නේ මේ හේතුන් නිසාය.

    ෆ සමකාලීනයන්ගේ බලපෑම එනම් පාසල් උත්සව නිවෙස්‌වල පාටි ක්‍රීඩා තරග රාත්‍රී සමාජ ශාලා කැරෝකේ වැනි තැන්වලදී මුණ ගැසෙන ඇසුරු කරන මිතුරියන්ගේ හෝ මිතුරන්ගේ බලපෑම හෝ ආරාධනය නිසා

    * එවැනි තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුකරණය කරන්නට යැම නිසා.

    * තමා එතැනදී කොන් වේ යයි සිතන නිසා.

    * පෙම්වතාගේ හෝ සහකරුගේ බලපෑම නිසා.

    * යමෙක්‌ විසින් මුලින්ම රවටා ඇයට නොදන්නා ලෙස පොවා පසුව එයට හුරු වීම.

    * රස බලන්නට හෝ කුමක්‌ වෙන්නෙදැයි බලන්නට ඇති කුකුස හෝ ආසාව නිසා.

    * දෙමාපියන්ගේ වැඩිහිටියන්ගෙන් හෝ පෙම්වතාගෙන් පලිගැනීමට හෝ අවධානය ලබා ගැනීමට.

    * තම ගැටලුවලට උත්තරයක්‌ හෝ සහනයක්‌ ලැබෙතැයි යන දුර්මතය නිසා.

    * ජීවිතය එපා වී කලකිරීම නිසා.

    ඉහත කරුණු නිසා මත්පැනට හුරුවන්නේ සමාජයේ ධනවත් අය සහ උසස්‌ යයි කියා ඔවුන්ම සිතන පැලැන්තියේ අය වෙති. නමුත් සාමාන්‍ය සමාජයේ ගැහැණුන් මත්පැන් බොන්නට යොමු වන්නේ බොහෝ විට තම සැමියාගේ බලපෑම හෝ ආරාධනය නිසා බව අපට දැන ගන්නට ලැබුණි. මේ වරක්‌ අපට හමු වූ සුනන්දා අපට ඉතාම අසීරුවෙන් කියා හිටි කතාවයි.

    "මගේ සැමියා හරි රාගාධිකයි. ඒ වගේම ආත්මාර්ථකාමීයි එයාට ඕනි මං හැමදාම රෑට අරක්‌කු බීල ඉන්නවට. එයා වීදුරුවක්‌ බොනකොට මට දෙකක්‌ බොන්න කියනව. අන්තිමට මං මහ බේබද්දියක්‌ වුනා. දැන් මට මේක නවත්ත ගන්න බැහැ. ළමයි මාව ගනන් ගන්නෙ නැහැ." දිවයිනේ සුප්‍රසිද්ධ කාන්තා පාසලක උසස්‌ පෙළ විෂයයන් උගන්වන ගුරුවරියක්‌ සමග දුරකථනයෙන් කතා කර සහනයක්‌ සපයන ලෙස වරක්‌ මා වෙත පංගාර්තු කළේ මගේ හිතවත් පත්‍ර කලාවේදියෙකි. ඇය දැන් නිතර නිතර මට කතා කරන්නීය. ඉතාම කාරුණික කටහඬක්‌ ඇති තවම හතලිස්‌ අට වියේ සිටින මට ඇය අමතන්නේ පුතා කියාය. ඇගේ සැමියා විදෙශ රටක රැකියාව කරන අතර තවම පාසල් යන දියණියන් දෙදෙනෙක්‌ ඇයට සිටී. මේ ඇගේ කතාවේ ඉතිරි කොටසයි.

    "පුතා මගේ මහත්තයා රෑට ටිකක්‌ බොනව. එයා රට ගියාට පස්‌සෙ මට හම්බ වුනා එයාගේ කාමරේ අල්මාරිය පිටිපස්‌සෙ තියල රට අරක්‌කු බෝතලයක්‌. මං වැඩිය හිතන් නැතිව එක දවසක්‌ ටිකක්‌ බිව්ව. බඩ පපුව දාලා ගියා. ඒත් ආයෙත් දවසක්‌ බිව්ව මට හිතුන මට ඒක නින්ද යන්න හොඳ බේතක්‌ කියල. ඒත් පස්‌සෙ තමයි තේරුනේ අල්ල ගත්තෙ කොටි වලිගයක්‌ කියල. මට ජීවිතේ කිසි ප්‍රශ්නයක්‌ තිබුණෙ නැති කෙනෙක්‌. ඒත් දැන් මේ බීම මට ප්‍රශ්නයක්‌ වෙලා හැම සතියෙම මම දුවල දෙන්නට හොරෙන් සුපර් මාකට්‌ එකෙන් බෝතලයක්‌ ගෙනෙල්ල හංගන් තියාගෙන ටික ටික බොනව. දැන් නවත්තගන්න බැහැ. කාටවත් කියන්නවත් බැහැ. මං හරි බයෙකින් ජීවත් වෙන්නෙ."

    ඊළඟට එන පාසල් නිවාඩු වාරය තුරු ඇය බලා සිටින්නේ අප විසින් දුන් උපදෙස්‌ ක්‍රියාවට නගමින් කෙටි කාලයකට රෝහල්ගතව ඇය දැනට ලක්‌වී ඇති අසරණතාවයෙන් මිදෙනු පිණිසය. චරිතය අතින් වත් ආකල්ප අතින් වත් වෙන කිසිම වරදක්‌ දකින්නට නැති මැයට මත්පැන් ලෝලත්වයෙන් ගැලවීමට උදව් කරනු පිනිස මා හිතවත් වෛද්‍යවරයෙක්‌ ඉදිරිපත් වී සිටී.

    මල්කි දයා නයනා සහ කුමාරි යනු මොන්ටිසෝරි යන දරුවන් සිටින තරුණ අම්මලා පිරිසකි. එවන් සමානකම් ඇති තවත් තරුණ අම්මලා රැසක්‌ම එතැන සිටී. මාව ඔවුන්ගේ සමාජයට වරක්‌ රැගෙන ගියේ මා හිතවත් නිශාන්ති නම් මිතුරිය විසිනි. ඒ ඡායාරූප ටිකක්‌ ලබා ගැනීමේ මුවාවෙනි. ඒ ගැහැණු කණ්‌ඩායම සතියේ සෑම සිකුරාදා දිනකම උදැසන එක නිවසකට රැස්‌වී බයිට්‌ හදාගෙන සිංදු සීඩී අසමින් බියර් බොන්නට පුරුදු වී සිටිති. කාලයක්‌ තිස්‌සේ අමද්‍යප දිවියක්‌ ගෙවන මටද වදෙන් පොරෙන් මත්පැන් පොවන්නට එදා උන් ගත් උත්සාහයන් දැක මට ඇති වුණේ කලකිරීමක්‌ සහ උන් ගැන දුකකි.

    සළෙලුන් පිනවන ගණිකාවන් බොහෝ දෙනෙක්‌ තම දවසේ අන්තිම පැය කීපය ගෙවා දමන්නේ මත්පැන් පානය කරමින් බව සමාජ කරුණු ගැන දන්නා අය දනී. බොහෝ විට ඒ සඳහා බරපැණ දරන්නට වන්නේ ඇය සොයා යන දවසේ අවසන් පාරිභෝගිකයාටය. හෝටල්වලට යන මධ්‍යම පන්තියේ ගණිකාවන්ගේ තත්ත්වය එසේ වෙද්දී වීදියේ හෝ අඳුරු පදික වේදිකාවල සිට ලිංගික සේවාදායකත්වයේ යෙදෙන පහත් පන්තියේ කාන්තාවන් තම ඇඟේ පතේ තෙහෙට්‌ටුව නිවා ගන්නට සිතා හෝ සේවාලාභියාගේ හිරිහැර ඉවසා දරාගන්නට යයි සිතා සොයා යන්නේ අඩු මිල අරක්‌කු වීදුරුවක්‌ හෝ කසිප්පු පැකට්‌ටුවකි. අප කලින්ද කියා ඇති පරිදි වීදි මට්‌ටමේ අඩු මිල ගණිකාවන් අරක්‌කුවලට පමණක්‌ නොව ගංජා, කුඩු වැනි ඇබ්බැහිකාරී විස මත්ද්‍රව්‍යයන්ටද හුරු වූ අය වෙති. නගරයෙන් ඈත වතුකරයේ හෝ පොල් මෝල්වල කොහුමෝල්වල වැඩ කරන කාන්තාවන් අතරේද මත්පැන් බොන ගැහැණුන් අනන්තවත් සිටී. විශේෂයෙන්ම තොටළඟ, වත්තල, ජා ඇළ, මීගමුව, හලාවත වැනි මුහුදුකරේ මෙවැනි අය බුරුතු පිටින් දකින්නට ඇත. ඒ අයගේ පානය කසිප්පුය, නැත්නම් පොල් රාය.

    89-90 භීෂණය කාලයේ මා සිටි හලාවතට මෙහා කාක්‌කපල්ලියෙන් හැරී යන මැදගම පාරේ මාදම්පේ ප්‍රදේශය ප්‍රසිද්ධියක්‌ උසුලන්නේ පොල් වතු සහ පොල් මෝල්වලටය. ඒ ආශ්‍රිත වතුවල ලැයිංවල සිටි කැතරින්, කදිරම්මා, මාරි ඇනා, ජසින්තා වැනි කාන්තාවන් හැමදාම හවසට හොඳට මත්වෙන්නට පොල් රා සහ කසිප්පු බී රබන් ගසමින් නටමින් සිංදු කියන්නට පුරුදුවී සිටියහ. දහදිය ගඳ හමන සුකුමාල සුරූපී නැති හැඩිදැඩි නිතරම බොඩියට උඩින් කඩමාළු රෙද්දකින් තනපටේ ගසාගෙන සිටින කිළිටි නූගත් ගැහැණුන් පිරිසක්‌ වුවද ඔවුන් මගේ හොඳ මිතුරියන්ව සිටියාය. මා ඔවුන්ගේ ජෝගි බලන්නට හවසට ඉඳහිට එහි යන කල බැදපු සූඩෙක්‌ ලුනු දාපු ගං ඌරු මස්‌ කෑල්ලක්‌ දැලි බැඳුනු පීරිසියක තබා තැම්බූ මයියොක්‌කා අලයක්‌ සමග දෝතින්ම මට පිළිගන්වන්නේ සැබෑම ගරුත්වයකිනි. පසුගිය දිනෙක මා හලාවත සිප්පිකලානේ ප්‍රජා සේවා කටයුත්තකට ගොස්‌ යළි එන ගමනේදී මගේ පැරණි දුප්පත් මිතුරු මිතුරියන් බලන්නට එකී වත්තට ගිය අවස්‌ථාවේදී දැන ගන්නට ලැබුනේ කැතරින්, මැගිලින් සහ කදිරම්මා යන තිදෙනාම අවාසනාවන්ත ලෙස මිය ගොස්‌ ඇති බවයි. කැතරින් මළේ අරක්‌කු විස වීමෙනි. මැගිලින්ට ක්‍ෂය රෝගය සහ අක්‌මා රෝග එදා සිටම තිබුණි. කදිරම්මා බීමතින් රාත්‍රියේ කටයුත්තකට කැලේට ගිය කල්හි පොළෙගෙකු විසින් දෂ්ට කර ඇත.

    පාරේ නිදාගන්නා යාචක ස්‌ත්‍රීන්ද සාත්තර කියන හිඟාකන අහිගුණ්‌ඨික ගැහැණුන්ද බහුතරයක්‌ කසිප්පු බොන්නට හුරුවී සිටී. ඔවුන් හවසට රංචු ගැසී තම කුප්පායම්වල මත් පැන් බොති. තුන් දරු මවක වන පාර්වදීගේ බාල කොල්ලා තවමත් කිරි උරන වයසේය. ඔහු කිරිබොන්නේ තම මව වන පාර්වදී හොඳින් කසිප්පුවලින් පදම් වූ පසු පමණක්‌ බව මට කීවේ අහිගුණ්‌ඨික රැල වාඩි ගසා සිටින හිස්‌ වත්තේ හරක්‌ බඳින සෝමසිරිය. ඔහු ඉඳ හිට එම කුප්පායම පැත්තේ රිංගන්නේ අහිගුණ්‌ඨිකයෙක්‌ සමග එකතුව ගංජා උගුරක්‌ දෙකක්‌ අදින්නටත් සුළු ගානක්‌ ගෙවා ඒ පැලක වෙසෙන කසිප්පුකාරියක සමග එකතුව තුන් වන සිල්පදය කඩා දැමීමටත් බව අපට සිතා ගත හැක. අරක්‌කු බොන ගැහැණුන් ගැන අප කතා කළ යුතුය. අපට වඩා කාන්තා සංගම් මේ ගැන උනන්දු විය යුතුය. අඩු ආදායම් ලබන හෝ පහත් තලයේ සිටින ගැහැණු කසිප්පු බොන්නේ කුමක්‌ හෝ රැකියාවක්‌ කිරීමෙනි. එනම් තේ දළු නෙලීම, මෝල් වල වැඩ, පාර අතු ගෑම, කොන්ක්‍රීට්‌ දැමීම, මාළු විකිණීම වැනි රස්‌සාවල්ය. කුමන හෝ ආකාරයෙන් ඔවුන් තම ශ්‍රමය ජාතික ප්‍රාග්ධනය සඳහා දායක කරයි. එම නිසා යමක්‌ කමක්‌ ඇති නෝනා මහත්වරු රාත්‍රී සමාජ ශාලාවලට ගොස්‌ මහත්වරුන්ගේ කසන සල්ලි වැය කර මත්පැන් බොනවා සේම අහිංසක ගැහැණුන් දුක්‌විඳ උපයන මුදල් අරක්‌කු වලට නාස්‌ති කිරීමද නැවැත්විය යුතුය. එමෙන්ම ඒ ජීවිත ගලවා යහමගට ගැනීමට මුල් තැන ගෙන ක්‍රියා කළ යුත්තේ කාන්තා විමුක්‌තිය, මානව හිමිකම් ගැන කෑමොර දෙන කාන්තාවන් විසින්මය.
    [/FONT]
    [FONT=&quot]
    මිත්‍ර ශ්‍රී කරුණානායක[/FONT]
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බීච් බෝයිස්‌ලාට සුද්දන්ගේ සරණයි
    අහුවෙන සුද්දට අබ සරණයි

    කටේ කිරි සුවද යන්න කලින් බීච් බෝයිස්‌ලා වෙන හැටි
    සුද්දන් සුද්ද කරන අමුතු ගේම්


    fea3-1.jpg
    ශ්‍රී ලංකාව ගැන ලොව පුරා ඇති විවිධ මත නිසාත් නිතර නිතර කරන ප්‍රවර්ධන නිසාත් මෙහි එන විදේශිකයන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙයි. එයට අනුගාමී අප රට තුළ බිහිවන ගයිඩ්ලාගේ සහ බීච් බෝයිස්‌ලාගේ ප්‍රමාණය ද වර්ධනය වෙයි. ඒ සමඟම ඔවුන් අතර වන අපචාර සහ වැරදි සිදුවීම් ද දිනෙන් දින ඉහළයයි.

    සංචාරක මණ්‌ඩලය, විදේශ කටයුතු බාර අමාත්‍යාංශ සහ අදාළ රාජ්‍ය ආයතන මේ ගැන අදට වඩා වැඩි අවධානයකින් සොයා බැලිය යුතු බව අපේ අදහසයි.

    ශ්‍රී ලංකාව යනු දිව්‍ය පාරාදීසයක්‌ මෙන් අලංකාර වූත් ජීවගුණයෙන් පිරි දූපතක්‌ බවට ලොව පුරා මතයක්‌ පවතී. විශේෂයෙන්ම රන්වන් වැලිතලාවෙන් යුත් නිල්වන් මුහුදු තීරය සදාහරිත වැසි වනාන්තර, අලි ඇතුන්, කොටි, වලසුන් වැනි වන සතුන් ගංගා ඇළ දොළ දියඇළි මෙන්ම නිල්වන් කඳුයායන්ගෙන් සහ තේවතුවලින් සපිරි කන්ද උඩරට වැනි තැන් නිසා ශ්‍රී ලංකාවට ලෝකයේ සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වී ඇත. මේවා දැක බලා ගන්නට අප රටට ලොව නන්දෙසින් විදේශිකයන් පැමිණෙන්නේ බුරුතු පිටිනි.

    ස්‌වභාව සෞන්දර්ය රස විඳීමට එන සංචාරකයන් පමණක්‌ නොව වෙනත් විවිධ වූ කරුණු කාරණා අරමුණු සහ අවශ්‍යතා සඳහා ද විදේශිකයෝ මෙරටට පැමිණෙති. ව්‍යාපාරික කටයුතු සේවා කටයුතු අධ්‍යාපන කටයුතු රාජකාරි රැකියා නිවාඩු ගතකිරීම වෛද්‍ය පහසුකම් ආදී දේ සඳහා මෙන්ම තම ලිංගික ආසාවන් සන්තර්පණය කරගනු පිණිස සහකරුවන් සහකාරියන් සොයා ගෙන ද සමහර විදේශිකයෝ මෙහි පැමිණෙති. ඒ අතර සමරිසියෝ හෙවත් සමලිංගික සේවනයට ලැදි පිරිමි සමලිංගික ගැහැණු ළමා අපචාරකාරයන් ලිංගික සංක්‍රාන්තිකයන් ද්‍රිලිංගිකයන් වැනි අය ද වෙති. මෙවැනි අය ගැන මෙන්ම අප රට තුළදී ලබා ගත හැකි සේවා සහ පහසුකම් ගැන ගැඹුරින් විස්‌තරාත්මකව ලියෑවුණු පොත් පත් ද අද ලොව පුරා පොත් සාප්පුවලින් ලබා ගත හැකිය. එමෙන්ම අන්තර්ජාලයේ ද අප රට ගැන විස්‌තරත් අප රට තුළදී සොයාගත හැකි යහපත් සහ අවර ගනයේ සේවා ගැන ද එහි පැහැදිලිව සඳහන්ය.

    ටෝනි වීලර් නමැති ලොව පරසිදු සංචාරකයා විසින් ලොව පුරා කරක්‌ ගසා වසරින් වසර යාවත්කාලීන කරන ලෝන්ලි ප්ලැනට්‌ (තනිවූ ග්‍රහයා) නමැති සංචාරක අත්පොත ඒ සඳහා හොඳම උදාහරණය වන අතර ඒ පොතේ ඇති සමහර දේවල් ගැන අප රටේ ජීවත්වන්නන් පවා දන්නේ නැත. යහපත් ගුණාත්මක වැදගත් සේවා පහසුකම් මෙන්ම හොඳ ගංජා හෝ හෂීස්‌ සාධාරණ මිලට ලබා ගත හැක්‌කේ කොතනින් ද, සමාජ රෝග නැති ගණිකාවන් ඉන්නේ කොහේ ද, හොරුන්ගෙන් ප්‍රවේශම් වන්නේ කොහොම ද, චොකලට්‌ පාට සමක්‌ ඇති රන්වන් වැල්ලේ කොල්ලන් හෙවත් ගේ බීච් බෝයිස්‌ලා වැඩිපුර ඉන්නේ කොහේ ද, අඩුවට කාමර සහ නවාතැන් පහසුකම් ඇත්තේ කොහේ ද වැනි එකී නොකී දහසක්‌ අවර විස්‌තර ද මෙම පොත්වලින් දැන ගත හැකිය.

    පොත් සීයක්‌ කියවා කටපාඩම් කරගෙන සහ එහි පිටපතක්‌ නිතර අත රඳවා සිටියත් භාෂා දැනුම සාමාන්‍ය දැනීම දේශාටන අත්දැකීම් කප්පරක්‌ තිබුණත් මෙහි එන බහුතරයක්‌ විදේශීය සංචාරකයන් කුමන හෝ අවස්‌ථාවකදී කාගේ හෝ සහය පිහිට මඟපෙන්වීම සහ උපකාරය පතයි.

    මෙසේ සංචාරකයන්ට මඟපෙන්වන්නාට සාමාන්‍ය සරල සම්මත බසින් කියන්නේ ගයිඩ් කියායි. සංචාරකයන්ට මඟ පෙන්වන මෙවැනි ගයිඩ්ලා කුලක කීපයක්‌ අප රට තුළ දකින්නට ඇත.

    ජාත්‍යන්තර සංචාරක ඒජන්සියක්‌ මඟින් කලින් සියල්ල වෙන්කරන ලද පහසුකම්වලින් යුත් තරුපහේ හෝටල්වල රැඳෙන අර්ධ සුඛෝපභෝගී ස්‌ටාර් බස්‌ රථවල ගමන් කරන, රජය අනුමත කරන ලද ලක්‌සල වැනි ස්‌ථානවලින් පමණක්‌ බඩු භාණ්‌ඩ මිලදී ගන්න, යහමින් මුදල් හදල් ඇති ධන කුවේරයන් බඳු සංචාරකයන්ට මඟ පෙන්වන්නාට කියන්නේ එක්‌සෙකටිව් ටුවර් ගයිඩ් කියායි. executive tour guide එහි සිංහල තේරුම සංචාරක විධායක මඟපෙන්වන්නායි. ඔහු ඉතා ඉහළ වැටුපක්‌ ලබයි. ඉංග්‍රීසි බස චතුර ලෙස කතා කළ හැකි අතර ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුසියන් වැනි භාෂා ද හොඳින් හසුරවයි. මෙවැනි අයට රට තොට ගැන හොඳ දැනුමක්‌, ආචාරශීලි ගතිගුණ සහ පෙනුම හොඳ අධ්‍යාපනයක්‌ මෙන්ම ක්‍ෂේත්‍රයට අදාළ වන ඩිප්ලෝමා සහතිකයක්‌ හෝ උපාධියක්‌ පවා තිබිය යුතුය. ඔවුන් කරන්නේ ටයි පටියක්‌ බැඳ හොඳින් ඇඳ පැළඳ ගෙන සංචාරකයන් යන රියේ (මෝටර් රථයේ, වෑන් එකේ හෝ බස්‌රියේ) ඉදිරිපස අසුනේ වාඩිවී අදාළ භාෂාවෙන් සංචාරකයන්ට යන එන තැන් ගැන ආගිය විස්‌තර රටේ ශ්‍රී විභූතිය ඉතිහාසය, භූගෝලය වැනි දේ පැහැදිලි කර දීමයි. සංචාරකයන් බඩු භාණ්‌ඩ මිලට ගැනීම පිණිස ප්‍රසිද්ධ වැදගත් කඩයක හෝටලයක හෝ ව්‍යාපාරක ස්‌ථානයක නැවැත්තුවහොත් අනිවාර්යයෙන්ම මෙකී ටුවර් ගයිඩ් මහතාට එම සෑම මුදල් ගනුදෙනුවකින්ම සියයට විස්‌සක්‌ හතළිහක්‌ අතර ප්‍රතිශතයක කොමිස්‌ මුදලක්‌ ව්‍යාපාරික ආයතන විසින් ගෙවනු ලබයි. සමහර අවස්‌ථාවලදී කොම්පැනිය හෝ ඒජන්සිය හරහා මෙම කොමිස්‌ මුදල ලැබෙන අතර තවත් සමහරවිට Rජුවම ඔහුගේ අතට හෝ ගිණුමට බැරවෙයි. කෙසේ වෙතත් මාසය අන්තිමට මෙම ටුවර් ගයිඩ්ට ලැබෙන ලක්‍ෂයකට නොඅඩු වැටුපට අමතරව තව ඊට වැඩි ගණනක කොමිස්‌ මුදලක්‌ ද හිමිවෙයි. එසේම විදේශ සංචාර තෑගි භෝග, ආදරය, සතුට සහ සුද්දියන්ගේ ලිංගික සන්තෝසම් වැනි බෝනස්‌ ද ලැබෙන අවස්‌ථා සුලබය. අද අප රටේ මෙවැනි පලපුරුද් ද සහිත විශේෂඥ එක්‌සෙකටිව් ටුවර් ගයිඩ්ලාගේ හිඟයක්‌ රික්‌තකයක්‌ දකින්නට ඇති අතර ඒ වෘත්තිය සඳහා දැඩි ඉල්ලුමක්‌ ද පවතී.

    දෙවැනි කණ්‌ඩායම වන්නේ සාමාන්‍ය ටුවරිස්‌ට්‌ ගයිඩ්ලා හෙවත් සංචාරක මඟපෙන්වන්නන්ය. තම ඉල්ලීම මත සංචාරක මණ්‌ඩලය මඟින් පවත්වන දේශන ඉගැන්වීම් සහ පුහුණු සැසි කීපයකට පසුව විභාගයකට වාඩි කරවා ඉන් සමත් වන අයට සහතිකයක්‌, බලපත්‍රයක්‌ වැනි දෙයක්‌ නිකුත් කරන අතර එකී ලැයිසම හිමි තැනැත්තාට තම බල ප්‍රදේශය තුළ හෝ සංචාරක මණ්‌ඩලයෙන් අවසර දෙන නගර ඇතුළත සංචාරකයන් හට මඟ පෙන්වන අවස්‌ථාව උදාවෙයි. සමහරුන්ට ජාතික මට්‌ටමේ අවසරය ද ලැබෙයි. එවැන්නන්ට දිවයින පුරා ඕනෑම තැනක තම රැකියාවේ යෙදිය හැකිය. නමුත් සංචාරක ව්‍යාපාරයේ සහ ටුවරිසම් උප සංස්‌කෘතියේ නොලියෑවණු ආචාර ධර්ම පද්ධතියට අනුව ගමේ පුහුලං ගමේ වවුලන්ට යන න්‍යාය මත පිට නගරයකට ගොස්‌ සුද්දන් ඇල්ලීම එතරම් ගෝචර නැත. උදාහරණයක්‌ වශයෙන් හික්‌කඩුව වැල්ලේ සුද්දන් අල්ලන සරත්ට මීගමුවට පැමිණ සුද්දන් ඇල්ලීම එතිකලි රෝංය. (සදාචාරයට පටහැනිය.) නමුත් තමාට අහුවුණු සුද්දා හෝ සුද්දිය සමඟ එසේත් නැත්නම් එම කණ්‌ඩායමක්‌ සමඟ රටපුරා ඇවිද්දාට ගම නගරය පෙන්නුවාට කිසිම අවුලක්‌ නැත.

    තුන්වැනි කණ්‌ඩායම වන්නේ ප්‍රාදේශීය මට්‌ටමේ ගයිඩ්ලාය. මුහුදු බඩ පළාත්වල මේ අයට කියන්නේ බීච් බෝයිස්‌ හෙවත් වැල්ලේ කොල්ලන් කියායි. බෝයිස්‌ලා කීවාට වයස අවුරුදු දහය, දොළහේ සිට හැට හැත්තෑව පැන්න මහල්ලා දක්‌වා බීච් බෝයිස්‌ලා අද අප රටේ වැල්ල ආශ්‍රීතව දකින්නට ඇත.

    හතරවැනි කණ්‌ඩායම ටුවර්ස්‌ Tours හෙවත් ජල්බරිස්‌ තැරැව්කරුවන්ය. මොවුන් අති භයානක පිරිසකි. Beware of Tours (තැරැව්කරුවන්ගෙන් ප්‍රවේශම් වෙන්න) කියා හික්‌කඩුව, ගාල්ල, උණවටුන, මහනුවර, මීගමුව, සීගිරිය, දඹුල්ල වැනි සංචාරක නගරවල ඒ කාලයේ අඩියෙන් අඩිය පෝස්‌ටර් ගසා තිබුණේ මේ මරිසිකාර පුද්ගලයන්ගෙන් විදේශීය සංචාරකයන් බේරා ගනු පිණිසයි. කුමන හෝ මුසාවක්‌ ඇද බා සුද්දන් සුද්දියන් සුද්ද කිරීම, ඔවුන්ගෙන් ලිංගික ආශ්වාදයක්‌ ලබා ගැනීම, අතවර කිරීම වැනි දේ මොවුන්ගේ ඒකායන අරමුණයි. සංචාරකයන් ගැවසෙන සෑම නගරයකම පාහේ මෙවැනි ව්‍යාජ ගයිඩ්වරුන් හෙවත් තැරැව්කරුවන් සැරිසරයි. ගයිඩ් වැඩ කිරීම ඔවුන්ගේ පූර්ණ කාලීන පීටිකාව නොවේ. සුද්දන් නැති කලට ඔවුන් හොරකම, කූට ව්‍යාපාර, මත්ද්‍රව්‍ය ජාවාරම, සිල්ලර වෙළෙඳාම වැනි වෙනත් ආදායම් මාර්ග වෙත ද යොමුවෙයි.

    බීච් බෝයිස්‌ලා යනු වැල්ල අද්දරම හෝ එම ප්‍රදේශයේම ජීවත් වන කොටසකි. ගමේ පදිංචිකරුවන්, හෝටල් හිමියන්, ටැක්‌සි රියෑදුරන් මෙන්ම පොලිසියේ නිලධාරින් පවා මොවුන්ව හොඳින් දන්නා නිසා සුද්දන්ට සුද්දියන්ට භයානක හොරකම් චංචා හෝ අපරාධ කිරීමට මොවුන් පසුබට වෙති. නමුත් ටුවරිස්‌ලා යනු සුද්දන් බහින කාලයට පමණක්‌ නගරයට බහින නමක්‌ ගමක්‌ ලිපිනයක්‌ නැති (ඇඩ්‍රස්‌ නැති) අහසින් පාත් වුණු ඕපපාතික අපතයන් නිසා කිසි බයක්‌ නැතිව සුද්දන්ට සුද්දියන්ට පොලු තියති.

    වැල්ලේ කොල්ලන් විදේශිකයන් සොයා වැල්ලට බහින්නට පටන් ගන්නේ කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙනි. බීච් බෝයිස්‌ලාගේ සහ එකී නගරවල උප සංස්‌කෘතියට අනුව විදේශීය සංචාරකයන් වෙත ගොස්‌ සේවා සපයනවාට කියන්නේ සුද්දන් අල්ලනවා කියායි. විදේශීයයන් පිරිසකට හෝ කණ්‌ඩායමක්‌ ඔවුන් හඳුන්වන්නේ සුද්දො පාටියක්‌ කියායි. (පාර්ශ්වයක්‌)

    හික්‌කඩුවේ කමල් යනු සමස්‌ත ජන සමාජය ගැන මනා දැනුමක්‌ ඇති විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය පිළිබඳ වසර හතළිහකට වඩා අත්දැකීම් ඇති පළාතේ ප්‍රභූ පවුලකින් පැවත එන සුහදශීලී චරිතයකි. වෘත්තියෙන් චෙස්‌ ගුරුවරයකු වන ඔහු අමතර ආදායමක්‌ වශයෙන් තමාට පිය උරුමයෙන් ලැබුණු මුහුද අද්දර පිහිටි විශාල ඉඩමේ කාලයක සිට විදේශිකයන් සඳහා කබානා පහසුකම් සපයයි.

    මේ කමල් එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ගැන සහ බීච් බෝයිස්‌ලා ගැන දක්‌වන අදහසයි.

    "සංචාරක ව්‍යාපාරය ඉස්‌සර වගේ දැන් එච්චරම සාර්ථක නැහැ. ගොඩක්‌ සංචාරකයන් හොඳට දැනගෙනයි මෙහෙ එන්නෙ. ඒක නිසා ගයිඩ්ලාට එච්චර වැඩ නැහැ. වැඩිදෙනෙක්‌ තරු පන්තියේ හෝටල්වල නැවතුණාට කන්නෙ බොන්නෙ පාරට ඇවිල්ල පොඩි හෝටලයකින්. හැම විස්‌තරයක්‌ම ඒ අය දැන් අන්තර්ජාලයෙන් ගූගල් කරල හොයාගන්න නිසා ගයිඩ්ලාගේ උපකාරය අවශ්‍ය නැහැ. මට තව එකක්‌ කියන්න ඕනි ඉස්‌සර වගේ නෙමෙයි දැන් කාලේ අපේ බීච් බෝයිස්‌ලා.. ඒ අය හරි හොඳයි. සාධාරණයි. ඒ කාලේ වගේ ජල්බරි මරිසි දාලා අහිංසක සුද්දන්ගේ ඉහමොල සූරා කාලා හපේ අත අරින්නේ නැහැ. අනික සුද්දොත් රටකින් රටකට එන්නේ මෝඩයෝ වගේ නෙමෙයි. ඔක්‌කොම සැලසුම් කරගෙනයි. මෙහෙ ආවම කීයක්‌ වියදම් කරනව ද, කීයක්‌ නාස්‌ති කරනව ද කොච්චර පිනට දෙනව ද කියල උන් දන්නව. අපේ අය හිතුවට උන් රැවැට්‌ටුවා කියල බලාගෙන ගියාම අපියි රැවටිලා තියෙන්නේ. තමන්ගේ වීසා ඉවර වුණාම ඒ අය ගාණට පිළිවෙළට ගිහින් තමන්ගෙ රටේ ආයෙ පුරුදු රස්‌සාව පටන් ගන්නව. ඒ අයගේ සාමාන්‍ය ජන ජීවිතයට පුරුදු වෙනවා. අපේ අය හම්බ කරපු සල්ලි ටික ඉක්‌මණට වියදම් කරගෙන තව සුද්දො පාටියක්‌ එනතුරු හරි ආයේ සීසන් එකක්‌ එනතුරු හරි මුහුද දිහා බලාගෙන හූල්ලනව",

    කමල් එසේ කීවට හික්‌කඩුව නගරයට මඳක්‌ එහායින් ඇති නාරිගමෙන් මුහුදට බහින කළු හිච්චා කියන්නේ ඊට වෙනස්‌ කතාවකි.

    "සුද්දො කියන්නෙ මහ මෝඩ රැලක්‌ මහත්තයෝ. මේ අහුවෙලා තව ටිකකින් ආයෙ අහුවෙනව. අපේ උන් දන්නව ගාණට අවශ්‍ය කෙනාව කරකවල තම්බල ගන්න. වැඩිහරියක්‌ සුද්දො අහුවෙන්නෙ තහනං දේ හොයන්න ගිහිල්ලයි, කළු හිච්චා ඇතුළු රට පුරා වෙසෙන තවත් බීච් බෝයිස්‌ලා සිය ගණනකට වැඩි පිරිසක්‌ සමඟ කතා කොට වරු ගණන් කාලය ගත කොට අප ලබා ගත් අත්දැකීම් මත අපට කියන්නට ඇත්තේ තාමත් බොහෝ විදේශිකයන් කපටි ටුවරිස්‌ලාගේ ගැට සහ උගුල්වලට අසුවන බවයි.

    ටෙරී නමැති ජර්මානුවාට ගංජා හෝ හෂිස්‌ ගන්නට වුවමනා වී ඒ බව පවසන්නේ නසාර් නමැති බීච් බෝයිටය. ටෙරීව රැවටිය හැකි බව දන්නා නසාර් ඔහුට ඉස්‌තරම් වර්ගයේ ගංජා සුරුට්‌ටුවක්‌ සාම්පල් වශයෙන් පොවා වැඩි ප්‍රමාණයක්‌ මිලදී ගෙන එන්නැයි යයි පවසා ලොකු මුදලක්‌ අරන් පිටව යයි. පැය කීපයකට පසුව නසාර් යළි දාඩිය දාගෙන දිව එන්නේ. "ටෙරී මාර වැඩේ වුණේ.. බඩු ගන්න ගිහින් මගේ යාළුවාව පොලිසියට මාට්‌ටු වුණා..... දැන් හිරේ දාන්නයි යන්නේ. එහෙම වුණොත් යාළුවා ඔයාව පාවලා දෙයි. ඊට පස්‌සේ මල කෙළියක්‌ වෙන්නේ ඒක නිසා කීයක්‌ හරි පොලිසියට දීලා මිනිහව බේරා ගනිමු, කියමිනි.

    දියෙන් ගොඩගත් මාළුවෙක්‌ මෙන් ගැහෙන්නට ගන්නා ටෙරී තව විශාල මුදලක්‌ නසාර්ට පූජා කරන්නේ පොලිස්‌ ග්‍රහණයෙන් බේරෙනු පිණිසයි. මෙහිදී නසාර් කරන්නේ තනිකරම බොරුවකි.

    වෙරළාශ්‍රිත සංචාරක කලාපවලට ආවිට බහුතරයක්‌ සුද්දන්ට සුද්දියන්ට අමුතු අමුතු ආසා පහළ වෙයි. මේ ඕනෑම ආසාවක්‌ දොලදුකක්‌ සංසිඳුවන්නට අපේ බීච් බෝයිස්‌ලා සහ ටුවරිස්‌ලා ඉදිරිපත් වන්නේ ඉතාම සාදරයෙණි. නමුත් මෙහි ඇති බැරූරුම්කම ගැන කියන්නට ඔවුන් පැය කීපයක්‌ම වැය කරයි. ඒ අනුව සුද්දාට අවශ්‍ය ගංජා හෂීස්‌ හෝ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය එසේත් නැත්නම් තම අවශ්‍යතාව පිණිස ගමේ ගොඩේ හැඩට අඳින ගැමි තරුණියක්‌, සමලිංගික සේවනය සඳහා සම කළු පැහැති කොළු ගැටවෙක්‌. ළමා අපචාරයක්‌ සඳහා ලාබාල තාම මුවින් කිරිසුවඳ හමන දැරිවියක්‌ වැනි ඉල්ලීමක්‌ සඳහා තැරැව්කරු තබන ලන්සුව ඉතා ඉහළය. සුද්දා ද කිසි ලෝබකමක්‌ නැතිව මුදල් ගෙවන අතර පසු තැරැව්කරුගේ වලිගයවත් සොයා ගන්නට නැත.

    වරක්‌ මා දන්නා ගයිඩ් කොල්ලෙක්‌ නාග මාණික්‍යයක්‌ කියා සුද්දෙකුට කුඩා කළු ගල් කැටයක්‌ අලෙවි කළේ රුපියල් තුන් ලක්‌ෂයකටය. පිරිසිදු එළකිරි පිරුණු කුඩා අසෝක වීදුරුවක බහාලා ඔහු සුද්දාට කළු ගල් කැටය විකුණා කියා සිටියේ."මෙය හැමදාම මෙසේ මේ වීදුරුව තුළම තිබෙන්නට හැරිය යුතු බවත් නිකමට හෝ එළියට ගත්තොත් එහි බලය බිඳෙන බවයි. එම නාග මාණික්‍යය තම රටට ගෙන ගොස්‌ නිදන කාමරයේ මේසයක්‌ මත තබා නිතර නිතර වන්දනාමාන කරන කල්හි සිතූ පැතූ සම්පත් ලැබෙන බවත් සිරුරට වඩා ශක්‌තියක්‌ ලැබෙන බවත් එසේම වැඩි කාලයක්‌ ලිංගික ක්‍රියාවේ නිරතවිය හැකි වාජීකරණ බලයක්‌ ලැබෙන බවත් ඔහු සුද්දාට කියා ඇත. ඊළඟ වසරේ ලංකාවට ආ සුද්දා ඔහුට කියා ඇත්තේ ගල වැඩකරන බවත් එය ඉතා බලගතු බවත් තවත් ගල් කීපයක්‌ මෙවර ද රැගෙන යා යුතු බවත්ය.

    අපේ බීච් කොල්ලන් සහ ටුවරිස්‌ලා විසින් සුද්දන් හට කරන ලද වංචා, අපරාධ, සොරකම්, බොරු ගැන පත්තර පිටුවක්‌ නොව පොත් සීයක්‌ පවා ලිවිය හැක. ඒවා එදා මෙන්ම අදටත් සිදුවෙයි. බහුතරයක්‌ සුද්දන් මේවාට විරුද්ධව පොලිසියට නොයන්නේ ඒ සෑම වංචාවක්‌ පසුපසම ඔහුගේ හෝ ඇයගේ නීති වීරෝධී සදාචාරයට පටහැනි ඉල්ලීමක්‌ ඇති නිසාය.

    අලුත්ගම, බේරුවල, බෙන්තොට, අම්බලන්ගොඩ, නාරිගම, තිරණගම, හික්‌කඩුව, උණවටුන සහ මීගමුව වැනි මුහුදු බඩ පළාත් වලට එන සංචාරකයන් වැඩි දෙනෙක්‌ ඉල්ලන්නේ ලිංගික ආසාවන් සන්තර්පණය කෙරෙන දේවල් බව අපට පැවසුවේ සංචාරක ව්‍යාපාරයෙහි ඔස්‌තාර් වරයෙකි. ඔහු දැනට වසර පනහක්‌ තිස්‌සේ මේ කටයුත්තෙහි නියෑලෙයි. සුද්දන් අදින වාහන අටක්‌, හෝටල් තුනක්‌ සහ වැල්ලේ තැනු කබානා තිහකට අධික වත්කමක්‌ ඇති ජර්මන් නිහාල් කියන පරිදි ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසකම අප රට කුප්‍රකටව ඇත්තේ ලිංගික සේවා ඉක්‌මණටම ආරක්‌ෂාකාරීවම ලබාගත හැකි දේශයක්‌ ලෙසිනි.

    පිඩෝ µSඩියා හෙවත් කුමරකාමය නමැති ලිංගික දිශානතියෙන් හෙවත් අසම්මත කාමචර්යාවෙන් පෙළෙන මැදිවිය පැනපු සුද්දියන් ලාබාල කොලු ගැටයන් සොයා නිතර මෙහි එන අතර හැට පැන්න නාකි සුද්දන් ද හිරිමල් කොලු ගැටයන් සොයා මෙහි ඇදෙන බව අද රහසක්‌ නොවේ.

    අද වැල්ලට බහින බහුතරයක්‌ කොල්ලන්ට කිසි අපහසුවෙන් තොරව බාසා හත අටත් කතා කළ හැකිය. එහි ව්‍යාකරණ සහ උච්චාරණ දෝෂ තිබුණ ද ඉතා චතුර ලෙස වතුර මෙන් එළියට එන වදන් නිසා සුද්දන් ද හොල්මන් වෙති. අපේ වැල්ලේ කොල්ලන් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ද ඉතා දක්‌ෂ අන්දමටය. සාමාන්‍යයෙන් හෝ උගත් නගරයේ වෙසෙන අපේ තරුණ, තරුණියෝ අන් අය ඉදිරියේ ඉංග්‍රීසි වැනි පර බසක්‌ කතා කරන්නට මදක්‌ ලැඡ්ජාවක්‌ මැදිකමක්‌ දැක්‌වුව ද දකුණු පළාතේ වෙසෙන බීච් බෝයිස්‌ලා කිසි චාරයක්‌ නැති බ්‍රොaකන් ඉංග්ලිෂ් ඉතා ප්‍රසිද්ධියේ කතා කරන්නේ කිසි ලැ-ජාවක්‌, ඇඹරීමක්‌ නැතිවය. අපට නොතේරුණාට සුද්දන්ට නම් ඒවා ඉතා හොඳින් තේරෙයි.

    බෝයිස්‌ලා කීවට මැදි වයසටත් ආසන්න අය ද අද සුද්දන් අල්ලන්නට වැල්ලට බහිති. ඔවුන් වැඩි දෙනෙක්‌ විවාහකයෝය. නමුත් සමහර විට සමරිසි සුද්දෙක්‌ ළඟින් ඇසුරු කරති. එසේම නාකි සුද්දියෙක්‌ සමඟ හෝ රූමත් තරුණ සුද්දියක්‌ සමඟ හෝටල් කාමරයක යහන් ගත වෙති. මේ කුමක්‌ කළ ද අපේ මිනිහාගේ විවාහක බිරිඳට ඒ ගැන ගැටලුවක්‌ නැත. ඔවුන්ට ඕනෑ තම සැමියා ඩොලර් හෝ යුරෝ මිටියක්‌ ගෙදර අරන් ඒමයි. නමුත් තම සැමියා සිංහල හෝ දේශීය කෙල්ලක්‌ හෝ ගැහැනියක්‌ සමඟ සම්බන්ධයක්‌ පවත්වනවාට ඔවුන් කැමති නැත. මෙය අද වැල්ලේ සාමාන්‍ය තත්ත්වයයි.

    සමහර අම්මලා කිසි බයක්‌ නැතිව තම ගැටවර හෝ නව යොවුන් වයසේ පිරිමි දරුවන්ව වැල්ලට යවන්නේ. පලයන් ගිහින් සුද්දෙක්‌ පස්‌සෙ ගිහින් කීයක්‌ හරි හොයං වරෙන්, මොකෝ ආයෙ කොල්ලන්ට දරුවො හම්බ වෙනව කියලැයි, වැනි අසික්‌කිත කතාද කියමිනි.

    සමහර බීච් බෝයිස්‌ලා සුද්දියන් අල්ලන්නට අමුතු ක්‍රමවේදයන් පාවිච්චි කරති.

    "හලෝ මැඩම් මගේ ගර්ල් ෙµ්‍රන්ඩ් ඉන්නේ ප්‍රංශයේ. මට ප්‍රංශ බාසාව ලියන්න තේරෙන්නෙ නැහැ මට කරුණාකරල එයාට ලියුමක්‌ ලියල දෙනවද ?

    මේ අද වැඩි දෙනෙක්‌ සුද්දියන් අල්ලන ක්‍රමයකි. අහිංසක ඉල්ලීමට රැවටෙන සුද්දිය ඔහුට ලියුමක්‌ ලියා දීමට ඉදිරිපත් වෙයි. ඔහුගේ ලිපියේ ඇති අහිංසක කමට, ආදර වදනට, පැණි බේරෙන බොරුවට මුලාවන සුද්දිය අන්තිමට නවතින්නේ ඔහු සමඟ නිදි වැදීමෙන් සහ තමාගේ වස්‌තුව ද ඔහුට පූජා කිරීමෙනි.

    අද දකුණු පළාතේ භයානක ගයිඩ් මාµsයාවක්‌ ද ක්‍රියාත්මක වෙයි. පළාතේ හෝ කලාපයේ චන්ඩි පාට්‌ දාන මහ කෙරුමාට කප්පමක්‌ ලෙස කොමිස්‌ මුදල් නොදී කිසිවකුට තම ගයිඩ් රස්‌සාව කරගෙන යැමට නොහැකි කාලයක්‌ පසුගිය කාලයේ පැවතුණි. ඒ අනුව සුද්දාගෙන් උපයන මුදලින්, වාහනය හයර් කර ලැබෙන මුදලින්, මැණික්‌ සාප්පුවෙන් ලද කොමිස්‌ මුදලින් හෝ වෙනත් එවැනි අන්දමට ගයිඩ්ට ලැබෙන මුදලින් සියයට තිහක මුදලක්‌ අනිවාර්යෙන්ම කෙරුමාට ගෙවිය යුතුය. නැති නම් එදායින් පසු ඔහු ගයිඩ් වැඩේ කර හමාරය. නියමිත මුදල දුන්නොත් කිසි කරදරයක්‌ නැතිව සුද්දන් ඇල්ලිය හැකිය. ඕනෑම මරිසියකට ද ඉඩ ලැබේ. ගමේ ප්‍රශ්න, පොලිස්‌ ප්‍රශ්න, නීති ප්‍රශ්න සියල්ල කෙරුමා විසඳයි.

    සුද්දන් සමඟ විවාහ වන ලාංකික තරුණියන් මෙන්ම සමරිසියන් සමඟ විවාහ වී විදේශගත වන කොල්ලන් ද අද දකුණු පළාතේ වැල්ලබඩ ප්‍රදේශවල එමටය. එමෙන්ම සුද්දියන් සමඟ විවාහ වී විදේශගත වන බීච් බෝයිස්‌ලා ද අනන්තය. නමුත් මෙවැනි විවාහ එතරම් සාර්ථක නැති බව තතු දන්නෝ කියති.

    මිත්‍ර ශ්‍රී කරුණානායක


    inner_r6_c1.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]සම්බාහන කාමරේ ගින්දර කන සුන්දරී!

    මිත්‍ර ශ්‍රී කරුණානායක
    [/FONT]

    [FONT=&quot]
    masaaj.jpg
    ශරීරයේ සමහර අවයව මිරීකීමෙන් කරන වෙදකමට සම්භාහනය කියා කියන බව මහාචාර්ය ගුණපාල මලලසේකරයන් අපට තම ශබ්දකෝෂයෙන් පැහැදිලි කර ඇත. ඉංග්‍රීසියෙන් එයට කියන්නේ මසාජ්ජ් (massage) බවද අපි දනිමු. මසාජ් හෙවත් අවයව මිරීකීමෙන් වෙදකම කරන්නා සම්බාහකයායි. එහි ස්‌ත්‍රී ලිංග පදය සම්බාහිකාවයි. (masseur and masseuse)) අද අප සමාජයේ සමහරු මෙයට තවත් ගෞරවයක්‌ එකතු කරමින් තෙරපිස්‌ට්‌ එයෑර්චයසිඑ කියා ආමන්ත්‍රණය කරන්නට පුරුදු වී සිටී නමුත් එවන් වචනයක්‌ පිරිසිදු ඉංග්‍රීසි භාෂාවේ නම් නැත.

    මසාජ් යන නම කී පමණින් බොහෝ දෙනෙකුගේ මනසට එන්නේ නිරුවත් අයෙකුව මුනින් අතට හරවා ඇඳක හෝ මෙට්‌ටයක දිගා කර ඇඟ පිරිමදින සුරුපි තරුනියකගේ රුව නොවේ නම් මා මේ පිළිබඳව කළ විමර්ශනය අසාර්ථක බව මා සිතා ගත යුතුය.

    මසාජ් පවුල් සංස්‌ථාවේ අලුත උපන් බාල සහෝදරිය ස්‌පා (SPA) යෑයි කීවොත් මා නිවැරදි යයි මම සිතමි. ස්‌පා යන්නෙහි වත්මන් අර්ථය ඖෂධ හෝ ලෝහ මුසු වතුර උල්පතයි. නමුත් ස්‌පා යන වචනයේ මූලාශ්‍රයන් ගැන ගැඹුරින් සොයා යද්දි අපට හමුවන්නේ එය බෙල්ජියමේ ස්‌පා නම් නගරය පසුබිම් කරගෙන ඉපිද ඇති බවයි. ජලයෙන් ලැබෙන සෞඛ්‍යය (හෙල්ත් තෲ වෝටර් health through water) යන අර්ථය දෙන ලතින් කියමනක්‌ වන Salus Per AQuam යන පද තුනේ මුල් අකුරු තුනින් SPA යන්න හැදී ඇති බවටද මතයක්‌ ඇත.

    කෙසේ වෙතත් ආසියාවේ ඇතුළු අප රටේ ක්‍රියාත්මක වන ස්‌පා සහ මසාජ් ක්‌ලිනික්‌ අතර ඇත්තේ ඉතා සුළු වෙනක්‌ වුවද ඇත්ත වශයෙන්ම ස්‌පා යනු සම්පූර්ණ ලෙස ජලයේ ගිල්වා කරනු ලබන ශරීර සුවතා ක්‍රියාවලියකි. මල් පියළි ශාක සාර තුරු පොතු සුවඳ ලාටු තෙල් වර්ග පලතුරු යුෂ මී පැණි කිරි රත්රන් රිදී වැනි දෑ මුසු කළ ජලයෙහි ගිළීමෙන් කරන ප්‍රතිකර්ම වලින් හමේ පැහැය ලස්‌සන වන බව පුරාණයේ සිටම ජනයා විශ්වාස කළහ. අපේ පුරාණ රජ දරුවන් කුමාරියන් බිසෝවරුන් අන්තඃපුර ස්‌ත්‍රීන් රිසි සේ ස්‌පා ඔරු වල බැස තම රූ සපුව තවත් ලස්‌සන කර ගන්නට ඇති බව අපගේ මනසේ නිතර ඇඳ තබන්නේ සමහර වෙළඳ දැන්වීම් බවද සිහිකළ යුතුය. අපේ කුමරියන් පමණක්‌ නොව ක්‌ලියෝ පැට්‌රා පවා රත්රන් හා කිරි මුසු ජලයෙහි බැස සිටීමෙන් තම රුව සහ සම දීප්තිමත් කරගෙන ඇති බව ඉතිහාසය සාක්‍ෂි දෙයි. එපමණක්‌ නොව යුදෙව්වන්ගේ ශුද්ධ ලියවිල්ල වන බයිබලය සඳහන් කරන පරිදි රූමත් එස්‌තර් නම් බිසව සයනය කරනු පිණිස අහෂ්වේරොෂ් රජු වෙතට යාමට පෙර මාස දොලහක කාලයක්‌ අන්තඃපුරයේ ස්‌පා එකක සිට සුවඳ ලාටු තෙල් සුගන්ධ ද්‍රව්‍ය රූප ලාවණ්‍ය තෛලය පාවිච්චි කර ඇත.

    වෙදකමක්‌ යයි කීවාට තවත් කරුනු කාරණා වලටද අපේ අය මසාජ ක්‌ලිනික්‌ සොයා යති. ඒ ගැන වැඩිපුර කතා කළ යුතු නොවන්නේ බහුතරයක්‌ දෙනා මේ පිළිබඳව දන්නා නිසාත් ඉන් අපට ඉගෙනගත හැකි පාඩමක්‌ හෝ ගත හැකි ආදර්ශයක්‌ නැති නිසාය. නමුත් සම්බාහන ආයතන වල සේවය සොයා සේවාලාභින් ඇදෙන්නේත් සම්බාහන ආයතන වල තෙරපිස්‌ට්‌ලා ලෙස තරුණ ගැහැනුන් රස්‌සාවට යන්නේත් ඇයිද කියා නම් ගැඹුරින් සොයා බැලීම වටී.

    අද අප රටේ සෑම නගරයකම වාගේ ස්‌පා සහ සම්භාහන මධ්‍යස්‌ථාන දක්‌න්නට ඇත. මෙම සම්භාහන ආයතනවල කිසි වරදක්‌ හෝ නීති විරෝධීතාවයක්‌ නැත. ඒවා ගැන දැන්වීම් පළ කළ හැක්‌කේ ඒ නිසාය. මේවා බහුතරයක්‌ රජයේ ලියාපදිංචි ආයතනද වෙයි. විවිධ ශාරීරික අපහසුතා ඇති ආතරයිටිස්‌ ආඝාත, පක්‍ෂගාත, අංශභාග ආදී රෝග ඇති බාල මහලු වැඩිහිටි තරුණ අය මේවාට ගොස්‌ සුවය ලබා ඇති බව අපි දනිමු.

    ආයුර්වේද සහ හෝමියෝපති ක්‍රමයට බෙහෙත් ඔරු ශිරෝධාරා පංචකර්ම නිල ඇල්ලීම ආදී ක්‍රම වලින් සම්භාහනය කරන මධ්‍යස්‌ථානද අද රට පුරා ඇත. එසේම ශීග්‍රයෙන් ඒවා බොහෝ නගර වල ව්‍යාප්ත වන්නේ රසායන වලින් මිදී ස්‌වභාවික ඖෂධ වලින් සුවය ලබා ගැනීම අද විලාසිතාවක්‌ බවට පත් වී ඇති නිසාත් ඒවායේ අතුරු ඵල අවම නිසාත්ය.

    තරු පන්තියේ හෝටල් වල සහ විදේශීකයන් ගැවසෙන මුහුදාශ්‍රිත නගර වල සංචාරක පුරවර වල මෙම මධ්‍යස්‌ථාන සුලබය. එමෙන්ම ප්‍රධාන සහ ජනාකීර්ණ නගරවලද දැන් දැන් ස්‌පා සහ මසාජ් බිහිවෙමින් පවතී.

    "නිහාල් අයියා ඉන්න කාලේ අපි එයාට තමයි ගාන දුන්නෙ, එයා අපිට සම්පූර්ණ ආරක්‍ෂාව සැපයුවා. කෙල්ලො ටික බය නැතුව පාරෙ බැහැල උදේ හවස වැඩට ආවා ගියා. ඒත් දැන් ටිකක්‌ කරදරයි. එක එකා එනව කප්පං ඉල්ලගෙන පාතාලෙං අරතාලෙං මේ තාලෙං කියල කොච්චර කියල දෙන්නද? ඒ මදිවට පොලිසි කීයකින් පනිනවද කී පාරක්‌ අපේ කෙල්ලන්ව පෝලිමෙ අරන් ගිහින් උසාවි නැග්ගුවද කොච්චර කියල නං මං ඇප තියල ඇද්ද?".

    ඒ නාවල නගරයට ආසන්න සාමකාමී අතුරු පාරක ලොකු ලොකු නිවාස පිහිටි මාවතක පවත්වාගෙන යන සම්බාහන ආයතනයක හිමිකාරියක්‌ තම අත්දැකීම් මා සමඟ බෙදා ගත් අයුරුයි. ඇය මෙයට වසර අටකට පමණ පෙර කොහුවල පැත්තේ මසාජ් සෙන්ටරයක රැකියාව කර ඇති අතර ඉන් උපයා ගත් මුදලින් සහ දැනුමෙන් මෙම මධ්‍යස්‌ථානය පවත්වාගෙන යයි. මා ඇයව අඳුනා ගත්තේ කලකට පෙර අගේ එකම සහෝදරයාව පුනරුත්ථාපනය කිරීම සඳහා අපගේ මිතුරු සෙවන වෙත රැගෙන ආ නිසාය.

    පිලියන්දල සිට ගල්කිස්‌ස නගරයේ ඇති මසාජ් ක්‌ලිනික්‌ එකට උදේම වැඩට එන නදීරා පෙනුමෙන් ළදරු පාසල් ගුරුවරියක මෙනි. කොණ්‌ඩය පිළිවෙලට බැඳ ඔසරිය අඳින ඇය පොත් කීපයක්‌ද ඇතිව බිම බලාගෙන ඉතාම ශාන්ත දාන්තව ගමන් කරන්නේ ඉතා වැදගත් ලෙසිනි. සති ගණනක අසීරු පරිශ්‍රමයකින් පසුව මම ඇයව කතාවට අල්ලා ගත්තේ මගේ අනන්‍යතාවය හෙලි කිරීමෙන් පසුය.

    "අපේ මහත්තයා ඇරුනාම පවුලෙ අයවත් ගමේ අයවත් දන්නෙ නැහැ මං කරන රස්‌සාව මොකක්‌ද කියල මහත්තයට මං කියල තියෙන්නෙ විස්‌තරේ. එයාගේ කකුලක්‌ කැඩිල එක්‌තැන් වෙලා අපි හරි අසරණයි. එ වගේම වට පිටට ගොඩක්‌ ණය වෙලා තියෙන්නෙ. මහත්තයගෙ කකුලට බේත් කරන්නයි දරුවගේ මොන්ටිසෝරි වියදමුයි පියවන්න තමයි මම අකමැත්තෙන් හරි මේ රස්‌සාව තෝරා ගත්තෙ. තාම මට ප්‍රශ්න මුකුත් ඇවිල්ලා නැහැ. මෙතනට පනින්නෙ එහෙම නැහැ. මා එක්‌ක තව කෙල්ලො හතක්‌ මෙතන වැඩ. අපි පිරිමි අයව අතගාන්නෙ ආසාවෙන් නෙමයි. ආර්ථික ප්‍රශ්න නිසා සල්ලි නැති කමට අපිව තේරුම් ගන්න අය ගොඩක්‌ අඩුයි. අපි මේව ඇතුලේ හරියට යන්තර වගෙයි කිසිම හැඟීමක්‌ දැනීමක්‌ නැහැ ඒත් අපේ සේවය බලාගෙන එන සමහර අයගෙ කතාවල් ඇහුවම හිත වාවන්නෙ නැහැ. ගොඩක්‌ අයගේ නෝනල ඒ අයට සලකන්නෙ නැහැ. සමහරු බැඳල නැහැ තවත් අය අමුතු බයකින් පෙළෙනව මහ නරක සල්ලාලයොත් ගොඩක්‌ ඉන්නවා. ඒ ඔක්‌කොම දෙනා නරක හිතෙන් තමයි මේවට එන්නෙ. නමුත් ඒ අයගෙ ජීවිතවලත් ලොකු හිස්‌කමක්‌ රික්‌තකයක්‌ තියෙන බව නම් මට හොඳටම පේනව".

    නදීරාගේ කතාව අන් බොහෝ තෙරපිස්‌ට්‌ලාගේ කතාවට ඉතා සමානය. ඇයගේ සැමියා අබ්බගාතයෙකු වුවා සේම තව තරුණියකගේ සැමියා මත් ලෝලියෙකි. නැත්නම් බේබද්දෙකි. එසේත් නැත්නම් සූදු අන්තුවෙකි. තවත් කෙල්ලෙකුගේ සැමියා ඇයව සහ දරුවන්ව හැරගොසිනි. එසේත් නැත්නම් එක්‌තැන් වූ රෝගියෙකි ප්‍රශ්නවලින් ගැලවීමටත් මුදල් උපයා ගැනීමටත් එකම රස්‌සාව මසාජ් කිරීම බව මම කිසිසේත් නොකියමි. එය අනුමත කිරීමටද මට නොහැක. නමුත් මට හමුවූ මසාජ් කරන්නියන් ගෙන් සියයට සීයක්‌ම මෙම රස්‌සාව කරන්නේ කැමැත්තෙන් හෝ රාගී කාමුක මනසින් නොව මුදල් නැතිකම නිසාත් ගොඩ එන්නට බැරි ලෙස ආර්ථික ප්‍රශ්න වලට ගිලී සිටින නිසාත් බව කිව යුතුය.

    පිලිප් නම් වූ මගේ පැරණි ගෝලයෙක්‌ පිටකොටුවේ දුම්රිය පල ඉදිරිපිට සම්භාහන සායනයක බොඩි ගාඩ් කෙනෙක්‌ ලෙස වැඩ කරන බව ආරංචි වී මා ඔහු සොයා ගියේ ජංගම වෙළෙන්දෙකුගේ වේශයක්‌ ගනිමිනි. ගෙනා සුවඳ විලවුන් සහ තොල් ආලේපන තොගයක්‌ අප නිවසේ තිබුණු අතර කල් ඉකුත් වන්නට ඉතා ආසන්න එම බෝතල් තොගය ඉතා අඩු මුදලකට අලෙවි කළ හැකි නිසා මට ඒ මසාජ් එක ඇතුලට කිසි ගැටළුවක්‌ නැතිව ඇතුල් වන්නට අවස්‌ථාව හිමි විය. එතැන සිටි දහයකට ආසන්න තරුණියන් සමග මා සුවඳ විලවුන් අලෙවි කරමින් කතා කියමින් ඔවුන්ගේ කතා අහමින් පැය හත අටක්‌ ඉතාම සුහදව කල් ගත කලෙමි. ඒ බොහෝ දෙනෙකුට ඇත්තේ කියන්නට එකම කතාවකි. සල්ලි සල්ලි සල්ලි. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න. එදා ඒ පැය කASපයට විවිධ තරාතිරම් වල කස්‌ටමර්ලා පනහකට ආසන්න ප්‍රමාණයක්‌ ඇවිත් ගිය අතර ඔවුන් තුළ තිබූ හදිස්‌සිය නොසන්සුන්කම අපිළිවෙල වෙහෙස මම ඉතා හොඳින් දැක්‌කෙමි.

    පැය තුනකට රුපියල් අටදාහක්‌ අය කරන සුපිරි පන්තියේ සම්බාහන මධ්‍යස්‌ථානයකට ඇතුල්වීමේ අපූරු අවස්‌ථාව මට උදා වූයේ පසුගිය බිග් මැච් සමයේය. ඒ මැච් එක දාට අනිවාර්යයෙන්ම ලංකාවට එන ප්‍රංශයේ ජීවත් වන මගේ මිතුරෙක්‌ගේ බලවත් පෙරත්තය මතයි. ආලින්දයේ තිබූ අඩිය අඟලට බහින සැප සැටියේ වාඩිවීල ඇතුළට ගිය මිතුරන් එනතෙක්‌ මා රූපවාහිනිය නරඹමින් සිටියද එදා මම බොහෝ දේ සියෑසින්ම දැක ගතිමි. කොල්ලුපිටියේ පිහිටි නගරයේ ධන කුවේරයන් සහ විදේශිකයන් පමණක්‌ යන සුරභවනක්‌ වැනි මෙම මධ්‍යස්‌ථානය පිහිටා ඇත්තේ ඉතා පැරණි පන්නයට තැනූ ලොකු කුඵණු සහිත ශාලාවක්‌ ඇති විශාල මන්දිරයකයි. එහි සේවය කරන සුර ලොවින් පොලවට බට දිව්‍ය අප්සරාවන් වැනි සුරූපියන් අපව පිළි ගත්තේ බිම වැටී අපේ දෙපා සිප ගැනීමෙනි. එතැන් සිට ආරම්භ වන්නේ පිරිමියෙකුට ගැහැණියකගෙන් ඉතා කලාතුරකින් ලැබෙන හෝ කිසිදා නොලැබෙන උපරිම සැලකිලි ගරුත්වය සහ ස්‌නේහය ලැබෙන ක්‍රියාවලියකි. ඇය ඔබගේ දෙපා මද උණු වතුරෙන් දොවයි. නියපොතු කන් පෙති පයේ මහපට ඇඟිලි දත් ආදිය ඉතාම ලෙන්ගතුව පිරිසිදු කරයි මල් පෙත්තෙන් සුවඳ පැනින් පිරි දිය ඔරුවක ඔබව ගිල්වා ඇඟ පිරිමැද තෙත මාත්තු කොට සුවඳ තෙලින් ඔබව ආලේප කරයි හිස පිරිමදිමින් මනාව පීරා කෙස්‌ සකස්‌ කරයි ඇඳගෙන ආ ඇඳුම මදක්‌ හෝ කිළිටි නම් එය රෙදි සෝදන යන්ත්‍රයට දමා ඉතාම ඉක්‌මණට පිරිසිදු කර නැවත වියළා මැද ඔබට අන්දවයි මධ්‍යස්‌ථානයට ගෙවන රුපියල් අටදාහට අමතරව සන්තෝෂමක්‌ වශයෙන් ඇයට ඔබට ඕනෑම මුදලක්‌ පිරිනැමිය හැක. නමුත් කීයක්‌ දුන්නත් කොතරම් දුරට හෝ දරුනු ලෙසට ඔබගේ රාගික හැඟීම් උද්දීපනය වුවද කිසිම සිල්ලර හෝ බරපතළ ලිංගික ක්‍රියාවකට මෙම සුවිසල් කාමරය තුළ හෝ මන්දිරය තුළ හෝ ඉඩ ප්‍රස්‌ථාවක්‌ නැත. ඇය ඒ සඳහා ඔබව පොළඹවන්නේ වත් ඉඟියක්‌ හෝ දෙන්නේ වත් නැත. මේවා පසුපස ඇත්තේ තනිකරම මුදල් උපයන සුක්‍ෂම කූට ජාවාරමක්‌ බව අපට පෙනුනත් බොහෝ පිරිමියන් ඉල්ලන සෙනෙහස කරුනාව අවධානය කැපවීම තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද?

    ස්‌වයං රැකියාවක්‌ වශයෙන් සම්භාහන සේවා වල නිරත වන අය කීප දෙනෙක්‌ ගැනද මම දනිමි. මේ අය අතරින් වැඩි දෙනා තරුණ කාන්තාවන්ය. එමෙන්ම නපුංසකයන් යයි සමාජය හඳුන්වන කාන්තාවන් සේ සියුමැලි ලතාවට ඇද පැද කතා කරන තරුණයන් කීප දෙනෙක්‌ද තම ජීවන වෘත්තිය ලෙස මසාජ් රස්‌සාවේ නිරත වෙති. අවශ්‍ය අයගේ ඇඟපත මිරිකා මුදල් උපයා ගන්නා හැඩි දැඩි පිරිමිද නැත්තේ නොවේ. ඔවුන් සියලුදෙනා බොහෝ විට කරන්නේ දන්නා දන්නා අයට තමන්ගේ ජංගම දුරකතන අංකය ලබා දී වැඩක්‌ ඇත්නම් දන්වන ලෙස කියා සිටීමයි. මේ අනුව විශ්වාස වන්ත අයගේ ඉල්ලීම සහ (එපොයින්මන්ට්‌) දින සහ කාලය වෙන් කර ගැනීම් වලට අනුව සම්බාහකයන් සේවාලාභියාගේ නිවෙස්‌ වලටම ගොස්‌ තම සේවාව උපරිමයෙන් ලබා දෙයි. පැයකට දෙදාහක්‌ තුන්දාහක්‌ මෙන්ම හත් අට දාහ අය කරන තෙරපිස්‌ට්‌ලාද අප රටේ සිටිති. ටානියා යනු මට හිතවත් µ්‍රSලාන්ස්‌ මැසර් කෙනෙකි. (ස්‌වාධීන සම්භාහවිකාවකි) ඇය තම වසර අටක අත්දැකීම් මා සමග මෙලෙස බෙදා ගත්තාය.

    "අපේ රස්‌සාව ලේසි නැහැ. අවදානම වැඩියි. හැමෝම මහත්තුරු නෙමේනේ. හැබැයි අපි හරි නං අපි කෙලින්නං කාටවත් බැහැ අපට වරදක්‌ කරන්න ඒත් වැඩියෙන්ම මං යන්නෙ දන්න අඳුනන වැදගත් ගෙවල් වලට විතරයි. නෝනල මහත්තුරු පනහක්‌ විතර මගේ ලැයිස්‌තුවේ ඉන්නවා මාසෙකට මම ඒ අයගෙන් හතලිස්‌ දෙනෙක්‌ විතර කවර් කරනව ලැබෙන ආදායම හොඳයි. මටම කියල දැන් පොඩි කාර් එකක්‌ තියෙනව ගෑනු පිරිමි කියල භේදයක්‌ නැහැ මං දෙගොල්ලොම මසාජ් කරනව හැබැයි වැඩි ඉල්ලුමක්‌ තියෙන්නෙ වැඩිහිටි මහත්තුරුන්ගෙන් ගොඩක්‌ දෙනෙක්‌ හරිම වැදගත් අපට අනවශ්‍ය බලපෑම් යෝජනා කරන්න එන්නෙ නැහැ".

    ඇය විසින් අපට හඳුන්වා දුන් ජැකී නම් තරුණයා කොළඹ හතේ නිවෙස්‌ වලට ගොස්‌ සම්භාහන සේවය ලබා දෙන මා කලින් කී අන්දමේ සුලලිත මැසස්‌ කෙනෙකි. (සම්භායකයෙකි) මේ ඔහුගේ කතාවයි.

    "අයියෝ මෙයා මට නං වැඩ වැඩියි අනේ මැඩම්ලා තමයි ගොඩක්‌ මගේ ක්‌ලයන්ට්‌ස්‌ලා හොඳට ගෙවනවා ඒ අයගේ මහත්තුරුන්ට මාව විශ්වාසයිනේ මං පැයකට තුන්දාහක්‌ ගන්නවා කන්න බොන්න නාන්න අඳින්න ඔක්‌කොම මට හම්බ වෙන බංගලා තියෙනවා. වයසක නෝනලාගෙන් එච්චර කරදරයක්‌ නැහැ. හැබයි වයසක මහත්තුරු නං ටිකක්‌ අමාරු කාරයෝ තරුණ ගර්ල්ස්‌ලත් මං මසාජ් කරනව ගොඩාක්‌ පිටරට අයයි එහේ ඉඳල ආපු අයයි තමයි ඒ අයට කෙල්ලන්ගේ සොµaට්‌ මසාජ් අල්ලන්නෙ නැහැ හොඳට බර දාලා අපි දෙන හාඩ් මසා පාරට ඒ අය කැමතී".

    මට මතක හැටියට කොළඹ නගරයේ මුලින්ම ආරම්භ කළ මසාජ් කිලිනික්‌ එක තිබුනේ මෙයට අවුරුදු තිහකට පමණ පෙර 80 දසකයේය. ඒ තිඹිරිගස්‌යාය හන්දියේ සුප්‍රසිද්ධ පන්සලක්‌ ඉදිරිපිට ඇති පැරණි දෙමහල් ගොඩනැගිල්ලේ උඩු මහලේය ලොලිටා මසාජ් ක්‌ලිනික්‌ නමින් නාම පුවරුවක්‌ද සවි කරු තිබූ එයට රිංගා එහි වන්නේ කුමක්‌දැයි බැලීමට එකල නව යොවුන් පාසල් සිසුවන්ව සිටි අපට තිබුනේ නොතිත් ආසාවකි. එහි ප්‍රතිපලයක්‌ වශයෙන් තවත් නිර්භීත මිතුරන් දෙදෙනෙකුවද එකතු කරගත් මා පාසල් ඇරී ගෙදර එන අතර වාරයේ සුදු නිල ඇඳුම පිටින්ම කුඩා පියගැට පෙළ නැග මසාජ් එකට ඇතුළු වුන අයුරු තාම මතකය. අපව සිනා මුසු මුහුණින් පිළිගත්තේ අත් නැති කුඩා කළු හැට්‌ටයකින් සහ ලේ රතු පැහැති සාරියකින් සැරසුනු තරබාරු මැදිවියේ සුදුම සුදු ලන්සි කාන්තාවකි. අපි ඇයට ලොලිටැන්ටි යයි කීයමු. ඇයගේ උපදෙස්‌ දැනුවත් කිරීම සහ පෙළඹවීම මත එකාට රුපියල් තිහ බැගින් කවුන්ටරයට ගෙවා කුඩා කුටි තුනකට වෙන වෙනම ඇතුල් වුනෙමු. රෙක්‌සින් රෙද්දක්‌ පමණක්‌ එලන ලද ට්‍රොලියක්‌ වැනි කුඩා යකඩ ඇඳක්‌ සහ ඉහල සීලිමේ මහ හඬ දෙමින් කැරකෙන විදුලි පංකාවක්‌ පමණක්‌ තිබූ ඒ කුටියෙදී මගේ පපුව දිඩි දිඩි ගා වෙව්ලන්නට වූ අතර මාව තෝරාගෙන ඇතුළට රැගෙන ගිය සුරූපී ලාබාල තරුන ගැහැණිය "ආඃ ඇඳුම් ගලවල මේක ඇඳ ගන්න මල්ලී" කියා තුවායක්‌ මවෙත විසි කර පිටවී ගියාය. ස්‌වාමියාට කීකරු වෙන පූස්‌ පැටවෙකු මෙන් මටද සිද්ධ වුනේ ඇයගේ අණට යටත් වීමටයි. අනෙක්‌ මිතුරන් දෙදෙනාටද අත් වුනේ මට අත් වූ ඉරණමම බව පසුව දැන ගන්නට ලැබුණි. මගේ අල්ලපු කුටියට රිංගූ මිතුරා එහි සිට මා අමතා විස්‌තර ප්‍රචාරය කරමින් මහ හඩින් කෑ ගසමින් විහිළුවට විකාර කියවන්නට වූ අතර ඔහුගේ සේවයට පැමිණි තරුණිය අනේ කෑ ගහන්න එපා මල්ලි හන්දියෙ සෙනඟ මෙහෙට දුවගෙන ඒවි ඔයාගේ සද්දෙට කියමින් විහිළු කරනවාද මට ඇසුනි. එදා එසේ කෑ ගැසූ මා මිතුරා අද ප්‍රකට දේශපාලන චරිතයකි. පටන් තිබූ බව පෙන්වා දීමටයි.

    මා තෝරා ගත් (මාව තෝරා ගත්) තරුණ ගැහැණිය තෙල් පවුඩර් සහ කුඩා අත් පිස්‌නාවක්‌ද දකුණතින් රැගෙන හිනා වෙමින් ඔයාලගෙ යාළුවා මාර බඩුවක්‌නේ කියාගෙන කුටියට ඇතුල් වූ අතර දොරක්‌ නැති ඒ කුඩා කාමරයේ තිබූ දොර රෙද්ද වමතින් වසා දැමුවාය.

    එදා රුපියල් තිහක්‌ වැනි මුදලකට සම්බාහනයක්‌ ලබා ගැනීමට හැකි වුවත් අද වන විට මසාජ් එකකට ඇතුළුවීමේ අවම ගාස්‌තුව රුපියල් අටසීයකි. නැත්නම් දාහකි. ධනවත් සල්ලිකාරයන් යන තැන්වල උපරිමය අටදාහක්‌ හෝ දහ දාහකි. මෙය සම්බාහනය සඳහා පමණකි දන්නෝ පමණක්‌ දන්නා වෙනත් සේවා හෝ විකල්ප සඳහා වෙනම ගෙවිය යුතුය එයට කියන්නේ ටිප් එක කියාය.

    මාළුන්ගෙන් හා සර්පයන්ගෙන් කරන සම්භාහන මා දැක්‌කේ මැලේසියාවේදී සහ පිලිපීනයේදීය. රාත්‍රී කාලයේ ක්‌වාලාලම්පූර් නගරයේ ආලෝකමත් චයිනා ටවුන් හි වීදියක මාළු මසාජ් එකකට රිංගා ඔළුව ඔබා බැළුව කල දැක්‌කේ විශාල මාළු රැනක්‌ දඟලන වතුරින් පිරි ටැංකියක තඩි සුද්දෙක්‌ සහ අසලම තවත් ටැංකියක නාකි සුද්දියක්‌ නිරුවතින් ගිලී සිටිමින් මාළු මසාජ් ගන්නා අන්දමයි " ගෝ ගෝ ඔන්ලි වයිට්‌ පීපල්" (පලයන් පලයන් සුද්දන්ට විතරයි.) කියමින් පාට මලයාසියානු දමිලයෙක්‌ මාව එලවා ගත් අතර මම එතැනින් හෙමිට මාරු වුනෙමි.

    කොතෙක්‌ අසම්මත ක්‍රියා සිදු වුනද සම්බාහන ආයතන වසා දැමීමට නීතියක්‌ හෝ පියවරක්‌ තවම අප රටේ ක්‍රියාත්මක නොවන්නේ මේවායෙන් යම් යහපතක්‌ද සිදුනොවන නිසා විය යුතුය. කෙසේ වෙතත් ජරාව නොලැබුන කල්හි මස්‌ කෑල්ලට බල්ලා පනිනවා සේ එක්‌වර කඩා පැන තෙරපිස්‌ට්‌ලා සහ කස්‌ටමර්ලා පොලීසියට දක්‌කාගෙන යනවාට වඩා ප්‍රඥාවන්ත ලෙස මෙම වැටලීම් කිරීමට නීතිය කරවන්නන් උත්සුක විය යුතුය. එමෙන්ම සැමට එකසේ ප්‍රතිලාබ ලැබෙන මනුෂ්‍යයන් ලෙස සතුටින් ජීවත් විය හැකි ආර්ථික ක්‍රමයක්‌ ඇති කිරීමටත් භෞතික පැති පමණක්‌ නොව මිනිසාගේ මානසික සෞඛ්‍ය ගැනත් හිතන මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ සකසා අසම්මතවූ අන් සැප සොයා යන පිරිමින් අවම කිරීමටත් වග කිවයුත්තෝ උත්සාහයක්‌ හෝ ගත යුතු බවද සිහිකරන්නට කැමැත්තෙමි.
    [/FONT]
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]මොඩල් අතර අමුතු මොඩල්
    මොඩ්ල් සහ නිරූපණය ගැන වෙනස්‌ කතාවක්‌[/FONT]
    [FONT=&quot]

    වැඩි දෙනෙක්‌ මොඩ්ලින් කරන්නේ ජනප්‍රිය වෙන්න
    නිරූපණ ශිල්පීන් අතර 'සමරිසි' පිරිස බොහෝමයකි
    ෆැෂන් ෂෝ වලට මිනිස්‌සු එන්නේ
    විලාසිතා බලන්න නෙවෙයි නිරූපිකාවන්ගේ ශරීරය විදින්න


    n3-1.jpg
    මොඩල් යන වචනය අද අපි නිතර භාවිත කරමු. ඉංග්‍රීසියෙන් මොඩ්ල් යනුවෙන් උච්ඡාරණය කරද්දී සිංහලෙන් අපි එයට මොඩලය හෙවත් මාදිලිය කියා කියමු. තවත් අය මොඩලයට ආකෘතිය කියාද කියයි. කෙසේ වෙතත් අද අප සමාජයේ මෙන්ම ජාත්‍යන්තරයෙත් මෙම මොඩලයන් බොහෝ කාර්යයන් සඳහා භාවිත කරති. විවිධ ක්‍ෂේත්‍රයන් තුළ මොඩලයන්ට ඉල්ලුමක්‌ ඇති අතර වැඩිපුරම පරිහරණය වෙන්නේ ජීවමාන මනුෂ්‍ය ශරීරයෙන් යුත් මොඩලයන් සහ පුරුෂ හෝ කාන්තා රුවට සමානව නිර්මාණය කරන ලද ශරීර ආකෘති සහ ඡායාරූපයි.

    පන්සිය පනස්‌ ජාතකයේ කුසදාවේ එන බෝසත් චරිතයක්‌ වන කුස කුමරාගේ කතාව අපි සැවොම දනිමු. මහා භාරතයේ කුසවදී නගරය පාලනය කළ ඔක්‌කාක අධිරාජ්‍යයාගේ දෙටු පුත් කුස කුමරු ධනුල ක.ල යුධ ඇතුළු සියලු සිප්සතේ කෙල පැමිණියකු වුවත් තමා සතුව තිබූ කැවුමක්‌ වැනි විරූපී මුහුණ නිසා විවාහ වීමට එතරම් කැමැත්තක්‌ නොදැක්‌වීය. ඔහු තම මව වන සීලවතියගේ බලවත් පෙරැත්තය නිසාම කොන්දේසි සහිත විවාහයකට එකඟ විය. කුස ඉතා සුරූපී ලඳකගේ ජීවමාන ප්‍රමාණයේ රූපයක්‌ (මොඩලයක්‌) රනින් අඹා එවැනි රුවැත්තියක්‌ සොයාගෙන ආවොත් ඇයව පමණක්‌ කසාද බඳිමියි කියා මවට කිවේය. මවද රාජකීය හේවායන් දෙදෙනකු ලවා දේශ දේශන්තර පුරා එම ආකෘතිය හෙවත් මොඩලය යවමින් එවැනි රූමත් කුමාරියක්‌ සෙව්වාය. දැඩි පරිශ්‍රමයක්‌ දරමින් හේවායන් දෙපළ රට පුරා ගිය හැටිත් එක්‌ වසන්ත Rතුවක ඔවුන් එම පිලිමයත් රැගෙන මධුර රාජ්‍යයේ අග නගරය වන වන මධුර නගරයට පැමිණ එය ගං ඉවුරේ තැබූ අන්දමත් කුදු වූ පිට කොන්දක්‌ සහිත මහලූ සේවක ස්‌aත්‍රියක්‌ එහි පැමිණ තමා ගෞරවයෙන් රැක බලා ගන්නා පබාවතී කුමරිය මේ යෑයි රැවටී එයට කම්මුල් පහරක්‌ ගැසූ අන්දමත් ඉන්පසු හේවායන්ගේ රෙකමදාරුව මත දෙපාර්ශවයේ රජ පවුල්වල කැමැත්තෙන් කුස පබා විවාහය සිදු වූ බවත් ඉතිහාසය දන්නා ඔබට අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.

    එම කතාවට අනුව ගැහැණු පිළිම ඇඹීම හෝ පිළිම නෙළීම සහ කාන්තා ආකෘති හැදීමේ ඉතිහාසය අවුරුදු දහස්‌ ගාණක්‌ එහාට විහිදී යයි. අද වන විට ගල් රන් හෝ මැටි ආකෘති වලින් ඔබ්බට ගොස්‌ ජීවමාන කාන්තාවන් සහ පුරුෂයන් මෙසේ මාදිලි හෙවත් මොඩලයන් ලෙස භාවිත කරයි. විශේෂයෙන්ම අද මෙසේ ජීවමාන චරිත ආකෘති ලෙස වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ ඇඳුම් පැළඳුම් විලාසිතා රන් ආභරණ ආදි දේ ප්‍රචාරණයටත් ඒවා අලෙවි කිරීමට පහසු මාධ්‍යයක්‌ද වශයෙනි. සජීවි මෝස්‌තර ප්‍රසංගවලට රූමත් තරුණ ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සේවය සජීවී ලෙස පාවිච්චි කරන අතර ඔවුනගේ ඡායාරූප හෝ අඹන ලද ආකෘති රූපවාහිනිය තුළින් චිත්‍රපට තුළින් පුවත්පත් සහ සඟරා සහ අන්තර්ජාලය තුළින් ප්‍රචාරය කර ඔවුන් හරහා තම නිෂ්පාදනයන් අලෙවි කරනු ලබයි.

    විවිධ මෝස්‌තර සහිත ඇඳුම් පැලඳුම් විලාසිතාවන්ට පෙනී සිටින කාන්තාවන්ට සහ පිරිමින්ට අද කියන්නේ මොඩ්ල්ස්‌ කියාය. මෙම මොඩ්ල්ස්‌ලා බහුතරයක්‌ රූමත් කාන්තාවෝ වෙති. එමෙන්ම කඩවසම් තරුණ පිරිමින්ටද ඇත්තේ දැඩි ඉල්ලුමකි. මොවුන් උපයෝගී කරගෙන ප්‍රදර්ශනාත්මක මෝස්‌තර ප්‍රසංග පැවැත්වීමත් ඇඳුම් විලාසිතා තරග පැවැත්වීමත් අද නගරබද සංස්‌කෘතියේ සුලබ කරුණකි.

    කාන්තාවන් යොදා විලාසිතා ප්‍රවර්ධනය කිරීමේ ඉතිහාසය වසර 160 ටත් එහාට දිවයයි. 1853 දී මුලින්ම කාන්තාවක්‌ වෘත්තියම මොඩලයක්‌ ලෙස යොදා ගත්තේ ප්‍රංශ ජාතික චාර්ල්ස්‌ ෙµ්‍රඩ්රික්‌ වර්ත් නැමැති විලාසිතා නිර්මාණ ශිල්පියායි. ඒ ඔහු අලුතින් නිර්මාණය කරන ලද ඇඳුමක්‌ තම බිරිඳ වන මාරි වෙල්මට්‌ වර්ත් නැමැත්තියට අන්දවා මහජන ප්‍රදර්ශනයට යෙදීමෙනි. අද වන විට මෙය ඇඟලුම් විලාසිතා ක්‍ෂේත්‍රයේ නැතිවම බැරි වැදගත් සුවිශේෂී කර්මාන්තයක්‌ බවට පත්වී තිබේ. නිරෝගී සමබර රූමත් උත්තුංග ලැමක්‌ සහ හැඩ ඇඟක්‌ ඇති නිරූපිකාවකට අද වෙළඳපළේ හොඳ ඉල්ලුමක්‌ ඇතුවාසේම හොඳ මිලකට ද ලංසු වෙයි. එසේම අං.පුලාව යහපත් මසින් පිරි උත්තුංග සිරුරකින් හෙබි පැහැපත් සමක්‌ ඇති තරුණයන්ට ද විලාසිතා නිර්මාණ කර්මාන්තකාරයෝ වැඩි කැමැත්තක්‌ දක්‌වති.

    අද වෙළෙඳපොළට එන ඇඳුම් විලාසිතා නිරූපණය කරන්නන් කරන්නියන්ට මෙන්ම ඒවා නිර්මාණය කරන්නන්ටද ලැබෙන වැටුප හෝ ගාස්‌තුව ඉතා ඉහළය. ප්‍රංශය ඉතාලිය ජර්මනිය ස්‌වීඩනය වැනි යුරෝපීය රටවල් කීපයක වෙළඳපල පමණක්‌ ඉලක්‌ක කර ගෙන ඒවාට පමණක්‌ ඇඟලුම් සපයන එක්‌තරා ආයතනයක ෆැෂන් ඩිසයිනර් කෙනෙක්‌ (විලාසිතා නිර්මාණකරුවෙක්‌ ගැන ) ටීනා නැමැති මොඩ්ල් එක (නිරූපිකාව)අපට විස්‌තර කළේ මෙසේය.

    එයා නිර්මාණය කරන ඇඳුම් විලාසිතා හරිම හැඩයි. අනර්ඝයි. එයා ගවුමක්‌ හරි ටොප් එකක්‌ හරි හදද්දි මාව හරි සාරාව හරි තමයි මොඩල් එකට ගත්නෙ. එයාට කිසි ලඡ්ජාවක්‌ නැහැ අපි එක්‌ක වැඩ කරද්දි. අපිටත් කිසි බයක්‌ සැකයක්‌ නැහැ. එයාව විශ්වාසයි. එයා බෝයි කෙනෙක්‌ වුණාට කතා බහ ගමන බිමන ඇක්‌ෂන් ඔක්‌කොම ලේඩි කෙනෙක්‌ වගේ. මැරී ඉස්‌සෙල්ලම අපේ බොඩි එක ඔබ්සර්ව් කරනවා. අපිට හිටගන්න කියනවා. වාඩි වෙන්න කියනව. හැරෙන්න කියනව. අත් උස්‌සන්න කියනව. නැමෙන්න කියනව. ඇඹරෙන්න කියනව. ඇඳුම් ගලවන්න කියනව. ආයෙත් අඳින්න කියනව... තව ලේඩි කෙනෙක්‌වත් ෆැෂන් ක්‍රියේෂන් රූම් එකට ගෙන්නල පැත්තක වාඩි කරල මැරී සමහර වෙලාවට අපිට කියනව ඇඳුම් ඔක්‌කොම ගලවන්න කියලත්. මුලින් මුලින් මට ලඡ්ජාවකුයි බයකුයි ආවා. ඒත් දැන් මං දන්නවා මැරීට එහෙම හැඟීම් නැහැ. එයා තනිකරම කරන්නෙ භාවනාවක්‌ වගේ දෙයක්‌. ඊට පස්‌සේ එයා නිර්මාණය කරනව විලාසිතාවක්‌. ඒකනං හරිම ලස්‌සනයි වටිනාකමත් හරිම ඉහළයි. හැබැයි කතාවක්‌ තියනව මැරී ඩිසයින් එකක්‌ කරන්න ඉස්‌සෙල්ල ගංජා හරි හෂීස්‌ හරි බොනවයි කියලත්.

    අපට මැරීව අල්ලා ගන්නට බැරි වුණාට මෙම විලාසිතා නිරූපණ ක්‍ෂේත්‍රයේ වසර ගානක්‌ රැඳී සිටින මෙහි විවිධ චරිතයන් රඟදක්‌වන පුද්ගලයන් සහ ස්‌ත්‍රීන් රැසක්‌ සමගම Rජුව කතා කොට කරුණු දැනගැනීමට අවස්‌ථාවන් උදා විය. මේ වේශ නිරූපණ ශිල්පී සසංකගේ අත්දැකීමයි.

    ගොඩක්‌ වෙලාවට මොඩ්ලිංවලට එන්නේ කෙල්ලො. ඒ අය කැමති ඉක්‌මණින් ජනප්‍රිය වෙන්නයි සල්ලි ගොඩක්‌ හොයන්නයි. තවත් සමහරු එන්නේ මොඩ්ලිං කරල නමක්‌ හදාගෙන ක්‍ෂේත්‍රයේ ටිකක්‌ ජනප්‍රිය වෙලා ඊට පස්‌සේ මිනිස්‌සු අඳුනගෙන චිත්‍රපටයකට හරි ටෙලි නාට්‍යකට හරි චරිතයක්‌ කරල ජනප්‍රිය වෙන්නයි. සමහරු මේ අදහස ජය ගන්නවා. තවත් අය අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති කර ගන්නව ,

    ගොඩක්‌ මොඩ්ල්ස්‌ලා කාමුක සල්ලාලකමට බර මුදල් වෙනුවෙන් ඕනෑම කෙනෙකු සමඟ යහන්ගත වීමට කැමැති අය නේදැ, යි කියා මගේ සහයකයා ඇසූ පැනයට ජ්‍යෙෂ්ඨ නිරූපණ ශිල්පිනියක්‌ වන ප්‍රේමනී දුන් උත්තරයයි මේ.

    . අනේ ඒක එච්චර ඇත්තක්‌ නෙමෙයි. සරාගී කාමුක පෙනුම තියෙන සෝෂල් අය මොඩ්ලිං µSල්ඩ් එකට හොඳයි තමයි. ඒ අයට ලැබෙන ආකර්ෂණය වැඩියි. ප්‍රතිචාරත් හොඳයි. නමුත් අයාලේ යන සහ මුදලට ඇඟ විකුණන අයට මේ ක්‍ෂේත්‍රයේ ඉස්‌සරහට යන්න බැහැ. පැවැත්මක්‌ නැහැ. ඩිසයිනර්aලා සහ සංවිධායකයෝ කැමති ලස්‌සන ඇඟක්‌ තියෙන නම කැත කර නොගත්ත කෙල්ලන්ට සහ කොල්ලන්ට. අනික මොළේ තියෙන දැන් කාලේ කෙල්ලො සෙක්‌ස්‌ වලට ගිහිල්ල හරි බබාලා හදාගෙන හරි තමන්ගෙ µSගර් එක (ශරීරයේ හැඩය සහ පෙනුම) අවුට්‌ ඔµa ෂේප් ( හැඩය කැත කර ගන්නේ) නැහැ. එහෙම වුණාම ඇඳුමක්‌ ඇන්දම කැතයි. බඩයි අත්ගොබයි එල්ලා වැටෙනව. නරඹන්නන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ නැති බවත් එයාලා දන්නවා.

    උදයංග වෘත්තියමය කැමරා ශිල්පියෙකි. ඔහුට වැඩිපුරම ලැබෙන්නේ විලාසිතා දැක්‌මවල්වල අවස්‌ථා සහ නිරූපණයන් තම කැමරා කාචයෙහි සටහන් කරන්නටයි. ඡායාරූප ශිල්පියකු ලෙස විලාසිතා ක්‍ෂේත්‍රයේ වැඩ කර බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔහුගේ අදහස්‌ද අපි සටහන් කර ගතිමු.

    zමං දැකල තියෙන විදියට අද මේ ක්‍ෂේත්‍රයට එන අයගෙන් වැඩි දෙනෙක්‌ අසාමාන්‍ය ගති පැවතුම් ඇති අය. සමහරු ගොඩක්‌ ලස්‌සන වුණාට කාවවත් රුස්‌සන්නෙ නැහැ. තවත් අය ලොකු සීන්... ඔලුව පිපිරෙන්න තරම් ඉදිමුව ගත්ත නෑම්බියොත් ඉන්නවා. හැබැයි කවුරුත් කැමරාව ඉස්‌සරහ ඔටුනු බිම තියල ඔලුව නමල අපට දණ ගහනවා,

    ඒ වගේම ගොඩක්‌ කෙල්ලන්ගේ පසුබිම එච්චර සන්තෝෂජනක සතුටුදායක නැහැ. කුඩා කාලෙදි දෙමාපියන්ගෙන් හරි මඟපෙන්වීමක්‌ අනුශාසනාවක්‌ ලැබිල නැහැ. වැඩි දෙනෙක්‌ගේ අම්මල තාත්තල වෙන් වෙලා. පවුල් අවුල් වෙලා. පොත්ත රතුවට හරි සුදට හරි තිබ්බට පොඩ්ඩක්‌ ඉංග්‍ර්‍රSසි කතා කරල නටන්න දඟලන්න පුළුවන් වුණාට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබලම නැහැ. සමහර අයගෙ ජීවිත දැක්‌කම හරිම පව් කියලත් හිතෙනව ,

    නිරූපණ කටයුතු සංවිධානය කරන ප්‍රසිද්ධ ඒජන්සියක ප්‍රවාහන කළමනාකරුවකු වන රවී අපට කියා සිටියේද උදයංග කී දේට සමාන කරුණු කාරණාය.

    මහ රෑට හරි හිමිදිරි පාන්දරට හරි ෂෝස්‌ ඉවර වුණාම කෙල්ලන්ව කොල්ලන්ව ගෙවල් වලට ගිහින් දාන්නේ අපේ වාහනවල. පහුගිය අවුරුදු තිහ ඇතුළත මං දාස්‌ ගානක්‌ මොඩල්ස්‌ එක්‌ක වැඩ කරල ඇති. උන් බොහෝමයක කතාව හරිම දුක්‌මුසුයි. සමහරු නගරෙට ඇවිත් තියෙන්නේ බොහෝම ඈත ගම්වල ඉඳන්. වැඩි දෙනකුට ස්‌ථිර ගෙයක්‌ දොරක්‌ නැහැ. ඉන්නේ තාවකාලිකව කුලියට ගත්ත µaලැට්‌ එකක හරි ඇනෙක්‌ස්‌ එකක. හරි කන්නෙ කඩෙන්. එහෙම නැත්තං පාන් පෙත්තක්‌ එක්‌ක කෙහෙල් ගෙඩියක්‌ කාලා බඩ යන්තං පුරව ගන්නව. ඇඟ මහත් වෙනවට බඩ ලොකු වෙනවට මාර බයක්‌ තියෙන්නේ. කසාදයක්‌ කරල දරුවෙක්‌ මල්ලෙක්‌ හදන්න කිසිම කැමැත්තක්‌ නැහැ. ,

    අප කළ තවත් විමර්ශනයන්ට අනුව නිරූපණ ශිල්පීන්ගේ ලෝකයේ සමලිංගික ආකල්ප දරන (එන්ජිඕ බාසාවෙන්a කියන සමරිසියෝ) තනි තටුවෙන් පියාඹන්න කැමති අයද අනන්තය. සමහර විට බහුතරය එවැන්නෝ සහ එවැන්නියෝය.

    ජැස්‌මින් මැඩම් යනු නිරූපිකාවන් සහ නිරූපකයන් පුහුණු කරන ප්‍රවීන උපදේශිකාවකි. ඇය කියන්නේ...

    රියල් මොඩ්ල් කෙනෙක්‌ වෙලා ඒ තත්ත්වය පවත්වාගෙන යන්න ලේසි නැහැ මිස්‌ටර්.... ගොඩක්‌ ලොකු කැප කිරීම් කරන්න ඕනි. ඩයට්‌ එන ගැන සෙක්‌ස්‌ ලයිµa එක ගැන කීප පාරක්‌ හිතන්න ඕනෑ. අපි වැඩවලට තෝර ගන්නේ උකුල අඟල් 32 යි ඉන අඟල් 36 යි පපුව අඟල් 32 යි තියෙන උස ස්‌මාට්‌ කෙල්ලො. ඒ අයට තමයි ඕඩියන්ස්‌ (ප්‍රේක්‍ෂකයෝ) එක කැමති විශේෂයෙන්ම පිරිමි අය කැමති ඒ වගේ µsගර් දිහා බලල එනජෝයි කරන්න. ඇත්තම කියනවනං අද ෆැෂන් ෂෝවලට මිනිස්‌සු එන්නේ ඇඳුම් විලාසිතා බලන්න නෙමෙයි. ලස්‌සන කෙල්ලන්ගෙ ඇඟවල් දිහා බලල µන් එකක්‌ ගන්නයි ,

    ජැස්‌මින් කියන කතාව ඇත්තක්‌ යෑයි සිතෙන්නේ අසාමාන්‍ය මනෝ විද්‍යාවේ ඉගැන්වෙන නිරීක්‍ෂණ කාමුකත්වය ඩදහැමරසිප යන අසම්මත කාම චර්යා පිළිබඳ විෂය ගැන මතක්‌ වෙද්දීය. මෙයින් කියවෙන්නේ නිරුවත් හෝ අඩ නිරුවත් සිරුරු දිහා බලා සිටිමෙන් ලබන මානසික තෘප්තිය ගැනයි. ඇත්තම කිවහොත් මට හැඟෙන්නේ අද නගරබදව පවත්වන විලාසිකා සහ නිරූපණ ප්‍රසංග තුළ නිරීක්‍ෂණ කාමය මෙන්ම ප්‍රදර්ශන කාමය eංයසඉසඑසදබ්ක seං නැමැති ව්‍යාධියෙන් පෙළෙන අයද සිටින බවයි.

    විලාසිතා නිරූපණයට ප්‍රවිෂ්ට වන තරුණයන්ද බහුතරයක්‌ අමුතු ගති ලක්‍ෂණ ඇත්තෝ වෙති. වැඩි දෙනකු අවිවාහකයෝය. තවත් අයගේ පවුල් අවුල් වී ගොසිනි. මේ අතර සමරිසියෝ හෙවත් සුරතල් ගේ කුරුල්ලන් බහුලය. උරය සහ උදරය සික්‌ස්‌ ෆැක්‌ස්‌වලින් හෙවත් දෙපසට තුන බැගින් වන මස්‌ පිඩු පේෂීවලින් සහ වී හැඩයෙන් අනූනව තිබුණත් ඔවුනගේ කතා බහ ගමන බිමන හැසිරීම සහ බැල්ම තුළ ඇත්තේ ලලනාමය .තියකි.

    පසුගිය දශක හතර තුළ කොළඹ නගරයේ තරු පහේ හෝටල්වල සහ සුපිරි ශාලාවල පවත්වන ලද නානා මාදිලියේ විලාසිතා තරග සහ ප්‍රදර්ශන නරඹා ඒවා ගැන විමර්ශනය කර ඇති මට ඒවා දකින මුල් කාලවලදී සිතුනේ මොවුන් ඇඳ පැලඳගෙන රඟ දක්‌වන මේ ඇඳුම් පැළඳුම්වලින් ඇති ඵලය මොකක්‌දැයි කියායි. සමහරුන්ගේ ගවුම් නිමවී ඇත්තේ පිදුරුවලිනි. නැත්නම් කෙහෙල් පට්‌ටා වලිනි. සමහරුන්ගේ හැට්‌ටය තනිකරම මුතු පබළුය. සමහර සායවල් සහ හැට්‌ට රත්ත්‍රං නුලෙන් වියා ඇත. සමහර රූමත් කෙල්ලෝ සිය උත්තුංග පයෝධර නිදහසේ තබනු පිණිස තිසර පටවල් තියා හැට්‌ටයක්‌ වත් නොඇඳ කය වටා යන්තම් දුහුල් රෙද්දක්‌ දවටාගෙන සිටිති. තවත් රූමතියෝ නිතඹ සිට බොලට දක්‌වා දෙකට පලන ලද විල්ලූද සායක්‌ ජංගිය පවා පෙනෙන ලෙස ඇඳගෙනලොකු සපත්තු මල් ගැසූ විශාල තොප්පියක්‌ පැළඳ රියනක්‌ විතර උස සිහින් උල් ඇති පාවහන් ඇඳ නරලොව හොල්මන් ලෙස අසීරුවෙන් ඇවිදිති. පිරිමින්ද එසේමය. නිරුවත් උඩු කය පුරා නූල් හෝ මාල පමණකි. සරමට සපත්තු දාගෙන බඳ නලවති.

    ෆැෂන් ෂෝවල ඇඳින ඇඳුම් හොඳ ඕවට අඳින්න විතරයි මහත්තයො. ඕව ඇඳගෙන මහ පාරෙ පයින් තියා තමන්ගෙම වාහනේක හරි යන්න පුළුවන්ද මල විකාර... මිනිස්‌සු ගල් ගගහ පන්නයි මුන්ට පිස්‌සු කියල,

    මෙසේ කියන්නේ කොළඹ හතේ සුප්‍රසිද්ධ ජාත්‍යන්තර කාන්තා සංගම් ශාලාවක්‌ අසල ත්‍රිරෝද රියක්‌ හයර් කරන සුගතසේනයි. ඔහුද තරයේම කියන්නේ බහුතරයක්‌ පිරිමින් මෙම ශාලාවේ පවත්වන විලාසිතා ප්‍රසංග බැලීමට දහස්‌ ගණන් මුදල් ගෙවා පැමිණෙන්නේ අඩනිරුවත් කාන්තාවන්ගේ විවෘත අඟ පසඟ දෙස බලා ඇස්‌ ආසික්‌ එකක්‌ හෙවත් අයිµන් එකක්‌ ගැනීමට බවයි.

    අද නාගරික සමාජයේ රාත්‍රී කාලයට පවත්වන බොහෝ විලාසිතා දැක්‌මවල්වල ප්‍රවේශ පත්‍රයක්‌ අලෙවි වන්නේ රුපියල් දස දහස්‌ ගණනකටය. එම මුදල් සහ ලාභයෙන් වැඩි කොටස සංවිධායකයන්ගේ සාක්‌කුවට වැටේ අහවල් පුණ්‍ය ක්‍රියාවට ආධාර පිණිසයි අහවල් සමාජ සක්‌කාරයට බැර කරනු ලබයි කියා එක එක සේවාවන්ගේ නම විකුණාගෙන කන ෆැෂන් ෂෝ කාරයෝද අපි දනිමු.

    අප කලින් කි පරිදි විලාසිතා ඉදිරිපත් කරන මොඩල්ස්‌ලා වැඩි දෙනෙක්‌ අචරිතවත් මුදලට යහන්ගත වන වෛශ්‍යා ස්‌ත්‍රීහු නොවෙති. ඔවුන් හුදෙක්‌ මුදල් සහ ජනප්‍රියතාව සොයා මේවාට යොමු වෙති. නමුත් මෙවැනි සංදර්ශනවලට පැමිණ අඩ නිරුවත් නිරූපිකාවන්ගේ සිරුරුවල හැඩය රස විඳ අන්දුන්කුන්දුව හැඟීම් උලුප්පා ගත් රස නහර අවුස්‌සා ගත් මැදිවියේ අංකල්ලාගේත් තරුණ ගැටවරයන්ගේ සික්‌ස්‌ පැක්‌ස්‌ උදර සහ යදඬු වන් අත්බාහු පා බාහු දැක ඇතුළාන්ත ආසාවල්වලට උත්තේජන සපයා ගත් කලටි වයසේ ආන්ටිලාටත් තම දැවෙන ආසාවන් ඉටුකර ගැනීමට අවශ්‍ය කුළි ලිංගික ශ්‍රමිකයන් සැපයීමට සංවිධායකයෝ සැදී පැහැදී සිටිති .විස්‌කි බ්‍රැන්ඩි ජින් බියර් වැනි මධුපාන මෙවැනි සංදර්ශනවල ඉතා සරල දෙයක්‌ සේම ගංජා, කේජී, කොකේන්, එක්‌ස්‌ටසි සහ තවත් එවැනි පාටි ඩ්‍රග්ස්‌ වර්ග ද අවශ්‍ය අයට ලබා ගත හැකිය.

    මඳ කලකට පෙර ඉතා සංවරව වැදගත්ව තිබුණු නගරයේ කාන්තා රැස්‌වීම් විලාසිතා සංදර්ශන අද කෙමෙන් කෙමෙන් ඇදෙන්නේ යක්‍ෂයාගේ කැමැත්ත දෙසට බව කිව යුතුය. මෙහි අතුරුපලය තරුණ පරම්පරාවටත් බලපායි.

    * මිත්‍ර ශ්‍රී කරුණානායක[/FONT]
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [FONT=&quot]අද වෙළෙඳපොළට එන ඇඳුම් විලාසිතා නිරූපණය කරන්නන් කරන්නියන්ට මෙන්ම ඒවා නිර්මාණය කරන්නන්ටද ලැබෙන වැටුප හෝ ගාස්‌තුව ඉතා ඉහළය. ප්‍රංශය ඉතාලිය ජර්මනිය ස්‌වීඩනය වැනි යුරෝපීය රටවල් කීපයක වෙළඳපල පමණක්‌ ඉලක්‌ක කර ගෙන ඒවාට පමණක්‌ ඇඟලුම් සපයන එක්‌තරා ආයතනයක ෆැෂන් ඩිසයිනර් කෙනෙක්‌ (විලාසිතා නිර්මාණකරුවෙක්‌ ගැන ) ටීනා නැමැති මොඩ්ල් එක (නිරූපිකාව)අපට විස්‌තර කළේ මෙසේය.

    [/FONT]

    20229008_2066844150210306_4227954010460422630_n.jpg


    [FONT=&quot]එයා නිර්මාණය කරන ඇඳුම් විලාසිතා හරිම හැඩයි. අනර්ඝයි. එයා ගවුමක්‌ හරි ටොප් එකක්‌ හරි හදද්දි මාව හරි සාරාව හරි තමයි මොඩල් එකට ගත්නෙ. එයාට කිසි ලඡ්ජාවක්‌ නැහැ අපි එක්‌ක වැඩ කරද්දි. අපිටත් කිසි බයක්‌ සැකයක්‌ නැහැ. එයාව විශ්වාසයි. එයා බෝයි කෙනෙක්‌ වුණාට කතා බහ ගමන බිමන ඇක්‌ෂන් ඔක්‌කොම ලේඩි කෙනෙක්‌ වගේ. මැරී ඉස්‌සෙල්ලම අපේ බොඩි එක ඔබ්සර්ව් කරනවා. අපිට හිටගන්න කියනවා. වාඩි වෙන්න කියනව. හැරෙන්න කියනව. අත් උස්‌සන්න කියනව. නැමෙන්න කියනව. ඇඹරෙන්න කියනව. ඇඳුම් ගලවන්න කියනව. ආයෙත් අඳින්න කියනව... තව ලේඩි කෙනෙක්‌වත් ෆැෂන් ක්‍රියේෂන් රූම් එකට ගෙන්නල පැත්තක වාඩි කරල මැරී සමහර වෙලාවට අපිට කියනව ඇඳුම් ඔක්‌කොම ගලවන්න කියලත්. මුලින් මුලින් මට ලඡ්ජාවකුයි බයකුයි ආවා. ඒත් දැන් මං දන්නවා මැරීට එහෙම හැඟීම් නැහැ. එයා තනිකරම කරන්නෙ භාවනාවක්‌ වගේ දෙයක්‌. ඊට පස්‌සේ එයා නිර්මාණය කරනව විලාසිතාවක්‌. ඒකනං හරිම ලස්‌සනයි වටිනාකමත් හරිම ඉහළයි. හැබැයි කතාවක්‌ තියනව මැරී ඩිසයින් එකක්‌ කරන්න ඉස්‌සෙල්ල ගංජා හරි හෂීස්‌ හරි බොනවයි කියලත්.[/FONT]

    18921741_2036615983233123_4877332075170339813_n.jpg



    කලින් ලිපියකින් පොඩි කොටසක් උපුට ගත්තා.විස්තර එක්ක මේ අය ගැලපෙනවාද බලපල්ලාකෝ