There are many I believe. මම ප්‍රියකරන කිහිපදෙනෙක් ගැන සඳහන් කළොත්,
පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව.
නිස්සරණ ආරාන්‍ය සේනසුනේ වර්ථමාන ප්‍රධාන කම්මට්ඨානාචාර්යන් වහන්සේ. දිනපතා සූම් සහ රෙසිඩන්ශල් රිට්‍රීට්ස් පැවැත්වෙනවා.
නිස්සරණ වෙබ්සයිට් එකේ සියලුම දේශනා අප්ඩේට් වෙනවා. මහාසී සතිපට්ඨාන භාවනා ක්‍රමය තමා මූලිකවම කියලා දෙන්නෙ.
පූජ්‍ය කොත්මලේ කුමාරකශ්‍යප.
අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැනෙ. පාත් නිර්වාණ යූටියුබ් චැනල් එකේ දේශනා තියනවා.
පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද
නිස්සරණ ආරණ්‍ය සේනාසන වාසී, ථේරවාදයේ ශූන්‍යතාපටිසංයුක්ත දේශනා ඉදිරියට ගන්න කැපවුන ස්වාමීන්වහන්සේ නමක්. බොහොම සංයමයකින් යුතුව අටුවාවේ නොගැලපේ යැයි හැඟෙන තැන් පෙන්වා දුන්න ස්වාමීන්වහන්සේ නමක්. මේ සඳහා දෙවරක් ආරාධනා කලත් උන්වහන්සේ ඉදිරිපත් වුනේ නැහැ. අවසානයේදි මාතර ශ්‍රී ඥානාරාම ගුරු ස්වාමීන්වහන්සේ "මම අවසර දුන්නා, මගේ උපදෙස් යටතෙයි ආයුශ්මතුන් මේ දේශනා කරන්නෙ කියලා කියන්න" කීවම තමා ඉදිරියට ඇවිත් දේශනා කලේ. ඒ දේශනා මාලාවට තමා "නිවනේ නිවීම" කියලා අද නම් තියලා තියෙන්නෙ. මහාසී සතිපට්ඨාන ක්‍රමයට හුඟාක් සමාන භාවනා ක්‍රමයක් තමා මුන්වහන්සේ අනුමත කරන්නෙ.
Seeing through the net සයිට් එකේ සියලුම දේශනා තියනවා.
අන්තර්ජාතික ථේරවාද භික්ෂු ධර්මායතනය.
මම වැඩිය අහලා නැහැ. නමුත් ලඟකදි ඉඳන් ගොඩදෙනෙක් හොඳයි කියලා රෙකමන්ඩ් කරපු තැනක්. නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගෙ ගෝල ස්වාමීන්වහන්සේලා කියලා තමා කියන්නෙ. බුරුම බෞද්ධ අධ්‍යාපන ක්‍රම මෙරට නැවත ස්ථාපිත කරන්න උත්සහ කරන ස්ථානයක් විදිහට තමා මට අඳුනගන්න ලැබෙන්නෙ.
පූජ්‍ය එල්ලාවල විජ්තනන්ද.
ස්වාමීන්වහන්සේ ටිකක් විතර උන්වහන්සේගේම ක්‍රමයකට තමා භාවනාව කියලා දෙන්නෙ. සක්මන් භාවනාව පමණයි කරන්න කියන්නෙ. මැදමාවත සයිට් එකේ බණ අප්ඩේට් වෙනවා. සූම් සහ රෙසිඩන්ශල් රිට්‍රීට් පවත්වනවා. බුරුමයේ මහාසී සම්ප්‍රදායෙන් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච ස්වාමීන්වහන්සේ නමක්. බොහොම සරලව පැහැදිලිව දේශනා කරනවා.
මැද මාවත වෙබ්සයිට් එකේ සියලු දේශනා අප්ඩේට් වෙනවා.