Published on Saturday, 29 June 2013 08:23
තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව එම නඩුවේ විත්තිකරුවෙකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදාන පතිරණ මහතා පවසයි.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවලට දහස් දැක්වූ සම්පත් විදාන පතිරණ මහතා, මෙවැනි නඩු විභාගවලින් ආණ්ඩුව පෙරලීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙන බවද අවධාරණය කළේය.
"මේක මේ රජයට පොඩි කෙනිත්තිල්ලක් විතරයි. අතිගරු ජනාධිපතිතුමාට, පක්ෂයටවත් කාටවත් හානි කරන්න බෑ මේ ප්‍රශ්නේ උඩ," බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
2011 දෙසැම්බර් මස 25 වැනි දින රාත්‍රියේ තංගල්ල - මැඬිල්ල ප‍්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළ දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ට පහරදී, වෙඩි තබා මරා දැමීම හා ඔහුගේ පෙම්වතියට අතවර කිරීම පිළිබඳව ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සි.අයි.ඩි.) විසින් නඩු පවරා තිබේ.
ලහිරු කැළුම්, සමන් දේශප්‍රිය, ප්‍රනීත් චතුරංග, එම් සරත්, එස්.පී. ප්‍රනීත් චතුරංග, නුවන් චින්තක, සහ එදිරිසූරිය පටබැඳි නදීර ශාමෙන් මෙම නඩුවේ අනෙක් විත්තිකරුවෝය.

Last edited: