කුමරිය සහ රැජිණ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    කුමරිය සහ රැජිණ

    GettyImages-56800178.jpg

    3f0cfa2d122840e78bc79f6978be1ee7.jpg

    ඩයනා කුමාරි වෙන්නද එලිසබෙත් රැජිණ වෙන්නද කැමති කියලා ඇහුවොත් ගොඩක් කෙල්ලෝ උඩින් පැනලා කියන්නෙ ඩයනා වෙන්න කැමතියි කියලා. ඔය පළවෙනි ෆොටෝ එකේ ඉන්නෙ ඩයනා. මුලු ලෝකෙම ආදරය දිනාගත්ත එක්කෙනා. අපි කියමු "කුමරිය" කියලා. එතකොට දෙවෙනි ෆොටෝ එකේ ඉන්නෙ? ඒ තමා එලිසබෙත්. නපුරු ආච්චි කියලා අපි නිතර හදුන්වන කෙනා. අපි කියමු "රැජිණ" කියලා.

    ඩයනා කුමාරිට ගොඩක් කෙල්ලෝ හරිම කැමතියි.එයා ලස්සනයි.නිහතමානියි.අහිංසකයි. මුලු ලෝකෙම කැමති එයාට.තාමත් එයාගෙ ලස්සන ෆොටෝ එකක් දැකපු ගමන් සේව් කරගන්න තරම් එයාට ගොඩක් කෙල්ලෝ ආසයි. එතකොට එලිසබෙත් දැක්කම? ඒක මං පස්සෙ කියන්නම්. දැන් ඉන්න අම්මලා (සහ බැඳපු නැති/ බැඳලා ළමෛ නැති වයස 30 සීමාවේ ඉන්න ගෑනු අය) ඩයනා මැරෙන කාලේ පොඩි උන් .ඒ කාලෙත් ඉතින් හරි දුකයි.ඒත් ඉතින් වයස ගිහින් ටිකක් පරිණත වුණාම තමා තේරුම් ගත්තේ, ඩයනාට මේ ගෑනු අය හැමෝම කැමති එයා ගොඩක් කෙල්ලෝ/ ගෑනු අය වගේ නිසා.එලිසබෙත් කියන්නෙ වෙනමම ලෙවල් එකක්.

    ඩයනා දැන දැනම කිසිම පුහුණුවක් දරාගැනීමේ සූදානමක් නැතිව රටේ ඔටුන්න හිමි කුමාරයා එක්ක විවාහ වෙනවා.ඊටපස්සෙ එතන තියෙන නීතිරීති,සම්ප්‍රදායන් දරාගන්න එයාට බැරිවෙනවා.රටේ වැඩිම අවධානයට ලක්වෙන පිරිමියා එක්ක විවාහවෙලා වෙනත් කාන්තාවන්ගෙන් එන අභියෝග වලට මුහුණදෙන්න ඈට බැරිවෙනවා. ඇය ප්‍රේමණීයයි.අහිංසකයි.ආදරය හොයනවා.ඇය අඩනවා.රජගෙදර සම්ප්‍රදායට එරෙහිව සටන් කරනවා.විවිධ පුද්ගලයන් ගණනාවක් සමග සබදතා වල පැටලෙනවා.මාධ්‍ය ඉදිරියේ රජගෙදර පලු අරිනවා.අන්තිමේ දික්කසාදයට පවා පියවර ගන්නවා.ඒ අතරෙ අසරණ අයට උදව් කරන වැඩසටහන් වලට සහභාගී වෙනවා.ඉතින් ඇය ජනතාවගේ හදවතේ කුමරිය.සාමාන්‍ය ගෑනු වගේමයි.ලොකු දේවල් කරන්න නැහැ. කුමරියක් වෙන්න එච්චර අමාරු නෑ මං හිතන්නෙ.

    එතකොට එලිසබෙත්? එයා ඩයනා වගේ කැමැත්තෙන් රජගෙදරට ආපු කෙනෙක් නෙවෙයි.ඒක එයාගෙ උරුමය(හෝ කරුමය). පොඩිකාලෙ ඉදන්ම නීතිරීතිවලින් හිර කරලා කිරුළ වෙනුවෙන් පුහුණු කරවපු ඇය, කිරුළක වගකීම හොදින් දැනසිටි ඇය, නිසි කෙනෙක් සමග විවාහවුණත් ඔහු සල්ලාලයෙක්. චාල්ස්ගෙම තාත්තානෙ.ඇය ඉවසුවා.රැජිණක් වගේ.ඇයත් අනිත් ගැහැණුන් වගේ අඩන්න ඇති.සමහරවිට නැතුව ඇති.එලිසබෙත් රැජිණගෙ කදුලු.. කියද්දිත් නුහුරුයි. කුමරියකගෙ කදුලු වගෙ කවදාවත් මාකට් කලේ නැති රැජිණකගෙ කදුලු.ඇය හැදුවා ළමයි 4ක්.හිතුවක්කාර දරුවෝ හැමෝම ඇයගෙ හිත රිදෙව්වා.රාජකීය පවුල් වල ඉපදුණත් ඒ සම්ප්‍රදාය ඔවුන්ටත් දරාගන්න බැරිවුණා.සල්ලාල සැමියා සහ පුතා, පුතාගේ පරිණත නොවූ භාර්‍යාව, අනියම් බිරිය..ආදී මේ සියලු ගැටලු සමග කිරුළේ රාජකාරි කටයුතු.එතකොට ඩයනාගෙ මරණය? ඇය කරවන්නත් ඇති.නැතුවත් ඇති.ඩයනා, මේගන් මාධ්‍ය ඉදිරියට ගියා.චෝදනා කලා.ඇය චෝදනා කලෙත් නැහැ.පිළිතුරු දුන්නෙත් නැහැ. ගැහැණුන්ට කියවන්නෙ නැතුව ඉන්න අමාරුයිනෙ.කුමරියන් චෝදනා කලත් ඇය රැජිණක් වගේම නිහඬව සිටියා.
    ඇගේ මුලු ජීවිතයම රාජකීය නීතිරීති වලට යටත්ව ගෙවුණා.අවුරුදුම 96ක්. එච්චරම ඉවසීමකින් දරාගන්න සාමාන්‍ය ගැහැණියකට බැහැ.ඇය කවදාවත් පෞද්ගලික ජීවිතය මාධ්‍ය ඉදිරියට ගෙනාවේ නැහැ.අඩුතරමේ ඇය සිටියේ සතුටින්ද දුකින්ද කියාවත් අපි දන්නෙ නැහැ.අපි දුටුවේ ඇය සියල්ල දරාගෙන හිස කෙලින් තබාගෙන සිටි ආකාරය පමණයි.එය තමයි රැජිණක් සහ කුමරියක් වෙන්කර දක්වන සීමාව.
    (පටලගන්න එපා,මේ අපිව කොල්ලකාපු රැජිණ නෙවෙයි.එලිසබෙත් රැජිණ රජවෙන්නෙ 1952)

    ඉතින් ආයෙමත් ඇහුවොත් දෙන්නගෙන් කවුරු වෙන්නද කැමති කියලා, ඒත් බහුතරයක් ගෑනු තෝරගන්නෙ කුමරිය. හොදම කොල්ලා කියලා හිතෙන කෙනා විවාහ කරගෙන,ප්‍රශ්න වලදි අඩලා,ඕනි නම් අයථා සබදතා දෙක තුනකුත් කරලා,ලස්සනට ඇදලා, හැමදේම අතට පයට ලැබෙද්දි සිනාමුසුව නිහතමානීව කාරුණිකව ඉන්න නම් බැරිවෙන එකක් නැහැ කියලා හිතෙන නිසයි ඒ තේරීම කලේ.වයස 37දී මැරෙන එක වුණත් අවුරුදු 96ක් විනයානුකූලව වගකීම් සහිතව ජීවත්වෙන එක තරම් අමාරු නැතුව ඇති. ඒත් රැජිණ වෙන්න කිව්වොත් ඒ අභියෝගය නම් භාරගන්න හැකියාව නෑ.. කුමාරියො නම් අදටත් තවත් ඉන්නවා. ඒත් අපි පිළිගන්න අකැමැති වුණත් සමහරවිට රැජිණ වෙන්න එළිසබෙත්ම හැර වෙන කාටවත් ගැහැණියකට හැකියාවක් නැතිව ඇති. ඉතින් අපි කොච්චර නෑ කිව්වත් උපතින් වගේම ක්‍රියාවෙනුත් ඇය තමයි රැජිණ.

    පහල ෆොටෝ එකේ ඉන්න එක්කෙනාගේ චරිතේ ගැනත් නිකමට හිතලා බලන්නකෝ

    WEDfrrWet4WP7bSnKNzpj9.jpg

    source - internet
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රැජිණක්‌ හරි කුමාරියක් හරි උන් උන්ගේ ජිවිතේ උපරිමයෙන් සැප විදලා මැරුණා. එදා වේල හොයාගන්න පිස්සු බල්ලෝ වගේ හතර අතේ දුවන මිනිස්සු ඉන්න රටක මුන් ජිවිතේට ඇස්දෙකට දැකලා නැති රැජිණක්‌ ගැන හෑලි ලිය ලිය වැලලෙන්න හදනවා. මුන් නම් සාප
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    කිරුලෙ රාජකාරි කටයුතු කියන්නෙ මොනවද බන්? එංගලන්තෙ පාලනය කලේ රැජිනද? 🤔
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කිරුලෙ රාජකාරි කටයුතු කියන්නෙ මොනවද බන්? එංගලන්තෙ පාලනය කලේ රැජිනද? 🤔
    කිරුළේ රාජකාරී කටයුතු කියන්නේ අපි උදේට නැගිට්ටම දත් මදිනවා වගේ රැජිණ නැගිට්ට ගමන් කරන්නේ කිරුළේ මැණික් ගල් ටික මදින එක එතකොට වටේට තියෙන රත්තරන් පාට බෝඩර් එක පෝලිෂ් කරන එක. ඕවා තමයි කිරුළේ රාජකාරී 😁😁
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේ ගෑනි කතා කරන්නේ රටේ අර්තියක ගොඩ දාන්න රෝගීන් ගේ මිනි මතින්.
    මෙහම කියමු, අරක්කු වලට addict වෙන එක රෝගයක් බන්, ඒ වගේම කුඩු වලට ඇබ්බැහි වෙන එක රෝගයක්.
    උන්ට එකින් ගෙලවන බැරිව ඉන්න කොට කරන්න ඕනේ දවසට ඕනේ අරක්කු ටික රජයෙන් නිකන් වගේ දෙන එක.
    දවසට ඕනේ කුඩු ටික රජයෙන් නිකන් වගේ දෙන එක. එහම නෙම්යිද ?
    ගොඩ යන්න ඕනේ එකා බෙහෙත් අරන් ගොඩ යයි, අනික් එකා ඉතින් කොහොමත් මෙරෙනවනා නේ.
    ඒ කියන්නේ ඕනේ ඕනේ එකෙකුට අරක්කු හරි කුඩු හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන දේ නෙමයි බන්.
    addict උන එකාට doctor ගේ prescription එක මත අදාළ අරක්කු ප්‍රමාණය හරි කුඩු ප්‍රමාණය හරි ගන්න පුළුවන් වෙන විදිහට.

    අපි අද කරන්නේ addiction syndrome එක තියන ලෙඩ්ඩු මරණ කාලා ආර්ථිකය ගොඩ නගන එක.
    මේකට අපි ලජ්ජා වෙන්න ඕනේ දෙයක් බන්. ජ්මනිය වගේ රටවල් මේ වසල බලු පොන්න අස්සපයා වැඩේ කරන්නේ නැහැ හුත්තෝ. ඒ කියන්නේ අපි Hilter ට ත් වඩා පහත් ජාතියක්ද? ඔව් හොදයි නැහැ කියන්න පුලුවන්ද /

    ගන්ජක්කා කරන්නේ තමන් ගැහැනියක් නිසා අනුකම්පාව දිනා ගෙන වරප්සාද ලබා ගන්න එක. ගණිකාවක් වෙස ගැහැනියක් වෙන්නේ නැහැ. එත් වෙස ගැහැනුන් කියල කියන්න පුළුවන් කාටද කියල ඔබ හිතා ගන්න. මම අපහස කරන්න කෙමති නැහැ.

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami

    උඹ @Damith Kariyawasam ගෙ නෑයෙක්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඩයන හිටියනං මේ වෙනකොට නිල්මිණි තෙන්නකෝන් පරාදයි
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    Exactly ban.