කුමාර ගුණරත්නව පැහරගෙන යයි

communist

Member
Mar 8, 2012
25
4
0
කුමාර ගුණරත්නව පැහරගෙන යයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා පැහැර ගනී

පුවත් | April 7, 2012 11:19 am
Srilankamirror – ජන අරගල ව්‍යපාරයේ න්‍යයාචාරවරයා වන කුමාර ගුණරතන නොහොත් කුමාර මහත්තයා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මා්වලින් අප වෙත වාර්තා වේ.
ඔහු සමග එම සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව වන දිමුතු ආටිගල මහත්මිය ද පැහැරගෙන ගොස් ඇත.
වැඩිවිස්තර බලාපොරොත්තු වන්න…
 

Trademan

Member
Apr 4, 2012
120
23
0
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගනී

Saturday, 07 April 2012 11:50 0 Comments ප්‍රධාන පුවත


FlSP_Kumar001.jpg
අප්‍රේල් 09 වැනිදා පැවැත්වීමට නියමිත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමුවන සමුළුවේ සූදානම් කිරීමේ කටයුතුවල නිරත වී සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
2012 අප්‍රේල් මස 06 වැනිදා සවස සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වූ කුමාර් ගුණරත්නම් මහතා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි පක්ෂයේ හිතවතෙකුගේ නිවසේ රාත්‍රිය ගත කර ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙතෙක් කිසිදු නිල නිවේදනයක් රජය විසින් නිකුත් කර නැත.
මේ අතර අප්‍රේල් 06 වැනිදා සවස ගොඩගම පිහිටි සිය නිවස බලා යමින් සිටි ජන අරගල ව්‍යාපාරයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දිමුතු ආටිගල සහෝදරියද පැහැරගැනීමට ලක්වී ඇතැයි එම පක්ෂය පවසයි.
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනතුරු කිසිදු තොරතුරක් වාර්තා නොවන අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව බරපතළ අවදානමකට මුහුණ පා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි. මෙම තත්වයට අදාල හදිසි මැදිහත්වීමක් කරන ලෙසද ඔවුන් දෙදෙනා ඇතුළු ලංකාවේ ජනතාවගේ දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී වන ලෙසද එම පක්ෂය වැඩි දුරටත් ඉල්ලා සිටී