~ කුමාර ධර්මසේන අත් අඩංගුවට නොගන්නේ ඇයි? එයාට වෙනම නීතියක්ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නිසි අවසර නොමැතිව ආයෝජන යැයි කියමින් හෝ තැන්පත් බාර ගැනීමට නොහැකි බව මහ බැංකුව විසින් පුන පුනා කියා සිටියදී එයට එරෙහිව වීඩියෝවක් නිකුත් කිරීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර ධර්මසේන කටයුතු කිරීම මේ වන විට සමාජය තුළ කතා බහට ලක්ව තිබේ.

    කෙසේවුවද, මෙසේ මහ බැංකුවට අභියෝග කිරීමට කුමාර හිටි හැටියේ පටන්ගෙන ඇත්තේ ඔහුගේ අතිජාත මිත්‍ර නාමල් රාජපක්ෂගේ කීමට බව ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. මෙම ව්‍යාපෘතිය කුමාර ධර්මසේන විසින් ආරම්භ කරන ලද්දේ නාමල් රාජපක්ෂගේ පූර්ණ සහයෝගය ඇතිවය.

    කුමාර ගේ අභියෝගය හරි අපූරු එකකි.

    තැන්පතු ලබාගත හැක්කේ ප්‍රධාන වශයෙන්ම බැංකු පනත යටතේ බැංකුවලට සහ මුදල් ව්‍යාපාර පනත යටතේ මූල්‍ය සමාගම්වලට පමණක් බව මහ බැංකුවේ සහකාර අධිපති කේ.ජී.පී. සිරිකුමාර කියා සිටියදී කුමාර වීඩියෝවක් මුදා හරිමින් කියා සිටින්නේ තම ආයතනය නිසි ලෙස පවත්වාගෙන යන බැවින් තමන් ඩිපොසිට් නැත්නම් තැන්පතු “ආයෝජන”යැයි කියමින් මහජනතාවගෙන් මුදල් ලබා ගැනීම ගැටලුවක් නොවන බවය.

    එපමණක් නොව මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ආයතනවලට උපරිම පොලියක් නියම කර තිබියදී පිංතැන්නට ගන්නා තැන්පතු වලට 54%ක ප්‍රතිලාභයක් ද ලබාදෙන බවට ප්‍රසිද්ධ දැන්වීම් පල කර තිබේ.

    වල්ලපට්ට තහනම කුමාර ධර්මසේනට නැද්ද?​

    වල්ලපට්ට ශාකය කැපීම ළඟ තබා ගැනීම හෝ ව්‍යාපාර කිරීම ලංකාව තුළ තහනම්ව තිබියදී කුමාර ධර්මසේනට එම අවස්ථාව ලැබී ඇත්තේද රාජපක්ෂලාගේ ආශිර්වාදය ඇතිවය.

    නැත්නම් මේ විශේෂ බලපත්‍රය ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ විසිනි.

    මෑතකදී ඔහු සෞදි අරාබියේ සුවඳ විලවුන් ඇතුළු වල්ලපට්ට නිපැයුම් ප්‍රදර්ශනාගාරයක් විවෘත කළේය. එම ප්‍රදර්ශනාගාරයේ මෙරටින් පිට රට යැවිය නොහැකි වල්ලපට්ට කැබලිද ප්‍රදර්ශනය කර තිබුණි. මේ අනුව රට පැටවිය නොහැකි වල්ලපට්ට ශාක කැබලි පිට රට යැවීමේ විශේෂ අවසරයක් කුමාර ධර්මසේනට තිබිය යුතුය.

    තමාට මඩ ගහනවා යැයි කියමින් කුමාර ධර්මසේන සමාජ මාධ්‍යයට මුදා හැරි වීඩියෝවට විශාල බෙදා හැරීමේ සහයක් දී ඇත්තේ ද පසුගිය කාලයේ නාමල්ගේ ට්විටර් ගිනුමේ සිට මෑතකදී ගින්දර නැතිව කොකිස් බදිනා පිංතූරය දක්වාම ප්‍රචාරය ලබාදුන් නාමල්ගේ මාධ්‍ය ගෝල නඩයයි. නාමල්ගේ ට්වීට් භාරකරු වන බිස්නස් මාධ්‍යවේදී අසාම් අමීන්ද මෙහි ප්‍රධාන භූමිකාවක් සිදු කරයි.

    නීති රෙගුලාසි බල්ලාට දමා..​

    බැංකුවකට මුදල් තැන්පතු ලබා ගැනීමට ද නීති රෙගුලාසි පවතී, බැංකුවලට අදාළ බලපත්‍ර ලබාදීමේදී ජනතාවගෙන් තැන්පතු ලබා ගන්නා විට ඉන් 20%ක කොටසක් මහ බැංකුවේ තන්පතුවක් ලෙස තැබීම එම කොන්දේසි වලින් ප්‍රධාන එකකි.

    මූල්‍ය නීති එසේ තනා ඇත්තේ මුදල් තැන්පත් කරන අහිංසක ජනතාවගේ තැන්පතුවලට ආරක්ෂාවක් ලබාදීමට බවයි.

    කුමාරගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප මහ බැංකුවේ නම හෙළි කළ නොහැකි ප්‍රධාන නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු අපෙන් ප්‍රශ්න කර සිටියේ කුමාර කියන ආකාරයට විදෙස් විනිමය ගෙනෙනවා යැයි කියූ පමණින් මහ බැංකුවේ කිසිදු අධීක්ෂණයක් නොමැතිව පුද්ගලික සමාගමකට ජනතාවගෙන් ලබාගන්නා තැන්පතු හිතුමතේ වියදම් කිරීමට අවස්ථාව ලබාදීම සාධාරණ ද යන්නයි.

    කුමාරට ඒ අවස්ථාව දිය හැකි නම් එම ව්‍යාපාරයම කරන අනෙක් අයට එම අවස්ථාව ලබා නොදී සිටිය හැකි ද යන්නත් ඔහු ප්‍රශ්න කර සිටියේය.

    කළු සල්ලි ආයෝජන..​

    එසේම පසුගිය කාලයේ මෙවැනි ආයෝජන බොහොමයක කළු සල්ලි ආයෝජනය වූ බවත් එයට වගකියන්නේ කවුරුන්ද යන්නත් ඔහු විමසා සිටියේය.

    සක්විති රණසිංහ, තිලිණි ප්‍රියමාලි වැනි අයද සිදුකරනු ලැබුවේ ආයෝජන යැයි කියමින් ජනතාවගේ මුදල් එකතු කිරීම බවත් එහි හා කුමාර ධර්මසේනගේ පිංතැන්න මුදල් ආයෝජන අතර වෙනසක් නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

    බැංකු හා පහත මූල්‍ය සමාගම් හැරුණ කල ජනතාවගේ තැන්පතු භාර ගැනීමට කිසිවකුට නීත්‍යානුකූල අයිතියක් නැති බවත්, NGO කාරයින්ට කවුද හරියට ව්‍යාපාර කරන්නේ කවුද හරියට ව්‍යාපාර නොකරන්නේ කාටද තැන්පතු බාර ගැනීමට අවසර දිය යුත්තේ යනුවෙන් තීන්දු තීරණ ගැනීමට ද අයිතියක් නැතැයිද ඔහු කීය.

    මේ අනුව බරපතල වරදක් සිදු කර ඇති කුමාර ධර්මසේන ද සක්විති හා ප්‍රියමාලි මෙන් අත් අඩංගුවට ගත යුතුය.

    -විශේෂ ලියුම්කරුවකු විසිනි​

    මහ බැංකුව විසින් අනුමත මූල්‍ය තැන්පතු ගත හැකි බලයලත් මූල්‍ය ආයතන ලයිස්තුව මෙසේය.

    https://www.cbsl.gov.lk/si/බලයලත්-මූල්‍ය-ආයතන/බලපත්‍රලාභී-මූල්‍ය-සමාගම්

    horakamak, wanchawak kiuwoth namal rajapakha mentioned wenawa kohe unath

    @2osama
    @N A K A M U R A
    @netudara
    @asanka+++
    @weer 11
    @John Dutton
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඩොලර් එක බැහැපු නිසා මහ බැංකු උන් පඩි වැඩි කරගන්නේ කීයකින් ද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කාටද තුවක්කු පෙන්නපු සීන් එකටත් මූව ඇරෙස්ට් කරන්න කිව්වට කරේ නෑ නේද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    විසේස ලිවුං කරුට ගෙව්වෙත් දර්මෙ කියල දැනගත්තම හුරේ දාන උන්ට වල්ල පට්ට ගහගන්න හිතෙයි. ඌ නෙගටිව් මාකටින් + වගාවෙ ඉන්න අනික් සමාගම් වලට ක්‍රමයෙන් ෂොට් එක දෙනගමන් ඉන්නෙ. අනිත් උන් ඉස්සර වෙලා තමයි නන්දෙ ලවා ක්‍රීඩකයට අහුවෙන්න එපා කියල කියව ගත්තෙ.
    නීතිය අදාල වෙන්නෙ ස්වාභාවික වනාන්තර පරිසරයක තියන ගස් වලට වෙන්න ඕන, වගාවක් කරන්න විශේෂ අවසර මොනව හරි ක්‍රමේකින් අරන් ඇති.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපෙ ගෙදරටත් කතා කරල, වට්ට පට්ට වගාවට ඉන්වෙස්ට් කරන්න පුලුවන් කෙමති නන් කියල
    මීට කලිනුත් ඔය තෙක්ක සීන් එකක් එහෙමත් ගියා නෙහ්

    මන් කිව්ව, ඉන්වෙස්ට් එපා
    මෙහෙ එන්න එපා කියල
     
    • Like
    Reactions: War Fighter

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    puduma Sponsored Ad godak gahanne FB eke Pinthanna la..ane manda .... @kasun_kbp mokada machan me gana oya hithanne...
    Meka pyramid/ponzi scheme ekak wage.
    Issara Elakiri eketh kattiya promote kara oka.
    Dharme baya nathuwa innawa mokada miniha dannawa law and power miniha laga thiyenawa kiyala.
    ROI eka dakkama therenawa 8 years walin 400% profit ekak aragena wadak na kiyala.

    Paw mekata invest karapu middle class anathayo tika. Fake accounts walin try eka denawa scam eka wahaganna😆

    zybKcBV.png

    POV80Br.png
     
    • Like
    Reactions: 001flyD

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    දැන් ඔය පට්ට වල්ල ගහ කැපීම තහනම් වෙන්නෙ. වදවීගෙන යන ශාකයක්ද
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඌ නීතියෙන් කිසිම වරදක් කරලා නෑ.

    උන් ඩිපොසිට් ගන්නෙත් නෑ කැලේ කපන්නේත් නෑ
    එහෙනම්? මොකක්ද වෙන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    නිසි අවසර නොමැතිව ආයෝජන යැයි කියමින් හෝ තැන්පත් බාර ගැනීමට නොහැකි බව මහ බැංකුව විසින් පුන පුනා කියා සිටියදී එයට එරෙහිව වීඩියෝවක් නිකුත් කිරීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර ධර්මසේන කටයුතු කිරීම මේ වන විට සමාජය තුළ කතා බහට ලක්ව තිබේ.

    කෙසේවුවද, මෙසේ මහ බැංකුවට අභියෝග කිරීමට කුමාර හිටි හැටියේ පටන්ගෙන ඇත්තේ ඔහුගේ අතිජාත මිත්‍ර නාමල් රාජපක්ෂගේ කීමට බව ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. මෙම ව්‍යාපෘතිය කුමාර ධර්මසේන විසින් ආරම්භ කරන ලද්දේ නාමල් රාජපක්ෂගේ පූර්ණ සහයෝගය ඇතිවය.

    කුමාර ගේ අභියෝගය හරි අපූරු එකකි.

    තැන්පතු ලබාගත හැක්කේ ප්‍රධාන වශයෙන්ම බැංකු පනත යටතේ බැංකුවලට සහ මුදල් ව්‍යාපාර පනත යටතේ මූල්‍ය සමාගම්වලට පමණක් බව මහ බැංකුවේ සහකාර අධිපති කේ.ජී.පී. සිරිකුමාර කියා සිටියදී කුමාර වීඩියෝවක් මුදා හරිමින් කියා සිටින්නේ තම ආයතනය නිසි ලෙස පවත්වාගෙන යන බැවින් තමන් ඩිපොසිට් නැත්නම් තැන්පතු “ආයෝජන”යැයි කියමින් මහජනතාවගෙන් මුදල් ලබා ගැනීම ගැටලුවක් නොවන බවය.

    එපමණක් නොව මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ආයතනවලට උපරිම පොලියක් නියම කර තිබියදී පිංතැන්නට ගන්නා තැන්පතු වලට 54%ක ප්‍රතිලාභයක් ද ලබාදෙන බවට ප්‍රසිද්ධ දැන්වීම් පල කර තිබේ.

    වල්ලපට්ට තහනම කුමාර ධර්මසේනට නැද්ද?​

    වල්ලපට්ට ශාකය කැපීම ළඟ තබා ගැනීම හෝ ව්‍යාපාර කිරීම ලංකාව තුළ තහනම්ව තිබියදී කුමාර ධර්මසේනට එම අවස්ථාව ලැබී ඇත්තේද රාජපක්ෂලාගේ ආශිර්වාදය ඇතිවය.

    නැත්නම් මේ විශේෂ බලපත්‍රය ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ විසිනි.

    මෑතකදී ඔහු සෞදි අරාබියේ සුවඳ විලවුන් ඇතුළු වල්ලපට්ට නිපැයුම් ප්‍රදර්ශනාගාරයක් විවෘත කළේය. එම ප්‍රදර්ශනාගාරයේ මෙරටින් පිට රට යැවිය නොහැකි වල්ලපට්ට කැබලිද ප්‍රදර්ශනය කර තිබුණි. මේ අනුව රට පැටවිය නොහැකි වල්ලපට්ට ශාක කැබලි පිට රට යැවීමේ විශේෂ අවසරයක් කුමාර ධර්මසේනට තිබිය යුතුය.

    තමාට මඩ ගහනවා යැයි කියමින් කුමාර ධර්මසේන සමාජ මාධ්‍යයට මුදා හැරි වීඩියෝවට විශාල බෙදා හැරීමේ සහයක් දී ඇත්තේ ද පසුගිය කාලයේ නාමල්ගේ ට්විටර් ගිනුමේ සිට මෑතකදී ගින්දර නැතිව කොකිස් බදිනා පිංතූරය දක්වාම ප්‍රචාරය ලබාදුන් නාමල්ගේ මාධ්‍ය ගෝල නඩයයි. නාමල්ගේ ට්වීට් භාරකරු වන බිස්නස් මාධ්‍යවේදී අසාම් අමීන්ද මෙහි ප්‍රධාන භූමිකාවක් සිදු කරයි.

    නීති රෙගුලාසි බල්ලාට දමා..​

    බැංකුවකට මුදල් තැන්පතු ලබා ගැනීමට ද නීති රෙගුලාසි පවතී, බැංකුවලට අදාළ බලපත්‍ර ලබාදීමේදී ජනතාවගෙන් තැන්පතු ලබා ගන්නා විට ඉන් 20%ක කොටසක් මහ බැංකුවේ තන්පතුවක් ලෙස තැබීම එම කොන්දේසි වලින් ප්‍රධාන එකකි.

    මූල්‍ය නීති එසේ තනා ඇත්තේ මුදල් තැන්පත් කරන අහිංසක ජනතාවගේ තැන්පතුවලට ආරක්ෂාවක් ලබාදීමට බවයි.

    කුමාරගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප මහ බැංකුවේ නම හෙළි කළ නොහැකි ප්‍රධාන නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු අපෙන් ප්‍රශ්න කර සිටියේ කුමාර කියන ආකාරයට විදෙස් විනිමය ගෙනෙනවා යැයි කියූ පමණින් මහ බැංකුවේ කිසිදු අධීක්ෂණයක් නොමැතිව පුද්ගලික සමාගමකට ජනතාවගෙන් ලබාගන්නා තැන්පතු හිතුමතේ වියදම් කිරීමට අවස්ථාව ලබාදීම සාධාරණ ද යන්නයි.

    කුමාරට ඒ අවස්ථාව දිය හැකි නම් එම ව්‍යාපාරයම කරන අනෙක් අයට එම අවස්ථාව ලබා නොදී සිටිය හැකි ද යන්නත් ඔහු ප්‍රශ්න කර සිටියේය.

    කළු සල්ලි ආයෝජන..​

    එසේම පසුගිය කාලයේ මෙවැනි ආයෝජන බොහොමයක කළු සල්ලි ආයෝජනය වූ බවත් එයට වගකියන්නේ කවුරුන්ද යන්නත් ඔහු විමසා සිටියේය.

    සක්විති රණසිංහ, තිලිණි ප්‍රියමාලි වැනි අයද සිදුකරනු ලැබුවේ ආයෝජන යැයි කියමින් ජනතාවගේ මුදල් එකතු කිරීම බවත් එහි හා කුමාර ධර්මසේනගේ පිංතැන්න මුදල් ආයෝජන අතර වෙනසක් නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

    බැංකු හා පහත මූල්‍ය සමාගම් හැරුණ කල ජනතාවගේ තැන්පතු භාර ගැනීමට කිසිවකුට නීත්‍යානුකූල අයිතියක් නැති බවත්, NGO කාරයින්ට කවුද හරියට ව්‍යාපාර කරන්නේ කවුද හරියට ව්‍යාපාර නොකරන්නේ කාටද තැන්පතු බාර ගැනීමට අවසර දිය යුත්තේ යනුවෙන් තීන්දු තීරණ ගැනීමට ද අයිතියක් නැතැයිද ඔහු කීය.

    මේ අනුව බරපතල වරදක් සිදු කර ඇති කුමාර ධර්මසේන ද සක්විති හා ප්‍රියමාලි මෙන් අත් අඩංගුවට ගත යුතුය.

    -විශේෂ ලියුම්කරුවකු විසිනි​

    මහ බැංකුව විසින් අනුමත මූල්‍ය තැන්පතු ගත හැකි බලයලත් මූල්‍ය ආයතන ලයිස්තුව මෙසේය.

    https://www.cbsl.gov.lk/si/බලයලත්-මූල්‍ය-ආයතන/බලපත්‍රලාභී-මූල්‍ය-සමාගම්

    horakamak, wanchawak kiuwoth namal rajapakha mentioned wenawa kohe unath

    @2osama
    @N A K A M U R A
    @netudara
    @asanka+++
    @weer 11
    @John Dutton
    සල්ලි තියනවානම් ඕනාම නිතියක් නවන්න පුලුවන්. දේශපාලුවන්ටත් බැ එහෙම නවන්න.

    ජනශක්ති මිනිමැරුම කෝ? මිටකලින් මිනිමරපු හා හප්පලා මරපු ක්‍රිකට් ක්‍රිඩකයන් ගානට බේරුනා. සග ගණ නම් ඇති ක්‍රිකට් ක්‍රිඩකයන් පවා ඉඩම් කේස් වල ඉන්නවා. තමන්ගෙ කම්පැනියට විරුද්දව අද්ගෝෂණ කරපු මිනිස්සුන්ට ⁣හමුදාව දාලා වෙඩි තියපු වෙන්න ජනාධිපති අපෙක්ෂකයෝ ඉන්නනේ. සල්ලි සල්ලි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සල්ලි තියනවානම් ඕනාම නිතියක් නවන්න පුලුවන්. දේශපාලුවන්ටත් බැ එහෙම නවන්න.

    ජනශක්ති මිනිමැරුම කෝ? මිටකලින් මිනිමරපු හා හප්පලා මරපු ක්‍රිකට් ක්‍රිඩකයන් ගානට බේරුනා. සග ගණ නම් ඇති ක්‍රිකට් ක්‍රිඩකයන් පවා ඉඩම් කේස් වල ඉන්නවා. තමන්ගෙ කම්පැනියට විරුද්දව අද්ගෝෂණ කරපු මිනිස්සුන්ට ⁣හමුදාව දාලා වෙඩි තියපු වෙන්න ජනාධිපති අපෙක්ෂකයෝ ඉන්නනේ. සල්ලි සල්ලි

    owa monawada kimbak wenuwen thajuddenwa maruwe
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    owa monawada kimbak wenuwen thajuddenwa maruwe
    මෙතන කතාවෙන් සින් එකට ඕක සෘජුව අදාල නැනේ බං. සල්ලි වල බලෙන් කරන වැඩ ගැනනනේ කිව්වේ. හැබැයි එහෙම උන කියලා රාජපුක්සලාවේ වැරදි වැහෙන්නෙත් නැ
     
    • Like
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම්? මොකක්ද වෙන්නේ
    ඕක සල්ලි ගන්නෙ ඩිපොසිට් කියල නෙවෙයි. පොඩි ඉඩම් කෑල්ලක් දෙනවා ගස් එක්ක. ගස් වැවුනම උන් ආපහු ගාණකට ගන්න පොරොන්දුව පිට.

    කැලැවේ තියෙන වල්ලපට්ට කපන්න තහනම්. මේ රටින් ගෙන්නපු ප්‍රභේදයක්.

    රටේ නීතියක් මුන් තවම කඩන්නෙ නෑ
     
    • Like
    Reactions: gnilukshi