කුඹුක් (Kumbuk) 🌳🌳🌳[ටර්මිනලියා අර්ජුන්] (Terminalia Arjuna)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කුඹුක් (Kumbuk) 🌳🌳🌳[ටර්මිනලියා අර්ජුන්] (Terminalia Arjuna) - Your Choice Way
    🚫🚫⛔ ස්භාවධර්මයෙන් දායාද කල ජල පෙරණය කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලය මෘදුකිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදුකරන සේවය අති මහත් ය.

    විශේෂයෙන්ම වියලි කලාපයේ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්‍යවරු පවසති. ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත.

    කුඹුක් ගහ කියන්නේ මේ ගැටළු විසඳාගැනීමට ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක්. කුඹුක් ගස් වැව් ළිං පොකුණු ගංගා ඇළ ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත.👈😍

    මතක තියා ගන්න අපේ මුතුන් මිත්තො විශේෂයෙන් සෑම වැවක් හා අනෙක් සෑම ජල මූලාශ්‍ර ආශ්‍රිතවත්කුඹුක් ගස් සිටෙව්ව ඇයි කියල දැන් හිතට ගන්න😱

    පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකය. එම නිසා ස්වභාවධර්මයාට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන්නේය.

    එසැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුය. ඒ සදහා එක් පියවරක් ලෙස සෑම වැවක් ආශ්‍රිතව මෙන්ම ළිං හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව හැකිතරම් කුඹුක් පැල සිටුවීම, පිරිසිදු පානීය ජලය ලබා ගැනීමටත් එමගින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න භාවයත් ලබා ගැනීමටත් හේතු වනු ඇත.

    කුඹුක් ගස ගැන කිවුවොත්
    අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි.මෙහි අතු හරස් අතට විහිදී යයි.පොත්ත ඉතා ඝනය, සිනිඳුය, ළා රෝස පාටය. මෙම ගසෙ පහසුවෙන් පොතු පතුරු ගැලවී යයි. ළපටි රිකිලිවල සියුම් බූවක් ඇත.

    පත්‍ර සම්මුඛය, ආනතය, අඟල් 3-6 අතර දිගැතිය. පත්‍රයේ දෙකෙළවරම වටකුරුය.පත්‍ර දාරය කරපත්‍රිකය. පත්‍ර නටුව ඉතා කෙටිය. කක්ෂීය ශුකිවල හෝ කුඩා අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප හට ගනී.

    සාමාන්‍යයෙන් පුෂ්ප දක්නට ලැබෙන්නේ අප්‍රේල් හා මැයි මාසවලදීය. මේ පුෂ්පවලින් තද පැණි සුවඳක් හමයි. පුෂ්ප කොළ පාටට හුරු සුදු පාටයි. පුෂ්පයක රේණු 8-10 අතර ඇත.හැදුවනම් සුවදයි ලස්සනයි සෞඛ්‍යයි ඔක්කොම ගොඩ🌳😍

    ඵලය උල් තුඩක් සහිත නොපැලෙන ඵලයකි. එහි මැද සියුම්‍ය.පිටට නෙරා සිටින දුඹුරු පාට පියාපත් 5 ක්. ඵලයෙහි ඇත. ලංකාවේ පහතරට ගං ඉවුරු අසල කුඹුක් ගස් බහුලව වැවේ. වියළි ප්‍රදේශවලද වැව් ආශ්‍රිතව දක්නට ලැබේ.

    කුඹුක් පොත්තේ අගනා ඖෂධීයගුණයක් ඇත. කුඹුක් ලීය තදය,ශක්තිමත්ය. එහි අරටුව රතු පාටට හුරු දුඹුරු පාටය.

    ටර්මිනලියා අර්ජුන් (Terminalia Arjuna)යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක් වේ.

    කුඹුක් ශාකය කොබෙටාසේ(Combretaceae) කුලයට අයත්ය.

    ඖෂධීය වටිනාකම
    කුඹුක්, සිසිල්ය, සෙම් පිත් නසයි,හෘදයට හිතකරයි,තුවාල ශුද්ධ කරයි. කැඩුණ බිදුණ ඇට සන්ධි කරයි, ශක්තිය වඩයි.හෘදයාබාධ, ලේ මදිකම, විෂ, මේදය.වැඩිකම, රුධිර දෝෂ, වණ හා මුත්‍ර අඩස්සිය යනාදිය සුවපත් කරයි.පිපාසය සමනය කරයි.

    ආයුර්වේදයේදීත් දේශීය වෙදකමේදීත් කෂාය, පත්තු, මැල්ලුම් හා ආලේපන රැසකට කුඹුක් පොතු හා මුල් භාවිතා වෙයි.

    පැරැන්නන් කුඹුක් ගසෙන් ගත් ප්‍රයෝජන😳👈😱
    කුඹුක් පොත්තෙන් ලබා ගන්න අළු ගර්භනී මව්වරුන්ට සාම්ප්‍රදායික ඖෂධයක් වශයෙන් ලබා දීම.(වර්ථමානයේදී ගර්භනී මව්වරුන්ට කැල්සියම් පෙති ලබාදීමෙන් බලාපොරොත්තු වන කලලයේ වර්ධනය මෙමඟින් ඉටුකරගෙන ඇත)😱😱😱👈

    කුඹුක් පොතු කුඩු කර ලේ ගලන තුවාල වලට තැබීමෙන් සුව කර තිබෙන අතර, සමේ ඇතිවන රෝග සඳහාද ඖෂධයක් වශයෙන් භාවිතා කර ඇත.

    කුඹුක් පොතු හීනියට කුඩු කර දත් මැදීමෙන් දත් දිරා යාම වළක්වා දත් ශක්තිමත් කර ගැනීම සිදු කර ඇත.😍👈ඉතිම් මෙච්චර වැදගත් වෙන ශාකයක් නේද කුඹුක් කියන්නෙ .ඇයි එක්කෙනෙක් එක ගානෙ ගෙදර වත්තෙ වවාගත්තා නම් මොකද වෙන්නේ....?

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Post Click Here
     
    mohan_sliit

    Active member
  • Oct 23, 2009
    253
    52
    28
    විශ්මිත බල ඇති කුඹුක් ගස ගැන ඔබ මේ දේවල් දන්නවාද?
    මේ පිලිබඳ ඔබ නොදත් කරුණු රැසක් පිලිබඳ දැන ගැනීමට මෙම වීඩියෝව නරඹන්න.

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93

    Very good post! (y)(y)
     
    • Like
    Reactions: NRTG