කුඹුරෙන් මතුවූ අවතාරය [සත්‍ය හොල්මන් කතා]
පේ‍්‍රමදාස මහතා නැව් ඒජන්ත සමාගමක සේවය කළ විධායක නිලධාරියෙකි. දිනය 1990 වර්ෂයේ මැයි මස එක්තරා සෙනසුරාදාවක් බව ඔහුට මතකය. පේ‍්‍රමදාස මහතා සේවය කළ නැව් සමාගමේ ම රැකියාව කළ මිත‍්‍රයකු වූ කුරේ මහතා විවාහ වී ස්වකීය නිවසට පැමිණි දිනය යි.
ගම්පහ සිට කිලෝමීටර හතළිහක් පමණ දුරින් වූ නාවල පිහිටි කුරේ මහතා ගේ නිවසේ පැවැති එම මංගල උත්සවයට පේ‍්‍රමදාස මහතාට ද ඇරියුම් ලැබී තිබිණි. එදින සවස 5 සිට රාති‍්‍ර 10 දක්වා පැවැති එම උත්සවයට සහභාගිවීමට ප්‍රේමදාස මහතා තනිවම යෑමට සූදානම් වීය.
මේ අතර කැලණිය වරාගොඩ පදිංචිව සිටි නැන්දණිය ගේ අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බැවින් වහාම පැමිණෙන ලෙස දුරකතන පණිවුඩයක් ලැබිණි. දුරකතන පණිවුඩය ගත්තේ පේ‍්‍රමදාස මහත්මියයි. තමන්ගේ මෑණියන්ගේ අසනීප තත්ත්වය අසා කලබල වූ ඇය ද එහි යෑමට සූදානම් වූවාය.
පේ‍්‍රමදාස මහත්මයාත්, බිරියත්, පුතුන් දෙදෙනාත් තමන්ගේ ම ජීප් රථයෙන් ගමන පිටත්වූහ. පේ‍්‍රමදාස මහතා නාවල මඟුල් ගෙදර බස්සවා, මවත් පුතුන් දෙදෙනාත් වාහනයෙන් ම වරාගොඩ යෑමට යොදා ගැනිණි. එවකට දහඅට හැවිරිදි වියේ සිටි වැඩිමහල් පුතු වාහනය පදවා ගෙන ගියේය. ඒ අයුරින් ම රාති‍්‍ර 7 ට පමණ පේ‍්‍රමදාස මංගල උත්සවය පැවති නිවසට ගිය අතර, අනිත් තිදෙනා වරාගොඩ බලා පිටත්ව ගියහ. වරාගොඩ ගොස් මෑණියන් බලා ආපසු එන ගමනේදී නැවත පේ‍්‍රමදාස මහතා ඒ වාහනයෙන් ම ආපසු නිවසට පැමිණීමට ගිවිස ගෙන තිබිණි.
පේ‍්‍රමදාස මහතා හොඳින් දන්නා හඳුනන, ඒ මහතා ගේ ජීප් රථයේ අලුත්වැඩියාවන් පවා සිදු කැර ගනු ලබන නිමල් නමැති මෝටර් රථ කාර්මිකයා ද මේ මගුල් ගෙදරට ආරාධනා ලැබ පැමිණ සිටියේය. එහිදී මේ දෙදෙනා සාමීචියේ යෙදිණි.
“ආ… මහත්මයා කොහොමද ආවේ. මම නම් ආවේ බස් එකෙන්. ඒ නිසා රෑ වෙනකම් ඉන්න බැහැ. මම නම් ටිකක් ඉක්මනින් යන්න ඕනෑ”යි නිමල්, පේ‍්‍රමදාස මහතා සමඟ කීවේය.
“නිමල්ට මා එක්ක යන්න පුළුවන්. මම ආවේ ජීප් එකෙන්. නෝනයි පුතාල දෙන්නයි හදිසියකට කැලණියට ගියා. ඒගොල්ලත් එන ගමන් මෙහෙට එනවා මා එක්ක ගෙන යන්න. හැබැයි ටිකක් පරක්කුවේවි එන්න නිමල්ටත් මා එක්ක ම යන්න පුළුවන්” යැයි පේ‍්‍රමදාස මහතා කීවේය. නිමල් ද ඊට එකඟ වීය.
මේ දෙදෙනා රාති‍්‍ර ආහාරයෙන් පසු මනාල යුවළට තෑගි බෝග ද පිළිගන්වා වාහනය එනතුරු පැත්තකින් වාඩි වී සිටියහ. ඉතා ඉහළින් පැවැති මේ මංගල උත්සවයේ සංගීත කණ්ඩායමක් විසින් සපයනු ලැබු මියුරු සංගීතය නිසා මේ දෙදෙනාට කාලය ගතකිරීම අපහසු කාර්යයක් ද නොවීය.
විශාල ගෙමිදුලේ දැල්වෙන නිවෙන විදුලි බුබුලුවලින් වර්ණවත් වූ පරිසරයේ අනිකුත් අමුත්තන් අතර මේ දෙදෙනා ද කාලය ගෙවූහ. එහෙත් රාති‍්‍ර දහය වනතුරුත් ජීප් රථය පැමිණියේ නැත. උත්සවයට පැමිණි අය එක්කෙනා දෙන්නා නික්ම යමින් උත්සව ස්වභාවය අවසන් වෙමින් පැවැතිණි.
පේ‍්‍රමදාස මහතා නිමල් සමඟ උත්සව භූමියෙන් ඉවත්ව ප‍්‍රධාන මාර්ගයට පැමිණ ජීප් රථය එනතුරු බලා සිටියේය. තවත් පැයකට පමණ පසු ජීප් රථය පැමිණියේය.
රෝගියාගේ තත්ත්වය අනතුරුදායක ලෙස සීනි මට්ටම ඉහළ ගොස් තිබුණු බැවින් ඇය ජයවර්ධන රෝහලට ඇතුළත් කරන්නට සිදුවූ නිසා පැමිණෙන්නට පරක්කු වූ බව පේ‍්‍රමදාස මහතාගේ බිරිය පැවසුවාය.
යළිත් ගමන ආරම්භ වීය. දැන් ජීප් රියේ පස් දෙනෙකි. ලොකු පුතා වාහනය පදවන අතර ඉදිරිපස අනිත් ආසන්නයේ පේ‍්‍රමදාස මහතා ය. පසු පස ආසනයේ පේ‍්‍රමදාස මහත්මිය, බාල පුතා සහ නිමල් වූහ. මේ වන විට පේ‍්‍රමදාස මහතාගේ බිරිය හා පුතුන් දෙදෙනා රාති‍්‍ර ආහාරයත් නොගෙන සිටි බැවින් කඩවත නගරයේ ආප්ප කඩයක් අසල නතර කොට ආප්ප කා තේ පානය කළහ.
න් නිමල් නිවසට ඇරලිය යුතුය. ගම්පහ ජාඇල පාරේ කිලෝමීටර හතරක් පමණ ගොස් අත්තනගලු ඔය හරහා පාලමෙන් එගොඩ වී කිරිඳිවිට පිහිටි නිමල් ගේ නිවසට ගොස් ඔහු බස්සවා ආපසු එමින් සිටියහ. වේලාව රාති‍්‍ර එක පමණ වී ඇත.
මේ මාර්ගයේ කිසිම වාහනයක් පවා පෙනෙන තෙක් මානයේ නැත. මුළු පරිසරය ම මූසලය. පාළුය. ජීප් රියේ හඬ හැරෙන්නට වෙනත් කිසි ම හාහූවක් නැත. රථය මඳ වේගයෙන් ගම්පහ දෙසට ඇදෙයි. කිරිඳිවිට හන්දියේ ඇති දැවැන්ත රුක් අත්තන ගස හඳ එළියෙන් පැහැදිලිව පෙනේ.
රුක්අත්තන ගසට යාර සියයක් පමණ තිබියදී වාහනයේ වේගය මඳක් බාල විය. වාහනය පාර පුරා ගමන් කරන බවක් පෙනිණි. පුතාට නින්ද ගොස් ඇත්දැයි පේ‍්‍රමදාස මහතා බැලුවේය.
“පුතා…”
“ඇයි තාත්තා…”
“නෑ. මොකුත් නෑ. පුතාට නින්ද ගිහින්දැයි බැලුවා.”
“නැහැ.”
රුක්අත්තන ගස අසලින් විශාල විලාපයක් ඇසෙයි. “අනේ මාව බේරා ගනියෝ”යි කියන හඬ ඇසෙන්නට වීය. ඒ විලාපය මිනිස් කටහඬට වඩා බොහෝ වෙනස් බවක් දැනේ. ඒ අතර කීප දෙනකු එකවර හූ කියන හඬක් ද ඇසෙන්නට වීය.
“ගෝරියක් වගෙයි…” වාහනයේ වේගය තවත් අඩු කරමින් ලොකු පුතා කියයි.
“අපි අයින් කැරගෙන යමු යන්නැ”යි පේ‍්‍රමදාස මහතා කීවේය.
මේ අතර සුදු ඇඳුමින් සැරසුණු පස්දෙනෙක් ජීප් රථයට ඉදිරිපසින් පාර හරහා පැන්න අතර ලොකු පුතා තිරිංග තදකර වාහනය නතර කළේය. පාර හරහා පැන්න පස් දෙනාගෙන් හතර දෙනෙක් පාරෙන් එහා කුඹුරට පැන ගත් අතර එක් අයෙක් නැවතී වාහනයේ දකුණු පස රියැදුරු අසුන පැත්තේ විවර කැර තිබු වීදුරු කවුළුවෙන් අත දමා සුක්කානම වැරෙන් කරකවා වාහනය දකුණු පැත්තට හැරවීය. වම් පැත්තේ සිට පාරේ දකුණු පැත්තට සෙමෙන් ඇදී ගිය වාහනය කුඹුරට ආසන්නවම නතර කැර ගැනීමට පුතාට හැකිවිය.
නැවත වාහනය තුළට අත දැමු ඔහු සුක්කානම වැරෙන් අල්ලා ගෙන සිටියේ යළිත් කුඹුර දෙසට හරවා ගන්නටය. ඔහුගේ අත දිගට සුදු අත් වැස්මක් දමා තිබු අතර පේ‍්‍රමදාස මහතා “ගන්නවා ඕයි අත” යැයි කෑ ගසා ඒ අතට වැරෙන් පහරක් ගැසීය.
ඒ සමඟ ඔහු අත එළියට ගත්තේය. පේ‍්‍රමදාස මහතා “ඔය වීදුරුව වසා ගන්නැ”යි පුතාට කීවේය. පුතා වීදුරුව වසා ගත්තේය. වාහනය තුළ ඉතාම අපි‍්‍රයජනක දුගදක් පැවතිණි. ඔහුගේ අතට පහරදුන් පේ‍්‍රමදාස මහතාගේ අතින් ද දුගඳ හැමුවේය. මේ වන විට වාහනයේ ඇන්ජිම නතරව තිබිණි. වාහනය යළි පණ ගැන්වීමට පුතා උත්සාහ කරද්දී “හෙඩ්ලයිට් නිවලා ස්ටාර් කරන්නැ”යි පියා දුන් උපදෙසට අනුව වාහනය පණ ගැන්විණි.