උඹල දන්නවද මෙතන වෙන්නේ මුස්ලිම් කොටස් දෙකක් අතර ගේමක් කියන එක?
ලංකාවේ පාරම්පරිකව ඉන්න මුස්ලිම් අය අතර ආගමට අමතරව තවත් විශ්වාස ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට කතෝලික අය යේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේට අමතරව සාන්තුවරුන් ට පුදපූජා පවත්වනවා වගේ පාරම්පරික මුස්ලිම් අය විවිධ සාන්තුවරුන්ටත් පූජා පවත්වනවා. පාරම්පරික ශ්රී ලාංකීය මුස්ලිම් අය කතරගමත් යනවා, සිරිපාදේත් යනවා. ඒවා පාරම්පරික විශ්වාස.
ඔය විදිහට පාරම්පරික මුස්ලිම් අය විශ්වාස කරන්නේ කූරගල (ජීලානි) ගල්ලෙන් තුල සාන්තුවරයෙක් (අබ්දුල් කාදර් ජීලානි) වාසය කළා කියල. මම දන්නා තරමින් 1930-40 ගණන් වල ඉඳන් මුස්ලිම් අය ඔතනට යනවා. ගොඩක් පොඩි කාලේ මමත් ගිහිල්ල තියෙනවා.
තව්හිඩ් ජමාත් වගේ අලුතින් ආපු සංවිධාන ඕකට විරුද්ධයි. ඔය සංවිධාන වලින් ඔතනට යන මුස්ලිම් අයට තර්ජනය කරනවා. පහුගිය ආණ්ඩුව කාලේ තමයි ඕක ප්රශ්නයක් විදිහට ඉලිප්පිලා ආවේ. ඔය ප්රශ්නේ ඇතිකළේ තව්හිඩ් ජමාත් එක. ඔතනට මුස්ලිම් අය යන එක වලක්වන්න තව්හිඩ් ජමාත් එකෙන් තමයි බෝ.බ.සේ. ඇවිස්සුවේ. පිටින් නොපෙනුනාට තව්හිඩ් ජමාත් එකයි බො බ සේ එකයි එකට වැඩකරන්නේ. හැබැයි අපි ඔක්කොම හිතන් ඉන්නේ ඔය දෙක අතරේ තියෙන්නේ නයිමුගටි වයිරයක් කියල. අන්තිමට රැවටිලා කෙලගන්නේ අහක ඉන්න මිනිස්සු. ඕකයි කූරගල ඇත්ත කතාව.