කුර්දිස්ථානය බිහිවෙයිද?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කුර්දිස්ථානය බිහිවෙයිද?

    2TwirKV.jpg

    මෙම වසරේ මැද භාගයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා හමුවූ අවස්ථාවේදී ඉරාකයේ කුර්දිස්ථාන ප්‍රාදේශීය ආණ්ඩුවේ ප්‍රධානියා වන මසූඩ් බර්සානි නිවේදනය කලේ ඉරාකයෙන් වෙන්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට තමන් සූදානම් වන බවයි.ජනමත විචාරණය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ උච්චතම අවස්ථාවයි."නුදුරු අනාගතයේදී ඉරාක කුර්දිස්ථානය වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වේව්" යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදි.

    OQcWJUI.jpg
    ඇන්ටෝනියෝ ගුටේරෙස් සහ මසූඩ් බර්සානි​

    බර්සානි සඳහන් කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව කුර්දි ජනතාවගේ අදහස දැනගත යුතු බවයි.මේ ප්‍රකාශ සම්බන්ධව ඉරාක අගමැති හයිඩර් අල්-අබාඩි මෙසේ අදහස් දක්වා තිබේ.

    "කුර්දිස්ථානය ඉරාකයෙන් වෙන්වීම කුර්දි ජනතාවගේ ශුභසිද්ධිය පිණිස හේතු නොවේවි.ඉරාකය පමණක් නොව තුර්කිය සහ සිරියාව යන රටවලද කුර්දි ජනයා විශාල වශයෙන් ජීවත් වේ.ඉරාක කුර්දිස්ථානය පමණක් ස්වාධීන වීමට ඔවුන් විරුද්ධ වේවි."

    ඉරාකයේ ජනගහනය මිලියන 36ක් පමණ වන අතර ඉන් මිලියන 7 පමණ කුර්දි ජනවර්ගයට අයත් වේ.2005 වර්ෂයේ පටන් ඉරාක කුර්දිස්ථානය ඉරාකය තුල ස්වයංපාලන ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක වේ.එය ඉරාක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරන ලද්දකි.ඉරාක කුර්දි ජනයා ඉරාකයෙන් වෙන්වීමට කැමැත්ත පල කලහොත් මිලියන 17 පමණ වන තුර්කි කුර්දි වැසියන්ද එම මාර්ගයේම ගමන් කරන්නට උත්සාහ කරාවි.




    lYzCHQ2.jpg
    ඉරාක අගමැති හයිඩර් අල් බඩාඩි​

    සතියකට වරක් ඉරාක අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ කුර්දිස්ථානයේ ජනමත විචාරණය සියලුදෙනාම කෙරෙහි ඝෘණාත්මක බලපෑම් ඇති කරයි කියාය.

    "කුර්දිස්ථාන ජනමත විචාරණය සමග ගනුදෙනු කිරීම අප සූදානම් නැහැ.මන්ද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ නීතිවිරෝධී එකක් නිසාය.මම කුර්දි ජනයාගේ සහ සියලුම ඉරාක වැසියන්ගේ අභිලාෂයට ගරු කරනවා,නමුත් අපි ජීවත් වන්නේ එකම රටක, සහ මේ රට පාලනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්,අප සියලුදෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කල යුතුය."

    ඔහු ඉරාක හමුදාව සහ කුර්දි හමුදාව අතර සහයෝගීත්වය ගැන ද එහිදී අදහස් දක්වන ලදි.

    "එකමුතුව වැඩ කිරීමේ අපි ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ ලබාගත්තා.ඒ සියල්ල ඉරාක සහ කුර්දි හමුදාවල සහයෝගීත්වයේ ප්‍රතිඵල.දෙපාර්ශ්වය අතර එක් වරක් හෝ ගැටුමක් සිදුවී නැහැ.ඉතින් ඇයි අපි මේ සාර්ථකත්වය නැති කරගන්නේ?"​

    ISIS ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ PMU ඒකකවල ප්‍රධානතම සංවිධානය වන්නේ 'බඩ්‍රා' සංවිධානයයි.එහි මහලේකම් වන හාඩි අල්-ඇමෙරි කුර්දිස්ථාන ස්වාධීන ජනමත විචාරණයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.​

    "වෙනම පළාත්,වෙනම කොට්ඨාශ නැහැ.ඉරාකය ඒකීය රටක් ලෙස ඉදිරියටත් පවතිවි.මන්ද බෙදීමක් රට සිවිල් යුද්ධයකට ඇද දමාවි යැ‍යි අප විශ්වාස කරන නිසා."

    ජනමත විචාරණයේදී ජනතාවගේ බහුතරයක් කැමැත්ත පළ කලොත් ස්වාධීන වීමට තීරණය කරන්නේද යන්න ජූලි මාසය වන විටත් ඉරාක කුර්දිස්ථාන ආණ්ඩුව සහතික කර නොතිබුණි.පශ්චාත් ISIS කාල සමයේ වැඩි බලතල ලබාගැනීමට ඉරාක රජයට බලපෑම් කල හැකි උපාංගයක් ලෙස ජනමත විචාරණය භාවිතා කරාවි යැයි විශ්වාස කෙරේ.

    කුර්දි ආණ්ඩුව විශාල වශයෙන් ඉරාක රජයේ මූල්‍යමය සම්පත් මත යැපේ.ඒ නිසා ඉරාකයෙන් වෙන්වීම වඩාත් අසීරු කර්ත්ව්‍යයක් වේ.කුර්දිස්ථානය ඉරාකයෙන් වෙන්වී යෑම ඉරාක ෂියා සහ සුන්නි ජනයාගේ දැඩි විරෝධයට හේතු වේවි යැ‍යි අල්-ඇමෙරි සඳහන් කර තිබේ.




    zmswKZr.jpg
    මේජර් ජෙනරල් යර් ගෝලාන්​

    ඊශ්‍රායල ආරක්ෂක හමුදාවල උප ප්‍රධානී මේජර් ජෙනරල් යර් ගෝලාන් සැප්තැම්බර් 7දා එක්තරා රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ මහා කුර්දිස්ථානය(සිරියාව,ඉරාකය,ඉරානය සහ තුර්කිය යන රටවල කුර්දි ජනයා බහුලවය වාසය කරන ප්‍රදේශය)ස්ථාපනය කිරීම මැදපෙරදිග ස්ථාවර වීමට හේතුවක් වනු ඇති බවයි.කුර්දිස්ථාන කම්කරු පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන්නේය යන්න සිය පෞද්ගලික අදහස බවද ඔහු කීය.

    පහත දැක්වෙන්නේ කුර්දිස්ථානයේ මායිම් පෙන්වන සිතියම් වලින් එකකි.

    egxMIgW.jpg


    සිරියා-ඊශ්‍රායල පෙරමුණේ සිටින ISIS ත්‍රස්තවාදීන් තමන් දුටුබවත් ඔවුන් මැඩ පැවැත්වීමට හැකිබවත් සඳහන් කරයි.නමුත් ISIS සංවිධානය සමග සංසන්දනය කරද්දී ඉරානය,ඊශ්‍රායලයට බලවත් තර්ජනයක් යැයි ජෙනරල්වරයා කියයි.ඔහු ඉරානය ගැන මෙසේ අදහස් දැක්වීය.

    "ඉරාන ජාතිකයෝ දියුණුයි.ඔවුන් ශිෂ්ඨාචාරයේ ඉහළ තැනක සිටියි.ඔවුන් සතුව හොඳ අධ්‍යාපන යටිතල ව්‍යුහයක්,හොඳ කර්මාන්ත,දක්ෂ විද්‍යාඥයින් සහ හැකියාවන්ගෙන් යුක්ත තරුණ පිරිස් රැසක් සිටියි.ඔවුන් අපිට බොහෝ සමානයි.ඔවුන් අපිට සමාන නිසාම තමයි ඉතාම භයානක වෙන්නෙත්."

    ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ ඉරානයට අපිට බලපෑම් කල හැකිසේම අපිටද ඔවුන්ට බලපෑම් කල හැකිය.කෙසේවෙතත් එක්සත් ජනපදයේ උදව් නොමැතිව ඉරානයට එරෙහිව බරපතල ක්‍රියාමාර්ගයක් ගැනීමට ඊශ්‍රායලයට හැකියාවක් නැතැයි ජෙනරල්වරයා කීවේය.

    "අපිට පුලුවන් හිස්බුල්ලා සංවිධානයට එරෙහිව තීරණාත්මක ජයග්‍රහණයක් ලබාගන්න..සිරියාවේ ඕනෑම ෂියා සටන්කාමී කණ්ඩායමක් පරාජය කරන්නට අපිට පුලුවන්... නමුත් අපිට තනිවම ඉරානය සමග සටන් කරන්න බැහැ."


    ජෙනරල්වරයාගේ ප්‍රකාශ ඊශ්‍රායල රජයේ නිල ආකල්ප යැ‍යි ගත නොහැකි වුවද කුර්දීන් සහ ඉරානය සම්බන්ධ ඔහුගේ අදහස් ඊශ්‍රායල රජයේ වර්තමාන ප්‍රතිපත්ති පැහැදිලිවම ආවර්ජනය කරයි.




    Yxnc6Ls.jpg
    අයිලෙට් ෂෙක්ඩ්​

    ප්‍රති-ත්‍රස්තවාදී ජාත්‍යන්තර සමුලුවකදී 2017 සැප්තැම්බර් 11දා ඊශ්‍රායල අධිකරණ අමාත්‍යවරිය වන අයිලෙට් ෂෙක්ඩ් කියා සිටියේ ඉරාක කුර්දිස්ථාන කලාපය ස්වාධීන රාජ්‍යයක් වීමේ අදහසට ඊශ්‍රායලය සහාය පළ කරන බවයි.

    "ඊශ්‍රායලය සහ බටහිර රටවල් කුර්දිස්ථානය පිහිටුවීම සම්බන්ධව අධික ආශාවකින් පසුවේ.මෙම ක්‍රියාවලියට එක්සත් ජනපදයේ සහාය ලබාදීමට කාලය පැමිණ ඇතැයි මම සිතනවා."​

    ඇය මෙම ප්‍රකාශය සිදුකලේ ඉරාකයෙන් කුර්දිස්ථානය වෙන්වීම සම්බන්ධ ජනමත විචාරණය 2017 සැප්තැම්බර් මස 25 දා පැවැත්වීමට තීරණය කර තිබේ යැ‍යි නිවේදනය කිරීමත් සමගයි.කුර්දිස්ථානය ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය යුතු යැ‍යි ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කල ප්‍රථම වතාව මෙය නොවේ.ඊශ්‍රායලය අපේක්ෂා කරන්නේ කුර්දිස්ථානයේ බිහිවීම කලාපයේ බලතුලනයට හේතුවක් වේ යැ‍යි කියාය.තවද නව රාජ්‍යය ඊශ්‍රායලට මිත්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරාවි යැ‍යි ඔවුන් විශ්වාස කරයි.2016 වර්ෂයේදීද මෙම ඇමතිවරිය කුර්දිස්ථානයේ ස්වාධීනත්වය ගැන ප්‍රකාශයක් සිදුකර තිබිණි.




    BhLEIvY.jpg
    ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීමට එක්වූ ෂියා මුස්ලිම් තරුණයෙක් මුහුණු ආවරණයක් සහිතව​

    සැප්තැම්බර් මස 25 දාට යොදාගෙන තිබෙන කුර්දිස්ථානයේ ස්වාධීනත්වය වෙනුවෙන් පත්වන ජනමත විමසුමට එරෙහිව සැප්තැම්බර් මස 12දා ඉරාක පාර්ලිමේන්තුව සිය මනාප පළ කරන ලදි.ඉරාකයේ එක්සත්භාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් එහිදී අවසර ලැබිණි.ඒ අනුව කුර්දි ස්වයංපාලන රජය විසින් ක්‍රියාත්මක කරන ඉරාකයේ ඒකීයත්වයට හානිකරන ඕනෑම පියවරකට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ අයිතිය දැන් ඉරාක අගමැතිවරයාට ලැබී තිබේ.ඉරාක පාර්ලිමේන්තුව නියෝජනය කල කුර්දිස්ථාන ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයෝ මෙම අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ නොකරම මන්ත්‍රණ සභාවෙන් බැහැරට ගොස් තිබේ.




    urgYTzj.jpg
    බෙන්ජමින් නෙතන්යාහු​

    මැදපෙර දිග ස්වාධීන කුර්දි රාජ්‍යයක් පිහිටුවීමට ඊශ්‍රායලයේ නිල සහාය ලැබෙන බව එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරන ලදි.මේ සම්බන්ධව ප්‍රකාශයක් ඊශ්‍රායල අගමැති කාර්යාලය මගින් නිකුත් කර තිබිණි.ඒ අනුව කුර්දිස්ථාන රාජ්‍යයට සහාය පළ කල ප්‍රථම රාජ්‍යය නායකයා වන්නේ බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයාය.

    qlS0kyJ.png

    "හමාස් ත්‍රස්තවාදී සංවිධානයට සහාය දෙන තුර්කියට, විරුද්ධව සටන් කරන කුර්දිස්ථාන කම්කරු පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් යන්න ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරනවා.ඊශ්‍රායලය ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයක් ප්‍රතික්ෂේප කරනවා.තමන්ගේම රාජ්‍යයක් ලබාගැනීමේ කුර්දි ජනතාවගේ නීත්‍යානුකූල පරිශ්‍රමයට ඊශ්‍රායලය සහාය දෙනවා." - නෙතන්යාහු​




    KXREaoJ.jpg
    කිර්කුක් නගරයේ රැදී සිටින කුර්දි සෙබලුන්​

    ලග එන කුර්දිස්ථාන ස්වාධීනත්වයේ ජනමත විචාරණයට එල්ල වන ඕනෑම ප්‍රතිරෝධයක් මැඩලිමට කුර්දිස්ථාන ප්‍රාදේශීය ආණ්ඩුව සුදානම් වේ.සැප්තැම්බර් මස 12දා කුර්දි හමුදාව ඔවුන්ගේ සේනාංක 2ක් කිර්කුක් නගරය සහ ඒ ආසන්නයේ පිහිටා ඇති ටස් කුර්මටු නගරයට යවා තිබේ.කිර්කුක් යනු අරාබි-කුර්දි-තුර්ක්මෙන් නගරයක් වන අතර ටස් කුර්මටු නගරය ෂියා තුර්ක්මෙන් ජනයාගෙන් සමන්විතය.

    ඉරාක බඩ්‍රා සංවිධනයේ තුර්ක්මෙන් අණදෙන නිලධාරියෙක් වන මොහමඩ් අල්-බයට් අනුව මෙම කුර්දි සේනාංක පැමිණ තිබෙන්නේ ජනමත විමසුම වෙනුවෙන් නොව අවි බලය,යුද ටැංකි යොදාගෙන බලහත්කාරයෙන් අරාබීන් සහ තුර්ක්මෙන් ජනයා ජනමත විචාරණයට ගෙන යාම සඳහාය.

    සැප්තැම්බර් මස 11දා ඉරාක පාර්ලිමේන්තුව කුර්දි ජනමත විමසුමට එරෙහිව මනාපය පළ කරන ලද්දේ එය නීතිවිරෝධි යැ‍යි ප්‍රකාශ කරමින්ය.සැප්තැම්බර් මස 12දා එක්සත් ජනපදය සහ අරාබි ලීගය ,ඉරාක රජය,ඉරානය,තුර්කිය සහ සිරියාව සමග එක්ව පැවැත්වීමට නියමිත ජනමත විමසුමට විරෝධය පළ කරන ලදි.

    ඒ අතරතුර ඉරාක මූලාශ්‍ර නිවේදනය කරන්නේ කුර්දිස්ථාන ආණ්ඩුව නියෝජනය කරන පිරිසක් ඊළඟ සති කිහිපය තුල ඉරාක අගනුවර වන බැග්ඩෑඩ් නගරයට පැමිණීමට නියමිත බවයි.එහිදී ඔවුන් නොවිසදුණු එකඟතාවයන් සම්බන්ධව ඉරාකය රජය සමග සාකච්ඡා කරනු ඇතැයි කියවේ.එම කාරණා විසඳුන හොත් කුර්දිස්ථානය වෙනුවෙන් පවත්වන ජනමත විචාරණය අවලංගු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

    කුර්දි හමුදා සේනාංක කිර්කුක් නගරය දෙසට ගමන් කරමින්...

    JBbA4Nd.jpg


    LU38OY6.jpg


    jxYVEOS.jpg


    පසුගිය බ්‍රහස්පතින්දා(සැප්.14)ඉරාක පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් කර්කුක් නගරයේ කුර්දි ආණ්ඩුකාරයා වූ නජ්මල්ඩින් කරිම් තනතුරෙන් පහ කිරීමට තීරණය කලහ.මෙම තීරණයට එළඹුණේ ඉරාක අගමැතිවරයා පාර්ලිමේන්තුවට එවන ලද ලිපියකට අනුවයි.

    0TvxCaT.jpg
    නජ්මල්ඩින් කරිම්​

    ISIS ත්‍රස්තවාදය නිසාවෙන් ඉරාකයේ කුර්දි හමුදා කර්කුක් පලාත් අගනුවර සහ ආසන්න බොර තෙල් වලින් පොහොසත් ප්‍රදේශ අල්ලා ගැනීමට සමත් විය.කුර්දිස්ථාන ප්‍රාදේශීය ආණ්ඩුව ඔවුන් අයිතිවාසිකම් කියන ප්‍රදේශය සාධාරණීකරණය සඳහා යොදාගනියි.




    SRNwaxR.jpg
    බ්‍රැට් මෙග්‍රක්ට​

    ස්වාධීනත්වය වෙනුවෙන් පවත්වන්නට නියමිත ජනමත විචාරණය කල් දමන්න යැ‍යි සැප්තැම්බර් මස 14දා ඉරාකයේ කුර්දිස්ථාන ප්‍රාදේශීය ආණ්ඩුවේ ජනපති වන මසුඩ් බර්සානි හමුවූ එක්සත් ජාතීන්ගේ සංවිධානය,එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ නියෝජිතයෝ ප්‍රකාශ කර තිබේ.කුර්දි බලධාරීන් නිවේදනය කලේ ජනමත විචාරණය සැප්තැම්බර් මස 25දා පවත්වන බවයි.නමුත් විදේශ නියෝජිතයන් කර තිබෙන යෝජනාවට අනුව ජනමත විචාරණය වසර දෙකක් දක්වා කල් තැබීමට සිදුවේ.

    ජනමත විචාරණය හරහා ත්‍රස්තවාදීන්ට එරෙහිව ගෙන යන යුද්ධයට ඝෘණාත්මක බලපෑමක් ඇතිවිය හැකි බවයි ඔවුන්ගේ අදහස.මෙම හමුවට සහභාගී වූ එ.ජා. සංවිධාන විශේෂ නියෝජිත බ්‍රැට් මෙග්‍රක්ට අනුව කුර්දි ජනමත විචාරණය අවදානම් සහගත පියවරකි.මන්ද ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහාය මේ මොහොතේ ලබාගැනීමට නොහැකි නිසාය.

    මෙම යෝජනාව පිළිගන්නේද නැද්ද යන්න කුර්දි බලධාරීන් සමග සාකච්ඡා කර තීරණය කරන බව බර්සානි පවසයි.කෙසේවෙතත් කුර්දි මූලාශ්‍ර වාර්තා කර තිබුණේ ජනමත විචාරණය කල්නොදමන බව බ්‍රහස්පතින්දා දිනයේ පවත්වන ලද මහජන රැළියකදී බර්සානි ප්‍රකාශ කල බවයි.

    mguvmNM.jpg

    ඒ අතරතුර තුර්කි උප අගමැති බෙකිර් බොස්ඩාද කුර්දි ජනමත විචාරණය ගැන සිය අදහස් දක්වා තිබිණි.​

    "බර්සානිගේ ජනමත විමසුම ඓතිහාසික අත්වැරදීමක්.උතුරු ඉරාක ජනමත විමසුම අවලංගු විය යුතුය.එසේ නොවුනහොත් ඊට ප්‍රතිවිපාක විදින්න වේවි."

    සුන්නි,ෂියා,තුර්ක්මෙන් සහ ඇසිරියානුවන් ඇතුලු ඉරාක ජන වර්ග බොහොමයක් කුර්දිස්ථානයේ වෙන්වී යෑමට විරුද්ධය.කුර්දිස්ථාන ප්‍රදේශය වැටලීමට ලක්විය හැකි සහ යුද්ධයකට හේතුවක් විය හැකි මෙම ජනමත විමසුමට බොහොමයක් කුර්දි පක්ෂ සහ සංවිධාන කැමැත්තක් නොදක්වයි.

    f0mWCXh.jpg




    Source:southfront.org

    -HarshaLulzSec-
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කුර්දිස්ථානය හදනවට ඇමරිකන් කැර්‍යො විරුද්ධයි , මොකද උන්ට තෙල් ටික ගන්න බැරිවෙනවා, බොරු පොරොන්දු දිදී කල්මරණවා.


    ------ Post added on Jul 6, 2021 at 2:25 AM