කුර්දි ඇන්ජලීනා ජොලී
සිරියානු කුර්දි මහජන ආරක්ෂක ඒකකයේ(YPG) සටන්කාරියක් වූ විසිදෙහැවිරිදි වියේ පසුවූ බටහිර මාධ්‍ය විසින් "කුර්දි ඇන්ජලීනා ජොලී" නමින් හැඳින්වූ තරුණිය ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් සමග උතුරුදිග සිරියාවේ ඇතිවූ සටනකින් මරණයට පත්වූ බව වාර්තා වේ.අසියා රමසාන් අන්ටාර් යන සැබෑ නමින් හැඳින්වූ ඇය සිය අන්වර්ථ නාමය උපයාගත්තේ ඇගේ ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ වීමත් ඇගේ පෙනුම හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලීට සමානකම් පෙන්වන බව බොහෝදෙනා කීමට පටන් ගැනීමත් සමගයි.අසියා සටන් බිමේ මැෂින් තුවක්කු ක්‍රියාකරවන්නියක් ලෙස සේවය කරන ලදි.
ඇය ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ට එරෙහිව යුද වැදීමට පැමිණ තිබෙන්නේ වයස අවුරුදු 18 දී බවයි කියවෙන්නේ.එතැන් පටන් ත්රස්තවාදීන්ට එරෙහිව ප්‍රධාන සටන් කිහිපයකටම ඇය සහභාගී වී තිබේ.
වසර දෙකකට පෙර කාන්තා ආරක්ෂක ඒකකයට(YPJ) ඇය එක්වී තිබේ.මෙය සම්පුර්ණයෙන්ම කාන්තාවන්ට පමණක් වෙන්වූ ඒකකයකි.මෙම ඒකකයේ දැනට කාන්තාවන් 10,000ක් පමණ සේවය කරන බව වාර්තා වේ.ඔවුන් සිරියාවේ කුර්දි ජාතිකයින් බහුලව වෙසෙන ප්‍රදේශවල ආරක්ෂාව සඳහා යොදවා තිබේ.
සිරියාවේ කුර්දි මාධ්‍යවලට අනුව අසියා මියගොස් තිබෙන්නේ තුර්කි-සිරියා දේශසීමාවේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි පසුකාලීනව මුදාගත් නගරයක් වන මින්බික් නගරයේදීය.ඒ ඇගේ හමුදා කණ්ඩායම සහ ඉස්ලාමීය ත්රස්තවාදීන් අතර ඇතිවූ ගැටුමකදීය.මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙක් පැමිණි මෝටර් රථ කුර්දි ඉදිරි පෙරමුණේදී නවතාදමන්නට උත්සාහ කිරීමේදී ඇය මරණයට පත්ව තිබේ.
YPJ හි ප්‍රකාශකයා වන අණදෙන නිලධාරීනී ෂිරින් අබ්ඩුල්ලාට අනුව අසියා ඇතුලු පිරිස මෝටර් රථ දෙකක් දුර තියා විනාශ කිරීමට සමත්වුවද අවසන් රථය ඔවුන් ආසන්නයේදීම පිපිරීගොස් තිබේ.ඇගේ මරණය පළමුවරට එළිකලේ We Want Freedom For Kurdistan නම් ෆේස්බුක් පිටුවෙනි.
Source:sputniknews.com
-HarshaLulzSec-

කුර්දි සටන්කරුවන් පිරිසක්
මේවන විට කුර්දි හමුදාව වෙනුවෙන් 50,000ක පමණ පිරිස් බලයක් තිබෙන අතර ඉන් 20% පමණ ප්‍රතිශතයක් කාන්තාවන් බවයි වාර්තා වන්නේ.
Source:sputniknews.com
-HarshaLulzSec-