කුර්දි ඇන්ජලීනා ජොලී

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කුර්දි ඇන්ජලීනා ජොලී

    OSoDiet.jpg

    සිරියානු කුර්දි මහජන ආරක්ෂක ඒකකයේ(YPG) සටන්කාරියක් වූ විසිදෙහැවිරිදි වියේ පසුවූ බටහිර මාධ්‍ය විසින් "කුර්දි ඇන්ජලීනා ජොලී" නමින් හැඳින්වූ තරුණිය ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් සමග උතුරුදිග සිරියාවේ ඇතිවූ සටනකින් මරණයට පත්වූ බව වාර්තා වේ.අසියා රමසාන් අන්ටාර් යන සැබෑ නමින් හැඳින්වූ ඇය සිය අන්වර්ථ නාමය උපයාගත්තේ ඇගේ ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ වීමත් ඇගේ පෙනුම හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලීට සමානකම් පෙන්වන බව බොහෝදෙනා කීමට පටන් ගැනීමත් සමගයි.අසියා සටන් බිමේ මැෂින් තුවක්කු ක්‍රියාකරවන්නියක් ලෙස සේවය කරන ලදි.

    jVMUkkd.jpg


    ඇය ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද වැදීමට පැමිණ තිබෙන්නේ වයස අවුරුදු 18 දී බවයි කියවෙන්නේ.එතැන් පටන් ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රධාන සටන් කිහිපයකටම ඇය සහභාගී වී තිබේ.

    2p8X5NC.jpg


    oQ0GZYe.jpg

    වසර දෙකකට පෙර කාන්තා ආරක්ෂක ඒකකයට(YPJ) ඇය එක්වී තිබේ.මෙය සම්පුර්ණයෙන්ම කාන්තාවන්ට පමණක් වෙන්වූ ඒකකයකි.මෙම ඒකකයේ දැනට කාන්තාවන් 10,000ක් පමණ සේවය කරන බව වාර්තා වේ.ඔවුන් සිරියාවේ කුර්දි ජාතිකයින් බහුලව වෙසෙන ප්‍රදේශවල ආරක්ෂාව සඳහා යොදවා තිබේ.

    GyxKP8V.jpg


    RM2wpEy.png

    සිරියාවේ කුර්දි මාධ්‍යවලට අනුව අසියා මියගොස් තිබෙන්නේ තුර්කි-සිරියා දේශසීමාවේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි පසුකාලීනව මුදාගත් නගරයක් වන මින්බික් නගරයේදීය.ඒ ඇගේ හමුදා කණ්ඩායම සහ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අතර ඇතිවූ ගැටුමකදීය.මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙක් පැමිණි මෝටර් රථ කුර්දි ඉදිරි පෙරමුණේදී නවතාදමන්නට උත්සාහ කිරීමේදී ඇය මරණයට පත්ව තිබේ.

    eynV2Zc.png

    YPJ හි ප්‍රකාශකයා වන අණදෙන නිලධාරීනී ෂිරින් අබ්ඩුල්ලාට අනුව අසියා ඇතුලු පිරිස මෝටර් රථ දෙකක් දුර තියා විනාශ කිරීමට සමත්වුවද අවසන් රථය ඔවුන් ආසන්නයේදීම පිපිරීගොස් තිබේ.ඇගේ මරණය පළමුවරට එළිකලේ We Want Freedom For Kurdistan නම් ෆේස්බුක් පිටුවෙනි.

    sSQbigJ.jpg
    කුර්දි සටන්කරුවන් පිරිසක්​

    මේවන විට කුර්දි හමුදාව වෙනුවෙන් 50,000ක පමණ පිරිස් බලයක් තිබෙන අතර ඉන් 20% පමණ ප්‍රතිශතයක් කාන්තාවන් බවයි වාර්තා වන්නේ.​



    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න මචන් මේකෙන් අපිට ඉගන ගන්න හුගක් දේවල් තියනව. මේ රටවල හමුදාවෙ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. මේ රට වල ආමි කෙල්ලො රට වෙනුවෙන් ජීවිත පූජා කරන්න ඕන වලාවක ලෑස්තියි. ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ බන් යුද්ධෙට ඕන ශක්තිය නිර්භීතකම මේ කෙල්ලො ගාව තියනව. ලංකාවෙ යුද්ධෙට ගියේ පිරිමි විතරයි කියල කවුරුත් දන්නවනෙ.
     
    • Like
    Reactions: HarshaLulzSec

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    e kella nam aththtama lassanayi :sorry::sorry:

    සිරාවටම . ලංකාවෙ මේකප් උලා ගත්ත නිළියන්ට වඩා 10 ගුණයක් ලස්සන natural beauty එකක් තියෙනවා.
    අපේ ආගමේ හැටියට කියන්න තියෙන්නෙ නිවන් සැප ලැබේවා කියල තමයි.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරාවටම . ලංකාවෙ මේකප් උලා ගත්ත නිළියන්ට වඩා 10 ගුණයක් ලස්සන natural beauty එකක් තියෙනවා.
    අපේ ආගමේ හැටියට කියන්න තියෙන්නෙ නිවන් සැප ලැබේවා කියල තමයි.
    සිරාවටම මචන්. මේ වගේ කතාවක් අහනකොට මාරම ගැම්මක් මචන් එන්නෙ. ලංකාවෙ දෙවුන්දර තුඩුවෙ ඉදන් පේදුරු තුඩුවට ගියත් මෙහෙම ලස්සන කෙල්ලෙක් හොයාගන්න බෑ. ලංකාවෙ ගෑනුන්ගෙ මේකප් විතරයි ඇති ලස්සනක් නෑ. ලස්සන විතරද බන් උන්ගෙ රටවල යුද්ධ කරද්දි වැඩියෙන් කරන්නෙ කෙල්ලො සුපිරිම කෙල්ලො මචන් ඒගොල්ලො. ලංකාවෙ ආමි එකේ තමා කැඩෙට් යන්න විතරක් ගෑනු ටිකක් ඉන්නෙ. මේ රටවල ගෑනු යුද්ධ කරනව් බය නැතුව.
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඔය කිව්වට මෙහෙත් පට්ට කැබලි ඉන්නේ ඔය පොලිසි වල එහෙම rep +++
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Kurdish un lassanai ban
    ලස්සන විතරද බන් බලන්නකො වැඩ. ලංකාවෙ වගේ පොඩි දෙයක් උන ගමන් නාහෙන් අඩන ගෑනු නෙමේ මෙයාල.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඈත්ත කේස් එක මචන් ගෑනියෙක්ගේ අතින් මලහම මුන්ට දිවය ලොකේ යන්න බෑලු. අර කන්යාවියො එහෙම ඉන්නේ. ඉතින් මුන් මේ ගෑනුන්ට හෙන බයයිලු. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරාවටම . ලංකාවෙ මේකප් උලා ගත්ත නිළියන්ට වඩා 10 ගුණයක් ලස්සන natural beauty එකක් තියෙනවා.
    අපේ ආගමේ හැටියට කියන්න තියෙන්නෙ නිවන් සැප ලැබේවා කියල තමයි.

    ow macho.
    lankawe niliyo nemeyi ban inne ganikawo set ekak,
    meya wagema ara ehayin inna anik ekith lassanayi,
    niwan suwa .
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ow macho.
    lankawe niliyo nemeyi ban inne ganikawo set ekak,
    meya wagema ara ehayin inna anik ekith lassanayi,
    niwan suwa .
    මුන් එක්ක බලනකොට ලංකාවෙ ඉන්නෙ ගෑනුද බන්. ලංකාවෙ ඉන්නෙ වැදිරියොනෙ බන්.
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    කුර්දි ජනතාව ගැන ලියවුන නූල් කිරියේ නැද්ද මචංලා?
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    කුර්දි ජනතාව ගැන ලියවුන නූල් කිරියේ නැද්ද මචංලා?

    ubatalath kellek dakka gamag thamai ithihaseth one wenne........

    meke comments tika bala hoyaganda puluwan meke inna kibisiban tika.....