කුරාණය තේරුම් ගැනීම.
කුරාණය තේරුම් ගැනීම.
අල්-කුර්ආනය (පහසුවට කුරාණය ලෙස හඳුන්වමු) යනු මුස්ලිම්වරුන්ගේ ආගමික පුස්තකය බව හැමෝම දන්නා කරුණකි. එළකිරියේ වුවද එය කෙතරම් කතා බහට ලක්වන පුස්තකයක්ද කිවහොත්, මුස්ලිම් නොවන අය පවා එයින් උපුටා දක්වමින් සංවාද වලට සහභාගී වීම සුලබ දසුනකි. වෙන කිසිම ආගමික පුස්තකයක් සම්බන්ධයෙන් එවැන්නක් දැකිය නොහැක. එලෙස වැරදි සෙවීමේ චේතනාවෙන් වුවද මෙම පුස්තකය කියවූ අය, ඔවුන්ගේ ජීවිතයේ මගපෙන්වීම බවට එයම පත් කරගත් අවස්ථාද බොහෝය.
මෙතන කතා කරන්නේ කුරාණය තේරුම් ගැනීමේ චේතනාවෙන් කියවන අය ගැනය. කුරාණය ඇත්තේ අරාබි භාෂාවෙනි. එය පහල වූයේ තනි පුස්තකයක් ලෙස එකම අවස්ථාවකදී නොවේ. අවුරුදු 23ක් තිස්සේ, යම් අවස්ථාවක වාක්‍ය එකක් හෝ කීපයක් ලෙස කාලෙන් කාලෙට, අවශ්‍යතාව අනුව, නබිවරයා සහ අනුගාමිකයන්ගේ මගපෙන්වීම සඳහා පහල කරන ලදී. එම වාක්‍ය නබිතුමා හරහා අනුගාමිකයින් විසින් ඉගෙනගෙන පිළිපදින ලදී. එලෙස වසර ගානක් තිස්සේ පහල වූ කුරාණය පුස්තකයක් ලෙස සංරක්ෂණය වීම පිළිබඳ කෙටි සටහනක් දක්වා ඇති තැනක් මෙතැන ඇත:
-->> http://www.elakiri.com/forum/showthread.php?t=1536400
එනිසා, මෙලෙස විවිධ අවස්ථාවලදී මිනිසාට මග පෙන්වීමට පහල වූ (දැන් පුස්තකයක් ලෙස ඇති) කුරාණය තේරුම් ගැනීමේදී කරුණු රාශියක් දෙස අවධානය යොමු කල යුතුයි. මෙතනදී කෙටියෙන් කතා කරන්නේ එයින් වැදගත් කරුණු දෙකක් ගැනය.
1) භාෂාව
කුරාණය ඇත්තේ අරාබි භාෂාවෙනි. කුරාණයේ වෙනත් භාෂාවකින් ඇති පරිවර්තනයක් ගතහොත්, කුරාණයේ අර්ථ දැක්වීම අනුවම එය 'කුරාණය' යැයි සැලකීමට වඩා එය කුරාණයේ අර්‍ථය ගෙනහැර පෑමට ගත් උත්සාහයක් ලෙස සැලකීම උචිතය. එයට හේතුව, අරාබියෙන් ඇති කුරාණය, එහි ශෛලිය සහ අර්ථය යන දෙකම එකලෙස රැකෙන පරිදි වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම අපහසුය. අර්ථය පමණක් ගත්තද, සමහර අරාබි වචන වල අදාල තේරුම් සියල්ලම කැටිකර වෙනත් භාෂාවකින් එකවරම ලිවීම අසීරුය. තවද, පරිවර්තනය මගින් අරාබි තේරුම ලබා ගැනීමට බොහෝ තැනවල වරහන් සහිතව වචන දැමීමටද සිදුවේ. ඒ ගැන අදහසක් මෙතැනින්: -->> http://www.elakiri.com/forum/showpost.php?p=14534770&postcount=2
එනිසා, කුරාණය නිවැරදිව තේරුම් ගැනීම සඳහා පරිවර්තනයක්ම පමණක්ම යොදාගැනීම උචිත නොවේ. එහෙත් අරාබි භාෂාව පමණක් දැනගැනීමද හැමවිටම ප්‍රමාණවත් නොවේ.
2) පහල වූ හේතුව [Cause of Revelation] (සබබුන් නුzසූල්)
සමහර කුරාණ් වාක්‍ය පහල වීමට හේතුවක් හෝ සිද්ධියක් පසුබිම් වී ඇති අවස්ථාද ඇත. එවැනි පරිච්ඡේද/වාක්‍ය කුරාණයේ අඩංගු වුවද එහි පසුබිම ගැන පැහැදිලිව කුරාණයේ බොහෝ තැන්වල කියා නැත. එනිසා එම වාක්‍යයට අදාල පසුබිම ගැන අදහසක් නැතිව, අදාල වාක්‍යයෙන් අදහස් කරන දෙය එකවිටම පැහැදිලි වීම අපහසු වේ. එම වාක්‍යයෙන් අදහස් නොකරන වෙනත් වැරදි අර්ථයක්ද එයින් ගම්‍ය විය හැකිය. එනිසා, කුරාණය තේරුම් ගැනීමේදී කුරාන් වාක්‍ය පහළ වූ පසුබිම දැන ගැනීම ඉතා වැදගත් කරුණකි.
*එවැනි සලකා බැලිය යුතු වෙනත් කරුණුද ඇත. සාමාන්‍යයෙන් ඕව ගැන සවිස්තරව ඉගෙනගන්නේ විද්වතුන් වීමට ඉගෙන ගන්නා ශිෂ්‍යයන් විසිනි.
අප වැනි සාමාන්‍ය අය බොහෝ දෙනෙකුට අරාබි කියවීමේ හැකියාව තිබුනද එම භාෂාව තේරුම් ගැනීමේ හැකියාවක් නැත. පරිවර්තනයක් කියවීමෙන් පමණක් අදාල වාක්‍ය පහළ වූ හේතූන් ගැන දැනගත නොහැකිය. එනිසා, එයට පිළියමක් වශයෙන් අපට ඇති ක්‍රමයක් නම් කුරාන් අර්ථ විවරණයක (අප දන්නා භාෂාවක පරිවර්තනයක්) ආශ්‍රයෙන් කුරාණය තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. එම අටුවාවන් වල කුරාන් වාක්‍යයන්ට අදාල පසුබිම සහ එහි නිවැරදි අදහස ගැන විග්‍රහ කර ඇති නිසා කුරාණය තේරුම් ගැනීම පහසු වේ. එය කෙසේ වෙතත්, කුරාණය නිවැරදිව තේරුම් ගැනීමේදී වැදගත් වන ප්‍රබලම කරුණ නම් පිරිසිදු සහ විවෘත සිත බව අමතක කල හැකි නොවේ.
කුරාණය පිළිබඳ ලියා ඇති අටුවාවන්/අර්ථ විවරණයන් බොහෝය. බොහොමයක් ඇත්තේ අරාබි භාෂාවෙනි. සමහර ඒවා ගැඹුරු අර්ථ කථනයන් බොහෝමයක් අඩංගු විශාල ඒවා වන අතර තවත් සමහරක් සංක්ෂිප්තව ලියා ඇති. එයින් සමහර ඒවා (උදා: ඉබ්නු කසීර්, ජලාලයින්..) ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇත. උරුදු භාෂාවෙන් ලියා පසුව ඉංග්‍රීසියට පරිවර්තනය කල එකකි "ම'ආරිෆුල් කුර්ආන්". (මෙම කෙටි ලිපිය ලියා ඇත්තේ එහි පෙරවදන ඇසුරෙනි).
එනමුත් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කුරාන් අටුවාවකට දැනගන්නට ඇත්තේ 'තෆ්හීමුල් කුර්ආන්-අර්ථ විවරණය' යි. එය, පිළිගත් අටුවාවන් වල තත්වයට (standard) නොමැති බවත්, එහි තැන් කීපයක විග්‍රහ කර ඇති අර්ථයන්හි කුඩා දෝෂ ඇති බව සමහර විද්වතුන්ගේ මතයයි. ඒ කෙසේ වෙතත් අප වැනි සාමාන්‍ය අයට, කුරාන් අර්ථ විවරණයක් යනු කුමක්ද යන්න අදහසක් ලැබීමට එය ප්‍රමාණවත් වේ යැයි සිතමු. (කොහොමත් වෙන එකක් ඇත්තෙත් නෑ, දන්න විදිහට..). එහි online වර්ෂන් එකේ ලින්ක් එක මෙතන දමමි.
alquranaya.com {*කුරාණයේ සූරාහ් (පරිච්ඡේද) 114 ක් ඇත. පටන් ගැනීම සූරාහ් 001 සිටය.}
[සැ.යු. කුරාන් අටුවාවක සෑම එකක්ම තොත්ත බබෙකුට කියාදීමට මෙන් ලියා නැත. ඉස්ලාමයේ මූලික සිද්ධාන්ත පිළිබඳ දැනුමක් තිබිය යුතුය. එනිසා, මුස්ලිම් නොවන අය මේවා කියවීමෙන් කුරාණය ඉතා හොඳින් තේරුම් ගනීවි යයි බලාපොරොත්තු විය නොහැක. (එහෙත් යම් අදහසක් නම් ගත හැකිය.). එසේනම්, කුරාන් පරිවර්තනයකින් පමණක් වාක්‍ය කෑලි උපුටාගෙන කුරාණය වටහාගන්න හදන අය ගැන කවර කතාද?
]

machan oya budu pilime hisa uba tiyenne hisa kes...methana ube moda kama pradarsnaya karanna epa...