11-20. මහපොළොවෙහිදී (අල්ලාහ් පරාජය කිරීමට) ඔවුනට නොහැකි විය. තවද, අල්ලාහ්ට එරෙහිව ඔවුනට පිහිට වන්නෝද නොවූහ. ඔවුනට දඬුවම දෙගුණ කරනු ලබන්නේය. (සත්‍යය) ශ්‍රවණය කිරීමට ඔවුනට නොහැකි විය. තවද, ඔවුහු (එය) නොදුටහ.
11-21. ඔවුහුමය තමන්ටම හානි කරගත්තෝ. තවද, ඔවුන් බොරු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් ගිලිහි ගොස් ඇත.
11-22. (එහිලා) සැකයක් නැත. නියත වශයෙන් පරලොවදී අන්ත පරාජිතයෝ ඔවුහුමය.
11-23. විශ්වාස කරමින් යහකම් කළ, තවද තම රබ්(පරමාධිපති) වෙත බැගෑපත් වූ අය (වන) ඔවුහු ස්වර්ගවාසීහු වෙති. ඔවුහු එහි සදාකල් වෙසෙති.
11-24. මෙම දෙකොටසෙහි උපමාව අන්ධයා හා බිහිරාටද දකින්නා හා අසන්නාටද සමානය. මෙම දෙකොටස එක සමාන වේද? (මේ ගැන) නුඹලා තකන්නේ නැතිද?