එසේනම් ඔබ පැවසූ ආකාරයෙන් දෙවෙනි වැකිය නිවැරදි බව පහත තිබෙන ඔබගේ ප්රකාශයෙන් සඳහන් වේ
පළවෙනි වැකියේ ඔබට ගැටළුව තිබෙන්නේ මී මැස්සා මෙම වැකියේ සඳහන් නොවුනු තැන්වල ජීවත්වීම හේතුවෙන්ය. එය මෙයින් ඔප්පුවෙයි.
ඔබ කීවේ මී මැස්සා කඳුවල විතරක් නොව ගල් මතද ගුහා තුලද ජීවත්වෙන බවයි. ගලටත් කඳටත් තිබෙන වෙනස්කම කුමක්ද කියා ප්රථමයෙන් බලමු. සාමාන්යෙන් අපි කඳක් කියන්නේ කුමකටද? විශාල කලක් පෘතිවියේ පිහිටා තිබුණොහොත්, එයටයි අපි කඳක් කියා පැවසෙන්නේ. එසේනම් ගලත් කඳත් වෙනස්වෙන්නේ මේ දෙකේ අතර ඇති ප්රමාණයෙන් මිසක් දෙකම එකහා සමානය.
දෙවෙනුව ඔබ පැවසුවේ මීමැස්සන් ගුහා තුලද ජීවත්වෙන බවයි. මට පුදුමයට පත්වෙන කාරණය වෙන්නේ, ඔබ ගුහාවක් තිබෙන්නේ කොහෙද කියලාවත් දැනගෙන නොතිබීමයි. ඔබ නොදැනුව පවසනවද, නැතොහොත් ඕනේවටම පවසනවද කියා මට තේරුම්ගන්නට නොහැක