කුරුණෑගල තරුණයා ඝාතන අභිරහස: පලිගැනීමක් බව හෙළිවේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    kurunegala-murder

    දින පහළොවක කාලයක් තිස්සේ 'සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති, අවුරුදු තිහක් තිහක් වයස තරුණයා ඝාතනය කර තිබියදී, ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකි වූයේ, බුලත් විට වෙළෙන්දන් සහ පරණ බඩු මුට්ටු මිලදී ගැනීමට පැමිණි අය ලෙස වෙස් වලාගත් පොලිස් කණ්ඩායමක්, එම තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට හවුල් වූ අයකු අත්අඩංගුවට ගැනීමට සමත් වීම නිසාය.මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිගිති නමැත්තාගේ මස්සිනාය. සිගිති නමැත්තාගේ මස්සිනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත හලාවත, මාදම්පේ පණිරෙන්ඩාව වන රක්ෂිතයේ සිරුර සඟවා තිබියදී ඊයේ සොයාගනු ලැබුවේ, කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංගයේ පොලිස් කණ්ඩායමක් විසිනි.

    මළ සිරුර සොයා ගන්නා විටත් එය හඳුනා ගැනීමට නොහැකි වන ලෙස මස් දිය වී ගොස් තිබිණි. ජයවංශ නමැත්තා අබිරහස් ලෙස අතුරුදන් වූ දිනයේ සිටම සිගිති නමැත්තා, ඔහුගේ බිරිය, දරු තිදෙනා සහ මස්සිනා ද අතුරුදන්ව සිටියහ. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතාට ලබා දී ඇත.සිඟිති නමැත්තාගේ මස්සිනා කොටු කරගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවේ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සහ කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් අනුව, කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමරසිංහ මහතාගේ සහ කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි වසන්ත හේරත් යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේය.


    කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, යාචකයන්, බුලත් විට වෙළෙන්දන්, පරණ බඩු මිලදී ගන්නා අය සහ වෙළෙඳසල්වලට බඩු බාහිරාදිය දී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් ලෙස පොලිස් නිලධාරීන් 18 දෙනකු පමණ වෙස් ගන්වා, කුලියාපිටිය නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල තැනින් තැන යොදවා ඇත්තේ සිඟිතිගේ මස්සිනා කොටු කරගැනීම සඳහාය.

    කුලියාපිටිය නගරයේ හෝටලයක් අසලට පැමිණ රැඳී සිටියදී සිඟිති නමැත්තාගේ මස්සිනා කොටු කර ගත්තේ, වෙස් වලාගෙන සිටි කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිගිති නමැත්තාගේ දියණිය සමග ජයවංශ නමැත්තා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බව කියන අතර, ඇයගේ වයස අවුරුදු 17කි. ඇය ගැබිනියක් වී ඇති බව දැනගැනීමෙන් පසු සිඟිති නමැත්තා තම දියණියව ජයවංශට විවාහ කර දෙදෙනා විදෙස්ගත කිරීමට සැලසුම් කර තිබී ඇත. අත්අඩංගුවට ගත් සිගිතිගේ මස්සිනාගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතා විසිනි.

    “මගේ සහෝදරිය විවාහ ඉන්නේ සිගිති නමැත්තා සමගයි. මස්සිනාගේ අවුරුදු දාහතක් වයස දියණිය ජයවංශ නමැත්තා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම නිසා ඇය ගැබ් ගෙන ඇති බව දැනගත් පසු ජයවංශට දියණිය සමග විවාහ වන ලෙස කිහිප වරක්ම මගේ මස්සිනා දැනුම් දුන්නා. ඔහු දරුවාගේ පියා බවට පිළිගත්තේම නැහැ.

    මේ වැඩේට වැලිමඩ ප්‍රදේශයෙන් ගෙන්වා ගත් මගේ මස්සිනාගේ මිතුරන් දෙදෙනා ද හවුල් වුණා. පසුගිය 22 වැනිදා ජයවංශට මස්සිනාගේ ගෙදරට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. ඒ අනුව ඔහු ගෙදර ආවා. ඊට පස්සේ ඔහු අල්ලා අත් පා ගැට ගසා, කෑගැසීමට නොහැකි වන ලෙස කට ද බැඳ දැමුවා. ඊට පස්සේ මා විසින් කුලියට ගත් වාහනයේ දමාගෙන ඔහුව මාදම්පේ පණිවරෙන්ඩාව රක්ෂිත වනාන්තරය ළඟට කැඳවාගෙන ආවා. ඊට පසු ඔහුව වාහනයෙන් බිමට බස්සවා කැලෑව තුළට අරගෙන ගොස් දස වධ දී පසුව ගෙල මිරිකා මරා දැමුවා." යැයි සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇතැයි කියති.


    “ඊට පස්සේ වැලිමඩ ප්‍රදේශයෙන් ගෙන්වා ගත් මස්සිනාගේ මිතුරන් දෙදෙනා පිටත් කර යැව්වා. ඊට පස්සේ මස්සිනයි මමයි සිගිතිගේ අවුරුදු දාහතක් වයස දියණියයි අනික් දරුවන් දෙදෙනයි ආනමඩුව, ආඬිගම, පොළොන්නරුව යන ප්‍රදේශවල සැඟව සිටියා. පොළොන්නරුවේ සැගවිලා ඉන්න කාලයේ, කුලී පදනම මත ඉල්ලාගෙන ආ වෑන් රථය මම තනියම පදවාගෙන ඇවිත් විල්ගමුව ප්‍රදේශයේ අතහැර දමා පලා ගියා," යැයි සිගිතිගේ මස්සිනා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් කියා ඇතැයි දැනගැනීමට ඇත.

    ජයවංශ නමැත්තා සිගිති නමැත්තාගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතරවාරයේ තවත් තරුණියක් සමග ද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි.ඇය ද ගැබිනියක් වී ඇති අතර, පසුව එම දරු ගැබ ජයවංශ නමැත්තාගේ ද අනුදැනුම ඇතිව ගබ්සා කර තිබෙන බව ද පොලිස් පරීක්ෂණවලින් තොරතුරු හෙළි වී ඇත.

    ජයවංශ නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමෙන් අනතුරුව සිගිති නමැත්තා ඔහුගේ මිතුරන් දෙතුන් දෙනෙකුට "දුව වෙනුවෙන් මම මගේ යුතුකම ඉටු කළා” යැයි පවසා ඇතැයි ද පොලිසියට දැනගැනීමට ලැබී තිබේ.සිගිතිගේ බිරිය සහ දරු තිදෙනා ඉන්නා තැනක් කීමට සිහිතිගේ මස්සිනා කියන්නට දන්නේ නැත.ඔවුන් සොයා ගැනීමට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

    පෙම්වතියගේ පියාගේ කැඳවීමක් අනුව ඇගේ නිවෙසට ගිය තම පුතා අතුරුදන්ව සිටින බවට ඔහුගේ මව වන වලකුඹුරුමුල්ල වෙරළුගම ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රානි විජයලතා නමැත්තිය කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කළේ පසුගිය 22 වැනිදාය.විමර්ශනවලින් හෙළි වූ තොරතුරු මත වැලිමඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ, කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පතිරාජ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

    වැලිමඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම අපරාධය කිරිම සඳහා ආධාර අනුබල දුන් බව කියන සිගිති නමැත්තාගේ වයෝවෘද්ධ මව, සිහිතිගේ බිරියගේ පියා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, මේ වන විට පසු වන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේය.ම
    ෙම සිද්ධියට අදාළව වයඹ හිටපු ප්‍රධාන ඇමැති, නීතිඥ අතුල විජේසිංහ මහතාගෙන් ද පසුගිය සතියේ පොලිසිය පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර, ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

    ජයවංශ නමැත්තා පැහැර ගැනීමට පෙර දිනයේ සිගිති නමැත්තා තමාට දුරකතනයෙන් කතා කර දුවට ඇති වී තිබෙන ප්‍රශ්නයක් ගැන දැනුම් දුන් බවත්, ඒ අවස්ථාවේ තමා ඔහුට පොලිසියේ පැමිණිලි කර නීතියේ පිහිට පතන ලෙස දැනුම් දුන් බවත්, හිටපු ප්‍රධාන ඇමැතිවරයා පොලිසියට ප්‍රකාශ කරමින් පවසා ඇත.සිඟිති නමැත්තා කාලයක් මෙම හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ රියැදුරකු ලෙස ද සේවය කර ඇතැයි කියති.

    පොලිසිය පවසන ආකාරයට සිඟිති නමැත්තා ළඟ යහමින් මුදල් ගැවැසී තිබේ. වාහන කුලී පදනම මත ලබා දෙන කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ස්ථානයකින් සිගිති නමැත්තාගේ මස්සිනා මුලින්ම කාර් රථයක් ලබාගෙන, පසුව එය නැවත එම ස්ථානයට භාර දී දින දෙකක කාලයකට සඳහා යැයි කියමින් වෑන් රථයක් රැගෙන ගොස් තිබූ අතර, එම වෑන් රථය මාතලේ විල්ගමුව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී විල්ගමුව පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

    මෙම වාහන දෙකේම ලේ යැයි සැලකිය හැකි රතු පැහැති පැල්ලම් තිබී අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන, ඒවායේ සාම්පල් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යැවීමට කටයුතු යොදාගෙන යයි. සිගිති නමැත්තාගේ නිවෙසේ බිම සහ කැත්තක ද ලේ යැයි සිතිය හැකි පැල්ලම් තැවැරී තිබී සොයාගනු ලැබුවේ කුලියාපිටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.සිගිති නමැත්තා මාර්ගයෙන් නීතිඥවරුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට භාර වීමෙන් පසු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා නියෝග කළේය.
    (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මත්රීපාල ත් දියානියගේ පෙම්වත් පාසැල් සිසුවෙකු මැරුවා කියනවා වාහනේ කට යට කරලා ඇක්සිඩන්ට් එකක් විදිහට. ...ඕවා හැමෝටම කරන්න බැහැ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    කොටලා කොටලා අන්තිමට කෙහෙල් ගහට කෙටුවා ජයවංශයා. ගෑනුන්ට දුන්න ගින්දර, අත පය ගැට ගහලා දස වධ විදියට මැරෙන්න මොහොතකට කලින් ඌටත් හම්බුනා. Karma is a Bitch.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අනුකම්පාවක් නැහැ
    හොද වැඩෙ ඕකට




    කොටලා කොටලා අන්තිමට කෙහෙල් ගහට කෙටුවා ජයවංශයා. ගෑනුන්ට දුන්න ගින්දර, අත පය ගැට ගහලා දස වධ විදියට මැරෙන්න මොහොතකට කලින් ඌටත් හම්බුනා. Karma is a Bitch.

    exactly
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,932
    113
    ප*යාගල
    sorry.com
    කොටලා කොටලා අන්තිමට කෙහෙල් ගහට කෙටුවා ජයවංශයා. ගෑනුන්ට දුන්න ගින්දර, අත පය ගැට ගහලා දස වධ විදියට මැරෙන්න මොහොතකට කලින් ඌටත් හම්බුනා. Karma is a Bitch.
    Exactly 💯
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    කොටලා කොටලා අන්තිමට කෙහෙල් ගහට කෙටුවා ජයවංශයා. ගෑනුන්ට දුන්න ගින්දර, අත පය ගැට ගහලා දස වධ විදියට මැරෙන්න මොහොතකට කලින් ඌටත් හම්බුනා. Karma is a Bitch.
    Karma is a bitch indeed
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    තාත්ත කෙනෙක් විදියට මම වැරැද්දක් දකින්නෙ නෑ ඒ මනුස්සයගෙ. යුක්තියයි නීතියයි එක තැන තියන්න බැරි ප්‍රශ්න ඕවා
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    එකෙක් කර්ම ගෙවනකොට තව පිරිසක් කර්ම පුරව ගන්නව. උඹලත් ඕවට 'හොද වැඩේ' කියල සම්මාදන් වෙන්න එපා.
     
    • Like
    Reactions: aneasarayana