කුරුන්දි ඉඩම් අල්ලති.. ට‍්‍රැක්ටර් දමා හාති..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.

    උතුරු පළාත් සංඝනායක කුරුන්දිය රජමහා විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමි පැවසුවේ පොලිසියේ නියෝග නොසලකා දැනටමත් මෙම ඉඩමෙන් අක්කර භාගයක් පමණ කැණීම් කර ඇති බවය.

    අදාළ පුද්ගලයාට දේශපාලන සම්බන්ධතා ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

    උතුරු පළාතේ මෙවැනි අනවසර කැණීම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂණ සිදු කළත් එවැනි සිදුවීම් තවමත් සිදුවන බව උන්වහන්සේ පැවසූහ.

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubala ranilwa pannala anura genna kalin owa hithanna thibba, dan welapila wedak naha ban

    මුලතිව් කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම හා නටඹුන් වහාම ඉවත් කරන්නැයි අධිකරණ නියෝගයක්…






    මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම් ඇතුලු නටඹුන් වහාම ඉවත් කරන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග දී ඇතැයි කුරුන්දි විහාරයේ විහාරාධාපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් පැවසීය.

    මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවති නඩුවාරයේදී මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා විසින් අදාල නියෝගය ලබාදුන් බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති හිමියන් පැවසීය.

    පසුගිය ජුනි 12 වනදා බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය සහ තාක්ෂණික දායකත්වයෙන් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණය කෙරුනු චෛත්‍යරාජයානන් වහන්සේගේ සධාතුක කරුඩු තැන්පත් කිරීමට නියමිතව තිබුනද එදින ප්‍රදේශවාසීන්ගේ සහ දෙමළ දේශපාලඥයින්ගේ විරෝධතාවක් හේතුවෙන් ධාතු තැන්පත් කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් අතර විරෝධතා කරුවන් විසින් කුරුන්දි විහාරයට එරෙහිව මුලතිව් අධිකරණයේ ගොනුකොට තිබූ නඩුව නැවත විභාගයට ගන්නා ලෙසටද මෝෂමක් මගින් ඉදිරිපත් කොට තිබුණි.

    එහිදී මුලතිව් අධිකරණයේ පැවති නඩුවාර 3 කට පසුව කරුණු සැලකිල්ලට ගත් මුලතිව් මහෙස්ත්‍රාත් වරයා කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම් කටයුතු සියල්ලක්ම ඉවත් කරන ලෙසටත් නැවත කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටත් නියෝග කරන ලදි.

    කෙසේ වෙතත් අදාල මහෙස්ත්‍රාත් අධිකරණයට එරෙහිව මේ වන විට පුරාවිධ්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නීතිපතිවරයාට කරුනු දක්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් වැඩිදුරටත් පැවසීය.

    ඉතා ඉහල වූ පුරාවිද්‍යා වටිනාකම ඇති වර්ථමානයේ කුරුඳුමලෙයි ලෙසින් හඳුන්වන මෙම පූජා භූමිය කුරුන්දාශෝක සහ කුරුන්දපාසක නමින් හඳුන්වා ඇති බවට මහාවංශයේ සඳහන් වෙයි. එමෙන්ම කුරුන්දක, කුරුන්ද, කුරුන්දවේලි යනුවෙන්ද මෙම පූජා භූමිය හඳුන්වා ඇති බවට වංශකතාවල සඳහන් වන අතර ලංකාවේ ලියවුනු අට්ඨකතා ග්‍රන්ත මෙම පූජා භූමියේ සිට රචනා කොට ඇතැයිද විශ්වාශ කෙරෙයි.

    ඛල්ලාඨනාග රජු ක්‍රි.ව. 100 සහ 103 සියවස්හීදී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි.ව. 571 සහ 604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු ක්‍රි.ව. 1055 සහ 1110 දී කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින් ක්‍රි.ව. 1236සහ 1270 කාලයේදී මෙහි පැවති කාලිංග මාඝගේ බල කඳවුරක් විනාශ කළ බවත් මහාවංශයේ සඳහන් වේයි.

    ජනප්‍රවාදයන්ට අනුව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය වූ පිං බිමක් වශයෙන්, ලංකාවේ විශාලතම කබොක් ගල්වලින් කරන ලද ආරාමය වශයෙන්, උතුරු පලාතේ විශාලතම පුරාවිද්‍යා රක්ෂිතය වශයෙන් සහ මෙතෙක් සොයාගෙන ඇති එකම පද්මාකාර ස්ථූපය සහති පිං බිමක් වශයෙන් මෙම ස්ථානය හැඳින්වෙන අතර

    එහිදී කුරුන්දි විහාර භූමියේ සිදුකරන ලද කැනීම් වලදී මාබල් බුදුපිළිමයක කොටසක්, බුද්ධ ප්‍රතිමා කොටස් කිහිපයක්, රජකෙනෙකුගේ යැයි සැකකෙරෙන ප්‍රතිමාවක්, විවිධ වූ දේව ප්‍රතිමාවන්, ලෝකඩ වලින් සැකසූ බෝසත් පිළිම රැසක් මෙන්ම සෙල් ලිපියක්ද හමු වී ඇතැයි වාර්ථා වෙයි.
    ------ Post added on May 11, 2025 at 9:45 AM