කුරුල්ලන් ගේ අසිරිමත් හැකියාව එළිදක්‌වන

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    කුරුල්ලන් ගේ අසිරිමත් හැකියාව එළිදක්‌වන

    .
    .
    .


    කුරුල්ලන් ගේ අසිරිමත් හැකියාව එළිදක්‌වන කුරුලු කැදැලි (Bird Nests)


    bird.jpg



    මාර්තු සිට අප්‍රේල්/මැයි මාසවල දී ගෙවතු ආශ්‍රිත ව ජීවත් වන බොහෝ කුරුල්ලෝ කැදැලි තැනීම සිදු කරති. පසුගිය සති කීපයේ දී ම මෙවන් කැදැලි බොහොමයක්‌ වාර්තා විණි. ඉතින් මේ කැදැලි තනන සමයේ කොතරම් දේවල් අපේ ගෙවත්තේ නිරීක්‌ෂණයට තිබේ ද? ඔබත් ඔබ ගේ ගෙවත්තේ කැදැලි තනන කුරුල්ලන් පිළිබඳව අධ්‍යයනයට උනන්දු වන්න. හැබැයි කැදැලි වෙත ඉතා ම ආසන්න වීම නො කළ යුතු ය. කිසි ම අවස්‌ථාවක කුරුලු කූඩුව අසල ඇති ගස්‌, ගස්‌ අතු, පත්‍ර ආදිය ඉවත් කිරීම, එහා මෙහා කිරීම සිදු කිරීමෙන් වැළකිය යුතු ය. එමඟින් කැදැල්ල අනෙකුත් විලෝපිකයන්ට නිරාවරණය විය හැකි බැවින්, කැදැල්ලට අනතුරක්‌ වීමට බොහෝ විට ඉඩ තිබේ.

    සති කිහිපයක විරාමයකින් පසු අද සිට නැවතත් ඇරඹෙන 'ගෙවත්තේ ජෛවවිවිධත්වය' තුළින් ඉදිරිපත් කරනුයේ මේ දිනවල බොහෝ ගෙවතු සහ ඒ ආශ්‍රිත ව දැකගත හැකි කුරුලු කැදැලි පිළිබඳ ව ය.

    සවස කුරුල්ලන් රංචු ලෙස අහසේ ඉගිලෙනු දකින බොහෝ මාපියන් තම දරුවන්ට කියා දෙන්නේ ඔවුන් රාත්‍රිය ගත කිරීමට තම කැදැලි බලා පියඹා යන බව ය. රාත්‍රිය වැස්‌සෙන් පින්නෙන් සහ වෙනත් උවදුරුවලින් ආරක්‌ෂා වීමට සාදාගත් ගෙයක්‌ තුළ දොරගුලු ලා ගත කිරීමට පුරුදු වී සිටින ඔබත් එසේ සිතුවා වන්නට බොහෝ විට ඉඩ තිබේ. කුරුල්ලන් විසින් සාදනු ලබන කැදැලි නිතර දැක තිබීම නිසා ඔවුන් සාමාන්‍යයෙන් රාත්‍රිය මේ කැදැලිවල ගත කරන බව බොහෝ දෙනා සිතති.

    එහෙත් සත්‍යය නම් වෙන දාට ආරක්‌ෂාකාරී ව ගසක පත්‍ර අතර, බෙනයක, පොදු කුරුලු ලැඟුම් හලක වැනි ආරක්‌ෂාකාරී ස්‌ථානයක කල් ගත කරන කුරුල්ලන් කැදැලි තනා ඒවා ප්‍රයෝජනයට ගනුයේ බිත්තර දැමීමට සහ කුඩා පැටවුන් ආරක්‌ෂා කරගැනීමට පමණක්‌ බව ය.

    කුරුල්ලන්ගේ අසිරිමත් දස්‌කමක්‌ වූ කැදැලි තැනීමේ හැකියාව, විවිධ කුරුල්ලන්ට පිහිටා තිබෙන්නේ විවිධ ආකාරයට වේ. අප සැවොම දන්නා වඩුකුරුල්ලා ඉතා ම සමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන අතර, අපගේ ගෙවත්තේ ගැවසෙන අළු කොබෙයියා කෝටු කිහිපයකින් තම කැදැල්ල අටවන දක්‌ෂ නිර්මාණ ශිල්පියෙකි. එමෙන් ම කුරුල්ලන් කිහිප දෙනෙක්‌ ම ගස්‌ බෙන, ගොඩනැඟිලිවල කුහර ආදිය ද තම කැදැලි ලෙස භාවිත කරති. මේ අතර කැදැල්ලක්‌ නො සාදා නිකම් ම බිම බිත්තර දමන කිරලා වැනි කුරුල්ලෝ ද වෙති. කැදැලි තැනීමට හෝ පැටවුන් දැඩි කිරීමට නො වෙහෙස වී වෙනත් කුරුල්ලන් ගේ කැදැලිවල බිත්තර දමන කොහා වැනි කුරුල්ලන් ද අපේ ගෙවත්තේ දී ම දැකගත හැකි ය.

    අප අවට මුණගැසෙන පොදු කුරුල්ලන් සාදන කැදැලි සමහරක්‌ දුටු පමණින් ම කාගේ දැයි හඳුනාගැනීමට හැකි වේ. පහත දැක්‌වෙන්නේ එවන් විශේෂිත කැදැලි සාදන පොදු ගෙවතු කුරුල්ලන් කීප දෙනෙකි.

    බට්‌ටිච්චා (Tailor bird)


    170px-Common_Tailorbird_%28Orthotomus_sutorius%29_Nest_in_Hyderabad%2C_AP_W_IMG_7248.jpg

    ඉංග්‍රීසි නමෙන් කියවෙන පරිදි ම බට්‌ටිච්චා කුරුලු ලොවේ සිටින හොඳ ම සන්නාලියා ය. හොඳින් සැඟවී ඇති තැනක තිබෙන තරමක්‌ විශාල ශාක පත්‍ර දෙකක්‌ කුඩා හොටයෙන් සිදුරු කර, කුඩා කෙන්දකින් අමුණාගැනීමෙන් මේ කැදැල්ල සාදාගනී. එහි ඇතුළත පිහාටු, පුළුන් වැනි දෑවලින් පැටවුන්ට සුවපහසු ස්‌ථානයක්‌ ලෙස සකසාගනී.

    සූටික්‌කා (Sunbirds)


    220px-Nectarinia_dussumieri_feeding_young.jpg

    පැණි කුරුල්ලා ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දී හඳන්වනු ලබන සූටික්‌කා එල්ලෙන කැදැල්ලක්‌ තනයි. හැඩයෙන් දළ වශයෙන් වඩු කුරුල්ලාගේ කූඩුවට සමාන වුවත්, වඩු කුරුලු කූඩුව තරම් සියුම් නිර්මාණයක්‌ නො වේ.

    පිළිහුඩුවා (White-throated Kingfisher)


    KfisherWT-nesting-hole-AmarSingh.jpg

    අනෙකුත් කුරුල්ලන් මෙන් නො ව, ඉවුරක්‌ (ගඟක, ඇළක ඉවුරක්‌ හෝ සමාන ස්‌ථානයක්‌) මේ සඳහා තෝරාගනී. මෙහි කුඩා උමගයක්‌ හාරාගන්නා පිළිහුඩුවා එහි කොනක සකසාගත් තැනක බිත්තර දමා පැටවුන් බිහි කරයි.

    මාලගිරවා (Rose-ringed parakeet)


    tmp3527_thumb_thumb.jpg

    ගස්‌ බෙනයක්‌ තෝරාගෙන එහි බිත්තර දමයි. බොහෝ විට දිරා ගිය ගසක ඇති බෙනයක්‌ තෝරාගනී. මෙසේ ගස්‌ බෙනයක්‌ තම කැදැල්ල ලෙස සකසාගන්නා කුරුල්ලන් කීප දෙනකු ම ගෙවත්ත ආශ්‍රිත ව දැකගත හැකි වේ. මයිනා, කොට්‌ටෝරුවා ඊට උදාහරණ වේ.

    බස්‌සන් (Owls)


    hqdefault.jpg

    අතහැර දැමූ ගොඩනැඟිලි / පාලුවට ගිය ගොඩනැඟිලි මෙන් ම ගොඩනැඟිල්ලක මිනිසුන්ගෙන් බාධාවක්‌ නොමැති උස සොල්දර ද බස්‌සන් ගේ ප්‍රියතම කැදැලි තැනීමට යොදාගන්නා ස්‌ථාන ය. ගස්‌ බෙන ද කැදැලි සඳහා නිතර යොදාගනී.

    අළුකොබෙයියා (Spotted dove)


    243.jpg

    ගෙවතු ආශ්‍රිත කුරුල්ලන් අතරින් වඩාත් ම අනාරක්‌ෂිත කැදැල්ල තනන්නේ අළු කොබෙයියා වේ. කෝටු කිහිපයක්‌ අපිළිවෙළට තබා සාදාගන්නා කැදැල්ලෙන් බිත්තර මෙන්ම කුඩා කුරුලු පැටවුන් ද වැටීම නිතර සිදු වන්නකි.

    කිරළා (Red-wattled Lapwing)


    main-qimg-5c62c90f8db63aa2a0bfbf52eb51641e-c

    විශේෂ සැකසීමක්‌ නොමැති ව තණපිට්‌ටනි වැනි විවෘත තැනක බිත්තර දමයි. බිත්තර නො පෙනෙන පරිදි රටාවක්‌ තිබෙන අතර, පැටවුන් ද අඳුරු වර්ණ රටාවක්‌ තිබෙන නිසා බැලූ බැල්මට නො පෙනේ.

    පොල්කිච්චා (Magpie robin)


    magpie_robin_chick_5977_cwc.jpg

    බිත්තියක/තාප්පයක කුහරයක්‌ තම කැදැල්ල ලෙස සකසාගැනීමට ප්‍රිය කරයි. ගසක කුහරයක්‌ ද මේ සඳහා ප්‍රයෝජනයට ගනී.

    වැහිලිහිණියන් (Swallows)


    CliffSwallow1.jpg

    මැටිවලින් කැදැල්ල තනයි. තම හොටෙන් තෙත මැටි ගෙනවිත් ගොඩනැඟිල්ලක, බිත්ති කොනක, කැදැල්ල තනයි.

    කැදැල්ලක්‌ අනතුරට පත් වී හෝ කුරුලු පැටවකු එළියට වැටී හෝ සිටිය හොත් කළ යුතු හොඳ ම දේ, ගෙදර රැගෙනවිත් ආරක්‌ෂා කිරීමට වඩා මාපිය කුරුල්ලන් වෙත බාර දීමයි. එවන් පැටවකු මුණගැසුණ හොත් හැකියාවක්‌ ඇතොත් නැවත කැදැල්ලේ තබන්න. තුවාල වී සිටියි නම් හෝ මාපිය කුරුල්ලන් ඒ අවට නැතිනම් පමණක්‌ මෙවන් අනතුරට පත් කුරුල්ලන් ට උදව් කිරීමට උත්සාහ කරන්න.
    bird1.jpg


    Source :- vidusara.com