කුරුල්ලනේ මේ අහන්න...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුරුල්ලනේ මේ අහන්න...

    කුරුල්ලනේ මේ අහන්න... පුන්චි කථාවක් කියන්න....
    දුප්පත් පැල්පතට අපේ.....අද හවසට ඔයා එන්න........//
    අපෙ අම්මා දුරින් ඉන්න.... ඇය අසලට පියාඹන්න....
    මේ ලියමන ඇයට දෙන්න... අපේ සතුට ගෙනත් දෙන්න....

    කුරුල්ලනේ මේ අහන්න...

    මා බිහිකල මගෙ අම්මා රට රස්සාවකට ගිහින්....
    චූටි මල්ලි කිරි ඉල්ලා තවම අඩනවා............
    තෑගි ගොඩක් අරගෙන හෙට සුදු අම්මා ගෙට එනකං...
    මං තාමත් මිදුල දිහා බලන් ඉන්නවා............

    කුරුල්ලනේ මේ අහන්න...


    දුප්පත් අපෙ පොඩි පැල්පත.... නගරේ ලොකු ගෙයක් වෙන්න....
    සල්ලි ොඩක් අරං එන්න අම්මා රට ගියා.............
    සල්ලි නැතත් ඉස්සර නං හරි සතුටින් අපි හිටියා....
    අම්මා යද්දි ඒ සතුටත් රට අරන් ගියා...............

     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :dull:..................................මේ ලියමන ඇයට දෙන්න...
    අපේ සතුට ගෙනත් දෙන්න...:dull:

    අප් සට් වගේ....තව ලියන්න....:D
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ගොඩක් ලස්සන‍යි.:)

    අම්මා රට ගි‍යාම දරුවන්ගේ හිතට කොච්චර දුකක් දැනෙනවද කි‍යලා මේක කි‍යනවනකොට හිතාගන්න පුලුවන්.:(