කුරුස යුද්ධයේ සටන්කරුවෝ - මම්ලුක්වරු
කුරුස යුද්ධයේ සටන්කරුවෝ - මම්ලුක්වරු
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.
කුරුස යුද ඉතිහාසය ගැන කලින් මම ත්‍රෙඩ් 3කින් ඔබට කරුණු ගෙනාවා.
කුරුස යුධ ඉතිහාසයේ අපිට වැඩිය අහන්න නොලැබෙන ටුටෝනික් නයිට් වරු, ෂියා නිකායික ඇසසින් කුලී ඝාතකයන්, ශු රෝම අධිරාජ්‍යයේ ෆ්රෙඩ්රික් බාබරෝසා ගැන තමයි මම කලින් නූල් වලින් තොරතුරු ගෙනාවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1887676
http://www.elakiri.com/forum/showthread.php?t=1899757
http://www.elakiri.com/forum/showthread.php?t=1911029
අද මම කතා කරන්න යන්නේ කුරුස යුධ ඉතිහාසයේ බිහිවුන තවත් සුවිශේෂීම ඉස්ලාම් හමුදාවක් පිලිබඳ සංක්ෂිප්ත තොරතුරු කිහිපයක්.
ඒ තමයි මම්ලුක් වරු හෙවත් ඉස්ලාමයේ බිහිවුන ප්රබලතම වහල් හමුදාවේ විස්තර.
ඔවුන් කොතරම් ප්‍රබල ද කිව්වොත් වහලුන් ලෙස බිහිවී අවසානයේ ඉස්ලාම් සුල්තාන් රාජ්‍යත්වයක් කරා දීර්ඝ ගමනක් ඔවුන් පැමිණෙනවා.
ඉස්ලාමයේ නැගී සිටීමත් ඉන්පසු මැදපෙරදිග පුරාවට බිහිවුණු ඉස්ලාම් කලිෆාතයන් නිසා මධ්‍යම ආසියාවත්, යුරෝපයත්, මැදපෙරදිග සහ සයිබිර්යානු මහා තැනිතලාවටත් මැදිව ජීවත් වුනු සුළු ගෝත්‍රික ජනතාව පහසුවෙන්ම ඉස්ලාමයේ වහලුන් බවට පත්විය.
මේ මම්ලුක් වරුන්ගේ ආදිතමයන් ය.
ත්‍රෙඩ් එක පිළිවෙලට ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා මම මාතෘකා කිහිපයකට බෙදල විස්තර කරන්නම්.
කවුද මේ මම්ලුක්ලා සහ ඔවුන්ගේ ආරම්භය.
මම්ලුක් Mamluk යනු අරාබි බසින් '' දේපල '' හෝ අයිතිවාසිකම '' වැනි තේරුමක් ගෙන දෙන වචනයක්.ඒ මන්ද යත් මම්ලුක්ලා යනු අරාබි ස්වාමිවරුන්ට වහල්කම් කල පිරිසකි.
ඉස්ලාමයේ බිහිවීමත් සමග කාලයත් සමග මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ ඉස්ලාම් ධර්මය වේගයෙන් පැතිර යන්නටත්, ඉස්ලාම් රාජ්‍යන් බිහි වන්නටත් විය.
මේ කලිෆාතයන් තුල එක රැස් වුනු ධනය භුක්ති විඳින්නටත් රාජ්‍යයේ පරිපාලනය සහ ඉඩම් අයිතීන් වෙනුවෙන් රදල වංශවතුන් බිහි වන්නටත් විය.
එනිසාම ඔවුන්ගේ සේවය වෙනුවෙන් වහලුන්ගේ අවශ්‍යතාවයද මතු විය.
මධ්‍යකාලීන යුරෝපයේ ( රෝම අධිරාජ්‍යයේ ) බලය අවම ව පැවති උතුරු අප්රිකාවෙත්, තුර්කියට එපිටින් පිහිටි මධ්‍යම ආසියාවේත්, පුරාන ඇල්බේනියානු සහ ග්‍රීක ගම්මාන වලත්, ජෝරිජියානු භුමියේ සහ බෝල්කන් අර්ධද්වීපයේ ස්වාධින ජන කොට්ඨාශත්, ස්ටෙප් තැනිතලාවේ කොකේසියානු ජනතාවත් බුරුතු පිටින් ඉස්ලාම් රාජ්‍යයේ වහලුන් ලෙස දක්කනු ලැබිණි.
මොවුන් අතරින් ශක්තිමත් සහ විශ්වාසවන්ත පිරිමින් අරාබි ස්වාමිවරුන්ගේ වහල් ආරක්ෂකයන් ලෙස තෝරා ගැනිණි.
මේ ආරක්ෂකයන් හැඳින්වුයේ '' මම්ලුක් '' ලෙසයි.
එනම් මම්ලුක් වරු යනු නිශ්චිත ජන මූලයකට හෝ ජන වර්ගයකට අයත් නොවන පිරිසකි..
මම්ලුක් වරුන්ගේ ආරම්භකම අවදියේදී ඔවුන් සාමාන්‍ය වහලුන් ලෙස සැලකිණි.ඔවුන්ව මුල් කාලයේ හැඳින්වුයේ '' ගුලාම් '' ( ghulam or Ghilman ) යන නමිනි.
ඔවුන් අනිවාර්යයෙන් ඉස්ලාමයට හරවා ගනු ලැබීය.
මම්ලුක් වහලුන් ඉස්ලාමයේ සේවයට පැමිණෙන්නේ ඉස්ලාමය බිහිවී ශතවර්ෂය 2 පමණ ගතවූ කාලයේදීය.
ඉස්ලාමයේ දීප්තිමත්ම කාල පරිච්ඡේදයක් වුනු අබ්බාසිඩ් කලිෆාතයේ සහ ෂියා ඉස්ලාමයේ ෆාටිමිඩ් කලිෆාත වලදී මම්ලුක් වරු වහල් හමුදාවක් ලෙස ඉස්ලාමයට නිත්‍ය ලෙසම සේවය කරන තැනට පත් වී සිටියෝය.
මම්ලුක් වරු වහල් පිරිසක් නිසා කිසිම දිනක තම උරුමය ජන්මයෙන් තම පරම්පරාවට උරුම නොවිය. එනම් පියාගේ උරුමය පුත්‍රයාට පැවරීමේ බලයක් ඔවුන්ට තිබුනේ නැත.
ඉස්ලාමයේ වහල් ආරක්ෂකයන්
ශිෂ්ඨාචාරයේ තොටිල්ල කියල ඉතිහාසයේ හඳුන්වන්නේ මැදපෙරදිග.හැබැයි ඒ ඔබ මම අද දකින ලෙයින් කඳුලෙන් සහ ලෝක දේශපාලනයේ බල අරගල වලට මැදි වුනු මැදපෙරදිග නම් නොවෙයි.
ඉස්ලාමයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන්නේ අබ්බාසිඩ් කලිෆාට් යුගය.වර්තමානයේ අපි දකින බොහොමයක් විද්‍යාවන් අද පවතින ආකාරයට දියුණු වීම ඇරඹුණේ මේ යුගයේදී.
අබ්බාසිඩ් යුගය වෙද්දී මම්ලුක් වරු ඉස්ලාමයේ ඉතාම වැදගත් ස්ථානයක් හෙබවූවා.ඔවුන්ගේ ජන සංඛ්‍යාව ස්වදේශික අරාබි වැසියන්ගේ ප්‍රමාණයට ඉතාම කිට්ටු අගයක් ගත් බවයි ඉතිහාසඥයන් පවසන්නේ.එමෙන්ම කලිෆාතයේ ඉහල හමුදා නිලයන් රැසක් මම්ලුක් වරු සතු වුවා.
තවත් කාරණයක් ගැන සඳහන් කරන්න ඕනේ, ඒ තමයි සමකාලින ලෝකයේ අන්‍ය ආගමිකයන්ට කරදර හිරිහැර අවම වුනේ ඉස්ලාමය තුලයි.
විශේෂයෙන්ම ක්‍රිස්තියානි, ජුදා වැනි අන්‍ය ආගමික නගර වැසියන්ගේ සහ වෙළඳුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම මම්ලුක් ආරක්ෂකයන් සේවයේ සිටි බව සඳහන් වෙනවා.
හැබැයි මම්ලුක් වරු කුමන ජන මූලයකට අයත් වුවත් ඔවුන් ඉස්ලාම් ලබ්ධිකයන් මෙන්ම ඔවුන් ඉස්ලාමයට ඉතාම පක්ෂපාති කොටසක් ද වුනා.
මේ යුගය වෙද්දී සුල්තාන් වරු යටතේ පාලනය වුනු විශාල මම්ලුක් සේනාංක පැවතියා. එමෙන්ම ප්‍රාදේශීය එමීර් වරු යටතේත් මම්ලුක් සේනාංක පැවතියා.
මම්ලුක් වහලුන් කුඩා කාලයේ සිටම නිරන්තර පුහුණුවකට යටත් වෙනවා.මෙය ඔවුන්ගේ ජීවිත කාලයටම පවතිනවා.
ඉතිහාස විශේෂඥයන් මම්ලුක් හමුදාවන්ගේ සහ අනෙකුත් හමුදාවන් අතර වෙනස දැක්කේ මෙලෙසින්,
'' හමුදාවක් යනු තෝරාගත් පිරිසක් යුද්ධය සහ සටන්ක්රම වෙනුවෙන් පුහුණු කිරීමයි.නමුත් සටන් පුහුණුව සහ යුධ පුහුණුව යනු මම්ලුක් වරුයි.''
එනම් ඔවුන්ගේ ජීවිත කාලයම ඒ වෙනුවෙන් කැප කිරීමයි.මම්ලුක් වරු ප්‍රධාන වශයෙන්ම අශ්වාරෝහක ඝනයට අයත් ( cavalry ) සේනාංකයකි.බහුල ලෙසම ඔටුවන් පිට නැගී ප්‍රබල සන්නාහ වලින් සැරසී යුද්ධ කල පිරිසකි.
මම්ලුක් වරුන්ගේ ආයුධ සහ මම්ලුක් සටන්කරුවන්.
මම්ලුක් සෙබළුන් අතිශයින් මාරාන්තික සහ කුරිරු පිරිසක් ලෙස සැලකුණි.
මම්ලුක් කඩුව ( කැටයම් සහිත සිහින් වක් කඩුව ) ඔවුන්ගේ ප්‍රධානතම ආයුධය වුනු අතර කිනිසි සහ පිහිය මෙන්ම දිග හෙල්ලද මම්ලුක් ආයුධ අතර වනවා.
පසුකාලීනව මම්ලුක් සේනාංක අතර දුනුවායන්ද සේවයේ යෙදවනු ලැබුනා.නමුත් මම්ලුක් සටන් කරුවන් වැඩිපුරම සටන් කලේ ඔටුවන් සහ අශ්වයන් පිට නැගුනු කඩු සටන් කරුවන් ලෙසයි.
කුරුස යුද්ධයේ මම්ලුක් සටන්කරුවෝ
ක්‍රි:ව 1147–1150 අතර කාලයේ ශු දේශයේ පැවති දෙවන කුරුස යුද්ධයේදී ඉස්ලාමය මුලිකවම ජය ගත්තත් ඔවුන් අතින් ජෙරුසලම් නගරයේ පාලනය බිඳ වැටෙනවා.
ඉන් දශක දෙකකට පමණ පසු '' සලාදීන් '' විසින් ඉස්ලාමයේ සුන්නි සහ ෂියා බලයන් එකතු කොට ඊජිප්තුවේ කයිරෝව කේන්ද්‍ර කරගනිමින් අයුබිඩ් සුල්තාන් රාජවංශය ( Ayyubid Sultanate ) බිහිකර නව ඉස්ලාම් පාලනයක් අරඹනවා.මෙය සිදුවන්නේ වර්ෂ 1171 දී.
වර්ෂ 1187 දී සලාදීන් ගේ නායකත්වයෙන් ඉස්ලාම් හමුදා විසින් ජෙරුසලමේ බලය අල්ලා ගැනීමට ආක්‍රමණයක් සිද්ද වෙනවා.
මෙය ප්‍රසිද්ධ වන්නේ Siege of Jerusalem (1187) - The Battle of Hattin ලෙස.
2005 දී තිරගත වුනු Kingdom of Heaven චිත්‍රපටය ට පාදක වන්නේ මේ කතා පුවත.
මේ සටනේදී අයුබිඩ් සේනාංක වල මුලිකත්වය ගන්නේ සලාදීන්ගේ අනුග්‍රහය යටතේ සටන් වැදුණු මම්ලුක් සේනාංක.
ඉතිහාසඥයන්ට අනුව 12 000 පමණ මම්ලුක් සේනාංක මේ සටනේදී දායකත්වය දුන් බව සඳහන්.
ඉන් වසර කිහිපයකට පසු යුරෝපයේ කතෝලික පල්ලිය විසින් 3 වන කුරුස යුද්ධය ප්‍රකාශයට පත් කරනවා.
ඒ එංගලන්තයේ රිචර්ඩ්, ප්‍රංශයේ පිලිප් සහ ශු රෝම අධිරාජ්‍යයා වුනු බාබරෝසා මේ තුන්කට්ටුවගේ මුලිකත්වයෙන්.මෙය කුරුස යුධ ඉතිහාසයේ දැවැන්තයන්ගේ හමුවීමක්.
3 වන කුරුස යුද්ධය ගිවිසුමකින් අවසන් වනවා.( Treaty of Jaffa ).
ඉතිහාස විශාරදයන්ට අනුව බාබරෝසාගේ අකල් මරණයත්, රිචර්ඩ් රජුගේ එංගලන්තයේ සිහසුන වෙනුවෙන් පැන නැගුනු අභ්‍යන්තර ආරවුල්, ප්‍රංශ - එංගලන්ත ජම්මාන්තර කෝන්තරයත් නොවන්නට තුන්වන කුරුස යුද්ධය කුරුසයන් විසින් ජයග්‍රහණය ට වැඩි ඉඩකඩක් තිබුනා.
3 වන කුරුස යුද්ධයේදී සටන් වැදුණු ඉස්ලාම් හමුදාවන්ගෙන් පළමු තැන ගත්තේ අයුබිඩ් මම්ලුක් සේනාංකයි.
සලාදීන් ගෙන් ඇරඹුණු අයුබිඩ් රාජවංශය පැවතුනු කාලය පුරාවටම ශු දේශයේ සහ යුරෝපයේ පැවති සෑම කුරුස යුද්ධයකටම මම්ලුක් වරු සහභාගී විය.
මේ අතරින් වර්ෂ 1217–1221 අතර කාලයේ සිදුවුණු 5 වන කුරුස යුද්ධය විශේෂයෙන් මම්ලුක් වරුන්ගේ මුලිකත්වයෙන් ඉස්ලාම් හමුදා විසින් ජයගත් කුරුස යුද්ධයකි.
මෙසේ අයුබිඩ් රාජවංශය තුලදී මම්ලුක් වරුනට හමුදාමය තත්වය අභිබවා දේශපාලනික වශයෙන්ද විශාල බලයක් හිමිවිය.

- කවුද මේ මම්ලුක්ලා සහ ඔවුන්ගේ ආරම්භය.
- ඉස්ලාමයේ වහල් ආරක්ෂකයන්
- කුරුස යුද්ධයේ මම්ලුක් සටන්කරුවෝ
- මම්ලුක් වරුන්ගේ නැගී සිටීම සහ මම්ලුක් රාජ්‍යත්වයක් කරා යොමු වීම.
- ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුනු මොන්ගොල්- මම්ලුක් සටන.
- දිල්ලියේ මම්ලුක් රාජවංශය
- මම්ලුක් වරුන්ගේ අවසානය

Last edited: