කුරුස යුද්ධයේ සටන්කරුවෝ - මම්ලුක්වරු

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කුරුස යුද්ධයේ සටන්කරුවෝ - මම්ලුක්වරු

    කුරුස යුද්ධයේ සටන්කරුවෝ - මම්ලුක්වරු


    IEQKyYY.jpg


    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.

    කුරුස යුද ඉතිහාසය ගැන කලින් මම ත්‍රෙඩ් 3කින් ඔබට කරුණු ගෙනාවා.
    කුරුස යුධ ඉතිහාසයේ අපිට වැඩිය අහන්න නොලැබෙන ටුටෝනික් නයිට් වරු, ෂියා නිකායික ඇසසින් කුලී ඝාතකයන්, ශු රෝම අධිරාජ්‍යයේ ෆ්‍රෙඩ්රික් බාබරෝසා ගැන තමයි මම කලින් නූල් වලින් තොරතුරු ගෙනාවේ.


    http://www.elakiri.com/forum/showthread.php?t=1887676

    http://www.elakiri.com/forum/showthread.php?t=1899757

    http://www.elakiri.com/forum/showthread.php?t=1911029

    අද මම කතා කරන්න යන්නේ කුරුස යුධ ඉතිහාසයේ බිහිවුන තවත් සුවිශේෂීම ඉස්ලාම් හමුදාවක් පිලිබඳ සංක්ෂිප්ත තොරතුරු කිහිපයක්.

    ඒ තමයි මම්ලුක් වරු හෙවත් ඉස්ලාමයේ බිහිවුන ප්‍රබලතම වහල් හමුදාවේ විස්තර.
    ඔවුන් කොතරම් ප්‍රබල ද කිව්වොත් වහලුන් ලෙස බිහිවී අවසානයේ ඉස්ලාම් සුල්තාන් රාජ්‍යත්වයක් කරා දීර්ඝ ගමනක් ඔවුන් පැමිණෙනවා.

    ඉස්ලාමයේ නැගී සිටීමත් ඉන්පසු මැදපෙරදිග පුරාවට බිහිවුණු ඉස්ලාම් කලිෆාතයන් නිසා මධ්‍යම ආසියාවත්, යුරෝපයත්, මැදපෙරදිග සහ සයිබිර්යානු මහා තැනිතලාවටත් මැදිව ජීවත් වුනු සුළු ගෝත්‍රික ජනතාව පහසුවෙන්ම ඉස්ලාමයේ වහලුන් බවට පත්විය.
    මේ මම්ලුක් වරුන්ගේ ආදිතමයන් ය.

    ත්‍රෙඩ් එක පිළිවෙලට ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා මම මාතෘකා කිහිපයකට බෙදල විස්තර කරන්නම්.


    - කවුද මේ මම්ලුක්ලා සහ ඔවුන්ගේ ආරම්භය.

    - ඉස්ලාමයේ වහල් ආරක්ෂකයන්

    - කුරුස යුද්ධයේ මම්ලුක් සටන්කරුවෝ

    - මම්ලුක් වරුන්ගේ නැගී සිටීම සහ මම්ලුක් රාජ්‍යත්වයක් කරා යොමු වීම.

    - ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුනු මොන්ගොල්- මම්ලුක් සටන.

    - දිල්ලියේ මම්ලුක් රාජවංශය

    - මම්ලුක් වරුන්ගේ අවසානය​

    කවුද මේ මම්ලුක්ලා සහ ඔවුන්ගේ ආරම්භය.

    මම්ලුක් Mamluk යනු අරාබි බසින් '' දේපල '' හෝ අයිතිවාසිකම '' වැනි තේරුමක් ගෙන දෙන වචනයක්.ඒ මන්ද යත් මම්ලුක්ලා යනු අරාබි ස්වාමිවරුන්ට වහල්කම් කල පිරිසකි.
    ඉස්ලාමයේ බිහිවීමත් සමග කාලයත් සමග මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ ඉස්ලාම් ධර්මය වේගයෙන් පැතිර යන්නටත්, ඉස්ලාම් රාජ්‍යන් බිහි වන්නටත් විය.
    මේ කලිෆාතයන් තුල එක රැස් වුනු ධනය භුක්ති විඳින්නටත් රාජ්‍යයේ පරිපාලනය සහ ඉඩම් අයිතීන් වෙනුවෙන් රදල වංශවතුන් බිහි වන්නටත් විය.
    එනිසාම ඔවුන්ගේ සේවය වෙනුවෙන් වහලුන්ගේ අවශ්‍යතාවයද මතු විය.

    මධ්‍යකාලීන යුරෝපයේ ( රෝම අධිරාජ්‍යයේ ) බලය අවම ව පැවති උතුරු අප්‍රිකාවෙත්, තුර්කියට එපිටින් පිහිටි මධ්‍යම ආසියාවේත්, පුරාන ඇල්බේනියානු සහ ග්‍රීක ගම්මාන වලත්, ජෝරිජියානු භුමියේ සහ බෝල්කන් අර්ධද්වීපයේ ස්වාධින ජන කොට්ඨාශත්, ස්ටෙප් තැනිතලාවේ කොකේසියානු ජනතාවත් බුරුතු පිටින් ඉස්ලාම් රාජ්‍යයේ වහලුන් ලෙස දක්කනු ලැබිණි.
    මොවුන් අතරින් ශක්තිමත් සහ විශ්වාසවන්ත පිරිමින් අරාබි ස්වාමිවරුන්ගේ වහල් ආරක්ෂකයන් ලෙස තෝරා ගැනිණි.
    මේ ආරක්ෂකයන් හැඳින්වුයේ '' මම්ලුක් '' ලෙසයි.
    එනම් මම්ලුක් වරු යනු නිශ්චිත ජන මූලයකට හෝ ජන වර්ගයකට අයත් නොවන පිරිසකි..
    මම්ලුක් වරුන්ගේ ආරම්භකම අවදියේදී ඔවුන් සාමාන්‍ය වහලුන් ලෙස සැලකිණි.ඔවුන්ව මුල් කාලයේ හැඳින්වුයේ '' ගුලාම් '' ( ghulam or Ghilman ) යන නමිනි.
    ඔවුන් අනිවාර්යයෙන් ඉස්ලාමයට හරවා ගනු ලැබීය.
    මම්ලුක් වහලුන් ඉස්ලාමයේ සේවයට පැමිණෙන්නේ ඉස්ලාමය බිහිවී ශතවර්ෂය 2 පමණ ගතවූ කාලයේදීය.
    ඉස්ලාමයේ දීප්තිමත්ම කාල පරිච්ඡේදයක් වුනු අබ්බාසිඩ් කලිෆාතයේ සහ ෂියා ඉස්ලාමයේ ෆාටිමිඩ් කලිෆාත වලදී මම්ලුක් වරු වහල් හමුදාවක් ලෙස ඉස්ලාමයට නිත්‍ය ලෙසම සේවය කරන තැනට පත් වී සිටියෝය.

    E84gwAI.png


    මම්ලුක් වරු වහල් පිරිසක් නිසා කිසිම දිනක තම උරුමය ජන්මයෙන් තම පරම්පරාවට උරුම නොවිය. එනම් පියාගේ උරුමය පුත්‍රයාට පැවරීමේ බලයක් ඔවුන්ට තිබුනේ නැත.



    ඉස්ලාමයේ වහල් ආරක්ෂකයන්

    ශිෂ්ඨාචාරයේ තොටිල්ල කියල ඉතිහාසයේ හඳුන්වන්නේ මැදපෙරදිග.හැබැයි ඒ ඔබ මම අද දකින ලෙයින් කඳුලෙන් සහ ලෝක දේශපාලනයේ බල අරගල වලට මැදි වුනු මැදපෙරදිග නම් නොවෙයි.
    ඉස්ලාමයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන්නේ අබ්බාසිඩ් කලිෆාට් යුගය.වර්තමානයේ අපි දකින බොහොමයක් විද්‍යාවන් අද පවතින ආකාරයට දියුණු වීම ඇරඹුණේ මේ යුගයේදී.
    අබ්බාසිඩ් යුගය වෙද්දී මම්ලුක් වරු ඉස්ලාමයේ ඉතාම වැදගත් ස්ථානයක් හෙබවූවා.ඔවුන්ගේ ජන සංඛ්‍යාව ස්වදේශික අරාබි වැසියන්ගේ ප්‍රමාණයට ඉතාම කිට්ටු අගයක් ගත් බවයි ඉතිහාසඥයන් පවසන්නේ.එමෙන්ම කලිෆාතයේ ඉහල හමුදා නිලයන් රැසක් මම්ලුක් වරු සතු වුවා.
    තවත් කාරණයක් ගැන සඳහන් කරන්න ඕනේ, ඒ තමයි සමකාලින ලෝකයේ අන්‍ය ආගමිකයන්ට කරදර හිරිහැර අවම වුනේ ඉස්ලාමය තුලයි.
    විශේෂයෙන්ම ක්‍රිස්තියානි, ජුදා වැනි අන්‍ය ආගමික නගර වැසියන්ගේ සහ වෙළඳුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම මම්ලුක් ආරක්ෂකයන් සේවයේ සිටි බව සඳහන් වෙනවා.
    හැබැයි මම්ලුක් වරු කුමන ජන මූලයකට අයත් වුවත් ඔවුන් ඉස්ලාම් ලබ්ධිකයන් මෙන්ම ඔවුන් ඉස්ලාමයට ඉතාම පක්ෂපාති කොටසක් ද වුනා.
    මේ යුගය වෙද්දී සුල්තාන් වරු යටතේ පාලනය වුනු විශාල මම්ලුක් සේනාංක පැවතියා. එමෙන්ම ප්‍රාදේශීය එමීර් වරු යටතේත් මම්ලුක් සේනාංක පැවතියා.
    මම්ලුක් වහලුන් කුඩා කාලයේ සිටම නිරන්තර පුහුණුවකට යටත් වෙනවා.මෙය ඔවුන්ගේ ජීවිත කාලයටම පවතිනවා.
    ඉතිහාස විශේෂඥයන් මම්ලුක් හමුදාවන්ගේ සහ අනෙකුත් හමුදාවන් අතර වෙනස දැක්කේ මෙලෙසින්,
    '' හමුදාවක් යනු තෝරාගත් පිරිසක් යුද්ධය සහ සටන්ක්‍රම වෙනුවෙන් පුහුණු කිරීමයි.නමුත් සටන් පුහුණුව සහ යුධ පුහුණුව යනු මම්ලුක් වරුයි.''
    එනම් ඔවුන්ගේ ජීවිත කාලයම ඒ වෙනුවෙන් කැප කිරීමයි.මම්ලුක් වරු ප්‍රධාන වශයෙන්ම අශ්වාරෝහක ඝනයට අයත් ( cavalry ) සේනාංකයකි.බහුල ලෙසම ඔටුවන් පිට නැගී ප්‍රබල සන්නාහ වලින් සැරසී යුද්ධ කල පිරිසකි.


    QpVyRNH.jpg


    I2oqgR7.jpg


    vAt2fEf.jpg


    5vADOgb.jpg

    මම්ලුක් වරුන්ගේ ආයුධ සහ මම්ලුක් සටන්කරුවන්.

    මම්ලුක් සෙබළුන් අතිශයින් මාරාන්තික සහ කුරිරු පිරිසක් ලෙස සැලකුණි.
    මම්ලුක් කඩුව ( කැටයම් සහිත සිහින් වක් කඩුව ) ඔවුන්ගේ ප්‍රධානතම ආයුධය වුනු අතර කිනිසි සහ පිහිය මෙන්ම දිග හෙල්ලද මම්ලුක් ආයුධ අතර වනවා.
    පසුකාලීනව මම්ලුක් සේනාංක අතර දුනුවායන්ද සේවයේ යෙදවනු ලැබුනා.නමුත් මම්ලුක් සටන් කරුවන් වැඩිපුරම සටන් කලේ ඔටුවන් සහ අශ්වයන් පිට නැගුනු කඩු සටන් කරුවන් ලෙසයි.


    කුරුස යුද්ධයේ මම්ලුක් සටන්කරුවෝ

    ක්‍රි:ව 1147–1150 අතර කාලයේ ශු දේශයේ පැවති දෙවන කුරුස යුද්ධයේදී ඉස්ලාමය මුලිකවම ජය ගත්තත් ඔවුන් අතින් ජෙරුසලම් නගරයේ පාලනය බිඳ වැටෙනවා.
    ඉන් දශක දෙකකට පමණ පසු '' සලාදීන් '' විසින් ඉස්ලාමයේ සුන්නි සහ ෂියා බලයන් එකතු කොට ඊජිප්තුවේ කයිරෝව කේන්ද්‍ර කරගනිමින් අයුබිඩ් සුල්තාන් රාජවංශය ( Ayyubid Sultanate ) බිහිකර නව ඉස්ලාම් පාලනයක් අරඹනවා.මෙය සිදුවන්නේ වර්ෂ 1171 දී.
    වර්ෂ 1187 දී සලාදීන් ගේ නායකත්වයෙන් ඉස්ලාම් හමුදා විසින් ජෙරුසලමේ බලය අල්ලා ගැනීමට ආක්‍රමණයක් සිද්ද වෙනවා.

    PgyTu4P.jpg


    මෙය ප්‍රසිද්ධ වන්නේ Siege of Jerusalem (1187) - The Battle of Hattin ලෙස.
    2005 දී තිරගත වුනු Kingdom of Heaven චිත්‍රපටය ට පාදක වන්නේ මේ කතා පුවත.
    මේ සටනේදී අයුබිඩ් සේනාංක වල මුලිකත්වය ගන්නේ සලාදීන්ගේ අනුග්‍රහය යටතේ සටන් වැදුණු මම්ලුක් සේනාංක.
    ඉතිහාසඥයන්ට අනුව 12 000 පමණ මම්ලුක් සේනාංක මේ සටනේදී දායකත්වය දුන් බව සඳහන්.

    alv0lRg.jpg



    ඉන් වසර කිහිපයකට පසු යුරෝපයේ කතෝලික පල්ලිය විසින් 3 වන කුරුස යුද්ධය ප්‍රකාශයට පත් කරනවා.
    ඒ එංගලන්තයේ රිචර්ඩ්, ප්‍රංශයේ පිලිප් සහ ශු රෝම අධිරාජ්‍යයා වුනු බාබරෝසා මේ තුන්කට්ටුවගේ මුලිකත්වයෙන්.මෙය කුරුස යුධ ඉතිහාසයේ දැවැන්තයන්ගේ හමුවීමක්.
    3 වන කුරුස යුද්ධය ගිවිසුමකින් අවසන් වනවා.( Treaty of Jaffa ).
    ඉතිහාස විශාරදයන්ට අනුව බාබරෝසාගේ අකල් මරණයත්, රිචර්ඩ් රජුගේ එංගලන්තයේ සිහසුන වෙනුවෙන් පැන නැගුනු අභ්‍යන්තර ආරවුල්, ප්‍රංශ - එංගලන්ත ජම්මාන්තර කෝන්තරයත් නොවන්නට තුන්වන කුරුස යුද්ධය කුරුසයන් විසින් ජයග්‍රහණය ට වැඩි ඉඩකඩක් තිබුනා.

    3 වන කුරුස යුද්ධයේදී සටන් වැදුණු ඉස්ලාම් හමුදාවන්ගෙන් පළමු තැන ගත්තේ අයුබිඩ් මම්ලුක් සේනාංකයි.

    qgiX7hD.jpg


    සලාදීන් ගෙන් ඇරඹුණු අයුබිඩ් රාජවංශය පැවතුනු කාලය පුරාවටම ශු දේශයේ සහ යුරෝපයේ පැවති සෑම කුරුස යුද්ධයකටම මම්ලුක් වරු සහභාගී විය.
    මේ අතරින් වර්ෂ 1217–1221 අතර කාලයේ සිදුවුණු 5 වන කුරුස යුද්ධය විශේෂයෙන් මම්ලුක් වරුන්ගේ මුලිකත්වයෙන් ඉස්ලාම් හමුදා විසින් ජයගත් කුරුස යුද්ධයකි.
    මෙසේ අයුබිඩ් රාජවංශය තුලදී මම්ලුක් වරුනට හමුදාමය තත්වය අභිබවා දේශපාලනික වශයෙන්ද විශාල බලයක් හිමිවිය.

     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම්ලුක් වරුන්ගේ නැගී සිටීම සහ මම්ලුක් රාජ්‍යත්වයක් කරා යොමු වීම.

    දේශපාලනය සහ මිලිටරිය යනු බලයේ ස්වාමිවරුන් වේ. නමුත් රාජ්‍ය පාලනයේදී දේශපාලනික බලය අභිබවා මිලිටරි බලය ඉස්මතු වීම පවතින රාජ්‍ය තන්ත්‍රයට හිතකර වුවක් නොවේ.
    අයුබිඩ් රාජවංශයේ අවසන් භාගයේදී පාලකයාව සිටි As-Salih Ayyub සුල්තාන් වරයාගේ ( 1240–1249 ) බිසව වුයේ Shajar al-Durr නම් වහල් ස්ත්‍රියයි.
    ඉතිහාස විශ්ලේෂකයන්ට අනුව ඇගේ ජාතිකත්වය නිශ්චිත නැත.

    සුල්තාන් වරයාගේ මරණයත්, ඔහුගේ පුත්‍රයා මම්ලුක් වරුන් විසින් කුමන්ත්‍රණය කොට ඝාතනය කිරීමත් ඉන්පසු සුල්තාන් වරයාගේ බිරිඳගේ සහයෝගයෙන් Izz al-Din Aybak නම් තුර්කි සම්භවයක් සහිත මම්ලුක් සෙන්පතියා විසින් අයුබිඩ් රාජවංශයේ බලය කුමන්ත්‍රණයක් මගින් පැහැරගනු ලබනවා.
    ඔහු විසින් හිටපු සුල්තාන් වරයාගේ කනවැන්දුම් බිරිඳ Shajar al-Durr අවාහ කර ගැනීම මගින් ඔහුගේ උරුමය තහවුරු කර ගනු ලබනවා.
    මෙසේ '' අයිබාක් '' විසින් පළමු මම්ලුක් සුල්තාන් ලෙස කයිරෝවේ බලයට පත්වීමෙන් පසු ක්‍රි;ව 1250 දී මම්ලුක් රාජ වංශය ඇරඹෙනවා.
    1261 දී බෑග්ඩෑගයේ අබ්බාසිඩ් කලීෆාතයත්, කයිරෝවේ අයුබිඩ් රාජවංශයත් එකතු කරමින් කයිරෝව කේන්ද්‍ර කරගනිමින් මම්ලුක් සුල්තාන් රාජ්‍යය කලිෆාතයක් ලෙස පාලනය කිරීම ඇරඹෙනවා.
    එහි පළමු කාලිෆ් වරයා වන්නේ Al-Mustansir. මෙය කයිරෝවේ අබ්බාසිඩ් කලිෆාතය Abbasid Caliphate of Cairo ලෙසද හැඳින්වෙනවා.


    jrQQEkL.png

    Sign of Mamluk sultanate

    YNOSRwJ.jpg

    මම්ලුක් සුල්තාන් රාජ්‍යයේ පැතිරීම

    මෙසේ ලොව නන් දෙසින් වහලුන් ලෙස දක්කා ඉස්ලාමය වෙනුවෙන් වහල් කම් කොට ඉන් නොනැවතී ඉස්ලාමය වෙනුවෙන් යුධ වැදී අවසානයේ ඉස්ලාමයේ පාලකයන් වන්නට තරම් මම්ලුක් වරු සුවිශේෂී කොටසක් විය.
    මම්ලුක් රාජ්‍යයේ දේශපාලන බලය හෙබවුවේ සුල්තාන් විසින් වන අතර කාලිෆ් යනු ඉස්ලාම් ආගමික උත්තරීතර නායකයා විය.
    මම්ලුක් රාජවංශය මුලිකවම Bahri සහ Burji යනුවෙන් රාජවංශ දෙකක් යටතේ පැවතිනි.ආරම්භයේ සිට 1382 දක්වා Bahri පාලනයත් එතැන් සිට අවසනය දක්වා Burji පාලනයත් ලෙසයි.
    මම්ලුක් වරු සියවස් තුනකට කිට්ටු කාලයක් ඉස්ලාමයේ පාලකයන්ව සිටි අතර ඔවුන්ගේ රාජ්‍යත්වය බිඳ වැටෙන්නේ 1517 දී තුර්කි ඔටෝමන් වරුන්ට යටත් වීමෙන් පසුවයි.



    bBubneQ.jpg

    මම්ලුක් ස්මාරක ස්ථම්භ

    මම්ලුක් රාජ්‍ය ආරම්භ වූ පසුවද ඔවුන් විසින් කුරුස යුද්ධ සඳහා දායකත්වය ලබා දෙනවා.

    YtHPHm3.jpg


    8 වන කුරුස යුද්ධයේම දිගුවක් ලෙස සැලකෙන එංගලන්තයේ එඩ්වර්ඩ් කුමරු විසින් 1271 දී දියත් කරන ලද කුරුස යුද්ධය තුලදී මම්ලුක් සේනාවන් පරාජය වන නමුත්,
    සුප්‍රසිද්ධ Siege of Acre (1291) සටනේදී මම්ලුක් හමුදා කුරුසයන්ට එරෙහිව ජයග්‍රහණය කොට ශු දේශයේ ඉස්ලාම් බලය තහවුරු කර ගැනීමත් සමග සියවස් දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇදුනු ශු.දේශයේ කුරුස යුද්ධ වල අවසානයද සනිටුහන් කරනවා.

    c6OWdfm.jpg

    Siege of Acre (1291)

    ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුනු මම්ලුක් - මොන්ගොල් සටන.

    මම්ලුක් වරු පිලිබඳ කතා කිරීමේදී අත් නොහැරිය යුතුම මාතෘකාවක් තමයි මේ සටන.මක් නිසාද යත් මෙය ලෝක ඉතිහාසයේ එක් සුවිශේෂී හැරවුම් ස්ථානයක් නිසාවෙනි.
    නැගෙනහිර ලෝකයේ ගෙන්ගිස් ඛාන් ගේ නායකත්වයෙන් ඇරඹි '' මොන්ගෝලියන් '' අධිරාජ්‍යය දශක කිහිපයකින් නැගෙනහිර ආසියාවේ උස් බිම්වල සිට මධ්‍යධරණිය සහ මැදපෙරදිග දක්වා තමාගේ ආක්‍රමණ ඔස්සේ ව්‍යාප්තිය දිගු කර තිබිණි.
    අදටත් ලොව ගොඩබිමින් හාවුණු විශාලතම අධිරාජ්‍යය ලෙස සැලකෙනුයේ මොන්ගොල් අධිරාජ්‍යයි.

    BBOW8NW.gif

    Mongol empire map

    ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුනු මොන්ගොල් අධිරාජ්‍යය ඉස්ලාමයේ අබ්බාසිඩ් කලිෆාතයේ කේන්ද්‍රස්ථානය වුනු ඉරාකයේ බැග්ඩැග් නුවර ආක්‍රමණය කොට මුලිනුපුටා දමන ලද්දේ 1258 දිය.
    මෙය ඉස්ලාම් ඉතිහාසයේ සිදුවුණු දැවැන්තම ශිෂ්ඨාචාර සෝදාපාළුව විය.
    ඉන් පසු ඔවුන්ගේ ආක්‍රමණය කයිරෝව වෙත යොමුවිණි. මේ කල මොන්ගොල් පාලකයාව සිටියේ මොන්ගේ ඛාන් ය.ඔහුගේ බලය යටතේ හුලාගු ඛාන් විසින් මේ ආක්‍රමණ මෙහෙයවිය.
    වර්ෂ 1260 දී හුලාගු විසින් මම්ලුක් වරුන්ට යටත් වීමට අණ කර සිටියත් මම්ලුක් වරුන් එය ප්‍රතික්ෂේප කිරීම නිසා දෙපාර්ශවයම යුද්ධය සඳහා යොමුවිය.


    dn4aF61.jpg

    හුලාගු ඛාන්

    මේ වන විට මොන්ගොල් වරු බැග්ඩැග් නුවර , සිරියාව සහ ෂියා නිකායික ඇසසින් වරු සහ දමස්කසය ජයග්‍රහණය කර තිබිණි.
    ඔවුන්ගේ අරමුණ වුයේ කයිරෝව යටත් කොට ඉන්පසු ජෙරුසලමේ කුරුස බලයද අත්පත් කර ගැනීමයි.
    නමුත් 1260 සැප්තැම්බරයේ ඊශ්‍රායලයට නුදුරු ගලීලයේ Ayn Jalut ප්‍රදේශයේ ( බයිබලිය ඉතිහාසයට අනුව ගොලායත් ගේ නිම්නය ) සිදුවූ සංග්‍රාමයෙන් මම්ලුක්වරු ජයග්‍රහණය කිරීම නිසා මොන්ගොල් අධිරාජ්‍යයේ ව්‍යාප්තිය එතනින් නතර විය.
    මෙය සැලකෙන්නේ ලෝක ඉතිහාස වෘතාන්තය හැරවූ සටනක් ලෙසයි.
    මන්ද මොන්ගොල් වරු යම් හෙයකින් ජය ගත්තා නම් ඉතිහාසය මෙන්ම අද ලෝක සිතියමද මීට වෙනස් අයුරකින් ලියවෙන්නට ඉඩ තිබිණි.


    CW4aq2E.png

    Battle of Ain Jalut

    HLOHOqD.jpg

    ඊශ්‍රායලයට නුදුරු ගලීලයේ Ayn Jalut ප්‍රදේශය ( බයිබලිය ඉතිහාසයට අනුව ගොලායත් ගේ නිම්නය )

    දිල්ලියේ මම්ලුක් රාජවංශය

    මේ පිළිබඳවත් කෙටි සටහනක් තබන්නට සිතුවෙමි.
    වර්තමාන ඇෆ්ගන් භුමියේ අතීතයේ පැවති Ghurid නම් රාජධානියේ නිරන්තර සතුරන් වූ උතුරු ඉන්දියානුවන් පරාජය කරනුවස් Qutb al-Din Aibak නම් මම්ලුක් සෙන්පතියා යටතේ සේනා සංවිධානය විය.මෙසේ ඔහු විසින් පන්ජාබයේ සහ උතුරු ඉන්දියාවේ ස්වදේශිකයන් පරාජය කොට Ghurid පාලනයේම කොටසක් ලෙස ලාහෝරය ( වර්තමාන පකිස්තානයේ ) කේන්ද්‍ර කර ගනිමින් නව ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැගිය.
    ඒ අකාරයෙන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ නව ඉස්ලාම් රාජ්‍යක් ගොඩනැගුනු අතර ක්‍රමයෙන් එය ස්වාධින වන්නට විය.
    පර්සියානු බස මුල්කොටගෙන, සුන්නි ඉස්ලාමය ප්‍රධාන ආගම කොට සුල්තාන් රාජ්‍යක් බිහිවිය.මම්ලුක් පාලකයෙකුගෙන් ආරම්භ වූ නිසා මෙය මම්ලුක් රාජ්‍යත්වයක් ලෙසම ඉතිහාසඥයන් හඳුන්වයි.පසුව මෙහි අගනගරය දිල්ලිය කරා යොමුවිය.
    මෙය පසුකාලීනව දිල්ලි සුල්තාන් රාජ්‍යය Sultanate of Deli ලෙස හඳුන්වනු ලැබිණි.
    මෙය වර්ෂ 1526 දී සුප්‍රසිද්ධ '' මූගල් '' අධිරාජ්‍යය විසින් යටත් කොට ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යය ගොඩනැගිනි.

    1Xkkc38.png


    මම්ලුක් වරුන්ගේ අවසානය

    වර්ෂ 1516 - 17 කාලයේදී තුර්කි ඔටෝමන් වරු විසින් කයිරෝව යටත් කර ගැනීමෙන් පසු නිල වශයෙන් මම්ලුක් රාජ්‍යත්වයේ අවසානය ලියවෙනවා.
    ඔටෝමන් වරු යනු තුර්කිය කේන්ද්‍ර කරගනිමින් බිහිවුණු සුන්නි ඉස්ලාමිය ජන කොට්ඨාශයක්.තුර්කියේ සෝගුල් නුවරින් ආරම්භ වුනු ඔටෝමන් අධිරාජ්‍යය
    20 වෙනි සියවස දක්වාම පැවතුනා.ඔවුන් විසින් මම්ලුක් වරුන් පරාජය කොට ඊජිප්තුව ඇතුළු උතුරු අප්‍රිකාවේ බලය තහවුරු කරගැනීමෙන් පසු මම්ලුක් වරුන්ගේ ඉතිහාසය අවසානය දකිනවා.

    iBqRRbb.png

    Ottoman empire map.

    සරලවම ඉස්ලාමයේ මම්ලුක් සටන්කරුවන් සහ ඔවුන්ගේ රාජ්‍යත්වය පිලිබඳ සංක්ෂිප්ත විස්තරයක් තමා මම ගෙන ආවේ.
    කුරුස යුධ ඉතිහාසයේ සටන්කරුවන් පිලිබඳ ලියවුනු තවත් නූලක් මෙසේ අවසන් කරනවා.
    කුරුස යුධ ඉතිහාසය ගැන ලියවුනු තවත් නූලක් වෙලාව තියෙන හැටියට ලියන්නම්.

    ඡායාරුප සහ තොරතුරු අන්තර්ජාලය, යුටියුබ් වෙබ් අඩවි වලින්.සටහන පෙළගැස්වුවේ මම.
    එහෙනම් ජයවේවා අපේ එලකිරියන්ට.


    :):):):)

     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඩොඩෝ ඩු මි ෆෙව
    ලියපු ආටිකල් වල ලින්ක් දාපන් ඔක්කෝම
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    sahenna mahansi wela thiyenawa.. TFS 19+







    great article++



    Thanks 😊 machan mahansiyen apit ekka danuma share kalata

    Curfew nisa lagadi kohewat yanna bari unada yaluwe

    Parissamen inna

    Elakiri dodo bokka

    Patta

    Thanks All.....:D:D:D
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    බොහොම ස්තූතියි මචං ඉතාම වැදගත් ලිපියක්. මම හරි ආසාවෙන් මුල ඉදන් අගටම කියෙව්වා. මට පුදුම ඉස්ලාම් භක්තිකයන් මුලදී ඉතාමත් විශිෂ්ට ශිෂ්ටාචාරයක් ගොඩනගලා වර්තමානය වෙනකොට ආගම්වාදී උන්මත්තකයො වුණේ ඇයි කියන එක. මම නම් හිතන්නේ 1940 ගණන් වල සෞදි අරාබියේ කාලකන්නි වහාබ් කියන උන්මන්තක මිනීමරුවා පතුරවපු වහාබ් වාදය තමයි මේකට වගකියන්න ඕනේ. සෞදි අරාබිය උන්ගේ තෙල් සල්ලි පාවිච්චි කරලා ලස්සනට වහබ්වාදය සාම්ප්‍රදායික මුස්ලිම් ආගම මැඩ පවත්වල ලෝකය පුරා පැතිරෙව්වා.