පැණි කුරුල්ලොද මොක්කුද මංද අර ඉන්නෙ මචං බඩු ඇට සයිස් එවුන්
අපේ ගෙදර අලිගැටපේර ගහක් (පොඩි ගහක්) තියෙනව පොච්චියක හිටෝපු
ගහ අඩි තුනක් උස ඇති
මුං එන්නෙම ඒ ගහේ කූඩු හදන්න. උං කූඩුව හදන්නෙ කොලදෙකක් එකට මහල

උඹල දන්නවනෙ අපේ ගෙදර පූසො තුන්දෙනෙක් ඉන්නව
සෑහෙන දවසක් එයාලට කරදරයක් වෙන්නෙ නැතුව කූඩුව තිබුණ
දවසක් මට ඇහුණ මුං කෑ ගහනව. මං ඉක්මනට ගිහින් බැලුව
බැලින්නං පූස කූඩුව කඩල. මං පූසව එතනින් එලෙව්ව
ඊට පස්සෙ බිම බැලින්නං කූඩුවෙ බාගයක් බිම වැටිල කුරුලු පැටව් ඒකෙන් වැහිල. පූස දැක්කනං අල්ලනව
පැටව් තුන් දෙනෙක්
මං ඉතිං උන් තුන් දෙනාව අරන් දහ අතේ කල්පනා කෙරුව මුංව තියන්න තැනක්
ඊට පස්සෙ කෝප්පෙකට කූඩුවෙ ඉතුරු කෑල්ල දාල වහලෙ හරියෙ උසකින් තිබ්බ
අනේ උන්ගෙ මහ එවුන් පස්සෙ මෙයාලව දැක්ක ඉන්න තැන
මාර වැඩේ කියන්නෙ එදා හවසම එකෙක් ඉගිලෙන්න ගත්ත ගේ ඉස්සරහ මිදුලෙ
පට්ට අස්වැසිල්ලක් වුණා මට ඒක
දවස් දෙකක් ගියෙ නෑ ඉනිමග තියල බැලුව. කෝප්පෙ එකෙක්වත් නෑ..

එයාල යන්න ගිහින්
ගොඩ දවසක් අපේ ඉස්සරහ මිදුලෙ එයාල හිටිය
පොඩි අයව අදුරගන්න ලේසියි එයාල බෝලයක් වගේ. දිග නැට්ට නෑ. අනික කෑ ගහන්නෙත් අමුතු විදියට ලොකු අයට වඩා
දවසක් බැලින්නං ආයෙත් මේ ගහේම කූඩුවක් හදනව. කූඩුව හදාගෙන එද්දිම අම්ම ඒක කඩල දැම්ම. පූසගෙන් බේරන්න බැරි නිසා

ඔන්න ආයෙත් කූඩුව හදන්න ගත්ත. ඊට පස්සෙ කෙරුවෙ පෝච්චිය පිටින්ම උස්සං ගිහින් පූස ගාවින් තියපු එක
ඊට පස්සෙ ආවෙ නෑ කූඩු හදන්න