කුර~සහිත~සතුන්

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මිථ්යා මත , ගොන් පාට් , මෝඩ චුන්. බඩගින්නේ මැරෙන්න යන මිනිහෙක්ට දීපන් ඕනේ මසක්, ඌ කන්නේ නැද්ද බලන්න.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මම මේ ත්‍රෙඩ් එක දාන්නේ ඔය ගොල්ලෝ කාත් එක්කවත් තර්ක කරන්නවත් පව් පින් ගැන කතා කරන්නවත් නෙමේ. මස් මාලු කන එක ගැන මේ දවස් වල විශේෂයෙන් කතා කරනවා
    ඒක බුද්ධ කාලේ ඉඳන්ම විවෙචන, ප්‍රශ්න, වලට තුඩු දුන් මාතෘකාවක්... ඉතින් මස් මාලු කන එක ගැන මගේ පෞද්ගලික මතයක් තියනවා.. මම ඒ මතයේ ඉන්නවා. මම තර්ක කරන්න යන්නේ නෑ මගේ මතය හරි අනෙක්වා වැරදී කියලා. මම ඒ ගැන කතා කලත් කතා කරන්නේ මම වගේ හිතන පතන කෙනෙක් එක්ක. ඒ කිව්වේ තමන්ගේ තර්කය හරි අනෙක්වා වැරදි කියලා ඒත්තු ගන්වන පුද්ගලයෙක් එක්ක තර්ක කරලා දෙයක් ඉගෙන ගන්නවත් දැනුම බෙදා ගන්නවත් බෑ කියන එක පුද්ගලයෙක් වුනාම තේරුන් අරන් ඉන්නවනම් එයාට අනිත් පිරිස් එක්ක පහසුවෙන් මූව් වෙන්න පුලුවන් කියලා මම හිතනවා.... හරි ඒක ඉවරයි....

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ අද මගේ තාත්තා කියපු දෙයක් ගැන දැන ගන්න. මොකද මගේ තාත්තා දෙයක් කිව්වට පස්සේ එයත් එක්ක වැඩිය තර්ක කර කර ඒක ගැන හාර හාර අවුස්ස අවුස්ස දැන ගන්න යන එක.. ඒ කියන්නේ ඒ තුලින් නොදන්න දෙයක් දැන ගැනීම හෝ තාත්තා එක්ක තර්ක කරන්න යන එක අවසානයේ අපි දෙන්නා අතර පොඩි රණ්ඩුවක් බහින් බස් වීමක් නෙමේ පොඩි වචන හුවමාරුවක් තමා අන්තිමට වෙන්නේ...

    තාත්තා උදේ කිව්වා,,,,

    කුර සහිත සතුන්ගේ මස් කන එක සාමාන්‍යෙන් හොඳ නෑ කියලා... මට දැන ගන්න ඕනේ ඒ ඇයි මොකක්ද ඒකට හේතුව කියලා...

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් දන්න දෙයක් කියන්න... නැත්නම් බම්ප් එකක් වත් දාලා යන්න,,,

    ස්තූතියි

    කතාව ඇත්ත.... මෙහෙමයි, කුර තියෙන සත්තු නියපොතු කන්න පුරුදු වෙලා ඉන්නවනම් කුර වල තියෙන විශබීජ ශරීරගත වෙන්න පුලුවන් නේ.... දිනපතා ලයිෆ්බෝයි පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න සත්තුන් ගෙ නම් කමක් නැතුව ඇති...... නැත්තන් නියපොතු කපල කුර පාටකරල පිලිවෙලට මේන්ටේන් කරන්න වෙයි මසට ගන්න සත්තුන්ව....
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ කියන්නෙ විද්‍යාව අතින් නෙවෙයි, බෞද්ධ ධර්මය අනුව මට හැඟෙන විදියටයි.. ඒ නිසා බොදු දහම අනුව ගලපා හරි කියා සිතේ නම් පිළිගන්න.
    ___________________________________________________

    සහෝ කිසිම සතෙකුගෙ මසක් කන එක හොඳ නෑ කියල කියන්නෙ මෙන්න මේ නිසයි..
    ඔබ සතෙකුව මරාගෙන කෑව නම් ඉතින් සෘජුවම ප්‍රාණඝාත අකුසලය සිදු වෙනවා.
    ඔබ විසින් නොමැරූ සතෙකුගෙ මස් කඩෙන් හෝ ගෙන කෑවා නම් එතන ප්‍රාණඝාත අකුසලය නෑ.. නමුත් අසරණ සතෙකුගෙන් අසාධාරණ ලෙස ගත් මස ඔබ පරිහරණය කලේ.. ඒක වැරදියි නේද..

    කිසිම සතෙකුගෙ මස් කන එක ඔන්න ඔය හේතු නිසා බුදු දහමට අනුවත්, සාමාන්‍ය මනුශ්‍යත්වය අනුවත් වැරදියි.

    නමුත් කුර තිබෙන සතුන් ගැන ඔබේ පියාණන් පවසා තියෙනවා.. ඔහු කියපු දේ හරි මචන්..

    සතුන් ගෙ ප්‍රාණය ට යම් වටිනා කමක් තියෙනවා නම්..
    වැඩිම වටින කම තියෙන්නෙ මිනිස් ප්‍රාණයට.. ඊලඟට අලි ඇතුන්, කොටි වලසුන් සිට කූඹි.. බැක්ටීරියා දක්වාම තියෙනවා.. අපි ආහාරයට ගන්න සතුන් ගෙන් මාලු, කුකුලෝ, හරක් ලෙස ආරෝහණය කරන්න පුලුවන්..

    යමෙක් මාලුවෙක් නොවී හරකෙක් වෙන්නෙ කර්මය අනුව..
    යමෙක් හරකෙක් නොවී සද්දන්ත කුලේ දල ඇතෙක් වෙන්නෙ කර්මය අනුව,
    යමෙක් තිරිසනෙක් නොවී මිනිසෙක් වෙන්නෙ කර්මය අනුව..

    ඉතින් කුර ඇති හරක්, මුව ආදී සතුන්, වෙන තිරිසන් සතුන් අතරින් මඳක් උසස්. උන්ට මරණ බිය හොඳට දැනෙනවා.. ඉතින් උන් මැරුවොත් වෙන පාපය, මාළු යනාදී සතුන් මැරුවාට වඩා වැඩියි.

    නමුත් ඔබ බීෆ් කනවා යැයි සිතමු, ඒත් ඔබ ගිහින් හරකා මරන්නෙ නෑ නෙ.. ඔබ නිසා මයි කියා මරන්නෙත් නෑ නෙ.. ඔබ කඩෙන් ගේන මස කෑවා කියා ඉහත ප්‍රාණඝාත් අකුසලය නම් සිදු වෙන්නෙ නෑ මචන්.

    ඒත් මෙහෙම දෙයක් වෙනවා.. ඔබ මස් කනවා කියන්නෙ දෙවියන් ට අප්‍රිය වීමත්, ප්‍රේත යනාදීන්ට ප්‍රිය වීමත් යන විපාක ඔබට ලඟා වෙනවා. (දැන් දෙවියන්, ප්‍රේතයන්, ඔබ විශ්වාස නොකරනවා නම් ඔබ මිත්‍යාදෘෂ්ඨිකයි.. සම්බුද්ධ දේශනාවට අනුව ඕපපාතික සතුන් සිටින බව ඔබට අවිශ්වස නම් එය දසවස්තුක මිත්‍යාදෘෂ්ඨියෙන් එකක්)

    ඉතින් සියළු සතුන් ගෙන් අසාධාරණව ගන්නා මස අනුභවය වැරදියි
    සියළු සතුන් ඝාතනය පවකි. ඉන් කුර සහිත සතුන් ඝාතනය මත්ස්‍ය, පක්ෂි ය්නාදීන් ඝාතනයට වඩා අකුසලයකි.
    මස් කන්නෝ දෙවියන් ට ප්‍රිය නොවෙති.. ප්‍රේතයන් ට ප්‍රිය වෙති.

    මේ මම හිතන හැටි මචන්.. මම කිව්ව කියල නෙවෙයි, ඔබ බෞද්ධ නම් ධර්මයට ගලපා බලන්න.. හරි නම් පිළිගන්න
    ඔබට තෙරුවන් සරණයි
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    අපි කෑමට ගන්න කුර සහිත සතුන් ක්ෂීරපායී සතුන් නේද ,මන් හිතන්නේ එකත් හේතුවක් වෙන්න ඇති හොඳ නැහැ කියන්න
     
    May 21, 2013
    47
    3
    0
    චගු;15038151 said:

    මම ඇත්තටම ඒ කුර තියන සතෙක් වෙන්න අනෙක් මාලුවෙක් කුරුල්ලෙක් වෙනවට වඩා පින් ඕනා කියන එක දැනන් හිටියෙ නෑ.. මම ඒ දේ ගැන දන්නේ නෑ...

    ඔයා කියපු කතාව සහතික ඇත්ත..
    මම එ ටික හයිලයිට් කරා....

    කිසිම සතෙක් කැමත්තෙන් එයාගේ ජීවිතය දීලා අපිට එයාගේ මස් කන්න දෙන්නේ නෑ ඔයා හරි....
    තනියෙන් හිතෙන මට මෙහෙම මග පෙන්වීමක් කලාට පින්
    පුලුවන්නම් පල්ලෙහා මම තියන ලින්ක් එකේ ත්‍රෙඩ් එක කියවලා හරි වැරද්ද පෙන්නලා දෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1557308