මේ කියන්නෙ විද්‍යාව අතින් නෙවෙයි, බෞද්ධ ධර්මය අනුව මට හැඟෙන විදියටයි.. ඒ නිසා බොදු දහම අනුව ගලපා හරි කියා සිතේ නම් පිළිගන්න.
___________________________________________________
සහෝ කිසිම සතෙකුගෙ මසක් කන එක හොඳ නෑ කියල කියන්නෙ මෙන්න මේ නිසයි..
ඔබ සතෙකුව මරාගෙන කෑව නම් ඉතින් සෘජුවම ප්‍රාණඝාත අකුසලය සිදු වෙනවා.
ඔබ විසින් නොමැරූ සතෙකුගෙ මස් කඩෙන් හෝ ගෙන කෑවා නම් එතන ප්‍රාණඝාත අකුසලය නෑ.. නමුත් අසරණ සතෙකුගෙන් අසාධාරණ ලෙස ගත් මස ඔබ පරිහරණය කලේ.. ඒක වැරදියි නේද..
කිසිම සතෙකුගෙ මස් කන එක ඔන්න ඔය හේතු නිසා බුදු දහමට අනුවත්, සාමාන්‍ය මනුශ්‍යත්වය අනුවත් වැරදියි.
නමුත් කුර තිබෙන සතුන් ගැන ඔබේ පියාණන් පවසා තියෙනවා.. ඔහු කියපු දේ හරි මචන්..
සතුන් ගෙ ප්‍රාණය ට යම් වටිනා කමක් තියෙනවා නම්..
වැඩිම වටින කම තියෙන්නෙ මිනිස් ප්‍රාණයට.. ඊලඟට අලි ඇතුන්, කොටි වලසුන් සිට කූඹි.. බැක්ටීරියා දක්වාම තියෙනවා.. අපි ආහාරයට ගන්න සතුන් ගෙන් මාලු, කුකුලෝ, හරක් ලෙස ආරෝහණය කරන්න පුලුවන්..
යමෙක් මාලුවෙක් නොවී හරකෙක් වෙන්නෙ කර්මය අනුව..
යමෙක් හරකෙක් නොවී සද්දන්ත කුලේ දල ඇතෙක් වෙන්නෙ කර්මය අනුව,
යමෙක් තිරිසනෙක් නොවී මිනිසෙක් වෙන්නෙ කර්මය අනුව..
ඉතින් කුර ඇති හරක්, මුව ආදී සතුන්, වෙන තිරිසන් සතුන් අතරින් මඳක් උසස්. උන්ට මරණ බිය හොඳට දැනෙනවා.. ඉතින් උන් මැරුවොත් වෙන පාපය, මාළු යනාදී සතුන් මැරුවාට වඩා වැඩියි.
නමුත් ඔබ බීෆ් කනවා යැයි සිතමු, ඒත් ඔබ ගිහින් හරකා මරන්නෙ නෑ නෙ.. ඔබ නිසා මයි කියා මරන්නෙත් නෑ නෙ.. ඔබ කඩෙන් ගේන මස කෑවා කියා ඉහත ප්රාණඝාත් අකුසලය නම් සිදු වෙන්නෙ නෑ මචන්.
ඒත් මෙහෙම දෙයක් වෙනවා.. ඔබ මස් කනවා කියන්නෙ දෙවියන් ට අප්‍රිය වීමත්, ප්‍රේත යනාදීන්ට ප්‍රිය වීමත් යන විපාක ඔබට ලඟා වෙනවා. (දැන් දෙවියන්, ප්‍රේතයන්, ඔබ විශ්වාස නොකරනවා නම් ඔබ මිත්‍යාදෘෂ්ඨිකයි.. සම්බුද්ධ දේශනාවට අනුව ඕපපාතික සතුන් සිටින බව ඔබට අවිශ්වස නම් එය දසවස්තුක මිත්‍යාදෘෂ්ඨියෙන් එකක්)
ඉතින් සියළු සතුන් ගෙන් අසාධාරණව ගන්නා මස අනුභවය වැරදියි
සියළු සතුන් ඝාතනය පවකි. ඉන් කුර සහිත සතුන් ඝාතනය මත්ස්‍ය, පක්ෂි ය්නාදීන් ඝාතනයට වඩා අකුසලයකි.
මස් කන්නෝ දෙවියන් ට ප්‍රිය නොවෙති.. ප්‍රේතයන් ට ප්‍රිය වෙති.
මේ මම හිතන හැටි මචන්.. මම කිව්ව කියල නෙවෙයි, ඔබ බෞද්ධ නම් ධර්මයට ගලපා බලන්න.. හරි නම් පිළිගන්න
ඔබට තෙරුවන් සරණයි