සිය මියගිය ඥාතියා වෙනුවෙන් ශෝකය පළකිරීම ප‍්‍රමාණවත් නො වන්නේ යැයි සිතන බි‍්‍රතාන්‍ය වැසියන්ට දැන් ඒ අඩුව පිරිමසා ගන්නට ක‍්‍රමයක් ඇත. ඒ කුලියට අඬන්නන්ගේ සේවය ලබා ගැනීමය. මැද පෙරදිග සහ චීනයෙන් ආරම්භ වූ මේ රැල්ල දැන් බි‍්‍රතාන්‍යයේ ද ජනප‍්‍රිය වෙමින් පවතී.
පැය දෙකක සේවයක් ලබාදීම සඳහා මේ කුලියට අඬන්නෝ පවුම් 45ක මුදලක් අය කරති. ඇඬීමෙන් පමණක් සිය සේවය නතර නො කරන ඔවුහු මියගිය පුද්ගලයාගේ ඥාති හිතමිතුරන්ගේ දුක තුනී කරන්නට සැනසිලි බස් ද කියති.
Molrologists ලෙස හඳුන්වන මේ කුලියට අඬන්නන් ශෝකය පළකළ යුතු පොදු අවස්ථාවල සේවය කිරීම සඳහා ඒ ගැන හැකියාව ඇති අයට පුහුණුව ද ලබාදෙයි. අවමංගල කටයුතු කරන්නට පෙර මොවුන් මියගිය පුද්ගලයා පිළිබඳ ශෝකය දනවන ලෙස අදහස් දක්වන්නේ පැමිණ සිටින පිරිසට ඔවුන් මළගිය පුද්ගලයා හා සමීප සබඳකමක් ඇති බව දැනවෙන පරිදි ය.
මේ සංකල්පය බි‍්‍රතාන්‍යයට ආගන්තුක වුව ද, කුලියට අඬන්නන් සපයන ආයතනයක් වන බි‍්‍රතාන්‍ය Rent a Mourner in Braintree ආයතනය සඳහන් කරන්නේ එය ඉතා ඉක්මනින් ජනප‍්‍රිය වනු ඇති බව ය.
lanka C news
