ඉන්දියාව කියන්නේ කුලවාදය ඉතාම දරුණුවට තිබ්බ රටක්. ඒත් උන් දලිත්, අන්ටචබල් කෙනෙක් ජනාධිපති කරලා කුලවාදයට කනේ පාරක් දුන්නා. අද තරුණ ඉන්දියන් අය කුලවාදය ගැන තැකීමක් නැහැ. උන් ඇත්තටම මොඩර්න්, නූතනත්වයට වැලඳගත්ත පරපුරක්. කුලවාදය එලිපිට කතානොකරන ලැජ්ජාවිය යුතු දෙයක් විදියටයි ඉන්දියන් තරුණ පරපුර දකින්නේ. අපේ රටේ සිංහලයෝ අතර කුලවාදය එතරම් තදට නොතිබුනත් මම හිතන්නේ ඒක එලිපිට කතා කරන්නේ නැති තත්වයක් තිබ්බේ. ප්‍රේමදාස ජනාධිපති කරන්නත් අපි පසුබට වුනේ නැහැ. ඒත් ඉතින් අපි රටක් විදියට දිනාගත්ත දේවල් ඔක්කොම කණපිට හැරවෙන වෙලාවක මේ කුලවාදයත් මතු කරල ගන්න එකේ වැරද්දක් නැහැ. අපි කාලයක් තිස්සේ ගොඩනගාගත් වටිනාකම් විනාඩි ගානක් තුල විනාස වෙලා යන කාලෙක නේ ජීවත් වෙන්නේ.


