ඉන්දියාවෙ කුල බේදයට ඉක්මවායාමක්නෙ එතනින්පස්සෙ වෙලා තියෙන්නෙ.
බුද්ධත්වයෙන් පසු ,එකම සන්ඝ සමාජයක් තුල කුලපුත්‍රයන් වගෙම පහල කුලවල දරුවන්ද ශාසනයෙ පැවිදි කරගත්තනෙ ඒ සමජයෙ කුල බෙධයට චැලෙන්ජ් කරමින්( අපි අහල කියවලා තියන පරිදි )
ඉහලම කුලයෙ රජකමටත් උරුම ක්ශස්ත්‍රියෙකුවෙලත් ගෙන් ගෙට ගොස් ආහාර ඉල්ලගන තමුන්ම ආදර්ශයෙන් පෙන්වලා තියනවනෙ කුල බෙදය හෝ වෙනත් දෙයක් නෙවෙයි ප්රමුඛ දුකින් මිදිමේ මාර්ගය ෆලොව් කිරිමයි කියන එක.
කුල බේදය තියන සමාජයක් තුල පහල කුලයක ඉපදිලා කුලබෙධයට අභියොග කරන්න තියා එක නොසලකාවත් වැඩකරන්න බෑනෙ ප්‍රායොගිකව. එතකොට ඉහල කුලවල මිනිස්සු, ඔහු කුලහිනයෙක් විම නිසාම ඒ කෙනාගෙ දර්ශනයත් (දුකින් මිදිමේ) ප්‍රතික්ශෙප කරනවනෙ.එතකොට ඉහල ලෙයර් එක හැලෙනවා.
සමාජයෙ හැම ස්ථරයකටම ඇඩ්රස් කරන්න පුලුවන් වෙන්නෙ ඉහලම තත්වයෙ සමාජ ස්ථරයක හිටියොත් පමණි.
මෑත උදාහරනයකට ප්‍රින්සස් ඩයනා, ඇය සම්ප්‍රදායික බ්‍රිතාන්‍ය රජපවුලෙ සම්ප්‍රදායන් නොසලකමින්, සාමන්‍ය සමාජයෙ මිනිසුන් එක්ක සමිප උනා. විශෙශයෙන් ඇය ඒඩ්ස් මර්ධන ව්‍යාපරය සමගාමිව (මතක හැටියට ) අප්‍රිකාව වගෙ රටවල්වල දරුවන් සමග ඉතාම ලෙන්ගතුව කටයුතු කිරිමෙන් ඇය ගැන ලොකයෙම අවධානය යොමු උනා.( අදටත් ලොකයෙ මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන කිපදෙනා අතරින් ඉහලම තැන ඇය ඉන්නෙත් එකයි ). අනිත් නිස්සුත් ඔනාතරම් ඇයට වඩා සමාජ සත්කාරවල නිරත වෙලා ඇති එත් අ අය සමහර විට අප්‍රසිද්ධයි, හෙතුව ඇය රාජ කියෙකු විමයි.
මම කියන්නෙ ඔබ කුලිනයෙකු විම ගැන ආඩම්බරවෙන්න, නමුත් තවකෙනෙක් පිඩාවට පත් නොකරන්න. නැත්තන් ඔහු උසස් කුලයෙ බට් උසස් මනුස්ස්යෙක් නෙවෙයි .
