කුවණ්නා කියන්නේ දෙමළ ගෑනියෙක්ට

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ඉහත මාතෘකාව දැකපු ගමන් ගොඩක් දෙනා මේ පැත්තට හැරෙන්නේ බනින්න බලාගෙන.ඒ වාක්‍ය මම කියපු එකක් නෙමෙයි.ප්‍රංශයේ විප්‍රවවාසී සිංහල ලේඛකයෙක් වෙච්ච මංජුල වෙඩිවර්ධන තමයි එහෙම කියන්නේ එයාගේ ආදරණීය යක්ශනී අවසාන පිටුවෙදී.
    කොහොම නමුත් පරක්කු වෙලා හරි ත්‍රෙඩ් එකක් ලියන්න ඔනේ කියල මට හිතුනා.මේක ලියන්න මූලාරම්භය වෙන්නේ නව පාර්ලිමේන්තු සැසිවාරයේ මංගල සභාවේදී යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනිසුරු සී.වී.විග්නේශ්වරන් මහත්මයා කරපු ප්‍රකාශයක් නිසාවේන්.
    එතනදී එයා කියනවා තමන් කතා කරන ද්‍රවිද භාශාව ලංකාව නිජබිම මූලික කරගත් පලවෙනි ජනතාවගේ භාශාව කියලා.
    ගොඩක් දෙනෙක් මේ කතාවට විරුද්දව තම තමන්ගේ අදහස් පල කරනවා බුකිය පුරාම උනත් දකින්න ලැබුනා.
    කොහොම උනත් මන් හිතුවා කවුද මේ විනිසුරු විග්නේශ්වරන් කියන්නේ කියන එක හොයා බලන්න සහ ඒ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න.

    1599325329524.png


    කනගසභාපති විසුවලිංගම් විග්නේශ්වරන් 1939 ඔක්තොම්බර් 23 උපත ලබන්නේ යාපනේ හෝ උතුරු පලාතේ නම් නෙමෙයි. Hulftsdorp එහෙමත් නැත්නම් අපි කවුරුත් සරලව දන්න කොලඹ අලුත්කඩේ දී.

    විග්නේශ්වරන්ගේ පවුල ද්‍රවිඩ සමාජයේ ඉහල තල වල පවුලක්.එයාගේ සීයා පොන්නම්බලම් රාමනාදන් සහ පොන්නම්බලම් අරුනාචලම් ගේ ඥාතී සහෝදරයෙක්.

    පියා රාජ්‍ය සේවකයෙක් වීම නිසාම දිවයිනේ පලාත් කීපයකම අධ්‍යාපනය ලබන්න විග්නේශ්වරන් ට සිද්ද වෙනවා.පස්සේ කාලෙකදී වයස අවුරුදු එකොලහක් වෙනකොට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් වෙනවා.

    පසුව ලංඩන් විශ්වවිද්‍යාලයෙන් කලා උපාදියක් ගන්න ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාදිය හිමි කර ගන්නවා.
    1962 වසරේ නීතී ශිෂ්‍ය සංගමයේ සභාපහි දූරයට පත් වෙනවා.


    1599325655620.png


    විග්නේශ්වරන් කියන්නේ 1973 ට කලින් දිවුරුම් දීපු නීතිඥයෙක්.මොකක්ද 1973 ට කලින් අයගෙයි දැන් අයගෙයි වෙනස.1973 ට කලියෙන් ලංකාවේ නීතිඥ වෘතියේ කොටස් දෙකක් තිබ්බා. ඒ අද්වකාත් සහ පෙරකදූරූ වශයෙන්.අද්වකාත් කියන එක තමයි ඔය අධිනීතිඥ කියල කියන්නේත්.එංගලන්තෙදි නන් බැරිස්ටර්.කොහොම හරි 1973 දී ගේන පනතක් හරහා ලංකාවේ නීතී වෘතියට නීතිඥ කියන නම හදුන්වා දෙනවා.ඉංග්‍රීසියෙන් කීවොත් Attorney at Law.

    ආයෙත් කතාවට ආවොත් වසර පහලොවක නීතිඥ වෘතියෙන් පස්සේ මහේස්ත්‍රාත්වරයෙන්,දිසා විනිසුරුවරයෙක් සහ මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් සේවය කරනවා.

    ලංකාවේ විශ්වවිද්‍යාලෙක නීතිවේදය ඉගෙන ගන්න අය දන්නවා විවෘත විශ්වවිද්‍යාලේ වාණිජ නීතිය course material එකේ වැදගත්කම.එකේ පරිච්ජේද කීපයක්ම ලියන්නේ එතුමා.තව ගොඩක් නිති අද්‍යාපනය වෙනුවෙන් කරපු දේවල් තියෙනවා.

    ශ්‍රි ලාංකික ද්‍රවිඩ කියන ප්‍රජාවේ සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි කියන භාශා තුනම ව්‍යක්තව වෙන වෙනම කතා කරන්න පුලුවන් අය අතරෙන් කෙනෙක් තමයි මෙතුමා. ඔව් ආචාර්‍ය සුරේන් රාඝවන් වගේම.

    කෙනෙක් අද වෙනකොට මොන මතවාදය නියෝජනය කලත් ඒ අය කොහොම අයද කියන එක දැනගෙන ඉන්න එකයි වැදගත්.


    විග්නේශ්වරන් මහත්මයා ගේ මේ ආකාරයේ හැසිරීම ගැන මගේ මතය මේක.ඒ වගේම කවුරුවත් කොහෙදිවත් කියපු එකක් අහුලගෙන කියනව නෙමෙයි.

    ද්‍රවිඩ සමාජය එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකීය ද්‍රවිඩ සමාජය අපේ සිංහල සමාජයට වඩා ගොඩාක්ම සංස්කෘතික සහ පුද්ගලීය වශයෙන් සංකීර්ණයි ගොඩාක්.විග්නෙස්ශ්වරන්ගේ පවුල ඓතිහාසික එකක්.ව්‍යවස්තාදායක සභාවට පත් වෙච්ච ප්‍රතම උගත් ලාංකිකයා එයාලගේ පවුලේ කෙනෙක්.එතකොට ද්‍රවිඩ මහජන සභාව වගේ ආන්දෝලනාත්මක තීරණයකින් ලංකාවේ ඉතිහාසයම වෙනස් කරන දෙයක් කරන්නෙත් එයාලගේ පවුලේ කෙනෙක්.ඉතින් මේ මොහොතේදී විග්නේශ්වරන් ඉන්නේත් තමන්ගේ පවුල වෙනුවේන් වන ඓතිහාසික වගකීම ඉටු කරමින්.මොකද එයා මොනතරම් පරිණත නඩුකාරයෙක් උනත් වැඩක් නෑ තමන්ගේ ජනතාවට තමන්ගේ ප්‍රජාවට දැන්නෙන්න දෙයක් නොකර.ඉතින් මේ අතිරික්ත කාලේදී එවැනි දේ කිරීම අහම්බයක් නෙමෙයි.ඒ වගේම කවුරුත් තේරුම් ගන්න ඔනේ දේ වෙන්නේ මේක අන්තවාදී සිංහල ජාතිකවාදයේම අනිත් පැත්ත බව.ඒ කියන්නේ එකම රටක එකම කාසියේ දෙපැත්ත.

    මයිලවාකනාපූලවර්ගේ යාල්පාන වෛපවමාලේයි කෘතිය කියවලා තිබ්බත් ඒකේ සිංහල පරිවර්තනයේ නන් එවැන්නක් ගැන සදහනක් නෑ.

    විජය ලංකාවට එනකොට ලංකවේ හිටපු ඒ කුවේණියගේ ජනතාව දෙමළ වෙන්න පුලුවන් ද ?

    1599324754913.png


    ඉතිහාසය කියන්නේ එක්කෙනෙක් ගේ තනි මතය නෙමෙයි.අපි දන්නා සාදක වල හොදම එක.එතනදී අපේ මනස පෙළබෙනවා අපි දන්න වඩාත්ම කැමති එක තෝර ගන්න.එහෙම නොකර ටිකක් මද්‍යස්තව නැවත හිතන්න.මේ පැති දෙකම එකයි.
    අපි හැමදාමත් මේ භූමියේ අයිතියට කුලල් කා ගනීවි.අපි හැමෝම එකක් කියලා තේරුම් නොගන්නා තෙක්.

    තවත් ත්‍රෙඩ් එකකින් හම්බෙමු.
    එතකන් ජය !


     

    Attachments

    • 1599325221325.png
      1599325221325.png
      1,019.9 KB · Views: 48

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔහුගේ මතවාදය හුදු හිතලුවක් බවට, ශාස්ත්‍රීයව සාධක සහිතවම ඔප්පුකරල තියන්වනේද ? එයා ඇතුලු කීපදෙනෙක් පිළිනොගැනීම ඉතින් . . .
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විග්නේශ්වරන්ට තමයි පොන්නම්බලම් කියන නම දාන්න තිබුණෙ. :ROFLMAO:

    තව ටික දවසකින් අරූ කියයි විජය කියන්නෙත් දෙමළ නමක් කියලා.
    එතකොට කුවේණිත් දෙමළ. විජයත් දෙමළ. මේ රටේ මුල් පදිංචිකරුවො දෙමළ. පස්සෙ සුළු ජාතින් විදිහට හිටපු සිංහලයො සීඝ්‍රයෙන් වර්ධනය වුණා. හරි සංතෝසයි.
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ වගේ ප්‍රලාප හීන් සීරුවේ සමාජ ගත කරලා ද්‍රවිඩ මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනම රාජ්‍යක් කියන තැනට ඇදලා ගත්තේ 1948 ඉදන්. අපේ සිංහල ගොබ්බ රැල මේ කර තියාගෙන දුවන්න හදන්නේ සිංහල ජාතියේ උල තියන්න ගන්න උල කියලා මුංට තේරෙන්නේ නැහැ. සිංහල කියන්නේ ලෝකයේ ආරම්භක භාෂාවක් කියන එක තහවුරු කරන සාධක අවශ්‍ය තරම් තියෙනවා. ලතින් භාෂාව තරමට තැනක් සිංහල භාෂාවට ජාත්‍යන්තරය දෙද්දි අපේ වේසිගේ පුතාලා හැමනෙන්න හදනවා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    අපේ කලාපයෙ ඉන්න පැරණිතම ජන කොට්ඨාසයක් තමයි ද්‍රවිඩ මිනිස්සු කියන්නෙ. ආර්‍යයො හෙවත් රුසියානු සම්භවයක් තියෙන ස්ලාවික් ජනතාව ඉන්දියානු අර්ධද්වීපයට සංක්‍රමණය වෙන්න කලින් ඒ භූමියෙ මුල් පදිංචිකරුවන් වෙන ඉන්දු-නිම්න ශිෂ්ඨාචාර වල පසු විකසනය වෙන ancestral south indians ලගෙ වර්ථමාන ජනතාව තමයි අපි ද්‍රවිඩ මිනිස්සු කියල හඳුන්වන්නෙ. ආර්‍යයො ඉන්දියාවට ඇවිත් ඒ භූමියෙ හිටපු anscestral north induans ලත් එක්ක මිශ්‍ර වෙලා හැදෙන ඉන්දු-ආර්‍යයො සහ ඒ සංස්කෘතීන්ට අවශෝෂණය වීමෙන් තමයි අද අපි දකින උතුරු ඉන්දියානුවො හැදිල තියෙන්නෙ. ඒ ඉන්දු ආර්‍යයො ටික ටික අර්ධද්වීපයෙ පහළට සංක්‍රමණය වෙලා ජනාවාස පිහිටගද්දි ancestral south indians ලා ක්‍රමයෙන් දකුණට පසුබැහැලා අද අපි දකින තමිල්නාඩු-කේරල බෙල්ට් එකේ පිහිටුනා. මේක මේ කන්ස්පිරසි තියරි එකක් නෙමේ...ශාස්ත්‍රීය වශයෙන් පිළිගන්න අදහස, mDNA සාධකත් සහිතව.

    දැන් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ද්‍රවිඩ ජනතාව ලංකාවෙ මුල් පදිංචිකරුවො වෙන බවක්. (විද්‍යාත්මකව බැලුවොත් යම් සම්භාවිතාවක් තියෙන බව ඇත්ත). අනිත් අතට සිංහල අපි ජානමය වශයෙන් ඉන්දු-ආර්‍යයන්ට- හරියටම කිව්වොත් උතුරු බෙංගාලි කලාපයෙ මිනිස්සුන්ට, ඒ කියන්නෙ ancestral north indians ලගෙ පසුව වෙනම විකසනය උන ගෝත්‍රයකට- වඩා ලඟ බව හැමෝම දන්න කාරණයක්නෙ (යුදෙව් හැප්ලොගෲප් එකක් වගේ වෙනම සිංහල හැප්ලොගෲප් එකක් ගැන කතාවෙන්නෙ නෑ. අපි ජාන මූලික ජනකොටස් කීපයක සම්මිශ්‍රණයක්...අපි විතරක් නෙමේ කොකේසියන් ලත් එහෙමයි). කවුරුත් මහානාම හාමුදුරුවො කියපු සිංහයෙක්ගෙන් සිංහලු ආරම්භ උනාය කියන කතාව සිරා ගන්නෙත් නෑනෙ. මේ වෙලාවෙ ශාස්ත්‍රීය වශයෙන් ඉතිහාසය දිහා බලන අයගෙ අදහස ලංකාවෙ මුල් ජනපදිකයන් කවුද කියන එක ගැන තීරණාත්මක විදිහට කියන්න බැරි තත්ත්වයක් තියෙන බවයි. ඒ තියෙන අවිනිශ්චිතතාව පුරවන්න එක අතකින් ඔය මහාවංශය වගේ තරමක් දේශපාලනික අරමුණු වෙනුවෙන් ලියැවුන ග්‍රන්ථ මත පදනම්වෙලා අපි තමයි මුල් අයිතිකාරයො කියන ආඛ්‍යානය ඇරන් එන සිංහල ජාතිකවාදියොයි (රාවණා කාරයො ගැන කතාකරන්නෙවත් නෑ මං...උන්ට ඉතිහාසය විශයයක් විදිහට කතාකරන උවමනාවක් නෑනෙ) අනිත් අතට විගී වගේ අවිනිශ්චිතතා නොසළකා හැරල දෙමළ නිජභූමියක් ගැන අදහසක් මිනිස්සුන්ගෙ ඔලුවලට දාන්න හදන දෙමළ ජාතිකවාදියොයි දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත විදියට වැඩ කරන්නෙ. මුන් දෙගොල්ලොන්ගෙ වැඩ නිසා ඉතාම අවිද්‍යාත්මක අදහස්, කතා, තියරි ටිකක් ජනගත වෙන එක විතරයි වෙන්නෙ.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මහා සම්මත රජ කාලයේ සිට සිංහලයා පැවත එනවා කියලා කතාවක් අහලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා සම්මත කෙනා පත් කරගත්ත විදිය.