*****කුවේණි කුමරිය****

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    *****කුවේණි කුමරිය****





    කුවේණි ශ්රී ලංකාවේ විසූ යක් ගෝත්රික කුමරියක් වශයෙන් ඉතිහාස වංස කතා වල සඳහන් වේ. ඇය පිළිබඳවමුළිකව විස්තර ලබාගත හැකි මූලාශ්රය වන්නේ මහාවංසය යි. මීට අමතරව ඇය පිළිබඳ තවත් තොරතුරු වැදි ජනපුරාවෘත්ත වල සඳහන් වේ. කුවේණි යනු ලිඛිත ශ්රී ලාංකික ඉතිහාසයේ ප්රථම රජු වූ විජය ගේ බිසවයි. ඇයටජීවහත්ත නම් පුතකු සහ දිසාලා නම් දියණියක වූවාය. මහවංසය අනුව වැද්දන් පැවත එන්නේ කුවේණියගේ මේදරුවන් දෙදෙනාගෙනි. කුවේණි පැවත එන්නේ රාමායනයේ සඳහන් රාක්ෂස ගෝත්රික රාවණා රජු ගෙන් බව ජනශුතිවල දක්වා තිබේ.




    මහ වංසයේ සඳහන් පරිදි, (ක්රි.පු. 5 වන සියවසේ දී) තම්බපන්ණි වෙරළට ගොඩබට විජය කුමරු සහ ඹහුගේක් පිරිස බල්ලෙකු දිටීය. පසුපස ගිය විජයගේ සගයෙකුට ගසක් යට කපු කටිමින් සිටි යක්ෂ ගෝත්රිකකුවේණි කුමරිය හමුවිය. කුවේණිය තම මායා බලයෙන් මොහුව සඟවා ගත්තාය. මෙසේ වරින් වර කුවේණියවෙත පැමිණි විජයගේ සියළු සගයින් කුවේනිය විසින් සඟවා ගන්නා ලදී. අවසානයේ ඇය වෙතපැමිණි විජයකුමරු ඇයව බිය වද්දා තම සගයින් නිදහස් කර ගත්තේය. 700 ‍‍‍


    පසුව විජය කුමරු කුවේණියගේ සහයෙන් යක් රජ පවුල ඝාතනය කර හැර ලංකාවේ රජු බවට පත්වී කුවේනියතම බිසව බවට පත්කර ගත්තේය. කුවේණි බිසව විජය රජුට දාව දරුවන් දෙදෙනෙකු වැදුවාය. කුවේණියගේයක්ෂ සම්භවය නිසා දරුවන් දෙදෙනා රඳවා තබා ඇයට මාළිගාවෙන් පිටව යන්නැයි විජය රජු කළ ඉල්ලීම නිසාකලකිරුණු කුවේණිය තම දරුවන් දෙදෙනා සමග මාලිගාවෙන් පිටව ගියාය. අනතුරුව දරුවන් දෙදෙනා අතරමගතබා උදවු ලබා ගැනීමට තම නෑයන් වෙත පැමිණි කුවේණියව තම යක්ෂ ගෝත්රික නෑයන් පාවා දුන් හෙතුවෙන්මරා දැමීය. තම මව නැවත නොපැමිණි නිසා කුවේනියගේ දරුවන් දෙදෙනා වනාන්තරය ඹස්සේ ගොස්සබරගමුවට පැමිණියහ. ‍ ‍


    මීට වෙනස් කථාවක කුවේණිය යක්දෙස්සාගලින් පැන දිවි තොර කර ගත් බවත් ඊට පෙර විජයගේ දුෂ්ඨ ක්රියාවටශාප කරන්නැයි දෙවියන් යැද සිටි බවත් කියැවේ. විජයගේකිසිදු දරුවෙක් රජරට සිහසුනට පත් නොවීමෙන් මෙමශාපය සඵල වුනැයි කියනු ලැබේ. ශ්රී ලංකාවේ දේශපාලනය වියවුල් තත්වයක පවතින්නේ විජයට කළ ශාපයනිසා යැයියන මතය දරන පිරිස් සිටිති. ‍ ‍​




    ඔබගෙ දෑන ගෑනිම සදහා මෙය උපුටා ගෑනිමක් බව සලකන්න..