කුවේණි ...

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    කුවේණියේ ............

    කුවේණියේ ............

    ලංකා ඉතිහාසයේ මුල් යුගයේ මෙහි විසුයේ යක්ෂ, නාග, දේව යන ගෝත්‍රිකයින් යයි කියනු ලැබේ. මේ අතරින් කුවේණිය අයත් වන්නේ යක්ෂ ගෝත්‍රයට යයි ඇතැමුන්ගේ අදහසක් පවතී.

    කුවේණිය යන වචනය බිඳී ආවේ "කුවන්නා" යන්නෙන් යයි විද්වත්හු පෙන්වා දෙති. "කුවර්ණ" යන්නෙහි තේරුම අඳුරු හෝ කළු පැහැයයි. "කුවර්ණා"යනු දුර්වර්නයක් ඇති තැනැත්තී යන්නයි. කුවර්ණා කුවන්නා වී පසුව "කුවේණි" වන්නට ඇතැයි සිතිය හැකිය.

    මැරයකු වූ විජය කුමරු මේ කාලයේ කල්ලියක් හදාගෙන මුළු දඹදිව දෙවනත් කරමින් සිටියේය. පිය රජතුමා බැරිම තැන ඔහුගේ කල්ලියත් සමගම ඔහු රටින් පිටමන් කළේය.රුවල් නැවක නංවනු ලැබූ ඔවුන් ඉබාගාතේ පාවී ඇවිත් ලඟා වී ඇත්තේ අපේ රටේ තම්මැන්නා පෙදෙසටයි.

    විජය කුමරු ගොඩ බසින මොහොතේ කුවේණිය සිටියේ වෙරළබඩ කපුකටිමිනි. විජය ඇයගේ උදව්වෙන් ඇයගේ මාමාවරුන් මරා රජවිය. කුවේනියට විජයගෙන් ජීවහත්ථ, දිසාලා යනුවෙන් පුතෙකු සහ දියණියක ලැබුනා යයි කියනු ලැබේ. පසු කලෙක විජය කුමරු විසින් කුවේණිය නොසලකා හරින ලද බවත්, දරුවන් දෙදෙනා කැලැ වැදුණු බවත්, වැදි ජනතාව පැවැත එන්නේ ඔවුන් දෙදෙනාගෙන් බවත් කියනු ලැබේ. මේ සියලුම කාරණා ඉතිහාසයට වඩා අයත් වන්නේ ජනප්‍රවාද (legends) ගණයටයි. "කුවේණියේ " ගීතය ලියවුනේ මේ ජනප්‍රවාද හා ඓතිහාසික කරුණු සිහියේ තබාගෙනයි.

    -චන්ද්‍රසේන තලංගම
     
    Last edited: